බීබීසී සියයක් කාන්තාවෝ 2024: මෙවර ලැයිස්තුවේ සිටින අය කවුද?

2024 බීබීසී ලෝක සේවයේ බීබීසී සියයක් කාන්තාවෝ සඳහා සහභාගී වූ කාන්තාවන් 100 දෙනාගෙන් සමහරෙකුගේ ඡායාරූප

බීබීසීය 2024 වසර සඳහා වන සිය ලොව පුරා වඩා ත් ම බලපෑම්සහගත සහ පෙළඹවීම්සහගත කාන්තාවන් 100 දෙනා ප්‍රකාශයට පත් කළේ ය.

නොබෙල් සාම ත්‍යාගලාභී නාඩියා මුරාඩ්, දූෂණයෙන් දිවි ගලවා ගත් සහ ප්‍රචාරක ගිසෙල් පෙලිකොට්, නිළි ෂැරෝන් ස්ටෝන්, ඔලිම්පික් ක්‍රීඩිකා රෙබේකා අන්ද්‍රාදි සහ ඇලිසන් ෆීලික්ස්, ගායිකා රේයි, දෘෂ්‍ය කලාකාරිනී ට්‍රේසි ඇමින්, දේශගුණික ප්‍රචාරක ඇඩනයික් ඔලාඩොසු, සහ ලේඛිකා ක්‍රිස්ටිනා රිවේරා ගාර්සා ඒ අතර වෙති.

ගාසා, ලෙබනනයේ, යුක්ක්‍රේනයේ සහ සුඩානයේ මරණීය ගැටුම් හා මානුෂීය අර්බුදවලට මුහුණ දීමේ සිට ලොව පුරා වාර්තාගත මැතිවරණ සංඛ්‍යාවකට පසු සමාජයන්හි ධ්‍රැවිකරණය වීම දෙස බලා සිටීම දක්වා, කාන්තාවන්ට ගැඹුරට ම ගොස් දරා සිටීමේ නව මානයන් සොයාගැනීමට සිදුව තිබේ.

ඔවුන් වටා ඇති ලෝකය වෙනස් වන විට ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව හරහා වෙනසකට බල කරනනන් සැමරීමෙන් මේ වසරේ කාන්තාවන් මුහුණ දුන් දුෂ්කරතා බීබීසී සියයක් කාන්තාවෝ හඳුනාගෙන තිබේ. දේශගුණික හදිසි තත්ත්වයන්හි බලපෑම ගවේෂණය කිරීමට, ඔවුන්ගේ ප්‍රජාවන්ට ඉන් වන බලපෑම මැඩපැවැත්වීමට සහ එයට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා වැඩ කරන දේශගුණික පුරෝගාමීන් ඉස්මතු කිරීමට ලැයිස්තුව බැඳී සිටියි.

නම් ලැයිස්තුව නිශ්චිත අනුපිළිවෙළකට ලැයිස්තුගත කර නැත.

සංස්කෘතික හා අධ්‍යාපන

හින්දා අබ්දි මහමුද්

හින්දා අබ්දි මහමුද් ، සෝමාලියාව

මාධ්‍යවේදී

තරුණ වයසේ සිට ම තියුණු ලේඛිකාවක වූ හින්දා අබ්දි මහමුද්, සෝමාලියාවේ ඇය උපන් නගරය වන හගේසාහි ප්‍රචණ්ඩත්වයෙන් පැන යන මිනිසුන් පිළිබඳ කතා සහිත දිනපොතක් පවත්වාගෙන ගියා ය.

රටේ පළමු සහ එක ම සියල්ලන් ම මුළුමනින් ම කාන්තාවන් සිටින මාධ්‍ය කණ්ඩායමක් වන බිලාන්හි ඇය දැන් ප්‍රදාන සංස්කාරකවරිය යි.

එක්සත් ජාතීන්ගේ ආසන්නත ම වාර්තාවකින් හඳුනාගත් සොමාලියානු කාන්තාවන් වැඩ කරන ස්තානයේදී මුහුණ දෙන අභියෝගයන් වන, ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කම් සිදු කිරීම සහ හිංසනවල ඉහළ අනුපාතිකයන්ට එරෙහිව සටන් කිරීමට මෙම කන්ඩායම පිහිටුවන ලදී.

එච් අයි වී සමග සැඟවී සිටින සෝමාලියානුවන්, හිංසනයට ලක් වූ අනාථයන්, සහ ඔවුන්ගේ ප්‍රජාවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඇලි පුද්ගලයන්ගේ වැනි කතා ආවරණය කරමින්, බිලාන් මාධ්‍යවේදීන්ට ලෝකයේ වඩාත් ම භයානක රටක සමාජ ප්‍රශ්න කෙරෙහි අවදානය යොමු කරවීමට අරමුණු කරයි.

ස්වෙත්ලානා අන්නෝකිනා

ස්වෙත්ලානා අන්නෝකිනා، රුසියාව

මානව හිමිකම් ප්‍රචාරක

නැගෙනහිර යුරෝපයේ සහ ආසියාවේ මුස්ලිම් බහුතරයක් වාසය කරන කලාපයක් වන රුසියාවේ උතුරු කැස්කස්හි ගෘහස්ථ හිංසන වින්දිතයන්ට පලා යාමට උදව් කරමින් ස්වෙත්ලානා අන්නොකිනා වසර ගණනාවක් ගත කළා ය.

2020දී ස්වේච්ඡා සේවකයන් සමග ඇය මැරේම් ව්‍යාපෘතිය ආරම්භ කළා ය. මෙම මුල පිරීම දගෙස්ථානයේ, චෙච්නියා සහ වෙනත් උතුරු කැස්කස් සමූහාණ්ඩුවල අවදානමට ලක් වී සිටින කාන්තාවන්ව ඉවත් කරගැනීම, තාවකාලික නවාතැන් සොයාදීම මෙන් ම ඔවුන්ට නීතිමය සහ මනෝවිද්‍යාත්මක සහය ලබා දෙමින් සහය වෙයි.

ඇගේ කාන්තා ආරක්ෂිත ස්ථානය චෙච්නියා සහ දගෙස්ථානු ආරක්ෂක අංශ විසින් වැටලීමෙන් පසුව අන්නොකිනා 2021දී රුසියාවෙන් පිට වීමට තීරණය කළා ය.

පසුගිය වසරේදී, රුසියානු හමුදා අපකීර්තියට පත් කිරීමේ චෝදනා මත බලධාරීන් විසින් ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

හමීදා අමාන්

හමීදා අමාන්، ඇෆ්ඝනිස්ථානය

මාධ්‍ය සහ අධ්‍යාපන ව්‍යවසායිකා

තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ ගැහැනු ළමුන්ට ද්විතියික අධ්‍යාපනය ලැබීමට ඇති ප්‍රවේශය තහනම් කළ විට, පාසල් යාමට නොහැකි ශිෂ්‍යාවන් සඳහා නොමිලේ බහුමාධ්‍ය පාඨමාලා පිරිනමන ඉන්ටර්නෙට් අවකාශයක් වන බෙගම් ඇකඩමිය ආරම්භ කිරීමට මාධ්‍ය ව්‍යවසායිකා හමීදා අමාන් තීරණය කළා ය.

මෙම අධ්‍යාපනික වේදිකාව පසුගිය වසරේදී 7 සිට 12 ශ්‍රේණි සඳහා පාසල් විෂය මාලා ආවරණය වන පරිදි ඩාරි සහ පැෂ්ටෝ භාෂාවලින් වීඩියෝ 8,500කට වඩා ලබා දී ඇත.

අමාන් විසින් මාර්තු මාසයේදී බෙගම් ඇකඩමිහි පාඨමාලා චන්ද්‍රිකා තාක්ෂණය හරහා විකාශනය කරන අධ්‍යාපනික නාලිකාවක් වන බෙගම් ටීවී දියත් කරනු ලැබුවා ය.

තලේබාන් සංවිධානය 2021දී බලය අත්පත් කර ගැනීමෙන් පසු නිර්මාණය කරන ලද, කාන්තාවන් සඳහා කාන්තාවන් විසින් සාදන ලද මධ්‍යස්ථානයක් වන ඇයගේ රේඩියෝ බෙගම් ව්‍යාපෘතිය ද ඊට සමගාමීව ක්‍රියාත්මක විය.

ක්‍රිස්ටිනා ආසි

ක්‍රිස්ටිනා ආසි، ලෙබනනය

ඡායාරූප මාධ්‍යවේදිනී

සිවිල් යුද්ධයෙන් පසු නිරන්තර අස්ථාවර කාලයක් වූ 1990 දශකයේ ලෙබනනයේ ඡායාරූප මාධ්‍යවේදිනියක් වන ක්‍රිස්ටිනා ආසි හැදී වැඩුණු අතර, එය ගැටුම් ලේඛනගත කිරීමට සහ යුද්ධයේ දී සැඟවුණු කතා අවරණය කිරීමට ඇගේ ගමන පෝෂණය කළේ ය.

දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇය දරුණු ලෙස තුවාල ලැබූ අවස්ථාවේදී, 2023 ඔක්තෝම්බර් මාසයේදී ඇගේ ජීවිතය ඛේදජනක හැරීමක් සිදුවිය.

පිපිරීමෙන් සහෝදර මාධ්‍යවේදී ඉසාම් අබ්දල්ලා මියගොස්, තවත් සගයන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ආසිගේ කකුලක් කපා දැමීමට සිදු විය.

මෙම අත්දැකීම ඇය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට හේතු වූ අතර, ඇය 2024 පැරිසියේ ඔලිම්පික් පන්දම් රැළියට සහභාගී වීම රාජකාරියේ දී මියගිය සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන් කැප කළා ය.

ට්‍රේසි ඇමින්

ට්‍රේසි ඇමින්، එක්සත් රාජධානිය

කලාකරු

1990 දශකයේදී, ට්‍රේසි ඇමින් මිනිසුන්ගේ ලිංගික අත්දැකීම් ගැන ආවර්ජනය කර බැලීමට ඔවුන්ට ආරාධනා කරන My Bed සහ My Tent වැනි මිනිසුන් කුපිත කරන නිර්මාණ සඳහා ප්‍රසිද්ධියට පත් වූවා ය.

ඉන්පසු ඇය කලා ලෝකයේ ඉක්මනින් ම හඳුනා ගන්නා නමක් බවට පත් වූ තැන සිට, ඇගේ පාපොච්චාරණ සහ ස්වයං චරිතාපදාන ශෛලිය වෙනුවෙන් සමරනු ලැබේ.

මාධ්‍යවල විශාල විවාදයකට තුඩු දෙමින් My Bed පළමු වතාවට ලන්ඩන්වල ප්‍රදර්ශනය කර දැන් අවුරුදු 25ක් ගෙවී ගොස් ඇත. කලක් බ්‍රිතාන්‍ය කලාවේ හික්මවිය නොහැකි කෙනෙක් වූ ඇමින්, දෘෂ්‍ය කලාවට සිදු කළ ඇගේ දායකත්වය වෙනුවෙන් චාල්ස් රජු විසින් අර්යාවක් ලෙස පත් කරන ලදී.

නැගී එන දක්ෂයන්ට පුහුණු වීම සඳහා, මෙම කලාකාරිනිය එක්සත් රාජධානියේ, මාර්ගේට්හි ට්‍රේසි ඇමින් පදනම පිහිටුවා ඇත.

දැන් කාන්තාවක් වෙනවා කියන එක, මම හිතන්නේ අපට පුළුවන් තරම් දරාගැනීම අපට අවශ්‍ය වෙනවා. මම හිතන්නේ දැන් තමයි වෙලාව කාන්තාවන් වෙනුවෙන් දැවැන්ත එකතුවක් සහ දැවැන්ත සටනක් අවශ්‍ය.

ට්‍රේසි ඇමින්

ප්ලෙස්ටියා ඇලේකඩ්

ප්ලෙස්ටියා ඇලේකඩ්، පලස්තීන බල ප්‍රදේශ

ජනමාධ්‍යවේදී සහ කිවි

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වන විට විසි දෙහැවිරිදි ප්ලෙස්ටියා ඇලේකඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළා පමණි. යුද්ධයේ මුල් දිනවල, දැවැන්ත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුරේ ඇය සිය මහල් නිවාසයේ සිට වීඩියෝවක් පළ කළා ය.

එය ඉක්මනින් ජනප්‍රිය වූ අතර, පසුව ඇති වූ ගාසා නවතම සිදුවීම්, කවි සහ දිනපොත් සටහන් සමග ඇය ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන හතරක් රැස් කර ගත්තා ය. මෙම වාර්තා මත පදනම් වූ ඇයගේ මතක සටහන් වන “Eyes of Gaza” ඉතා ම ආසන්න දියකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ඇලේකඩ් One Young World's Journalist of the Year 2024 සම්මානලාභිනියයි. ඇය ලෝක රාජ්‍ය සමුළුව වැනි ඉහළ පෙළේ සංසදවලදී පලස්තීනුවන් වෙනුවෙන් ද පෙනී සිට ඇත.

ඇලේකඩ් 2023 නොවැම්බර් මාසයේදී ගාසාවෙන් පිට වූවා ය. ඇයට බේරූට්හි මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමා ඇත.

ෂැරන් ක්ලෙයින්බම්

ෂැරන් ක්ලෙයින්බම්، එක්සත් රාජධානිය

යුදෙවු ධර්මාචාර්ය

නිව්යෝර්ක් හි යුදෙවු ප්‍රජාව තුළ පුරෝගාමියෙකු වන යුදෙව් ධර්මාචාර්ය ෂැරන් ක්ලෙයින්බම් LGBTQ+ අයිතිවාසිකම් සහ ආගමේ අන්තර්ඡේදනයේ වෙනස්කම් ඇති කිරීමට ඇය දශක තුනක් ගත කළා ය.

නගරයේ සිම්හට් ටෝරා බේට් සභාවේ පළමු කාන්තා යුදෙවු ධර්මාචාර්යවරිය ලෙස 1992 දී පත් වූ ඇය ඒඩ්ස් අර්බුදය ඇතුළුව, උස් පහත්වීම් හරහා ඇය 1990 දශකයේ දී ප්‍රජාව මෙහෙයවා තිබේ.

සංක්‍රාන්ති සහ ද්විලිංගික නොවන පුද්ගලයින් ඇතුළත්කරගැනීම සඳහා ඇය සභාවේ සාමාජිකත්වය පුළුල් කිරීම පිළිබඳ අධීක්ෂණය කළ අතර, එය දැන් එක්සත් ජනපදයේ විශාලතම ළ්ඝ්ඹ්ඨ්Q+ මිත්‍ර යුදෙවු සාමූහිකය ලෙස විශ්වාස කරයි.

සමාජ සාධාරණ ව්‍යාපෘති පිටුපස ප්‍රමුඛ බලවේගය වී සිටින මේ වසරේ විශ්‍රාම ගිය ක්ලෙයින්බම්ව ජනාධිපති ජෝ බයිඩන් විසින් ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසමට පත් කරන ලදී.

ක්‍රිස්ටිනා රිවේරා ගාර්සා

ක්‍රිස්ටිනා රිවේරා ගාර්සා، මෙක්සිකෝව/ එක්සත් ජනපදය

ලේඛිකා

ස්ත්‍රී ඝාතන ප්‍රශ්නයට අවධානය යොමු කරවන, ඇගේ Liliana's Invincible Summer පොතට නිබන්ධන කාණ්ඩයෙන් හිමි වූ 2024 පුලිස්ටර් ත්‍යාගය ඇතුළුව ප්‍රවීණ කතුවරියක් වන ක්‍රිස්ටිනා රිවේරා ගාර්සා වසර ගණනාවක් පුරා සම්මාන රාශියක් හිමි කරගෙන තිබේ.

කිසිවිටෙකත් නඩු විභාගයට නොපැමිණ පලා ගිය හිටපු පෙම්වතා විසින් 1990 දශකයේදී මෙක්සිකෝවේදී ඝාතනය කරනු ලැබූ ඇගේ සහෝදරිය වූ ලිලියානාගේ කතාව හරහා ලෝකයේ ඉහළ ම ස්ත්‍රී ඝාතන අනුපාතයක් ඇති රටක යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් ලේඛිකාව ආදර කරන අයෙකු අහිමි වීමේ කම්පනයට මුහුණ දෙන අතර ගවේෂණයක් ආරම්භ කරයි.

හූස්ටන් විශ්වවිද්‍යාලයේ ස්පාඤ්ඤ බසින් නිර්මාණශීලී රචනය පිළිබඳ දර්ශනසූරී උපාධි වැඩසටහනේ ආරම්භකයා සහ ප්‍රධානියා වන්නේ ද රිවේරා ගාර්සා ය.

සම්පූර්ණයෙන් ම සහ එක දිගට භාෂාවත් එක්ක පැටලීමෙන් භාෂාව අවසානයේ දී කාන්තාවගේ පැත්ත කතාව තුළට ගෙන ඒමෙන් ඕනෑම ආකාරයක දරාගැනීමට හොඳින් අත්තිවාරමක් දාන්න පුළුවන්.

ක්‍රිස්ටිනා රිවේරා ගාර්සා

ලින්ඩා ඩ්‍රොෆ්න් ගුනස්ඩොටීර්

ලින්ඩා ඩ්‍රොෆ්න් ගුනස්ඩොටීර්، අයිස්ලන්තය

කාන්තා රක්ෂස්ථාන කළමනාකාරිණී

ගෘහස්ථ හිංසනය නිසා නිවසින් බැහැර වීමට බලකෙරුණු අයට අයිස්ලන්ත කාන්තා රක්ෂස්ථානයේදී ලින්ඩා ඩ්‍රොෆ්න් ගුනස්ඩොටීර් සහය ලබා දෙයි.

