ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජයග්‍රහණය උපායශීලී සැලැස්මක් තුළින් - මැතිව්ස්
ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ඉනිම සැලසුමකට අනුව ක්‍රීඩා කිරීම සිය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි දෙවන ඉනිමේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ සැලසුම සාර්ථක වූ බව ඔහු කියා සිටියේ මහනුවර පල්ලෙකැලේ පැවති ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
'කුසල් මෙන්ඩිස් හොදට ක්‍රීඩා කළා. ඔහු වටා අනෙකුත් ක්‍රීඩකයන් සෙල්ලම් කළා. චන්දිමාල්, ධනංජය, රංගන හේරත් අමතක කරන්න බැහැ. මැද පෙළ ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.' ඔහු පැවසීය.
කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබූ නවක ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණෙමින් ගොඩ නගා ගත් ආත්ම විශ්වාසය ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල පිටිවහලක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
(ඇන්ජලෝ මැතිව්ස් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)