ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චන්දිමාල්ගේ හත් වන ශතකය සහ උපායශීලී සැලැස්ම
ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සිය හත් වන ටෙස්ට් ශතකය වාර්තා කළේය.
තරඟය පැවැත්වුනේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී.
පිටියේ රැඳී සිටිමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වෙහෙසට පත් කරවා ලකුණු අතරට යෑම සිය ඉලක්කය වූ බවයි දිනේෂ් චන්දිමාල් කියා සිටියේ.
ලකුණු 26 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු පහ බිඳ වැටීමත් සමග පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්, ධනංජය සිල්වා සමග එක්ව හය වන කඩුල්ල සඳහා ලකුණු 211 ක සබඳතාවක් පිහිටුවිය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 132 ක් රැස් කළ අතර ධනංජය සිල්වා ලකුණු 129 ක් රැස් කළේය.
පළමු ඉනිම අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 355ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු එකක් දැවී ලකුණු 141 ක් රැස් කර සිටි.
(දිනේෂ් චන්දිමාල් දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.)