"කාන්තාවක් වීමට හොඳ ම තැනක්" ලෙස අයිස්ලන්තය නිතර ඉහළින් ශ්‍රේණිගත වී ඇති නමුත් පුද්ගල සමාජභාවය මත පදනම් වූ හිංසන අනුපාතිකය අනවරතව ඉහළින් පවතියි.

මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී ලෙස, කාන්තාවන් සඳහා වන අරමුණකින් අයිස්ලන්තයේ පළමුව ඉදිවූ රක්ෂස්ථානයෙන් නව අවකාශකයන් විවෘත කිරීමේ ව්‍යාපෘතියට ඇය නායකත්වය දෙයි.

වසර 20කට පෙර රක්ෂස්ථානයේ සිටි කාන්තාවන්ගෙන් 64%ක් අවසානයේ දී ඔවුන්ගේ අපයෝකයන් වෙත ම ගිය නමුත්, සහයෝගයේ සහ සේවාවේ වර්ධනය හේතුවෙන් එම අගය දැන් 11% දක්වා පහළ බැස ඇති බව ගුනස්ඩොටීර් පවසයි.

යස්මීන් ජොයී

යස්මීන් ජොයී، පලස්තීන බල ප්‍රදේශ

නිර්මාණ ශිල්පී

විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන යස්මීන් ජොයීගේ නිර්මාණ පලස්තීන ජීවිතය සහ සම්ප්‍රදායන්ගෙන් ආභාෂය ලබා තිබේ.

දකුණු ඇමරිකාවේ හැදී වැඩීමෙන් පසු, ඇය බටහිර ඉවුරේ රාමල්ලා වෙත පදිංචියට ගිය අතර, එහිදී ඇය 2020දී ඇගේ සන්නාමය වන Nöl Collective දියත් කළා ය.

පවුල් විසින් පවත්වාගෙන යනු ලබන මැහුම් වැඩපොළවල්, ස්වභාවික සායම් කාරක සපයන දේශීය කුළුබඩු වෙළෙඳසල්, සහ ඇඟළුම් නිෂ්පාදන සඳහා සාමූහික වූ කාන්තා සමූපකාර සමග ඇය සිය විලාසිතා ලේබලය පවත්වාගෙන යයි. සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම භාවිත කරන ඇඳුම් මසන්නන්, රෙදි වියන්නන්, විසිතුරු මැහුම්කරුවන්, කැටයම් ශිල්පීන් පලස්තීන රෙදි නිර්මාණ කිරීමේ ශිල්පයට ගෞරව කරති.

ජොයී පලස්තීනුවන් ගැන කතා කිරීමට ඇගේ ඇඳුම් භාවිත කර ඇත. ඇය ඩෙනිම් ජැකට් සහ ටී ෂර්ට් මත ‘not your habibti' (ඔබේ දරුවා නොවේ) යන වාක්‍ය ඛණ්ඩය පින්තාරු කරමින් ගෝලීය වශයෙන් කාන්තාවන් අත්විඳින වීදි හිරිහැර ගැන ද ඇය ආමන්ත්‍රණය කර තිබේ.

සනාසුන්සාත් ටොගන්බීවා

සනාසුන්සාත් ටොගන්බීවා، කිරිගිස්ථානය

කෞතුකාගාර කළමනාකාරී

කිරිගිස්ථානයේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සහ පුනර්ජීවනය කිරීම සනාසුන්සාත් ටොගන්බීවාගේ ප්‍රමුඛ කාර්යයකි.

ද්විතීය ජාතික කෞතුක වස්තු වලින් සමන්විත වන අතර විශාල අමුත්තන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගන්නා මානව විද්‍යා කෞතුකාගාරයක් ඇය බිෂ්කේෂ්හි පවත්වාගෙන යයි.

කිරිගීස් ප්‍රදේශයේ ගෝත්‍ර 40ක් එක්සේසත් කළ බව කියන රණශූරයෙකුගේ කතාවක් වන මනස් වීර කාව්‍යය ඇතුළුව, කිර්ගිස් සාහිත්‍යය සංරක්ෂණය කිරීම ඇයගේ පරාර්ථකාමී කාර්යයේ කොටසකි.

යුනෙස්කෝ-ලැයිස්තුගත අනුස්මරණ කාව්‍යයේ එක් අනුවාදයක් පද පේළි 500,000 කින් පමණ සමන්විත වන අතර එය ලෝකයේ දිගම වීර කාව්‍යය (හෝමර්ගේ ඔඩිසිට වඩා විසි ගුණයක් දිගු) විය හැකි ය.

ෂින් ඩේවේ

ෂින් ඩේවේ، මියන්මාරය

චිත්‍රපට නිර්මාණකරු

ඇගේ ගමන් මල්ලේ තිබී ඩ්‍රෝන යානයක් තිබී හමු වූ විට, සම්මානලාභී වාර්තා චිත්‍රපට නිර්මාණකාරිනියක වන ෂින් ඩේවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත මර්දන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින්, හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේදී ඇයව මේ වසරේ නඩු විභාගයකට ලක් කරන ලදී. සංවෘත අධිකරණයකදී ඇගේ නීතිමය පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.

ඇය 1988 සිට හමුදා පාලනයට විරුද්ධ වූ අතර රඳවා තබා ගැනීම ඇයට අලුත් දෙයක් නොවේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් ජුන්ටාවට එරෙහිව පෙළපාළිවලට සම්බන්ධ වූ, 2007 ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී විරෝධතා පිළිබඳ ඇගේ චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර අවධානයට ලක් වූ කෙටි චිත්‍රපට රැසක් ඇය අධ්‍යක්ෂණය කර තිබේ.

ෂානූර් පාසිපූර්

ෂානූර් පාසිපූර්، ඉරානය/එක්සත් ජනපදය

ලේඛිකා සහ පරිවර්තක

ඉරානයේ ප්‍රමුඛ පෙළේ නවකතාකාරිනියක වන ෂාර්නූෂ් පාර්සිපූර්, පුරුෂාධිපත්‍යය සමාජයක ස්ත්‍රී ලිංගික පීඩනය හා විරෝධය වැනි තහනම් ගැටළු ඇගේ කෘතිය තුළින් ආමන්ත්‍රණය කර තිබේ.

ප්‍රබන්ධ ලේඛිකාවක් සහ ඉරාන ජාතික රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ නිශ්පාදකවරියක් ලෙස ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නමුත්, 1979 විප්ලවයට පෙර කාව්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ඉල්ලා අස් වූවා ය. මෙය ඇගේ පළමු සිරගත වීමට හේතු විය.

විප්ලව සමයේ සිටම ඉරානය තුළ ඇගේ කෘති පුළුල් ලෙසම තහනම් කර ඇති අතර, ඇගේ "Women without men" නම් කෘතිය තුළ කන්‍යාභාවය සම්බන්ධ ගැටළු පිළිබඳව විවෘතවම සඳහන් කිරීම නිසා පාසිපූර් නැවත සිරගත කරන ලදී. මෙය පසුව ඉරානයෙන් පිටත සිනමාපටයකට නැගුණි.

පාසිපූර් සිය සිරගත වීමේ අත්දැකීම් ඇගේ ලිවීම් වල නැවත සිහි කර ඇති අතර,1994 සිට පිටුවහල් වූවෙකු ලෙස එක්සත් ජනපදයේ ජීවත් වූවා ය.

ඉයුජීනියා බොනෙටි

ඉයුජීනියා බොනෙටි، ඉතාලිය

කන්‍යා සොයුරිය

මිනිස් ජාවාරමට සහ සූරාකෑමට ගොදුරු වූ සංක්‍රමණික කාන්තාවන්ට සහය වීම සඳහා රක්ෂස්ථාන 100කට වැඩි ගණනක් කළමනාකරණය කිරීමට සහ, අප්‍රිකාවේ කන්‍යා සොහොයුරියන් සමග ජාලයක් පිහිටුවීමට ඉයුජීනියා බොනෙටි කන්‍යා සොයුරිය සහය වූවා ය.

ඇය රෝමයේ ලිංගික වෙළෙඳාමට බලකෙරුණු කාන්තාවන්ට උපකාර කරමින් බොහෝ රාත්‍රීන් කැප කළ අතර, මිනිස් ජාවාරම පිළිබඳව දැනුවත් කිරීමේ සංවිධානයක් වන Slaves No Moreහි සභාපතිත්වයට පත් වූවා ය.

බොනෙටි වසර 24කට වැඩි කාලයක් තිස්සේ කෙන්යාවේ මිෂනාරිවරියක ලෙස කටයුතු කළ අතර මිනිස් ජාවාරමට එරෙහි මුලපිරීම් වර්ධනය කිරීමට විවිධ රටවල නිලධාරීන් පුහුණු කිරීමට උපකාර කළා ය.

මහ සිකුරාදා සනිටුහන් කරමින් කොලෝසියමේ පැවැත්වෙන කතෝලිකයන්ගේ ප්‍රධාන වාර්ෂික සැමරුමක් වන කුරුසියේ මග සලකුණු කිරීමට 2019දී විශ්‍රාම යාමට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇයගෙන් ඉල්ලා සිටියේ ය.

හෙලන් මාලිනෝ

හෙලන් මාලිනෝ، එක්සත් රාජධානිය

සම-නිර්මාතෘ, Monumental Welsh Women

2021 ට පෙර, වේල්සයේ, වේල්ස් කාන්තාවන්ගේ නමට කැප වූ පිළිම කිසිවක් නොතිබුණි.

එයට ප්‍රතිචාර වශයෙන් නීතීඥ හෙලන් මාලිනෝ, වේල්ස් කාන්තාවන්ගේ මහජන නියෝජනය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සහ ජයග්‍රහණ සැමරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Monumental Welsh Women සමව ආරම්භ කළා ය.

ඔවුන්ගේ කථා අමතක නොවන බව සහතික කිරීම සඳහා කාන්තාවන්ගේ ප්‍රතිමා පහක් ඉදිකිරීමට, මහජනතාවගේ යෝජනා මත පදනම්ව, මාලිනෝ සහ ඇගේ කණ්ඩායම සැලසුම් කළ හ.

කණ්ඩායම මේ වන විට හතරක් ඉදිරිපත් කර ඇති අතර, පළමුවැන්න කාඩිෆ් හි වේල්සයේ පළමු කළු ප්‍රධාන ගුරුවරිය වන බෙටී කැම්බල්, පසුව මවුන්ටන් ඇෂ් හි ඉලේන් මෝගන්, ලැන්ග්‍රැනොග් හි ක්‍රැනොග්වෙන් සහ නිව්පෝට් හි රොන්ඩා ආර්යාව ඒවා විය.

ඔලීවියා මැකවේ

ඔලීවියා මැකවේ، එක්සත් රාජධානිය

වේශ නිරූපණ ශිල්පිනී

හිස මුඩු වීමේ රෝගය ඇති බවට හඳුනා ගැනීමෙන් පසුව, ඔලීවියා මැක්වේ බොරු කොණ්ඩ ලෝකය ගවේෂණය කිරීමට පටන් ගත්තා ය. නව මෝස්තර අත්හදා බලමින් සහ විකල්ප හිසකෙස් අත්හදා බලමින්, හිසකෙස් ගැලවී යාමට මුහුණ දෙන කාන්තාවන් දිරිමත් කිරීම සහ සවිබල ගැන්වීම සඳහා ඇය මාර්ගගත වේදිකාවක් ගොඩනඟා ගත්තා ය.

ඇය මිලියන භාගයකට ආසන්න අනුගාමිකයින් සමඟ හිස මුඩුවීම සහ කාන්තා සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සමඟ බොරු කොණ්ඩ පැළඳීම සාමාන්‍යකරණය කරයි.

උතුරු අයර්ලන්තයේ වේශ නිරූපණ ශිල්පිනියක් සහ බලපෑම් සහගත පුද්ගලයෙකු වන මැක්වේගේ නව යොවුන් වියේදී ඇගේ හිසකෙස් ගැලවී යාමට පටන් ගත්තේ ය.

හිස මුඩුවීම ඇති කාන්තාවන්ට එකට එකතු වීමට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම සහ රෝගය වටා සංවාදය සාමාන්‍යකරණය කරමින්, ඇය දැන් බොරු කොණ්ඩ වැඩමුළු පවත්වන අතර නැවතත් විශ්වාසය ඇති කරගන්නා ආකාරය බෙදා ගනියි.

දරාගැනීමේ හැකියාව කියන්නේ කාන්තා අපි පැළඳ සිටින ඔටුන්න. තත්වයන් මොනවා වුණත්, අපේ වටපිටාව තුළ අනුවර්තනය වෙන්න, පරිවර්තනය කරන්න සහ සමෘද්ධිමත් වෙන්න අපට සදහටම පුළුවන්.

ඔලීවියා මැකවේ

සූ මින්

සූ මින්، චීනය

සංචාරක සහ බලපෑම් සහගත තැනැත්තියක්

වයස අවුරුදු 56 දී සහ නින්දාසහගත විවාහයකින් බේරී, ඇගේ මෝටර් රථය, කූඩාරමක් සහ ඇගේ විශ්‍රාම වැටුප සමඟ සූ මින් චීනය වටා තනිව ගමනක් යාමට පිටත් වූවා ය.

2020 දී ඇය ගමන ආරම්භ කළ දා පටන්, ඇගේ සංචාරය ඇයව පළාත් 20 කට වැඩි සංඛ්‍යාවක නගර 100 කට වඩා ගෙන ගොස් තිබේ.

ඇය සිය සම්පූර්ණ ගමන ලේඛනගත කර ඇති අතර, පවතින තත්ත්වයට එරෙහිව යාමට නිර්භීත ලෙස්ස සමාජයේ බොහෝ විට ‘ඇන්ටි’ ලෙස හඳුන්වන අනෙකුත් මැදිවියේ කාන්තාවන්ට ඇය ආස්වාදයක් ලබා දුන් නිසා, ඇයගේ කතාව සමාජ මාධ්‍යවල උණුසුම් සංවාදයන් අවුලුවා තිබේ.

ඇයට දැන් ඇයගේ සමාජ මාධ්‍ය වේදිකා හරහා මිලියන හයක් අනුගාමිකයින් සිටියි. ඇගේ ජීවිතය චිත්‍රපටයක් බවට පත් කර ඇති අතර, Like a Rolling Stone යන එම චිත්‍රපටය මෙම වසරේ නිකුත් විය.

රොක්සි මුරේ

රොක්සි මුරේ، එක්සත් රාජධානිය

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ උපදේශක

Multiple Sclerosis (MS) සමඟ ජීවත් වන Pansexual පුද්ගලයෙකු ලෙස ඇයගේ අත්දැකීම් ගැන විවෘතව කතා කරමින් රොක්සි මරේ, නිදන්ගත රෝගවලින් රෝගාතුර වූවන් සවිබල ගැන්වීමට සහ වෛද්‍ය, පුණ්‍යායතන සහ ආයතනික අංශවලින් ඔවුන්ව බැහැර කිරීමට අභියෝග කිරීමට ඇගේ වේදිකාව භාවිතා කරයි.

විලාසිතා සමඟ සංචලන ආධාරක වෙත සංක්‍රමණය වීමට මිනිසුන්ට උපකාර කිරීම සහ සුළු ජාතීන් සහ වාර්ගික වශයෙන් විවිධ කණ්ඩායම්වලින් ආබාධ සහිත පුද්ගලයින් ඇති අවධානය ප්‍රවර්ධනයට මරේගේ ක්‍රියාකාරීත්වය, විලාසිතා සම්බන්ධ ඇයගේ පසුබිම භාවිතා කරයි.

වේදනා කළමනාකරණයේ සිට ලිංගික සෞඛ්‍යය සහ ශරීරය සහ ලිංගික ධනාත්මක බව දක්වා, ආබාධ හා රෝගාබාධ සමඟ ජීවත් වීම පිළිබඳ පෙර නොවූ කථා බෙදාගන්නා The Sick and Sickening Podcast හි නිර්මාතෘ ඇය වේ.

අසාමාන්‍ය, දුඹුරු සහ ආබාධිත කාන්තාවක් විදිහට, දරාගැනීම කියන්නේ ගැඹුරු පෞද්ගලික සහ හෘදයාංගම එකතුවක් කියන දෙක ම. ඒ කියන්නේ මම වගේ මිනිස්සුන්ව කොන් කරපු සිස්ටම් වලට අභියෝග කරන්න තියෙන ශක්තිය ගැන.

රොක්සි මුරේ

ඩිලෝරොම් යුල්ඩෝෂේවා

ඩිලෝරොම් යුල්ඩෝෂේවා، උස්බෙකිස්ථානය

මැහුම් ශිල්පිනී සහ ව්‍යාපාරිකා

මීට වසර දෙකකට පෙර ඩිලෝරොම් යුල්දෝෂෙවාට අස්වැන්න නෙළීමේ දී සිදු වූ අනතුරකින් දෙපා අහිමි විය. නමුත් එය ඇයට විශාල සිහින දැකීමට බාධාවක් නොවී ය.

ඇයට නව කුසලතා ඉගෙන ගැනීමට අවශ්‍ය වූ අතර, තරුණ උස්බෙකිස්ථාන කාන්තාවන්ට ජීවත් වීමට උපකාර කිරීමටද අවශ්‍ය වූ නිසා ඇය ඇගේම මැහුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා ය.

ඇය ව්‍යවසායකත්වය සහ සම්පත් කළමනාකරණය පිළිබඳ මූලික කරුණු ඉගෙන ගෙන ආධුනිකයින් 40 කට අධික සංඛ්‍යාවක් පුහුණු කළා ය. මාස කිහිපයක් තුළ, ඇයගේ සමාගම සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, නොමිලේ වැඩමුළු පවත්වාගෙන යාම සහ කම්කරුවන් සහ පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා කොන්ත්රාත්තුවක් ලබා ගත්තා ය.

එතැන් පටන් ඇයගේ ව්‍යාපාරය ඇයට සහ තවත් කාන්තාවන් දුසිම් ගණනකට ආදායම් මාර්ගයක් වී තිබේ.

