ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුසල් ජනිත්ට අයිසීසීයෙන් වන්දි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දියක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඒකමතිකව තීරණය කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට පනවා තිබූ තාවකාලික තරග තහනම පසුගියදා ඉවත් කෙරිණ.
කෙසේ වෙතත් ඒ හේතුවෙන් ඔහුට සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අසාධාරණයක් වී ඇති බැවින් වන්දි මුදලක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලා සිටි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
'අයිසීසී එක අපේ ඉල්ලීමට එකඟ වුනා. කුසල් වෙනුවෙන් නීතිඥ, වෛද්‍ය, පරීක්ෂණාගාර වාර්තා සඳහා වැය කරන ලද මුදල් ලබා දෙන්නත් ඊට අමතරව මුදලක් කුසල්ට ලබා දෙන්නත් අයිසීසී එකේ සියලු සාමාජිකයන් ඒකමතිකව තීරණය කළා' ඔහු සඳහන් කළේය.
වන්දි මුදල පිළිබඳ අවසාන නිගමනයකට පැමිණි වහාම ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල වැඩිදුරත් කියා සිටියේය.