ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 106 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ලකුණු 268 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 161ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 203 ක් රැස් කිරීමට සමත් විය.
නැවත පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 353 ක් රැස් කළ අතර සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.
රංගන හේරත් ලකුණු 54 ට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය අගෝස්තු 04 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.