කාන්තා ක්‍රිකට්: ලෝක කුසලාන තරගාවලියට වරම්

කාන්තා ජගත් කුසලානය වෙනුවෙන් තරග කිරීමට ලංකාවට වරම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

කාන්තා ජගත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.

සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු හතළිස් දෙකකින් පැරදවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ කොළඹ පැවති අවසන් තරගයෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියට සුදුසුකම් ලැබූහ.

සුදුසුකම් ලැබීමේ වටයේ තරග වලදී පාකිස්තානය සහ දකුණු අප්‍රිකානු පිල පැරදවූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද මේ වන විට ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් තරගාවලියට ඇතුළත් වී සිටියි.

ඊට අමතරව ICC ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමේ සුදුසුකම් ලබා සිටියි.