යොහානා බහමන්

යොහානා බහමන්، කොලොම්බියාව

සමාජ ක්‍රියාකාරී

කොළොම්බියාවේ බන්ධනාගාරයක සිදු කළ සංචාරය "දෙවන අවස්ථාවක්" අවශ්‍ය අය සඳහා වැඩ කිරීමට ඇයව පොළඹවමින් නිළි යොහානා බහමන්ගේ ජීවිතය වෙනස් කළේ ය.

ඇය සිය වෘත්තිය රංගනයේ සිට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම දක්වා වෙනස් කර, 2012 දී කොළොම්බියාවේ සිරකරුවන්ට සහ නිදහස් වූවන්ට සහය වන ලාභ නොලබන ආයතනයක් වන Fundación Acción Interna ආරම්භ කළා ය.

මෙම පදනම රට පුරා පුද්ගලයන් 150,000 කට අධික සංඛ්‍යාවක් සහ රැඳවුම් මධ්‍යස්ථාන 132 කට ළඟා වී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරයෙන් පසු පුද්ගලයින් සඳහා රැකියා සහ පුහුණුව සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික දිරිගැන්වීම් ස්ථාපිත කරන යොහානා බහමස් පනත ලෙස හැඳින්වෙන, 2022 සම්මාත වුණු දෙවන අවස්ථා නීතියේ ප්‍රවර්ධකයා වුණේත් මේ සමාජ ක්‍රියාකාරිනියයි.

දරාගැනීමේ හැකියාව කියන දේ දුෂ්කර තත්ත්වයකට පස්සේ නැගුටලා ඉස්සරහට යනවා කියන එක ම නොවෙයි. ඒක පෞද්ගලික සංවර්ධනය සඳහා අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න තීරණ ගන්නවා.

යොහානා බහමන්

ඉදනියා දෙල් රියෝ

ඉදනියා දෙල් රියෝ، කියුබාව

විලාසිතා ව්‍යවසායිකා

ග්‍රැෆික් නිර්මාණකාරිනියක වන ඉදනියා දෙල් රියෝ විසින් සම-ආරම්භ කරන ලද, Clandestina යනු කියුබාවේ සිය ඇඳුම් අන්තර්ජාලය හරහා ලොව පුරා වෙළඳපොළකට අලෙවි කරන පළමු ස්වාධීන විලාසිතා සන්නාමයයි.

ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ස්වාධීන ව්‍යාපාර සහ වෙළඳාම සඳහා වූ රෙගුලාසි ලිහිල් කළ විට සමාගම ආරම්භ කරනු ලැබීය.

හවානා හි බහුතර කාන්තා නිර්මාණ ශිල්පිනියන් කණ්ඩායමක් විසින් සාදන නිෂ්පාදන කියුබානු සංස්කෘතිය සමරන අතර දූපතේ නිර්මාණශීලීත්වය අගය කිරීම දිරිමත් කිරීම අරමුණු කරයි. දෙල් රියෝ සිය සමාගමේ නිෂ්පාදන දාමයට ඉවත දමන දේ නැවත ඇතුළත් කරන අතර තිරසාර භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරයි.

සිය විලාසිතා ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ගැලරි, සිනමාහල් සහ උත්සව සඳහා පෝස්ටර් නිර්මාණය කළ ඇය හවානා නිර්මාණ ආයතනයේ (ISDI) උපාධිධාරිනියකි.

ලෙස්ලි ලෝකෝ

ලෙස්ලි ලෝකෝ، ඝානාව/ එක්සත් රාජධානිය

වාස්තු විද්‍යාඥ

ඇයගේ 'ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම' සඳහා වූ කාර්යයන් වෙනුවෙන්, ඇයගේ ක්ෂේත්‍රයේ ලොව ඉහළම ගෞරව වලින් එකක් වන බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ 2024 රන් පදක්කම ලෙස්ලි ලෝකෝට හිමි වූ අතර, 1848 දී ආයතනය ආරම්භ කිරීමෙන් පසු සම්මානය ලැබූ පළමු කළු ජාතික කාන්තාව ඇය බවට පත් වූවා ය.

ඇය පසුගිය දශක දෙකක කාලය තුළ අඩුවෙන් නියෝජන ඇති පසුබිම්වල පුද්ගලයින් කර්මාන්තයට ගෙන ඒමට ප්‍රමුඛත්වය ගෙන ඇත.

කාබන්හරණය සහ යටත්විජිතහරණය යන තේමාවන්වලට ඇය අවධානය යොමු කළ, වාස්තු විද්‍යාව පිළිබඳ වැනීසියේ බයිනලිය පාලනය කළ පළමු අප්‍රිකානු කාන්තාව බවට ද ඝානා-ස්කොට්ලන්ත ශාස්ත්‍රාලිනිය පත් වූවා ය.

ගෘහ නිර්මාණ ශිල්පය, අනන්‍යතාවය සහ ජාතිය අතර සම්බන්ධය ගවේෂණය කරන ඇක්‍රා හි African Future Institute හි නිර්මාතෘවරිය ඇයයි.

විරුද්ධත්වයට වඩා බොහෝ වෙලාවට විඳදරාගැනීම අපහසු දීර්ඝකාලීන කාර්යයේ, උදාසීනත්වය හමුවේ පවා එක දිගට රැඳී සිටීම දරා ගැනීමයි.

ලෙස්ලි ලෝකෝ

පූජා ෂර්මා

පූජා ෂර්මා، ඉන්දියාව

අවමංගල්‍ය චාරිත්‍ර ඉටුකරන්නියක්

පසුගිය වසර තුනක කාලයදී පූජා ශර්මා, දිල්ලි හි හිමිකාරීත්වයක් ප්‍රකාශ නොකළ මළ සිරුරු වල අවසන් කටයුතු සිදු කරයි.

තම සොහොයුරා මරා දැමීමෙන් පසු ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා කිසිවෙකු නොපැමිණි හෙයින් ඔහුගේ අවසන් කටයුතු මුලින්ම සිදු කර ඇති ඇගේ පෞද්ගලික අත්දැකීමෙන් ඇයට අභිප්‍රේරණයක් ලැබී ඇත.

හින්දු ආහමේ මෙම භූමිකාව සාම්ප්‍රදායිකව පිරිමින් විසින් දැරූවක් වූ නිසා පූජකයන්ගේ සහ ඇගේ පුළුල් ප්‍රජාවන්ගේ ප්‍රතිවිරෝධයට ඇයට මුහුණ දීමට සිදුවිය.

ප්‍රතිවිරෝධය තිබියදීත්, මරණයේදී සියලු දෙනාට ම හිමි විය යුතු ගෞරවණීයත්වය ලබා දීමේ අරමුණ ඇතිව, ඇයගේ කාර්යයන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගනිමින් එකිනෙකට වෙනස් විශ්වාස සහ ආගම්වල පුද්ගලයන් 4,000කගේ පමණ අවමංගල්‍ය චාරිත්‍ර ඇය විසින් සිදු කරනු ලැබ තිබේ.

හර්බියා අල් හිමියරි

හර්බියා අල් හිමියරි، යේමනය

උරුම සංරක්ෂණ ඉංජිනේරු

යේමනයේ වසර ගණනාවක යුද්ධයෙන් පසු හානියට පත් ඓතිහාසික වැදගත්කමක් සහිත ගොඩනැගිලි රාශියකට නව ජීවයක් ලබා දමේ මෙහෙයුමක් ඉංජිනේරු අල් හිමිරි ආරම්භ කළා ය.

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සිය වන යුනෙස්කෝ වැනි අනෙකුත් සංවිධාන සමග හවුල් වෙමින් ඇය පැරණි සානා ප්‍රදේශයේ මෙන්ම රට පුරාද, පදිංචියට යෝග්‍ය සහ උරුම ගොඩනැගිලි දුසිම් ගණනක් ප්‍රතිසංස්කරණය කර තිබේ. යුනෙස්කෝව විසින් ස්ථාන 16000කට වැඩි ප්‍රමාණයක හානි සමීක්ෂණය කර තිබේ.

උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයේ ඇගේ කර්තව්‍යය ඓතිහාසික ස්ථාන ආරක්ෂණය කිරීම පමණක් නොව, බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද හේතු වී තිබේ.

අල් හිමිරි විසින් ප්‍රාදේශීය පදිංචිකරුවන් හට සාම්ප්‍රදායික ගොඩනැගිලි ශිල්ප පිළිබඳව පුහුණුවද ලබා දී ඇති අතර තරුණ ගැහැණු ළමුන්ව එම කර්මාන්තය කෙරෙහි පෙළඹවීම සිදු කර තිබේ.

මහිදර් හේල්සලාසි

මහිදර් හේල්සලාසි، ඉතියෝපියාව

ඡායාරූප ශිල්පිනී

වියළි ගංගා සහ විනාශ වූ භෝග සහිත භූ දර්ශනයක වැඩ කරමින්, ඇය 2023 සමකාලීන අප්‍රිකානු ඡායාරූප ත්‍යාගය දිනාගැනීමට හේතු වූ, දැඩි නියඟය නිසා තම රටේ පවුල් තම දියණියන් ළමා විවාහ දක්වා දීමට තල්ලු කර ඇති ආකාරය ඉතියෝපියානු ඡායාරූප ශිල්පිනී මහිදර් හේල්සලාසි වාර්තා කරයි.

දේශගුණික විපර්යාස අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, ළමා විවාහ අවදානමට ලක්වන ගැහැණු ළමයින් සංඛ්‍යාව 2050 වන විට ගෝලීය වශයෙන් තුනෙන් එකකින් ඉහළ යනු ඇතැයි මානව හිමිකම් සංවිධාන අපේක්ෂා කර තිබේ.

හේල්සලාසිගේ ඡායාරූපකරණයේ අඩංගු වී ඇත්තේ ඇය එදිනෙදා කටයුතු කරන පුද්ගලයන්ගේ මෙන්ම, ඇයගේම අයගේ ඉතිහාසය සහ අත්දැකීම් වලින් ය.

මේ වසරේ African Biennale of Photography ඇතුළුව ඇයගේ නිර්මාණ බොහෝ කීර්තිමත් ස්ථානවල ප්‍රදර්ශනය කර තිබේ.

මරියා තෙරේසා හෝර්ඩා

මරියා තෙරේසා හෝර්ඩා، පෘතුගාලය

කිවිඳියක්

ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන මරියා තෙරේසා හෝර්ඩා පෘතුගාලයේ ප්‍රමුඛතම ස්ත්‍රීවාදීන්ගෙන් අයෙකු සහ සම්මානලාභී ග්‍රන්ථ රැසක කතුවරියකි. නමුත් ඇය වඩාත් දන්නේ ජාත්‍යන්තරව පිළිගත් Novas Cartas Portuguesas (නව පෘතුගීසි ලිපි) හි සම කර්තෘ ලෙස ය.

ප්‍රබන්ධ, කාව්‍ය සහ ශෘංගාරාත්මක ලිවීම් 1972දී පෘතුගාලයේ ඒකාධිපති රජය විසින් ක්ෂණිකව තහනම් කරන ලද අතර, හෝර්ඩා සහ ඇගේ සෙසු කතුවරුන් අසභ්‍ය භාවය සහ "මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිත කිරීම" සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටියහ.

මරියා තිදෙනාගේ නඩුව ලෙස ඔවුන් ප්‍රසිද්ධියට පත් වූ සිද්ධිය ලොව පුරා සිරස්තල මැව්වේ ය.

1974 කානේෂන් විප්ලවයෙන් පාලන තන්ත්‍රය බිඳ දැමීමෙන් පසුව ඔවුන්ගේ නඩු විභාගය අවසන් වූ අතර, මෙම වසරේදී එම ඓතිහාසික අවස්ථාවේ 50 වන සංවත්සරය සනිටුහන් වේ.

මාගරීටා බරියෙන්තෝ

මාගරීටා බරියෙන්තෝ، ආර්ජන්ටිනාව

සුප් කිචන් නිර්මාතෘ

පුද්ගලයන් 15 දෙනෙකු වෙනුවෙන් සුප් කිචන් එකක් ආරම්භ කිරීමේ සිට දැනට දිනකට පුද්ගලයින් 5,000කට වැඩි පිරිසකට ආහාර සැපයීම දක්වා, වර්තමානයේ මිලියන 46ක ජනගහනයෙන් 53%ක් දරිද්‍රතාවයෙන් ජීවත් වන ආර්ජන්ටිනාවේ කුසගින්නට එරෙහි සටන සඳහා ඇයගේ කැපවීම වෙනුවෙන් මාගරීටා බරියෙන්තෝ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

රටේ දුප්පත් ම ප්‍රදේශයක උපත ලැබූ බරියෙන්තෝ කුඩා කළ සිට ම කරදරවලට මුහුණ දුන්නා ය. 1966දී ලොස් පිලෙටෝන්ස්හි ආරම්භ කළ ඇයගේ සුප් කිචන් එක දැන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, මැහුම් වැඩපොළක් සහ පුස්තකාලයක් පවත්වාගෙන යන පදනමක් දක්වා වර්ධනය වී තිබේ.

ඇයගේ ප්‍රජා සේවයට බොහෝ ව්‍යාපාර සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහයෝගය ලැබී ඇති අතර, පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී මෑතකදී ඇයට අත්සන් කළ කමිසයක් වෙන්දේසියට කිරීමට ලබා දුන්නේ ය.

ඇනට් හොෆ්මාන්

ඇනට් හොෆ්මාන්، ඊශ්‍රායලය

ආගමික ප්‍රචාරක

ඇනට් හොෆ්මාන් යුදෙවු ආගම තුළ පුද්ගල සමානාත්මතාවය සහ ආගමික බහුවාදය සඳහා දශක ගණනාවක් ප්‍රචාරණය සිදු කළා ය.

ජෙරුසලමේ පැරණි නගරයේ බටහිර තාප්පය අසල යුදෙව් කාන්තාවන්ට සමාන යාච්ඥා අයිතිවාසිකම් අපේක්ෂා කරන Women of the Wall කණ්ඩායමේ ඇය ආරම්භක සාමාජිකාවකි. වසර ගණනාවක් පුරා, ඇය කාන්තාවන්ට යාච්ඥා සාලු පැළඳීම සහ ටෝරා සාමූහිකව කියවීම තහනම් කරන නීතිවලට එරෙහිව සටන් කළා ය.

සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ඊශ්‍රායල ආගමික ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ නීතිමය සහ උපදේශන අංශයේ විධායක අධ්‍යක්ෂකවරිය ලෙස හොෆ්මාන් වසර 20ක් සේවය කළා ය.

අධි-ඕතඩොක්ස් ප්‍රතිපත්තිවලට අභියෝග කළ ඇය ජෙරුසලම් නගර සභාවේ ඊට පෙර අසුනක් දැරුවා ය.

ෂුන් ෆුංග්

ෂුන් ෆුංග්، වියට්නාමය

චිත්‍රපට අධ්‍යක්ෂිකා, ලේඛිකා, කලාගාර හිමිකාරිණී

සිය 95 වන උපන්දිනයට ළඟා වෙමින් සිටින ලේඛිකා සහ අධ්‍යක්ෂිකා ෂුන් ෆුංග් ඉතා සම්පූර්ණ ජීවිතයක් ගත කර ඇත.

ඇය වියට්නාමයේ යුද්ධ දෙකකට මුහුණ දී ඇති අතර, 16 හැවිරිදි වියේ දී ප්‍රංශයෙන් රට නිදහස් කර ගැනීම සඳහා සටන් කළා ය.

වෛද්‍යවරියක ලෙස උපාධිය ලබා ඇති ඇය, සයිගොන්හි බිඳ වැටීම වැනි ඓතිහාසික අවස්ථා දකිමින් සායනයක ප්‍රධානියක, යුද වාර්තාකාරිනියක සහ වියට්නාම රූපවාහිනිය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර තිබේ.

වයස අවුරුදු 62දී ඇය විශ්‍රාම ගැනීම වෙනුවට වියට්නාම කලාව ලොවට ගෙන ඒමට උත්සහ කරමින්, හෝ චින් මින් සිටිහි පළමු පුද්ගලික කලාගාරවලින් එකක් වන ලෝටස් ගැලරි ආරම්භ කළා ය. ඇය පුළුල් කීර්තියක් අත්කර දීම සඳහා දේශීය කලාකරුවන් පෝෂණය කළා ය.

විනෝදාස්වාද හා ක්‍රීඩා

රෙබේකා අන්ද්‍රාදි

රෙබේකා අන්ද්‍රාදි، බ්‍රසීලය

ජිම්නාස්ටික් ක්‍රීඩිකා

ජිම්නාස්ටික් ක්‍රීඩිකා රෙබෙකා අන්ද්‍රාදිගේ පදක්කම් හය ඇය බ්‍රසීලයේ වඩාත්ම පදක්කමින් සැරසුණු ඔලිම්පික් ක්‍රීඩිකාව බවට පත් කරයි (ඇයට ලෝක ශූරතා නවයක් ද තිබේ).

ලොව වැඩිපුර ම පදක්කමින් සැරසුණු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන සිමෝන් බයිල්ස් පරාජය කරමින් ඇය 2024 පැරිස් ඔලිම්පික් හි පොළොවේ සිදු කරන අභ්‍යාසවලට අදාල රන් පදක්කම දිනා ගත්තා ය. පදක්කම් ප්‍රදානෝත්සවය අතරතුර, බයිල්ස් සහ ඇගේ අනෙක් එක්සත් ජනපද ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන ජොර්ඩන් චයිල්ස් බ්‍රසීල ජාතික ක්‍රීඩිකාවට හිස නමා ආචාර ක්‍රිරීම මෙවර ඔලිම්පික් උළෙලේ සලකුණ බවට පත් වී වඩාත් ජනප්‍රිය විය.

