ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යොවුන් ක්‍රීඩක තික්ෂිල ද සිල්වා විස්සයි විස්ස කණ්ඩායමට
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරග සඳහා නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා ඇතුළු පහළොස් දෙනකුගේ කණ්ඩායමක ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරනු ලැබ තිබේ.
ප්‍රහාරාත්මක පිතිකරුවකු සහ දකුණතින් වේග පන්දු යවන 23 හැවිරිදි තික්ෂිල ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ටෙස්ට් තරගවලදී දස්කම් දැක් වූ නමුත් මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට එක් නොවූ යොවුන් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද කණ්ඩායමට ඇතුලත් වේ.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි කණ්ඩායම තෝරාගෙන ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, සහ ධනංජය ද සිල්වා දැනට දකුණු අප්‍රිකාවේ සිටින අතර, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ නුවන් කුලසේකර බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් නිවේදනයේ සඳහන් වේ.