ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක් දින නායකයා
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් දින ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි විස්සයි විස්ස තරගයෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණියේය.
පුද්ගලික කරුණක් හේතුවෙන් ඔහු දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන නමුත් ආබාධ තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන බව ඇන්ජලෝ මැතිව්ස් මීට ඉහතදී බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.
නුවන් ප්‍රදීප් සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයන්ද ආබාධ හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් තිදෙනා වෙනුවට සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක සහ චතුරංග ද සිල්වා කණ්ඩායමට තෝරා ගන්නා ලද බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය සඳහන් වේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක් දින තරගාවලිය ජනවාරි 28 වැනි දින පෝට් එළිසබෙත් හිදී ආරම්භ වේ.