ඇගේ තනිකඩ මව ඇගේ පුහුණුව සඳහා ගෙවීම සඳහා ගෙවල් පිරිසිදු කරන අතරතුර, දරුවන් අට දෙනාගෙන් එක් අයෙක් වන ඇය, වයස අවුරුදු 10 දක්වා ඇන්ඩ්‍රේඩ් සාඕ පවුලෝ නගරයෙන් පිටත ඇගේ ෆාවේලා සිට පුහුණු සැසි සඳහා පයින් ඇවිද ගියා ය.

බොහෝ දරුණු ආබාදයන් ජයගනිමින් සහ නසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීම ගැන විවෘතව කතා කරමින් ඇගේ නැගී ඒම සිදු විය.

දරාගැනීම කියන දේ අපට සිද්ධ වෙන දේවල් අපි හසුරුවන ආකාරය සහ ඇත්තටම නරක තත්ත්වයක් ඇති වුණ වෙලාවකදී වුණත් හොඳ පැත්ත දකින්න මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට උදව් කරන එකත් එක්ක සම්බන්ධයි.

රෙබේකා අන්ද්‍රාදි

ට්‍රේසි ඔටෝ

ට්‍රේසි ඔටෝ، එක්සත් ජනපදය

දුනු විදීමේ ක්‍රීඩිකා

2019දී ඇගේ හිටපු පෙම්වතා නිවසේදී සිදු කළ ප්‍රහාරයකට ලක් වීමෙන් ට්‍රේසි ඔටෝ පපුවේ සිට පහළට අංශභාග තත්ත්වයට ලක්වූ අතර ඇගේ වම් ඇස අහිමි විය. මීට පෙර ශරීර යෝග්‍යතා නිරූපිකාවක වූ ඇය නැවත ක්‍රියාශීලීවීමට තීරණය කළා ය.

2021 මාර්තු මාසයේදී, ඇය මීට පෙර කවදාවත් උත්සහ නොකළ ක්‍රීඩාවක් වූ දුනු විදීම තෝරා ගත්තා ය. ඇය එල්ල කළ පළමු ඊතලයෙන් ම ඇය ඉලක්කය ළඟා කර ගත්තා ය.

මේ වසරේ පැරිස් තරගාවලිය ඇය තරග කළ පළමු පැරාලිම්පික් තරගාවලිය යි. ඇගේ ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඊතලය නිදහස් කිරීමයට ඇය මුඛය භාවිත කළා ය.

වසර පහකට ආසන්න කාලයක් පුරාවට ඔටෝ ගෘහස්ථ හිංසනයෙන් දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීමට ඇගේ අත්දැකීම් ද භාවිත කරන්නී ය.

හදීකා කියානි

හදීකා කියානි، පාකිස්ථානය

ගායිකා සහ ගීත රචිකා

පාකිස්තානයේ සංගීත සංකේතනයන්ගෙන් එකක් වන හදීකා කියානි, ඇගේ බහුශ්‍රැත කටහඬ සහ මානුෂීය හේතුන් සඳහා ඇයගේ දායකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් වී සිටියි.

1990 දශකයේ කීර්තියට පත් ඇය දකුණු ආසියානු කාන්තා පොප් සංගීත ක්ෂේත්‍රයේ කීර්තිමත් බලවේගයක් බවට පත් වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගුඩ්විල් තානාපතිවරියක් ද වෙයි.

පාකිස්තානයේ 2022 විනාශකාරී ගංවතුරට ප්‍රතිචාරයක් වශයෙන් බලුකිස්තාන් සහ දකුණු පන්ජාබ් ප්‍රදේශවල විපතට පත් වූවන්ට ආධාර කිරීමට කියානි ඇගේ වසීලා-ඊ-රාහ් ව්‍යාපෘතිය දියත් කළා ය.

අවතැන් වූ පවුල්වලට සහය වන ලෙස ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර පසුගිය වසරේ ව්‍යාපෘතිය නිවේදනය කළේ, ඔවුන් විපතට පත් ප්‍රදේශවල නිවාස 370ක් සහ අනෙකුත් පහසුකම් ඉදිකර ඇති බවයි.

සකීයා කුදදාදි

සකීයා කුදදාදි، ඇෆ්ඝනිස්ථානය

ටයිකොන්ඩෝ පැරාලිම්පික් ක්‍රීඩිකා

පැරාලිම්පික් සරණාගත කණ්ඩායමේ පදක්කමක් දිනූ පළමු සාමාජිකයා ලෙස සකීයා කුදදාරි 2024 පැරිස් උළෙලේදී ඉතිහාසගත වූවා ය.

එක් අතක කොටසක් නොමැතිව උපත ලැබූ ක්‍රීඩිකාව, ඇයට වයස අවුරුදු 11දී බටහිර ඇෆ්ඝනිස්ථානයේ ඇගේ උපන් ගම වන හේරට්හි සැඟවුණු ව්‍යායාම ශාලාවක් තුළ රහසින් ටයිකොන්ඩෝ පුහුණුවීම් ආරම්භ කළා ය.

2021දී තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමත් සමඟ ටෝකියෝහි පැවති ඇගේ පළමු පැරාලිම්පික් තරඟාවලියට තරඟ කිරීමට ඇයට අවස්ථාව අහිමි විය.

නමුත් ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ මැදිහත්වීම සහ ප්‍රංශයේ සහයෙන්, ඇය ආරක්ෂිතව ඇෆ්ඝනිස්ථානයේ ඉවත් කර ගත් අතර, තලිබාන් බලයට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වකට සහභාගී වූ පළමු ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

ඔලිම්පික් පදක්කම දක්වා මගේ ගමන ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ගේ, සරණාගත කාන්තාවන්ගේ, සෑම කාන්තාවකගේ ම දරා ගැනීමේ ශක්තිය ගැන කතා කරනවා. අත් නොහැරීමෙන් අපි දිගට ම පෙන්වන්නේ කාන්තාවන්ට කිරීමට නොහැකි දෙයක් නෑ කියලා.

සකීයා කුදදාදි

ෆිර්දා මර්සියා කුර්නියා

ෆිර්දා මර්සියා කුර්නියා، ඉන්දුනීසියාව

හෙවි මෙට්ල් සංගීත වාදක

Voice of Baceprot යන හිජාබ් හැඳ සිටින හෙවි මෙටල් සංගීත කණ්ඩායමේ සියලු කාන්තාවන්ගෙන් ප්‍රදාන ගායිකාව සහ ලීඩ් ගිටාර් ශිල්පිනිය ලෙස පුද්ගල සමාජභාවයට සහ ආගමික සම්මතයන්ට අභියෝග කිරීම ෆිර්දා මර්සියා කුර්නියාට පහසු දෙයකි.

ඉන්දුනීසියාවේ වඩාත් පුළුල් ව භාවිත වන ඉංග්‍රීසි සහ සුඩාන භාෂාවෙන් ගී ගයමින්, තුන් කට්ටුවේ පද රචනයන් පුරුෂාධිපත්‍ය පිළිබඳ ඔවුන්ගේ කළකිරීම ප්‍රකාශ කරයි.

ඔවුන් හෙවි මෙට්ල් වෙත අවදානම ගන්නා විට හොඳින් ප්‍රතිචාර නොදැක් වූ බහුතරයක් ගතානුගතික මුස්ලිම්වරුගෙන් ඔවුන්ට නරක ප්‍රතිචාර තිබිණි.

නමුත් බටහිර ජාවාහි පිහිටි ගරුත් ප්‍රදේශයේ ඔවුන්ගේ ගමේ පාසලේදී වසර 10කට පෙර ආරම්භ කළ තැන සිට ඔවුන්ගේ සංගීත කණ්ඩායම දිගු ගමනක් පැමිණ තිබේ.

ක්ලෝයි ජාවෝ

ක්ලෝයි ජාවෝ، එක්සත් රාජධානිය

චිත්‍රපට අධ්‍යක්ෂිකා

ඇකඩමි සම්මානය ඉතිහාසයේ හොඳ ම අධ්‍යක්ෂණයට හිමි කරගත් කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකු සහ එය හිමි කරගත් වාර්ගික සුළුතර කණ්ඩායමක පළමු කාන්තාව වන්නේ ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂිකා සහ ලේඛිකා ක්ලොයී ජාවෝ ය.

බීජිංහි ඉපදුණු ජාවෝ එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දිවි ගෙවුවා ය. ඇගේ සම්මානිත චිත්‍රපටය Nomadland (2020) හි තේමාවක් වන, එඬේරෙකු ලෙස ඇය තමාව විස්තර කරයි.

ඇගේ මුල් චිත්‍රපටවල ස්වදේශික ප්‍රජාවක් නියෝජනය කිරීමේ සිට Marvel Universeහි මේ දක්වා ඉහළ විවිධත්වයකින් යුතු නළු නිළියන් අධ්‍යක්ෂණය කිරීම දක්වා, මිනිසුන් ලෙස අපව සම්බන්ධ කරන දෙය ගැන ජාවෝ කැමැත්තක් දක්වයි.

මේ වසරේ ඇය, 2025දී නිකුත් කිරීමට නියමිත මැගී ඕ ෆැරල්ගේ ෂේක්ස්පියර් යුගයේ හැම්නෙට් නවකතාවේ අනුවර්තනයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම්ව සිටින්නී ය.

අපි වැඩ කරමින් ඉන්න කර්මාන්තයේ සැකැස්ම අපට වෙනස් කරන්න අවශ්‍ය නැතිනම් වටිනාකම් ලබා ගන්න අපට හරියට ම පිරිමියෙක් වෙන්න වෙනවා කියල අපි කියන්නේ. මම හිතන්නේ නෑ අපේ බලය තියෙන්නේ එතන කියලා.

ක්ලෝයි ජාවෝ

මැඩිසන් ටෙව්ලින්

මැඩිසන් ටෙව්ලින්، කැනඩාව

Talk-show පූරක සහ නිරූපිකා

ඩවුන්ස් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින් පිළිබඳ අගතීන් බිඳ දැමීමෙන් 'Assume That I Can,' ප්‍රචාරක ව්‍යාපාරයේ මැඩිසන් ටෙව්ලින් පෙනී සිටින වීඩියෝව මේ වසරේ කුණාටුවක් ලෙස ලොව පුරා පැතිර ගියේ ය.

කාන් ලයන් සම්මාන උළෙලෙහි කීර්තිමත් ගෝල්ඩ් ලයන් සම්මානයක් ද ඇතුළුව, මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය මිලියන 150කට වැඩි නැරඹුම් වාර සහ එහි ධනාත්මක බලපෑම වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ ය.

නිව්යෝර්ක් ෆැෂන් වීක්හි පෙනී සිටි නිළියක සහ නිරූපිකාවක වන ටෙව්ලින් Clinton Global Initiative වෙත ඇතුළත් කිරීම ගැන කතා කළ අතර, Quincy Jones Exceptional Advocacy සම්මානය ද හිමි කර ගත්තා ය.

සම්මාන සඳහා නිර්දේශ වූ 'Who Do You Think I Am' Talk-show එක සහ 21 Question පොඩ්කාස්ට් වැඩසටහන ඇය මෙහෙයවූවා ය.

මාව විනිශ්චය කරන විට, නොසලකා හරින විට හෝ අවතක්සේරු කරන වෙලාවක වුණත් දරා ගැනීම කියන දේ කිසි ම වෙලාවක නැති වෙන්නේ නෑ... ඒක මම විශ්වාස කරන දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ ම මම හෝ මම නියෝජනය කරන ප්‍රජාව වෙනුවෙන් අත් හරින්නේ නෑ.

මැඩිසන් ටෙව්ලින්

නොවෙලා වියෙල්ලා න්වාඩෙයි

නොවෙලා වියෙල්ලා න්වාඩෙයි، ඝානාව

අප්‍රිකානු පොප් සංගීතඥ

ගායිකාවක් සහ ගීත රචකයෙක් වන නොයෙලා වියෙල්ලා න්වාඩෙයි වේදිකාවේ ප්‍රසිද්ධ වී සිටින්නේ ඇගේ සිස්සල්ලා භාෂාවෙන් ‘සිදු කරන්නා’ යන අරුත් දෙන වියෙල්ලා යන නාමයෙන් ය.

ඇයගේ විලාසිතා සහ අනන්‍ය විලාසිතාවේ හැඟීම වෙනුවෙන් හඳුනාගන්නා කලාකාරිනිය, උතුරු ඝානාවේ ඇගේ උපන් ප්‍රදේශයේ සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කිරීම සඳහා ඇගේ වේදිකා ඇඳුම් සහ උපාංග සැලසුම් කරයි.

ඇයගේ බොහෝ ගී පද අප්‍රිකානු කාන්තාවන් සූරාකෑම පිළිබඳ අවධානය යොමු කරයි. ළමා විවාහවලට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ඝානා බලධාරීන් සමඟ වියෙල්ලා සමීපව කටයුතු කර ඇත.

ඇය තම උපන් ගම වන ෆන්සි හි, රැකියා සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කලා මධ්‍යස්ථානයක්, ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයක් සහ අවන්හලක් ද ඉදිකර තිබේ.

ජොවාන් චෙලීමෝ මෙලී

ජොවාන් චෙලීමෝ මෙලී، කෙන්යාව/රුමේනියාව

දිගු දුර ධාවන ක්‍රීඩිකා

දිගු දුර ධාවන තරග ජයග්‍රහණ වෙනුවෙන් කීර්තියක් අත් කරගෙන සිටින කෙන්යාවේ උපන් රුමේනියානු ඔලිම්පික් ක්‍රීඩිකා ජොවාන් චෙලීමෝ මෙවර යුරෝපීය ශූරතා අර්ධ මැරතන් තරගයේදී රිදී පදක්කම දිනා ගත්තා ය.

ක්‍රීඩාවෙන් ඔබ්බට, ඇය පුද්ගල සමාජභාවය පදනම් මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත්තෙකු වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිතර මුහුණ දෙන තර්ජන ඉස්මතු කිරීමට ඇගේ පෞද්ගලික අත්දැකීම් භාවිත කිරීමට උත්සහ කරයි.

2021 දී සහ ලෝක වාර්තා හිමිකාරියක වූ ඇග්නස් ටිරොප් ඝාතනය කිරීමෙන් පසු, පුළුල් පරාසයක ක්‍රියාකාරකම් හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙනී සිටින ඇගේ සෙසු ධාවකයන් කෙන්යානු ක්‍රීඩිකාවන් විසින් පිහිටවන ලද සංවිධානයක් වන Tirop's Angelsහි ඇය සම නිර්මාතෘවරිය වූවා ය.

මේ වසරේදී ඔලිම්පික් ධාවක රෙබෙකා චෙප්ටගායිව ඇගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය හරහා, කෙන්යාවේ ස්ත්‍රී ඝාතනයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් අවශ්‍යතාවක් නිර්මාණය විය.

මම විශ්වාස කරන්නේ ඇත්තට ම වෙනසක් සිදුවෙන්නේ අපේ කතාවේ අවසානය අපේ වේදනාව නෙවෙයි නමුත් ඊට වඩා විශාල දෙයක ආරම්භය කියලා අපි තීරණය කරන විට යි.

ජොවාන් චෙලීමෝ මෙලී

ගැබී මොරීනෝ

ගැබී මොරීනෝ، ගෝතමාලාව

සංගීතඥ

ලතින් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක්-ගීත රචිකාවක් වන ගෝතමාලාවේ ගැබී මොරීනෝ, 2024 වසරේ හොඳම ලතින් පොප් ඇල්බමය සඳහා වන ග්‍රැමී සම්මානය දිනා ගනිමින් ප්‍රධාන ධාරාවට පිවිසියා ය.

භාෂා දෙකකින් රචනා කර, ඇමරිකානා, සෝල් සහ ලතින් ජන සංගීතයෙන් ආනුභාවය ලබාගෙන ඇති ඇගේ සංගීතය සහ ඇගේ හැන්ගීම්බර හඬ ඇගේ පොහොසත් සංස්කෘතික උරුමට්ය පිළිබිඹු කරයි.

ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින යුනිසෙෆ් ගුඩ්විල් තානාපතිවරියක් බවට පත් වූ පළමු ගෝතමාලා ජාතිකයා ද මොරීනෝ ය.

මිලියන 2.7ක පිරිමි සහ ගැහැණු ළමුන් පාසල් පද්ධතියෙන් පිටත සිටින බවට ගණන් බලා ඇති රටක, ගුණාත්මක අධ්‍යාපන කට්ටල සඳහා ප්‍රවේශය වැඩි කිරීමේ ව්‍යාපාරයක් ඇය මෑතකදී දියත් කළා ය.

ඉන්නා මෝජා

ඉන්නා මෝජා، මාලි

කලාකරු සහ දේශගුණික උපදේශක

දේශගුණික යුක්තිය උපදේශකවරියක්, සංගීතඥයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වන ඉන්නා මෝජා කාන්තා ලිංගික ඡේදනයට එරෙහි ප්‍රචාරණයේ සිට තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටීම දක්වා බොහෝ අභියෝගවලට මුහුණ දෙන කාන්තාවකි.

සහරා කාන්තාරයට කෙළින්ම දකුණින් පිහිටි රටවල් 12 ක් හරහා නැගෙනහිර සිට බටහිරට විහිදෙන ප්‍රදේශයක් වන සහේල් හි, කාන්තාර ප්‍රසාරණය පාලනය කිරීමට සහ ඉඩම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට අප්‍රිකාවේ අභිලාෂකාමී උත්සාහයන් ඉස්මතු කරන වාර්තා චිත්‍රපටයක් වන The Great Green Wall ඇය අධ්‍යක්ෂණය කර රංගනයෙන් දායක වූවා ය.

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ගුඩ්විල් තානාපතිවරයෙකු ලෙස, මෝජා දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ හඬ විස්තර කරයි.

