ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අපි පරාජය කළේ ලොව අංක එකේ කණ්ඩායම - රංගන
ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වමත් පන්දු යවන්නා බවට පත් වී තිබේ.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරඟ තුනේදී 12.75 ක සාමාන්‍යයක් වාර්තා කරමින් කඩුලු 28 ක් දවා ගැනීමට රංගන හේරත් සමත් විය.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව සහභාගී වූ තරඟාවලියක් සහමුලින්ම ජය ගත් පළමු අවස්ථාව මෙයයි.
එම පරාජයත් සමග ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව අංක එක ස්ථානයේ පසු වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන ස්ථානය දක්වා පසු බැස තිබේ.
ඒ අනුව ඉන්දියාව පළමු ස්ථානයේ පසු වන අතර පාකිස්තානය දෙවන ස්ථානයේ පසු වේ.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසු වන්නේ හය වන ස්ථානයේයි.
(ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අනතුරුව රංගන හේරත් මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.)