ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තහනම් උත්තේජක කතාව සම්බන්ධයෙන් රුසියාවේ ප්‍රතිචාරය
සිය වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් කරන ලද ප්‍රකාශයක් 'සන්දර්භයෙන් පරිබාහිරව ගනිමින් විකෘති කරනු ලැබ' ඇතැයි ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතයට එරෙහි රුසියානු ආයතනය පවසයි.
එම ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අන්නා අන්ත්සෙලියවිච් නිව්යෝර්ක් පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී 'මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියගණනක් සම්බන්ධ කරගත් මහාපරිමාණයේ තහනම් උත්තේජක භාවිතයක් රුසියාවේ පැවති බව පිළිගත්' බවක් ඇය උපුටා දක්වමින් පළකරනු ලැබ තිබුණි.
එම සාකච්ඡාවේ දී අන්නා අන්ත්සෙලියෝවිච් එම භාවිතය විග්‍රහකර තිබුණේ 'ආයතනික කුමන්ත්‍රණයක්' හැටියටයි.
ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක සැපයීමේ කිසිදු ක්‍රියාදාමයකට ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැතිබව ක්‍රේම්ලිනය දිගින් දිගටම කියා සිටියි.
ක්‍රීඩාවේ දී තහනම් උත්තේජක ගැනීමට එරෙහි ජාත්‍යන්තර ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂකවරයා වන රිචඩ් මැක්ලරන් රුසියාවේ ක්‍රීඩාකයන් විසින් තහනම් උත්තේජක ගෙන ඇති බව සනාථ කෙරෙන පුළුල් සාක්ෂි ඇතුළත් වාර්තාවක් මේ මාසය මුලදී නිකුත් කළේය.
ඔහුගේ පළමු වාර්තාව නිකුත් කිරීමත් සමඟ පසුගිය ග්‍රීෂ්ම සමයේ බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනකුට අහිමි කෙරුණි.