ධනාත්මක ක්‍රියාවන් සඳහා නව තාක්‍ෂණය සහ ගේමින් මුසු කරන ලාභ නොලබන සංවිධානයක් වන කෝඩ් ග්‍රීන් හි සම-නිර්මාතෘවරිය ද ඇය වේ.

දරාගැනීමේ හැකියාව කියන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පරිවර්තනීය විසඳුම් මෙහෙයවීමට ඇති හැකියාව පෝෂණය කිරීමයි

ඉන්නා මෝජා

කිම් යේජි

කිම් යේජි، දකුණු කොරියාව

ඔලිම්පික් වෙඩික්කරු

ජනකාන්ත භාවය සහ ක්‍රීඩා ජයග්‍රහණ කිම් යේජිව මේ වසරේ ලොකයේ අවධානයට ලක් කළේ ය.

මීට මාස කිහිපයකට පෙර මීටර් 25 කාන්තා පිස්තෝල ලෝක වාර්තාව පිහිටුවමින්, පිස්තෝලයෙන් වෙඩිතබන්නිය ජූලි මාසයේදී ඇගේ පළමු ඔලිම්පික් උළෙලේදී මීටර් 10 වායු පිස්තෝල කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තා ය.

ඇගේ වීඩියෝ සමාජ මාධ්‍යයේ ඉක්මනින් ම පැතිරී ගියේ ඇගේ දක්ෂතා පමණක් නොව, ඇගේ ශාන්ත ඉරියව්ව, නොබිඳිය හැකි සමාධිය සහ නිරවද්‍යතාවයට උපකාර කිරීම සඳහා අවශ්‍ය විද්‍යා ප්‍රබන්ධවල එන පෙනුමැති කණ්ණාඩි ද අගය කරමින් ය.

කිම් යෙජි මාතෘත්වය සමඟ එන වගකීම් ගැන මිනිසුන් දකින ආකාරය ගැන විවෘතව කතා කළා ය. ඇය සිය හය හැවිරිදි දියණිය සමග කාලය ගත කිරීම සඳහා ක්‍රීඩාවෙන් විරාමයක් ගනිමින් සිටියි.

අපට ක්‍රීඩාවෙන් දරාගැනීමේ හැකියාව, කණ්ඩායමක් විදිහට වැඩ කිරීම සහ මගේ මතය අනුව, පුළුල් සමාජ වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රීඩා පිටියෙන් ඔබ්බට විහිදෙන වටිනාකම් ඇති අධිෂ්ඨානය අපි විසින් ප්‍රදර්ශනය කරනවා.

කිම් යේජි

රේයී

රේයී، එක්සත් රාජධානිය

ගායිකා

ඇයව නිර්දේශ වූ ත්‍යාග හතෙන් හයක් දිනා ගනිමින් වසරේ ගීත රචකයා දිනාගත් පළමු කාන්තාව බවට පත් වූ ගායක හා ගීත රචක රේයී මෙවර බ්‍රිට් සම්මාන උළෙලේදී ඉතිහාසගත වූවා ය.

2021 දී රේයී සමාජ මාධ්‍යවල බෙදා ගත්තේ ඇයගේ ම ඇල්බමය නිකුත් කිරීම සඳහා ඇයගේ පටිගත කිරීමේ ලේබලය වන පොලිඩෝර් සමඟ වසර හතක සටනක යෙදී සිටි බවයි.

ඇය සිය පළමු චිත්‍රාගාර ඇල්බමය My 21st Century Blues ස්වාධීන කලාකාරිනියක ලෙස 2023 දී විවේචනාත්මක හා වාණිජමය සාර්ථකත්වයක් සඳහා ඉදිරිපත් කළාය.

ලිංගික අතවර, අනිසි මත්ද්‍රව්‍ය භාවිතය, සහ ශරීරයේ කොටසක ප්‍රමාණය වෙනස් වීම ඇතුළු ගීත රචකයන්ට සාධාරණ වැටුපක් ඉල්ලා, ඇය සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් පිටතදීත් තමන් මුහුණ දුන් අරගල ගැන විවෘතව කතා කර තිබේ.

නයෝමි වාටනාබි

නයෝමි වාටනාබි، ජපානය

ප්‍රහසන ශිල්පිනී

ජපානයේ වඩාත් ම බලපෑම්සහගත අයගෙන් එක් අයෙකු වන නයෝමි වාටනාබි ඇගේ රටේ නව පරපුරේ කාන්තා ප්‍රහසන ශිල්පිනියන්ට මග සකසා දුන්නා ය.

පිරිමි ආධිපත්‍යක් සහිත ජපන් ප්‍රහසන කර්මාන්තයේ බැමි ඇය බිඳ දමා ප්‍රධාන කාන්තා චරිතය ලෙස ඇය රඟ දක්වමින් ජනප්‍රිය වූ නිරූපණයන් නිර්මාණය කර තිබේ.

"චබී සහ හුරුබුහුටි" ලෙස පරිවර්තනය වන, "පොචකවායි" - ශරීරය ගැන ධනාත්මක භාවය පිළිබඳ සංවිධානයට නායකත්වය දෙමින් ජපානයේ ශරීර ඒකාකෘතීන් වෙනස් කිරීමට ද වාටනාබි සහය දක්වයි.

ජපන් රූපවාහිනී නාලිකා සහ චිත්‍රපටවල විශාල සාර්ථකත්වයක් අත් කර ගැනීමෙන් පසු ගෝලීය ප්‍රහසන වේදිකාවට පැමිණීම සඳහා ඇය දැන් එක්සත් ජනපදයට පැමිණ තිබේ.

ඔයා කොහොම ද දරාගෙන ඉන්නෙ? මම හැමතිස්සෙ ම හිතනවා 'ඔයා මට අකමැති වුණාට කමක් නෑ. මට අවුරුද්දක් දෙන්න. සමහර විට මම ඔයාගේ හිත වෙනස් කරයි,' කියලා. මේ තමයි මට හැම වෙලාවේ ම තියෙන මනෝභාවය.

නයෝමි වාටනාබි

හෙන්ද් සබ්‍රි

හෙන්ද් සබ්‍රි، ටියුනීසියාව

රංගන ශිල්පිනී

රංගන ශිල්පිනී හෙන්ද් සබ්‍රි යනු අරාබි සිනමාවේ ජනප්‍රිය ම කාන්තාවකි. The Silences of the Palace (1994) ස්ත්‍රීවාදී චිත්‍රපටයේ ඇගේ වෙනස් රංගනය භූමිකාව ටියුනීසියාවේ කාන්තාවන් මුහුණ දෙන ලිංගික සහ සමාජ සූරාකෑම ගවේෂණය කළේ ය.

ඇය 2019 වසරේ වැනීසියේ සිනමා උළෙලේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ පළමු අරාබි කාන්තාව බවට පත් වූවා ය.

2024 ඔස්කාර් සඳහා ටියුනීසියාවේ නියෝජනය ලෙස තේරී පත් වූ සහ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා නම් කෙරුණු Olfa's Daughters චිත්‍රපටයේ ඇය මෑතක දී රංගනයෙන් දායක වූවා ය.

ගාසා තීරයේ සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීමට විරෝධය පල කරමින් නොවැම්බර් මාසයේදී සබ්‍රි එක්සත් ජාතීන්ගේ ගුඩ්විල් තානාපති ධූරයෙන් ඉල්ලා අස් වූවා ය.

ඒක නිකන් ම ජිවිතය බේරගන්නවා කියන එක නෙවෙයි. නැවත ගොඩ නැගීම සහ අරගලය තුලින් අරමුණ සොයා ගැනීමයි... වේදනාව ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීමයි.

හෙන්ද් සබ්‍රි

ෂැරන් ස්ටෝන්

ෂැරන් ස්ටෝන්، එක්සත් ජනපදය

රංගන ශිල්පිනී

හොලිවුඩ් තරුවක් වන ෂැරන් ස්ටෝන් පසුගිය දශක තුන තුළ තිරයේ සහ ඉන් පිටතත් සලකුණක් තබා තිබේ.

Basic Instinct චිත්‍රපටියෙන් 1990 දශකයේ මුල් භාගයේදී ප්‍රසිද්ධියට පත් වූ රංගන ශිල්පිනිය, ඇය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගත් අතර ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ Total Recall සහ Cඅසිනො වැනි බ්ලොක්බස්ටර් චිත්‍රපටවල රංගනයෙන් දායක වූවා ය.

ඇගේ බහුශ්‍රැත රංගන දිවියට සමගාමීව ස්ටෝන් බොහෝ හේතූන් මත පරාර්ථකාමී ලෙස කටයුතු සිදු කර, HIV ආසාදිතයන් වෙනුවෙන් ඇය කළ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඇය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා ය.

මෙම වසර මුලදී, ඇය පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සමග ඇයගේ ජයග්‍රහණ තවදුරටත් සැමරුවේ ය.

අපට වැළපෙන එක හෝ සතුටු වෙන එක තෝරා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයා තෝරාගන්න ඕනෑ සතුටින් ඉන්න... කවුළුවෙන් එළිය බලාගෙන අහස දිහා බලාගෙන ඉන්න.

ෂැරන් ස්ටෝන්

ජින්ග් (ටානියා) සෑන්ග්

ජින්ග් (ටානියා) සෑන්ග්،

මේස පන්දු ක්‍රීඩිකා

චීන-චිලී මේස පන්දු ක්‍රීඩිකා ජින්ග් සෑන්ග් - හෝ ටානියා වයස අවුරුදු 58දී 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇය සිය මංගල ඔලිම්පික් තරගයට ක්‍රීඩා කළා ය.

එය සිදුවීමට බොහෝ කාලයක් ගත විය: පුහුණුකාරියක වශයෙන් ඇගේ මව සමග අවුරුදු 12ක ළාබාල වයසකදී ඇය වෘත්තියට එළැඹියා ය. ඇය චීන ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබූව ද, වසර 30ක් ක්‍රීඩාව අමතක කර ව්‍යාපාර කෙරෙහි අවදානය යොමු කළ චිලී වෙත පසුව සංක්‍රමණය වූවා ය.

කොවිඩ්-19 වසංගතය නැවත ටානියා සෑන්ග් මේස පන්දු ක්‍රීඩාවට යොමු කරන ලදී.

ඔලිම්පික් සුදුසුකම් ලැබීම පිළිබඳ ඇගේ "ජීවමාන සිහිනය" ඉටු කර ගැනීමට පෙර දකුණු ඇමරිකානු ශූරතාවලියේ සහ පෑන් ඇමරිකානු ක්‍රීඩා උළෙලේ රට නියෝජනය කරමින් 2023 වන විට ඇය චිලීහි [මේස පන්දු] ක්‍රීඩාවේ ඉහළින් ම ශ්‍රේණිගත වූ කාන්තාව වූවා ය.

එලාහා සොරූර්

එලාහා සොරූර්، ඇෆ්ඝනිස්ථානය

ගායක සහ ගීත රචක

ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන්ගේ හඬ පොදු ජීවිතයෙන් මකා දමන විට දී ගායිකා එලාහා සොරූර් ඛාන් විසින් මේ මර්දනයට එරෙහි ව දිරිගැන්වීමේ පණිවුඩයක් ලෙසට නාන්, කාර්, අසාඩි (පාන්, වැඩ, නිදහස) ගීතය රචනා කළා ය.

මෙම ගීතය ඇල්බේනියාවේ ඔක්තෝම්බර් මාසයේදී පෙර නොවූ විරූ ලෙස පැවැත්වූ සමස්ත ඇෆ්ගන් කාන්තා සමුළුවේදී තිරගත විය.

චිත්‍රපටය, රංග ශාලාව සහ සංගීතය පුරා විහිදුණු වෘත්තීන් හි සිටින කලාකාරිණිය, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට බොහෝ විට ඇගේ වේදිකාව භාවිතා කර ඇත.

සුළුතර වාර්ගික ප්‍රජාවක [නියෝජනයක් වන] සොරූර් 2009 ඇෆ්ඝනිස්ථානයේ ජනප්‍රිය තරු වැඩසටහනක් වන ඇෆ්ඝන් ස්ටාර් වැඩසටහනෙන් සොයාගනු ලැබී ය. නමුත් ඇය සංගීතය වෘත්තියක් කරගෙන යාම නිසා හිංසනකාරී පසුබෑමකට මුහුණ දුන් අතර 2010 දී ඇය රට හැර ගියා ය.

ඇලිසන් ෆෙලික්ස්

ඇලිසන් ෆෙලික්ස්، එක්සත් ජනපදය

ජවන හා පිටිය ක්‍රීඩිකා

ඇගේ නමට වාර්තාගත ලෝක ශූරතා පදක්කම් 20ක් හා ඔලිම්පික් පදක්කම් 11ක් සමග, ඉතිහාසයේ වැඩියෙන් ම [ලෝක ජයග්‍රහණවලින්] සැරසුණු ජවන හා පිටිය ක්‍රීඩිකාව ඇලිසන් ෆීලික්ස් ය.

ප්‍රී-එක්ලැම්ප්සියා රෝගය වැළඳී නොමේරූ දියණියක් බිහි කිරීමෙන් පසු, ඇය මාතෘ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නියක් බවට පත් වූවා ය. එක්සත් ජනපදයේ කළු ජාතික කාන්තාවන්ගේ මාතෘ සෞඛ්‍ය දියුණු කිරීමට ඇයට මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට් වෙතින් දැන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ආධාරයක් ඇයට ලැබී තිබේ.

පැරිස් 2024 ඔලිමිපික් ක්‍රීඩා උළෙලේ පළමු ඔලිම්පික් ගම්මාන දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට විශ්‍රාමික මළල ක්‍රීඩිකාව ප්‍රමුඛ වූවා ය.

එමෙන් ම මේ වසරේදී ඇය ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා කමිටු ක්‍රීඩකයන්ගේ කොමිසමට එක්වීමට තේරී පත්වූ අතර, කාන්තා ක්‍රීඩා සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන ඇයගේ ම ක්‍රීඩා කළමනාකරණ සමාගමක් දියත් කළා ය.

දරාගැනීමේ හැකියාව කියලා කියන්නේ දුෂ්කර අවස්ථාවන්ට මුහුණට මුහුණ ලා මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සහ සුන්දරත්වය සොයාගැනීම සහ, ඉදිරියට යාම සඳහා සියලු ම පරාජයන් ඉන්ධනයක් ලෙස පාවිච්චි කිරීම යි.

ඇලිසන් ෆෙලික්ස්

විනේෂ් ෆෝගාට්

විනේෂ් ෆෝගාට්، ඉන්දියාව

මල්ලවපොර ක්‍රීඩිකා

තෙවරක් ඔලිම්පික් නියෝජනය කළ විනේෂ් ෆෝගාට් ඉන්දියාවේ වැඩියෙන් ම [පදක්කමින්] සැරසුණු මල්ලවපොර ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන අතර, ක්‍රීඩාවේ යෙදී සිටින කාන්තාවන් පිළිබඳ ලිංගික ආකල්ප පිළිබඳව වාචිකව විවේචනය කළ අයෙකි. ඇය ලෝක ශූරතා, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු මලල ක්‍රීඩා පදක්කම් දිනා තිබේ.

ඔලිම්පික් අවසන් මහා තරගයක් දක්වා ළඟා වූ පළමු ඉන්දියානු කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාව වීමට ෆෝගාට් හට මේ වසරේදී හැකි වූ නමුත්, බර පරීක්ෂා කිරීමේදී අසමත් වූ නිසා නුසුදුස්සෙකු විය. ඇය පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන දේශපාලනයට සම්බන්ධ වූවා ය.

සමාජභාවය පිළිබඳ ඒකාකෘතීන් ගැන සෘජුව කතා කරමින්, ක්‍රීඩිකාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ - පසුව ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, ඔවුන්ගේ සංගමයේ ප්‍රධානියා වූ බ්‍රිජ් භූෂාන් සිංට එරෙහිව ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩකයන් මසක් පුරා ගෙන ගිය උද්ඝෝෂණයේ මුහුණත බවට ෆෝගාට් පත් වූවා ය.

විරෝධතාව අතරතුර පොලිසිය ෆෝගාට් සහ අනෙක් අය රඳවා තබා ගැනීමත් සමග උද්ඝෝෂණය සිරස්තල නිර්මාණය කළේ ය.

රැකියාවේ නරක දිනයකින් පස්සේ ඔයාට ඔයාව උඩට ඇදලා අරගෙන, ඔයාට ම කරුණාවක් දක්වන්න තියෙන හැකියාව තමයි දරා ගැනීම කියන්නේ.

විනේෂ් ෆෝගාට්

දේශපාලනය හා නීති

ඇන්ජෙලා රේනර්

ඇන්ජෙලා රේනර් ، එක්සත් රාජධානිය

උප අගමැති

එක්සත් ජනපද දේශපාලනයේ ඉහළ ම තනතුරු දරමින්, ජූලි මාසයේ පැවති මහා මැතිවරණයෙන් ඇන්ජෙලා රේනර් නියෝජ්‍ය අගමැති ධූරයට පත් වුවා ය.

ස්ටෝක්පෝට්හි ඉපදී හැදී වැඩුණු රේනර්, කුඩා වයසේදී ම ඇගේ මව රැක බලා ගත් අතර වයස 16දී ගැබ්ගෙන පාසලෙන් ඉවත් වූවා ය. ඇය ප්‍රාදේශීය කවුන්සිලයේ සමාජ සේවාවල වැඩ කළ අතර, වෘත්තීය සමිති නියෝජිතයෙකු වීමට නිලයන්ගෙන් ඉහළට ගියා ය.

