ක්‍රිකට්: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තවත් ජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාන්තා ජගත් කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.
අද (පෙබ.13) කොළඹ එම්.සී.ඒ පිටියේ පැවති තරගයේ ඕවර පනහක් අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 122 ක් රැස් කිරීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ඕවර තිස් හතරක් සහ පන්දු හතරක් අවසානයේ කඩුලු තුනක් දැවී ජයග්‍රහණය කරා ළඟා වූහ.


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර සහ ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු දෙක බැගින් දවා ගත්හ.
තායිලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි පොල්ගම්පොල ලකුණු 49 රැස් කළ අතර නිපුනි හංසිකා ලකුණු 38 රැස් කළේය.







