ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෙරීනා සහ ඇන්ඩි මරේ ‘විම්බල්ඩන්’ වාර්තා පොතට
'විම්බල්ඩන්' ටෙනිස් තරඟාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මරේ (Andy Murray)සමත් විය.
කැනේඩියානු ක්‍රීඩක මීලොශ් රොනිච් (Milos Raonic) පරාජය කරමිනි ඔහු ජයග්‍රහණය වාර්තා කළේ.
ඇන්ඩි මරේ 'විම්බල්ඩන්' ටෙනිස් ශූරතාව දිනා ගත් දෙවෙනි වතාවයි මේ.
මේ අතර කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඇමරිකාවේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත් වූවාය.
ජර්මනියේ ඇන්ජලික් කර්බර් පරාජය කරමිනි සෙරීනා විලියම්ස් එම ශූරතාවය දිනා ගත්තේ.
සෙරීනා විම්බල්ඩන් ශූරතාවය දිනා ගත් හත්වැනි වතාවයි මේ.