එම මැතිවරණ කොට්ඨාසයෙන් තේරී පත් වූ පළමු කාන්තාව ලෙස ලේබර් පක්ෂයේ ඇෂ්ටොන්-අන්ඩර්-ලයින් මන්ත්‍රීවරිය වශයෙන් රේනර් පළමුව පාර්ලිමේන්තුවට 2015දී තේරී පත් වූ අතර, පසුව අනෙක් භූමිකාවලට අමතරව කාන්තා සහ සමානතා ඡායා ඇමති ලෙස සේවය කළා ය.

ඇය දැනට නිවාස, ප්‍රජා සහ පළාත් පාලන රාජ්‍ය ලේකම්වරියයි.

නාඩියා මුරාඩ්

නාඩියා මුරාඩ් ، ඉරාකය

නොබෙල් සාම ත්‍යාගලාභී

ලිංගික හිංසනයන්ගෙන් දිවි ගලවාගත් අය වෙනුවෙන් ප්‍රමුඛ නීතිවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිනියක, සහ නොබෙල් සාම ත්‍යාගලාභී නාඩියා මුරාඩ්හට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ලෙස හඳුන්වා ගන්නා සංවිධානය (IS) විසින් 2014දී සිදු කරන ලද යජිඩි සමූල ඝාතනය ඉවසා දරා ගැනීමට සිදුවිය.

ඇයව අයිඑස් සටන්කාමීන් විසින් අල්ලාගෙන වහල්භාවයට බලෙන් රැගෙන ගොස්, දූෂණයට සහ අපයෝජනයට ලක් කරන ලදී. මාස තුනකට පසු ඉන් මිදී මුරාඩ් පැන ගිය අතර, ගැටුම්වලට සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳ අවධානය යොමු කරගැනීමට ඇය මුහුණ දුන් අපහසුතාවයන් නිර්භීතව ලෝකයට නැවත සිහි කළා ය.

අයිඑස් සංවිධානයට වගකීම පැටවීමට ඇය මානව හිමිකම් නීතීඥයෙකු වන අමල් ක්ලූනි සමග එක් වූ අතර, ප්‍රජාවන් නැවත ගොඩනැගීමටත් දිවිගලවාගත් අයට වන්දි ලබා ගැනීම සඳහා පෙනී සිටීමටත් නඩියා මුල පිරුවා ය.

යජිඩි සමූල ඝාතනයෙන් වසර 10කට පසුව ද මුරාඩ් දරාගැනීමේ ගෝලීය සංකේතයක් ලෙස දිගට ම රැඳී සිටියි.

සමානාත්මතාව සහ යුක්තිය උදෙසා සටන් කිරීමට මම "ආධ්‍යාත්මයේ ආයුධ" ලෙස හඳුන්වන සත්‍යය, බලාපොරොත්තුව සහ දයානුකම්පාව වැනි දේවල් අප භාවිත කළ යුතු යි.

නාඩියා මුරාඩ්

ඓනාව් සාන්ගෝකර්

ඓනාව් සාන්ගෝකර් ، ඊශ්‍රායලය

ප්‍රාණ ඇප කරුවන් නිදහස් කිරීමේ ප්‍රචාරක

ප්‍රචාරකයෙකු සහ තනි මවක් වන ඓනාව් සාන්ගෝකර්ගේ 24 හැවිරිදි පුත් මටාන්, ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් මෙහෙයවන ලද ප්‍රහාරවලදී ප්‍රාණ ඇපයට ගන්නා ලදී. ඇගේ පුත්‍රයාගේ සහකාරිය ඉලානා වෙන ම පැහැරගෙන ගොස් ඇති අතර අවසානයේ සිරකරු හුවමාරුවකින් ආපසු පැමිණියා ය.

එතැන් සිට ඇය ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය සම්බන්ධයෙන් නොකඩවා අවධානය යොමු කරවා, ක්‍රියාමාර්ග ගන්නා ලෙස නායකයින්ගෙන් ඉල්ලා සිටිමින් සතියෙන් සතිය එය පෙන්වීමට මහජනතාව රැස් කළා ය.

සාන්ගෝකර් මීට පෙර අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළ අයෙක් වුව ද, ප්‍රාණ ඇපකරුවන් නැවත ගෙන ඒමට මගක් සෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය දැඩි ලෙස විවේචනය කරන්නියක් බවට පත්ව ඇත.

ඉතිරි සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සුරක්ෂිත කිරීම සඳහා ඇය සටන් විරාම ගිවිසුමක් ඉල්ලා සිටියි.

ඈන් චුමාපෝන් (වාඩ්ඩාඕ)

ඈන් චුමාපෝන් (වාඩ්ඩාඕ)، තායිලන්තය

LGBTQ+ අයිතිවාසිකම් ප්‍රචාරක

තායිලන්තය මේ වසරේ විවාහ සමානතා පනත් කෙටුම්පතකට අත්සන් කර, අග්නිදිග ආසියාවේ සමලිංගික එක්වීම් පිළිගත් පළමු රට බවට පත් වීමත් සමග ඈන් 'වාඩ්ඩාඕ' චුමාපෝන්හට ප්‍රීතිවීමට හේතු තිබිණි.

ඇය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ නීති සමාලෝචන කොමසාරිස්වරියක ලෙස කටයුතු කරමින්, පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පත ලබා ගැනීමේ ප්‍රයත්නවලට ඇය පෙරමුණ ගත්තා ය.

දශකයකට වැඩි කාලයක් මානව හිමිකම් සහ LGBTQ+ පවුල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින චුමාපෝන් බැංකොක් ප්‍රයිඩ්හි සම-නිර්මාතෘවරියක සහ දකුණු තායිලන්තයේ ග්‍රාමීය කාන්තා සමලිංගික ක්‍රියාකාරිනියකි.

2020 දී තායිලන්තයේ තරුණ විරෝධතා අතරතුරේ, ඇය ප්‍රජාතන්ත්‍රවාදී ස්ත්‍රීවාදී විමුක්ති පෙරමුණේ නායිකාවක් ලෙස මතු වූ අතර, ඇයගේ ක්‍රියාකාරීත්වය නිසා ඇයට දේශපාලන චෝදනා අටක් එල්ල විය.

ෆව්සියා අල්-ඔටයිබි

ෆව්සියා අල්-ඔටයිබි، සෞදි අරාබිය/එක්සත් රාජධානිය

කාන්තා අයිතිවාසිකම් ප්‍රචාරක

ෆව්සියා අල්-ඔටයිබි විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ හඬ අවදි කරමින් සෞදි අරාබියේ පුරුෂ පාලන ක්‍රමය අවසන් කිරීම සඳහා දීර්ඝකාලීන ප්‍රචාරණයක් සිදු කර තිබේ.

නමුත් බලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා සිදු කළ කැඳවීමෙන් පසු ඇය රටින් පළා යාමට තීරණය කළා ය.

මානව හිමිකම් කණ්ඩායම් වලට අනුව ඇයගේ ඇඳුම් තේරීම් සහ අන්තර්ජාලය ඔස්සේ ඇය ප්‍රකාශ කර තිබූ අදහස් සම්බන්ධ චෝදනාවලට වරදකරු වීමෙන් පසුව, කාන්තා අයිතිවාසිකම් ප්‍රචාරකයෙකු වූ ඇගේ සොයුරිය මනෙල් අල්-ඔටයිබි, මෙම වසර මුලදී අත්අඩංගුවට ගෙන වසර 11 ක සිරදඬුවම් නියම කරන ලදී.

අල්-ඔටයිබි ඇගේ සොයුරියගේ නිදහස සඳහා තදින්ම ප්‍රචාරණ කටයුතු සිදු කළා ය. සමාජජාලා පලකිරීම් නිසා බොහෝ පුද්ගලයින් සිරගත කිරීම සෞදි අරාබියේ මෑතකාලීන විරුද්ධ මත මර්දනය තුළ දැකිය හැකි ය.

හලා අල්කරීබ්

හලා අල්කරීබ්، සුඩානය

යුද්ධයේදී සිදුවන ලිංගික හිංසනයට එරෙහි ක්‍රියාකාරී

Strategic Initiative for Women in the Horn of Africa (SIHA) ප්‍රාදේශීය අධ්‍යක්ෂ ලෙස, ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු වන හලා අල්කරිබ් මෙම පුළුල් කලාපය තුළ පුද්ගල සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවධානය යොමු කරන මුලපිරීම්වලට නායකත්වය දෙයි.

2023 අප්‍රේල් මාසයේදී සුඩානයේ යුද්ධය ආරම්භ වූ දා සිට, SIHA සංවිධානය ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නිරීක්ෂණය කරමින්, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආධාර සපයයි.

මෙම සංවිධානය 2024 ඔක්තෝම්බර් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ගැටලුවේ "විශ්වාසදායක" පරිමාණය ගැන අනතුරු ඇඟවූ, පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකායට (RSF) "කුරිරු අපරාධ" චෝදනා එල්ල කළ අතර, RSF චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදි.

මෙය "අයිස් කුට්ටියේ කෙළවර" ලෙස ව්සිතර කරමින්, වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසනයෙන් දිවි ගලවා ගත් අවම වශයෙන් 400 දෙනෙකුවත් 2024 ජූලි වන විට සහායන් සඳහා යොමු කර ඇති බවයි.

නේජ්ලා ඉෂික්

නේජ්ලා ඉෂික්، තුර්කිය

ගම් ප්‍රධානී සහ වනාන්තර පිළිබඳ ප්‍රචාරක

බටහිර තුර්කියේ අයිකිස්කොයි ප්‍රදේශයේ ප්‍රධානියා ලෙස මෑතකදී තේරී පත් වූ ගෙවිලියක වන නේජ්ලා ඉෂික් පසුගිය වසර පහ තුළ වන විනාශයට එරෙහිව අරගලයකට නායකත්වය දී තිබේ.

ගල් අඟුරු ආකරයක් සඳහා වූ යෝජනා හේතුවෙන් අසල පිහිටි අක්බෙලන් වනාන්තරය තර්ජනයට ලක් වූ විට, ඉෂික් ප්‍රදේශයේ අනෙකුත් කාන්තාවන් කැණීම් ව්‍යාපෘති සඳහා ඉඩම හුස් කරන දැව කැපීම නැවැත්වීමට නඩු සහ විරෝධතා සමඟ සටන් කළහ.

ඔවුන්ගේ පාරිසරික ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස වනාන්තර ආරක්ෂා කිරීමට පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇති වූ නමුත්, අවසරයකින් තොරව වනාන්තරයට ඇතුළුවීම සඳහා දඩ නියම කිරීම ඇතුළුව (දඩය පසුව අවලංගු කරන ලදී), තමන් මුහුණ දෙන අභියෝග සහ තර්ජන නොතකා නොසැලී සිටීමට ඉෂික් සහ අනෙක් ගම්වාසීහු පොරොන්දු වූහ.

නිවසේ, කුඹුරුවල, වීදිවල, අරගලයේ ඉන්න කාන්තාව ... ඔවුන් ලෝකය අලංකාර කරනවා වගේ ම ඔවුන් එය සුරකිනවා.

නේජ්ලා ඉෂික්

හනා රෆිටි මයිපි ක්ලාර්ක්

හනා රෆිටි මයිපි ක්ලාර්ක්، නවසීලන්තය

දේශපාලනඥ

වයස අවුරුදු 22දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ හනා රෆිටි මයිපි ක්ලාර්ක් මෙතෙක් තේරී පත්වූ ළාබාලතම මෞරි කාන්තාව යි.

ඇගේ පළමු කතාව අතරතුරදී, ඇය ප්‍රසිද්ධියට පත්වූ මෞරි උත්සව නැටුමක් වන ස්වදේශීය හකා ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, ස්වදේශීය හඬ නියෝජනය ඉහළ දැමීම පිළිබඳව කතා කළා ය. විවාදාත්මක පනත් කෙටුම්පතක් නැවැත්වීමට සිදු කළ විරෝධතාවයකදී මෑතකදී ඇය තවත් හකා ඉදිරිපත් කිරීමක් පාර්ලිමේන්තුවට ගෙන ආවා ය.

මයිපි ක්ලාර්ක් මෞරි අයිතිවාසිකම්, සංස්කෘතික සංරක්ෂණය සහ පාරිසරික ගැටලු සඳහා දැඩි ලෙස පෙනී සිටියි. වයස අවුරුදු 17 දී ඇය, මවුරි චන්ද්‍ර දින දර්ශනය පිළිබඳව ඇගේ පළමු පොත ප්‍රකාශයට පත් කළා ය.

තරුණ ස්වදේශික හඬ දේශපාලනය තුළ විකාශනය කිරීමට ඇගේ උත්සහය වෙනුවෙන් මෙම වසරේදී ඇයට ගෞරවාන්විත One Young World Politician of the Year සම්මානය හිමි විය.

දේශපාලනය ඇතුළෙ ප්‍රාදේශීය වුණත්, ජාතික වුණත්, ජාත්‍යන්තර වුණත් කාන්තාවන්ට සිද්ධ වෙනවා ඔවුන්ට ආරාදනා නොකළ තැන්වලට යන්න දොරවල් පෙරළා දාන්න.

හනා රෆිටි මයිපි ක්ලාර්ක්

ඩැනියෙල් කැන්ටර්

ඩැනියෙල් කැන්ටර්، ඊශ්‍රායල්/පලස්තීන බල ප්‍රදේශ

සංස්කෘතික ක්‍රියාකාරිනී

වසංගතය අතරතුර ආරම්භ වූ බිම් මට්ටමේ ව්‍යාපෘතියක් වන සහයෝගිතා සංස්කෘතියේ සම-නිර්මාතෘවරියක ලෙස, ඩැනියෙල් කැන්ටර් ඊශ්‍රායලයේ සහ පලස්තීන බල ප්‍රදේශවල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහය වීමට කටයුතු කර තිබේ.

සම-නිර්මාතෘ අල්මා බෙක් සමග එක්ව, ඇය ඊශ්‍රායලයේ සහ පලස්තීන බල ප්‍රදේශවල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ විවාද සහ සංස්කෘතික හා අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා විකල්ප කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති 'සාමූහික නිවස' පවත්වාගෙන යයි.

ඇය මෑතකදී ඊශ්‍රායලයේ සහ පලස්තීන බල ප්‍රදේශයන්හි ප්‍රජාවන්ගේ අනන්‍යතා දේශපාලනයේ සූක්ෂ්මතා පරීක්ෂා කිරීම සඳහා ආහාර සංස්කෘතිය භාවිත කරමින් සිදු කළ කලාත්මක කතා පොතක් වන Spreads ලිවීම සහ එහි අන්තර්ගත ඡායාරූප ගැනීම සිදු කළා ය.

Women Peace Sit-In එකතුවේ අනෙකුත් සාමාජිකයින් සමග, කැන්ටර් මැද පෙරදිග වහා ම සටන් විරාමයක් සහ කල්පවත්නා සාම ගිවිසුමක් ඉල්ලා සිටීම සඳහා පෙළපාලිවලට සහභාගී වී ඇත.

කාන්තාවන් ඔවුන්ගේ සහජ සහකම්පනයට තට්ටු කර බලන විට අපට අයුක්තියේ පද්ධතිය හඳුනාගෙන ඉදිරි ගමන ගැන අත්තෙන් ම සිතා බලන්න පුළුවන්.

ඩැනියෙල් කැන්ටර්

සූසන් කොලින්ස්

සූසන් කොලින්ස්، එක්සත් ජනපදය

සෙනෙට් සභික

දැනට මෙයින් ප්‍රාන්තය නියෝජනය කරමින් සිය පස් වන ධූර කාලයේ සිටින සූසන් කොලින්ස් එක්සත් ජනපද සෙනෙට් සභාවේ දීර්ඝතම කාලයක් සිටින රිපබ්ලිකන් කාන්තාව වේ.

ඇය වැදගත් නීති සම්පාදනය කිරීම සඳහා පක්ෂ සීමාවන් අතරින් යමින් නිරන්තරයෙන් කටයුතු කර තිබේ. ඉදිරි වසර පහ තුළ ආර්තවහරණය පිළිබඳව පර්යේෂණ, ප්‍රතිකාර සහ මහජන දැනුවත් කිරීම සඳහා ඩොලර් මිලියන 275ක් ආයෝජනය කරන ආර්තවහරණය සිදු වූ හා මැදිවයස් කාන්තාවන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ පනත හඳුන්වා දීම සඳහා වගකීම් දරන සෙනෙට් සභිකයින් සය දෙනාගෙන් ඇය එක් අයෙකි.

ඇල්සයිමර් රෝගය වැළක්වීම හා ප්‍රතිකාර කිරීම සඳහා ජාතික සැලැස්මක් සම්බන්ධීකරණය කරන ජාතික ඇල්සයිමර් ව්‍යාපෘති පනතටද කොලින්ස් මූලික වී ඇත. 2035 දක්වා එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම සහතික කිරීමට ඇය කටයුතු කර ඇති අතර, එය ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන් ඇතුළු අඩු පහසුකම් සහිත පුළුල් ජනගහනයක් සැලකිල්ලට ගනු ලබයි.

සීනා මද්‍රස් ගෝජි

සීනා මද්‍රස් ගෝජි، ඉරානය

කාන්තා අයිතිවාසිකම් ප්‍රචාරක

කුර්දි මාධ්‍යවේදිනියක සහ ක්‍රියාකාරිනියක වන සීනා මද්‍රස් ගෝජි, කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහිව සටන් කිරීමට අධ්‍යාපනය, විරෝධතා සහ සහයෝගය භාවිත කරන සිවානෝ කාන්තා සංගමය 2019 දී සමව ආරම්භ කළා ය.

ඉරාන කාන්තාව, ජීවිතය හා නිදහස යන විරෝධතා ව්‍යාපාරය ආරම්භයේ සිට දෙවරක් අත්අඩංගුවට ලක් වූ මද්‍රස් ගෝජි හට මුල් අවස්ථාවේ දී "පාලන තන්ත්‍රයට එරෙහිව ප්‍රචාරක කටයුතු සිදු කිරීම" ඇතුළු චෝදනා මත වසර 21ක සිර දඬුවමකට නියම විය. ඇය දැනට වසර දෙකක් සහ මාස හතරකට අඩු කරන ලද සිර දඬුවමක් විඳිමින් සිටින්නීය.

කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ නීති ආමන්ත්‍රණය කරන ඉරානයේ නීති සම්පාදන ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය රැස්කිරීමේ මිලියනයක අත්සන් ව්‍යාපාරයේ මද්‍රස් ගෝජි සාමාජිකාවකි.

කුර්දි කාන්තා ඡායාරූප සමූහයක්, කාන්තා පොඩ්කාස්ට් වැඩසටහනක් සහ කුර්දි කාන්තාවන් සවිබල නංවන විශේෂාංග සහිත ළමා පොතක් සඳහා ඇය සහාය ලබා දී ඇත.

ලිලියා චනිෂිවා

ලිලියා චනිෂිවා، රුසියාව

දේශපාලන ක්‍රියාකාරිනී සහ හිටපු සිරකාරිනී

විශාල ජාත්‍යන්තර සිරකරුවන් හුවමාරුවක කොටසක් ලෙස මෙම වසරේ අගෝස්තු මාසයේදී සිරකරුවන් 26 දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස නිදහස් වූ දේශපාලන ක්‍රියාකාරිනියක වන ලිලියා චනිෂිවා නිදහස ලබා ගැනීමෙන් පසු රුසියාව හැර ගියා ය.

චනිෂෙවා රුසියාවේ බෂ්කෝර්ටෝස්තාන් ප්‍රදේශයේ පිහිටි මියගිය විපක්ෂ දේශපාලනඥයෙකු වූ ඇලෙක්සි නවාල්නිගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා ය. දූෂණ විමර්ශනය කිරීම සහ සාධාරණ මැතිවරණ සහ කතා කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම ඇයගේ කාර්යයන් තුළට ඇතුළත් විය.

සාර්ථක මූල්‍යකරුවෙකු වන ඇය නවාල්නි වෙනුවෙන් වැඩ කිරීමට පෙර මොස්කව්හි ජාත්‍යන්තර සමාගම් සඳහා බදු උපදේශනය සිදු කළා ය.

2021 දී ඇය අන්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර නවයහමාරක සිර දඬුවමකට යටත් කෙරිණි. ඇය නිදහස් වීමට පෙර වසර දෙකක් සහ මාස නවයක් සිරගතව සිටියා ය.

හ්වාන්ග් ජියා

හ්වාන්ග් ජියා، තායිවානය

දේශපාලනඥ

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නායිකාවක ලෙස ප්‍රසිද්ධ හ්වාන්ග් ජියා, තායිවානයේ පළමු විවෘත LGBTQ+ තීතිසම්පාදකයා ලෙස මේ වසරේ ජනවාරි මාසයේ මන්ත්‍රී අසුනක් දිනා ගනිමින් ඉතිහාසගත වූවා ය.

ඇගේ දේශපාලන වෘත්තීය තුළ, තනි කාන්තාවන්ට සහ සමලිංගික කාන්තාවන්ට සාඵල්‍යතා ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීම සහ අඩු ආදායම් ලාභී හා ආබාධ සහිත කාන්තාවන් සඳහා ඔසප් නිෂ්පාදන සහනාධාරයක් රජයෙන් ලබා ගැනීම ඇතුළු විශාල ප්‍රතිසංස්කරණයන්ට ඇය බල කර තිබේ.

2023දී ප්‍රසිද්ධියට පිටතට පැමිණීමෙන් පසුව ඇය මුහුණ දුන් අතවර ගැන ඇය විවෘතව අදහස් ප්‍රකාශ කර තිබේ. ඩීප්ෆේක් අසභ්‍ය දර්ශනවල වින්දිතයෙකු ලෙස, ඩිජිටල් ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට පවතින නීති ශක්තිමත් කිරීම සඳහා ඇය පෙනී සිටියි.

ඇත්ත ම දරා ගැනීම පවතින්නේ විවිධත්වය වැළඳගැනීමෙන්. විශේෂයෙන් දුර්වල යි කියලා සලකපු කාන්තාවන් සහ LGBTQ+ හඬවල් අපි වැඩියෙන් ඇතුළත් කරන තරමට අපි වැඩිපුර ශක්තිමත් වෙනවා.

හ්වාන්ග් ජියා

ගර්ලින් එම්. ජෝසෆ්

ගර්ලින් එම්. ජෝසෆ්، හයිටි

සංක්‍රමණික අයිතීන් පිළිබඳ ප්‍රචාරක

එක්සත් ජනපදයේ දේශපාලනය සහ ජාතියේ අන්තර්ඡේදනයේ සිට වැඩ කරමින් ගර්ලින් එම්. ජෝසෆ් සංක්‍රමනික අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රචාරණය කරයි.

අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරන, කාන්තා නායකත්වයෙන් යුත් හයිටි බ්‍රිජ් සන්ධානයේ නිර්මාතෘ ඇයයි.

ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහියෝ හි ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි පැවති කතාවක දී ඔහු හයිටි සංක්‍රමණිකයන් “සුරතල් සතුන් අනුභව කිරීම” ගැන කරන ලද පදනම් විරහිත ප්‍රකාශයන් මත, ඇයගේ මගපෙන්වීම යටතේ, සන්ධානය මේ වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළේ ය.

සිදුකෙරෙමින් පවතින හයිටි ජාතිකයන් පිටුවහල් කිරීම සම්බන්දයෙන් ඇය දිගුකාලයක් තිස්සේ සෘජුව විවේචනය කරයි. තම මව් දූපතේ කල්ලි ප්‍රචණ්ඩත්වයෙන් පලා යමින් එක්සත් ජනපදයට පැමිණි සරණාගතයින්ව නැවත යැවීම නවත්වන ලෙස ඇගේ සංවිධානය මෑතකදී බයිඩන් පාලනයෙන් ඉල්ලා සිටියේ ය.

කාෂා ජැක්ලීන් නබගිසීරා

කාෂා ජැක්ලීන් නබගිසීරා، උගන්ඩා

විවිධත්වය සහ ඇතුළත් කිරීම පිළිබඳ ප්‍රචාරක

උගන්ඩාවේ සමලිංගික ක්‍රියා නීතිවිරෝධී වන අතර සිර දඬුවම් ලැබිය හැකි ය. LGBTQ+ නීතීඥ කාශා නබගිසීරා මෙම මර්දනකාරී නීති වෙනස් කිරීමට සටන් කරයි.

විවෘත සමලිංගික කාන්තාවක් ලෙස, ඇය අප්‍රිකාව පුරා LGBTQ+ [භාවය] කැළලක් ලෙස සැලකීමට එරෙහිව ප්‍රබල බලපෑමක් සිදු කර තිබේ.

විරෝධී විශේෂණ යෙදීම හේතුවෙන් නබගිසීරා සාර්ථක ලෙස පුවත්පතකට සහ උගන්ඩා රජයට නඩු පවරා ඇති අතර, උගන්ඩා අදිකරණයේ සමලිංගික විරෝධී නීතිවලට එරෙහිව දෙවරක් අභියෝග කර තිබෙනවා මෙන් ම දැන් 2023 පන්තකට එරෙහිව අභියෝග කරමින් සිටියි.

ඇයගේ අධ්‍යයන චාරිකාවට උගන්ඩාවේ නුකුම්බා විශ්වවිද්‍යාලයේ ව්‍යාපරික උපාධියක්, ස්ටැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය පාර්ලිමේන්තුව සහ අප්‍රිකානු කොමිසම වැනි ඉහළ මට්ටමේ සංසදවල විවිධත්ව මුලපිරීම් සඳහා දායකත්වන් ඇතුළත් ය.

ජිසෙල් පෙලිකොට්

ජිසෙල් පෙලිකොට්، ප්‍රංශය

ස්ත්‍රී දූෂණයකින් දිවි බේරාගත් සහ ප්‍රචාරක

ඇයගේ නිර්නාමිකභාවය සඳහා ඇති අයිතිය අතහැර, ඇගේ කතාව ලෝකයට ළඟා වීමට ඉඩ දීමෙන් ජිසෙල් පෙලිකොට් ධෛර්යයේ සහ ඔරොත්තු දීමේ සංකේතයක් බවට පත් වී ඇත.

විවාහ වී සිටිය දී ඇයට මත්ද්‍රව්‍ය ලබා දී දූෂණය කළ බවට සහ ඇයව දූෂණය කිරීමට තවත් මිනිසුන් දුසිම් ගණනක් ගෙන්වා ගැනීම සිදු කල බව ඇගේ හිටපු සැමියා විසින් පිළිගෙන තිබේ. මෙලෙස සිදු වූ බව කියන ස්ත්‍රී දූෂණ බොහෝමයක් වීඩියෝගත කර තිබේ.

නීතියට අනුව පෙලිකොට් හට සිය අනන්‍යතා සැඟවීමට අයිතියක් ඇති නමුත් ලැජ්ජාව" නැවත චූදිතයා වෙත ලබාදීමේ උත්සහයක් ලෙසට, ඇය ඒ වෙනුවට නඩු විභාගය විවෘත කර වීඩියෝ පෙන්වීමට ඉල්ලා සිටියා ය. මෙම නඩුවට සම්බන්ධ තවත් 50 දෙනාගෙන් සමහරක් ස්ත්‍රී දූෂණය පිළිගෙන ඇතත්, හුතරයක් පවසන්නේ ඔවුන් ලිංගික ක්‍රියාවන්ට පමණක් සහභාගී වූ බවයි.

නඩු විභාගය අවසන් අදියරට ළඟා වන අතරතුරේ දී, ඇයගේ නඩුව ප්‍රංශ නීතිය සහ ස්ත්‍රී දූෂණය සහ කැමැත්ත පිළිබඳ ආකල්ප වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කරන ප්‍රංශ මිත්තණියගෙන් ලොව පුරා සිටින කාන්තාවන් ආභාසය ලබා තිබේ.

ලෝඩර් බරේතෝ

ලෝඩර් බරේතෝ، බ්‍රසීලය

ලිංගික ශ්‍රමික අයිතිවාසිකම් ප්‍රචාරක

බොහෝ ප්‍රචාරණ ව්‍යාපාර පිටුපස සිටින ප්‍රමුඛ බලවේගය ලෙස ලෝඩර් බරේතෝ බ්‍රසීලයේ ලිංගික ශ්‍රමිකයින් සඳහා වඩා හොඳ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සිය ජීවිතය ගත කළා ය.

ඇමේසන් කලාපයේ බෙලෙම් දු පරා හි ඇයගේ ක්‍රියාකාරීත්වය ආරම්භ කර, පසුව ලතින් ඇමරිකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ ප්‍රථම සංවිධානාත්මක ව්‍යාපාරයන්ගෙන් එකක් වන බ්‍රසීලියානු කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගේ ජාලය ඇය 1980 දශකයේ දී සම-ආරම්භ කළා ය.

දැන් වයස 80 ගණන්වල සිටින බරේතෝ අගතියට එරෙහිව දශක ගනනක් තිස්සේ අභියෝග කරයි.

HIV වැළැක්වීමේ ප්‍රතිපත්ති රට තුළ ස්ථාපිත කිරීමට ඇය මූලික වූ අතර, රන් කැණීම් කරන ප්‍රජාවන් අතර HIV පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රචාරක කටයුතු සිදු කරන ලදී. 2023 දී ඇය සිය ස්වයං චරිතාපදානය ප්‍රකාශයට පත් කළා ය.

අපේ කතාවලට වටිනාකමක් ලැබෙනවා මිස ඒවා නිහඬ නොවේවා. සිහින දැකීමට, සාක්ෂාත් කර ගැනීමට, සිතීමට, සමාජය පරිවර්තනය කිරීමට විශාල ශක්තියක් තියෙන අපි තමයි ලොකේයේ කාන්තාවන්.

ලෝඩර් බරේතෝ

මහරන්ග් බාලොච්

මහරන්ග් බාලොච්، පාකිස්ථානය

වෛද්‍ය සහ දේශපාලන ක්‍රියාකාරී

බලුකිස්තාන් පළාතේ සිදුවූ බව කියන බලහත්කාර අතුරුදහන් කිරීම්වලට විරෝධය පළ කරමින් පකිස්තානය පුරා පෙළපාලිවලට සහභාගී වන සිය ගණනක් කාන්තාවන් අතර මහරන්ග් බාලොච් ද වේ.

යුක්තිය සඳහා ඇයගේ කැඳවීම පැමිණෙන්නේ 2009 දී, ආරක්ෂක සේවා නිලධාරීන් විසින් ඇගේ පියා රැගෙන ගොස් වසර දෙකකට පසුව, වධහිංසා පැමිණවීමේ සලකුණු සහිතව මියගොස් සිටියදී ය.

ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට, ඉස්ලාමාබාද් අගනුවරට සැතපුම් 1,000 (කිලෝමීටර් 1,600) පාගමනක් සඳහා කාන්තාවන් සිය ගණනක් 2023 අගභාගයේ දී බාලොච් මෙහෙයවූවා ය. එම ගමනේදී ඇය දෙවතාවක් අත්අඩංගුවට පත් විය.

දිගුකාලීන ජාතිකවාදී කැරැල්ලක කැරලි මර්දන මෙහෙයුමක් මධ්‍යයේ පකිස්තාන ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ ආදරණීයයන් රැගෙන ගොස් මරා දමා ඇති බව බලුකිස්තාන් පළාතේ විරෝධතාකරුවෝ පවසති. ඉස්ලාමාබාද් හි බලධාරීහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති.

ඇගේම මානව හිමිකම් කණ්ඩායම වන බාලෝච් යුක්ජේටි (එකතුව) කමිටුවේ NYC ධජය යටතේ, වෛද්‍යවරිය එතැන් සිට ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු බවට පත්ව තිබේ. මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඇයගේ සේවය TIME 100 NEXT 2024 නැගී එන නායකයින්ගේ ලැයිස්තුවේ පිළිගැනිණි

කෙමී බේඩ්නොක්

කෙමී බේඩ්නොක්، එක්සත් රාජධානිය

කොන්සර්වේටිව් පක්ෂයේ නායිකා

නොවැම්බර් මාසයේදී කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරී පත් වූ කෙමී බේඩ්නොක්, එක්සත් රාජධානියේ ප්‍රධාන දේශපාලන පක්ෂයකට නායකත්වය දුන් පළමු කළු ජාතික කාන්තාව වේ.

ඇය දැනට වයඹ එසෙක්ස්හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන අතර, මීට පෙර කාන්තා හා සමානාත්මතා කටයුතු පිළිබඳ ලේකම් සහ අමාත්‍යවරිය ලෙසද කටයුතු කළා ය.

බේඩ්නොක් නයිජීරියානු දෙමව්පියන්ට දාව ලන්ඩනයේ උපත ලැබූව ද, නයිජීරියාවේ ලාගෝස්හි සහ එක්සත් ජනපදයේ හැදී වැඩුණා ය. නයිජීරියාවේ නරක අතට හැරුණු දේශපාලන හා ආර්ථික තත්ත්වය හේතුවෙන් ඇය වයස අවුරුදු 16දී එක්සත් රාජධානියට ආපසු පැමිණ පරිගණක ඉන්ජිනේරුසහ නීතිය පිළිබඳ උපාධි ලබා ගත්තා ය.

ඇයගේ දේශපාලන වෘත්තියට පෙර ඇය Coutts පෞද්ගලික බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ The Spectator සඟරාවේ ඩිජිටල් අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කළා ය.

කැතරින් මාර්ටිනස්

කැතරින් මාර්ටිනස්، වෙනිසියුලාව

මානව හිමිකම් පිළිබඳ නීතීඥ

වෙනිසියුලාවේ කරාකාස් හි ජෝසෙ මැනුවල් ඩි ලොස් රීයෝස් ළමා රෝහලේ බොහෝ වයසින් අඩු රෝගීන් පැමිණෙන්නේ අඩු ආදායම්ලාභී සහ තනි මාපිය පවුල්වලින් ය.

කැතරින් මාර්ටිනස් විසින් ආරම්භ කරන ලද රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රෙපාරා ෆැමිලියා, ඔවුන්ට අත්‍යවශ්‍ය ඇඳුම් පැළඳුම්, වෛද්‍ය සැපයුම් සහ ආහාර මෙන් ම මනෝවිද්‍යාත්මක සහය ද ලබා දෙයි.

මාර්ටිනස් විසින් වින්දිතයින්ට වන්දි ලබා ගැනීමට ඉඩ සැලසීම සඳහා, රෝහල් පසුබිමක ළමා හා කාන්තා රැකබලා ගන්නන් හට එරෙහි මානව හිමිකම් උල්ලංඝනයන් ලෙස ඇය සහ ඇගේ කණ්ඩායම දකින දේ පිළිබඳ මානව හිමිකම් නීතීඥවරියක් ලෙස වාර්තා තැබීම සිදු කරයි.

මන්දපෝෂණයේ ඉහළ අනුපාතවලට මුහුණ දෙන වෙනිසියුලාවේ, ප්‍රෙපාරා ෆැමිලියා දරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට පෝෂණ අතිරේක සහ විටමින් නොමිලේ ලබා දීම සඳහා මධ්‍යස්ථානයක් ද විවෘත කළේ ය.

ලටීෂා මැක්කෲඩන්

ලටීෂා මැක්කෲඩන්، අයර්ලන්තය

අයර්ලන්ත සංචාරක සංවිධානයේ ක්‍රියාකාරිනී

තවමත් වයස අවුරුදු 20ක් වූවත්, ලටීෂා මැක්කෲඩන් අයර්ලන්ත සංචාරක ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නියක් ලෙස තහවුරු වී තිබේ.

