ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ T20 වාර්තාවත් බිඳ වැටේ
ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තබා තිබූ වාර්තාව බිඳ හෙලමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕවර 20 ඇතුළත කඩුලු 03 දැවී ලකුණු 263ක් රැස් කිරීමත් සමගයි.
2007 වසරේදී කෙන්යාවට එරෙහිව කඩුලු 05 දැවී ලකුණු 260 රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය.
ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එංගලන්ත පිළ ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි.