ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් පසුබෑම: 'අවාසනාව, දුර්වල සංවිධානය' සහ පිතිකරුවෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයේදී දක්වන පසුබෑමට අවාසනාව, දුර්වල පිතිහරඹය මෙන්ම දුර්වල සංවිධානයද හේතු වී ඇති බව ක්‍රීඩා විචාරකයෙක් පවසයි.
ලෝඩ්ස් පිටියේ දැන් පැවැත්වෙන තුන් වෙනි ටෙස්ට් තරඟයේදී නුවන් ප්‍රදීප් යැවූ පන්දුවක් එංගලන්ත පිලේ ඇලෙක්ස් හේල්ස් ගේ විකට්ටුවේ වැදුණු නමුත් විනිශ්චයකරු එය නිපන්දුවක් ලෙස තීන්දු කිරීම දෙපාර්ශවයේම විචාරකයන්ගේ විවේචනයට ලක් විය.
විනිශ්චයකරුවාගේ තීන්දුව මෙන්ම පහසු උඩ පන්දු ගිලිහී යාමත් හමුවේ විශේෂයෙන්ම මේ තරඟයේදී නුවන් ප්‍රදීප් 'ඉතා අවාසනාවන්ත' පන්දු යවන්නෙක් බවට පත් වූ බවයි, ලෝඩ්ස් පිටියේ සිට තරඟය වාර්තා කරන දි අයිලන්ඩ් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ රෙක්ස් ක්ලෙමන්ටයින් ප්‍රනාන්දු පවසන්නේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පන්දුවට පහරදීම පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය.
අනෙක් අතට එංගලන්ත සංචාරය සංවිධානය කිරීමේදී බොහෝ දුර්වලතා දක්නට ලැබෙන බවත් රෙක්ස් ක්ලෙමන්ටයින් පවසයි.
"ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරඟ දෙකක් තිබුන ටෙස්ට් තරඟවලට කලින් එසෙක්ස් සහ ලෙස්ටර් කණ්ඩායම් සමඟ. ඉතින් මේ කණ්ඩායම් දෙකම එංගලන්තේ පළමු පෙළ කණ්ඩායම් දෙකක් නෙවෙයි. ඔවුන් දෙවෙනි පෙළ කණ්ඩායම්," ඔහු පැවසීය.
"මම හිතන්නේ මේ වගේ දේවල් අපි තරඟාවලියට එන්න කලින් සිතා බැලිය යුතුයි."
එමෙන්ම එංගලන්තයේ සාපේක්ෂ ශීත කාලගුණයක් පවතින මැයි මාසය වැනි කාලයක ශීතල අධික උතුරු එංගලන්තයේ හෙඩින්ලි සහ ඩරම් වැනි ප්‍රදේශවල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම එකඟ නොවිය යුතුව තිබුණු බවත් ක්‍රීඩා කර්තෘවරයාගේ මතයයි.
ඒ අතරම හිටපු නායකයන් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වී සිටින ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමට නිසි දායකත්වයක් ලැබෙන්නේද යන්න ප්‍රශ්නයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)
ලන්ඩනයට පතිත වන වර්ෂාව හේතුවෙන් සඳුදා දිනයේ තරඟය ප්‍රමාද වී ආරම්භ කෙරුණු අතර, දවස පුරාම වරින් වර වැස්සෙන් තරඟයට බාධා පැමිණියේය.