ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාකිස්තානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් අංක 01
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට පත් වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2003 වසරේදී.
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පළමු ස්ථානය කරා පැමිණියේ ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පසු බස්සවමිනි.
ඒ වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමගයි.
ආරක්ෂක හේතූන් මත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වසර හයක සිට සිය රට තුළදී ටෙස්ට් තරඟයකට සහභාගී වී නොමැත.