සාමාජිකාවක ලෙස ඇයට අවශ්‍ය වන්නේ, අයර්ලන්තයේ වාර්ගික සුළුතරයන් වටා ඇති තහංචිවලට එරෙහිව සටන් කිරීමට සහ කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ගෘහස්ථ අපයෝජනයෙන් දිවි ගලවා ගත් අයෙකු ලෙස ඇගේ හඬ භාවිත කිරීමට ය.

ගැල්වේ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යාවක වන මැක්‍කෲඩන්, අයර්ලන්ත සංචාරක එකතුවේ ජාතික තරුණ සංසදයේ, අයර්ලන්තයේ ජාතික කාන්තා කවුන්සිලයේ සහ සංචාරක සහායක කණ්ඩායම වන මින්සීර්ස් වයිඩන්හි සමාජිකාවක ලෙස කටයුතු කරයි.

2029දී මීළඟ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී අයර්ලන්තයේ අනාගතය වෙනුවෙන් වෙනසක් කිරීමට ඇය බලාපොරොත්තු වේ.

ෆං යුවාන්

ෆං යුවාන්، චීනය

කාන්තා අයිතිවාසිකම් උපදේශක

චීනයේ කාන්තා අයිතිවාසිකම් සඳහා දිගුකාලයක් තිස්සේ පෙනී සිටින ෆං යුවාන් Equality Beijingහි ආරම්භක අධ්‍යක්ෂවරයා වේ. 2014දී පිහිටුවන ලද මෙම සංවිධානය, උපකාරක සේවාවක් හරහා නීතිමය ප්‍රතිසංස්කරණ, ශක්‍යතාව ගොඩනැගීම සහ පුද්ගල සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා කැපවී සිටියි.

ආසන්න වසර කිහිපය තුළ ඇය චීනයේ MTooහි දිවි ගලවා ගත් පුද්ගලයන්ට සහය දක්වමින් සේවා ස්ථානයේ ලිංගික හිරිහැරවලින් වැළකීම සඳහා සේවායෝජකයන්ට පුහුණුව ලබා දෙයි.

ෆං 1986 සිට 2006 දක්වා කාන්තා ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා ය.

1990 දශකයේ මැද භාගයේ සිට ඇය කාන්තාවන්, මාධ්‍ය, HIV/AIDS, නායකත්වය සහ තරුණ සවිබල ගැන්වීම වටා විවිධ රාජ්‍ය නොවන මුල පිරීම් පිහිටුවීමට සහය ලබා දුන්නා ය. ඇය චීනයේ සහ ඉන් පිටත ප්‍රකාශන ලියා සංස්කරණය කර තිබේ.

අරුණා රෝයි

අරුණා රෝයි، ඉන්දියාව

සමාජ ක්‍රියාකාරී

ඉන්දියාවේ දුප්පත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරන අරුණා රෝයි ග්‍රාමීය ප්‍රජාවන් සමග වඩාත් සෘජුව සම්බන්ධ වීමට සිවිල් සේවයේ රැකියාවක් අතහැරියා ය.

විනිවිදභාවය සහ සාධාරණ වැටුප් කෙරෙහි අවධානය යොමු කරන සහ රජයේ වගවීම ඉල්ලා සිටීමට පුරවැසියන්ට හැකිවන පරිදි 2005 දී වැදගත් නීතියක් බලාත්මක කිරීමට මූලික වූ බිම් මට්ටමේ සංවිධානයක් වන Mazdoor Kisan Shakti Sangathan (MKSS) හි ඇය සම-නිර්මාතෘවරියකි.

දශක හතරක් පුරා, රෝයි මිනිසුන් විසින් මෙහෙයවන ලද මුලපිරීම් වල ඉදිරියෙන්ම සිට, 'ආසියාවේ නොබෙල් ත්‍යාගය’ යනුවෙන් බොහෝ අවස්ථාවල දී හඳුන්වන රමෝන් මැග්සෙසේයි සම්මානය ඇතුළු සමාන රැසකට හිමිකම් කීවා ය.

ඇය ඉන්දියානු කාන්තා ජාතික සම්මේලනයේ සභාපති වන අතර මේ වසරේ ඇය පුද්ගලික මතක සටහන් The Personal is Political ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

විශිෂ්ට නිර්මාණයන්වලට උමතු වෙලා අපි බොහෝ වෙලාවට අනෙක් පැත්තේ තියෙන සිහිනය හඳුනාගන්න අසමත් වෙනවා.

අරුණා රෝයි

රූත් ලෝපෙස්

රූත් ලෝපෙස්، එල් සැල්වදෝරය

නීතීඥ

නීතිය සහ යුක්තිය කෙරෙහි දැඩි ආශාවක් දක්වන රූත් ලෝපෙස්, මධ්‍යම ඇමෙරිකාව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන සංවිධානයක් වන Cristosalහි ප්‍රධාන නීති නිලධාරිනියකි.

එල් සැල්වදෝරයේ දූෂණ විරෝධීත්වය, මැතිවරණ නීතිය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙරෙහි ඇය අවධානය යොමු කර තිබේ.

රටේ ආණ්ඩුව සහ ආයතන දැඩි ලෙස විවේචනය කරන්නියක වශයෙන්, පුරවැසියන් විසින් ම අධීක්ෂණය කරනු ලබන දේශපාලන විනිවිදභාවය සහ මහජන වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරණය කරයි.

අපරාධ මැඩලීමෙන් පසු ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යන බව දුටු බුකෙලේ, ඔහු ව විස්තර කර ඇත්තේ "ලෝකයේ වඩාත් නිවුණු ඒකාධිපතියා" ලෙසයි.

ඇනී සිනන්ඩුකු වංගී

ඇනී සිනන්ඩුකු වංගී، ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය

පතල් කම්කරු

පතල් වළවල්වල සිටින කම්කරුවන්ගෙන් අඩක් කාන්තාවන් වන කොංගෝ පතල් ව්‍යාපාරායේ කාන්තාවක් වශයෙන් ඇනී සිනන්ඩුකු වංගී, කර්මාන්තය තුළ ඇති අසමානතාව සහ ලිංගික හිරිහැරවලට එරෙහිව සටන් කිරීම සඳහා බිම් මට්ටමේ ව්‍යාපාරයක් මෙහෙයවයි.

Renafem ජාතික කාන්තා පතල්කාරිනියන්ගේ ජාලයේ නායිකාවක වන ඇය, පිරිමි පතල් කරුවන්ගේ ලිංගික සූරාකෑම වැළැක්වීමේ ආකාරය ලෙස පතල් කැණීම් ස්ථාන භාරව කාන්තාවන් පත් කරන "තනි ප්‍රධානියා" හෝ මව් ප්‍රධානියා ලෙස ඇයව හඳුන්වා ගනියි.

විදුලි කාර් වැනි පිරිසිදු බලශක්ති නිෂ්පාදන සඳහා අවශ්‍ය කොබෝල්ට් සහ අනෙකුත් ඛනිජ සඳහා ගෝලීය ඉල්ලුම වැඩි වන විට, කාන්තාවන්ගේ ජීවනෝපාය සඳහා ආයෝජනය කිරීමෙන්, ක්ෂේත්‍රය තුළ ළමා ශ්‍රමය අවම කිරීමට ද ඇය බලාපොරොත්තු වේ.

රෝස්මරී විඩ්ලර්-වෝල්ටි

රෝස්මරී විඩ්ලර්-වෝල්ටි، ස්විට්සර්ලන්තය

ගුරු සහ දේශගුණික ප්‍රචාරක

KlimaSeniorinnen හෙවත් දේශගුණික ආරක්ෂාව සඳහා ජ්‍යෙෂ්ඨ කාන්තාවන් සංවිධානයේ සම-සභාපතිවරියක ලෙස රෝස්මරී විඩ්ලර්-වෝල්ටි, මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ පළමු දේශගුණික නඩුව ජයග්‍රහණය කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයට එරෙහිව වසර නවයක සටනක් මෙහෙයවූවා ය.

බාලාංශ ගුරුවරියක සහ උපදේශකවරියක වන විඩ්ලර්-වෝල්ටි තවත් කාන්තාවන් 2,000ක් සමග තර්ක කළේ, ගෝලීය උණුසුම සමග සම්බන්ධ වූ තාප තරංගවලට ස්විට්සර්ලන්ත රජය දක්වන ප්‍රතිචාරය, ඔවුන්ගේ සෞඛ්‍ය අයිතියට අගතියක් වන අතර ඔවුන්ගේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය ඔවුන් විශේෂයෙන් අවදානමට ලක් කළ බව යි.

විමෝචන අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට රට දරන උත්සහයන් ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් මාසයේදී අධිකරණය තීන්දු කළේ ය.

පසුව ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුව විසින් එම තීන්දුව ප්‍රතික්ෂේප කරනු ලැබූව ද, මෙම නඩුව දේශගුණික නඩු සඳහා නව පූර්වාදර්ශයක් ලබා දුන්නේ ය.

ඇමැන්ඩා සුරාව්ස්කි

ඇමැන්ඩා සුරාව්ස්කි، එක්සත් ජනපදය

ප්‍රජනන අයිතිවාසිකම් ප්‍රචාරක

2022 අගෝස්තු මාසයේදී, ඇමැන්ඩා සුරාව්ස්කි ඇගේ කළලවාරික කෝෂය සුදුසු කාලයට පෙර කැඩී ඇති බව දැන ගත්තා ය. කළලය ජීවත් නොවනු ඇතැයි වෛද්‍යවරු ඇයට පැවසූහ.

සුරාව්ස්කි ජීවත්වන ටෙක්සාස්හි ගබ්සා සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. මාස දෙකකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය 'රෝ එදිරිව වේඩ්' අවලංගු කිරීමෙන් පසුව, රෝගියාගේ ජීවිතයට අවදානමක් ඇති අවස්ථා හැරුණු විට රජය විසින් එම ක්‍රියා පටිපාටිය තහනම් කරනු ලැබ තිබිණි. දින තුනකට පසු, ඇය පූතික කම්පනයට ලක් වූ අතර, ඇගේ ජීවිතය අනතුරේ තිබියදී අවසානයේ ඇයට ගබ්සාවක් සිදු කරන ලදී.

රෝ එදිරිව වේඩ්' ආපසු හැරවීමෙන් පසුව කාන්තාවන් සිදු කළ ගබ්සාකිරීම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පළමු නඩුව ලෙස 2023 මාර්තු මාසයේදී සුරාව්ස්කි හා සමාන කතා සහිත තවත් කාන්තාවන් 19 දෙනෙකුක් රජයට එරෙහිව නඩුවක් ගොනු කළහ. ටෙක්සාස් ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාව තහනම් කිරීමේ එම අභියෝගය ප්‍රතික්ෂේප කරන ලදී.

"රට තුළ ප්‍රජනන අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ආරක්ෂා කිරීම" සඳහා වන සටන දිගටම කරගෙන යන බවට ඇය දැන් සපථ කරයි.

යුමී සුසුකි

යුමී සුසුකි، ජපානය

බලහත්කාරී වන්ධ්‍යාකරණ නඩුවේ පැමිණිලිකාරිණිය

මස්තිෂ්ක අංශභාගය සහිතව ඉපදුණු යූමි සුසුකි කුඩා කාලයේ පටන් ම වෙනස්කොට සැලකීම්වලට ලක් වූවා ය. ඇයට යන්තමින් වයස අවුරුදු 12 වන විට ඇයගේ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් කෙරිණි.

1950 දශකයේ සිට 1990 දශකය දක්වා, 1996දී පමණක් අවලංගු වූ සුජනක නීතියක් නිසා සුසුකි වැනි ආබාධ සහිත පුද්ගලයන් ව ජපානයේදී බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී.

සුසුකි සහ තවත් පැමිණිලිකරුවන් 38ක් රජයට එරෙහිව නඩු පැවැරූ අතර වසර ගණනාවකට පසු උසාවියේදී, ඇය ඇගේ නඩුව ජයග්‍රහණය කළා ය. ජූලි මාසයේදී, ජපන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරනු ලැබූ අතර වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස රජයට නියෝග කරනු ලැබුවේ ය.

අවසරයකින් තොරව වන්ධ්‍යාකරණයන් 16,500ක් සිදු කර ඇති බව බලධාරීන් පිළිගෙන ඇත.

විද්‍යාව, සෞඛ්‍ය හා තාක්ෂණය

සිරීන් අබේඩ්

සිරීන් අබේඩ්، පලස්තීන බල ප්‍රදේශ

ළමා රෝග විශේෂඥ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ සම්පත් හිඟකම, සිරීන් අබේඩ් ගාසා තීරයේ අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීම නතර කිරීමට සමත් වූයේ නැත.

2023දී ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඇයගේ මහල් නිවාසයට බෝම්බ හෙලීම හේතුවෙන් ඇය අවතැන් වූ නමුත්, නවජ විශේෂඥ වෛද්‍යවරිය ආසන්නයේ තිබූ අනාථ කඳවුරුවල ළදරුවන් රැකබලා ගැනීම දිගටම සිදු කළා ය.

ගාසාහි ප්‍රධාන රෝහල්වල නවජ ඒකකවල වසර ගණනාවක පළපුරුද්ද උකහාගෙන, අල්-ෂිෆා වෛද්‍ය සංකීර්ණයේ මාතෘ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස මෑතක දී වෛද්‍යවරුන්ට සීමිත සම්පත් සහිතව ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමට හැකිවන පරිදි හදිසි ප්‍රොටෝකෝල ස්ථාපනය කළ අතර අනෙකුත් වෛද්‍යවරුන් ද පුහුණු කර තිබේ.

මෙම වසර මුලදී ඇගේ දියණියන් දෙදෙනා සමග ඇයට ගාසාවෙන් පිටවීමට තත්ත්වයන් විසින් බලකෙරුණ ද, අබේඩ් දූරස්ථ ලෙස ගාසාහි වෛද්‍යවරුන්ට සහය වීම දිගට ම සිදු කරන්නී ය.

එනාස් අල්-ගුල්

එනාස් අල්-ගුල්، පලස්තීන බල ප්‍රදේශ

කෘෂිකර්ම ඉන්ජිනේරු

යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ ජලය හිඟ වූ විට,එයට විසඳුමක් සෙවිය යුතු බව එනාස් අල්-ගුල්ට හැඟී ගියේ ය.

කෘෂිකාර්මික ඉන්ජිනේරුවරියක වන ඇය මුහුදු ජලය පානය කිරීමට සුදුසු ජලය බවට පත් කළ හැකි, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ලවණ ඉවත් කිරීමේ උපකරණයක් නිර්මාණය කිරීම සඳහා ලී, වීදුරු සහ ඉටි රෙදි වැනි ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිත කළා ය.

2023 ඔක්තෝබර් මාසයේ සිට සිදු වූ ඊශ්‍රායල හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය සහ සනීපාරක්ෂක පහසුකම්වලට හානි වී හෝ විනාශ වී ඇති නිසා, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ කූඩාරම්වල ජීවත්වන බොහෝ දෙනෙකුට එතැන් පටන් ම මෙම උපාංගය දිවියොතක් වී ඇත.

අවතැන් වූ පලස්තීනුවන්ට උපකාර කිරීම සඳහා ඇගේ කුසලතා භාවිතා කිරීමට අධිෂ්ඨාන සිදු කර සිටින අල්-ගුල්, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උඳුනක් ද නිර්මාණය කර ඇති අතර මෙට්ට සහ බෑග් වැනි දේවල් නිර්මාණය කිරීම සඳහා ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඉගෙන ගෙන ඇත.

සාෆා අලි

සාෆා අලි، සුඩානය

ප්‍රසව වෛද්‍ය

පසුගිය වසරේ සුඩානයේ ඇගේ රෝහල ආසන්නයේ දරුණු ගැටුම් ඇති වූ අවස්ථාවේදී, එක දිගට ෂෙල් වෙඩි එල්ල වෙමින් පැවතිය ද සිය සගයන් සමග පිටව යාම වෛද්‍ය සාෆා අලි ප්‍රතික්ෂේප කළා ය.

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥවරියක වන ඇය, හමුදාව සහ පැරාමිලිටරි බලකායන් අතර ප්‍රචණ්ඩ ගැටුම් මධ්‍යයේ ස්වේච්ඡා සේවකයන් සහ ගර්භණී කාන්තාවන් ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර ගැනීමට සහය ලබා දුන්නා ය.

දැන් අල්-සෞදි මාතෘ රෝහලේ, ප්‍රසව විශේෂඥවරිය සිසේරියන් සැත්කම් සිදු කරන අතර, පවතින ගැටුම් හේතුවෙන් එල්ල වන අභියෝග යටතේ කාන්තා සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීම සිදු කරයි.

වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය අවම කිරීමට සහය වීමට ඇය ප්‍රසව වෛද්‍ය විද්‍යාව පිළිබඳ අලුතින් උපාධි ලැබූ කාන්තා වෛද්‍යවරියන් 20 දෙනෙකු පමණ අඛණ්ඩ ව පුහුණු කරමින් සිටියි.

කාන්තාවන්ගේ දරා ගැනීම තුළින් අපට තවදුරටත් බියෙන් ජීවත් වීමට අවශ්‍ය වෙන්නේ නැති, සුවය ලබන්න පුළුවන්, යුක්තිය සහ අනාගතය පිළිබඳ පොරොන්දුවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අඳුරුතම අවස්ථාවන්ගේ පවා මට එක දිගට බලාපොරොත්තුවක් සහිතව පවතින්න කියලා මතක් කරන්නේ ඔවුන්ගේ ශක්තිය යි.

සාෆා අලි

ශිල්ශිලා ආචාර්යා

ශිල්ශිලා ආචාර්යා، නේපාලය

තිරසාර ව්‍යවසායක

ශිල්ශිලා ආචාර්යා නේපාලයේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ජාලයක් පවත්වාගෙන යයි. ඇයගේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපාරය වන Avni Ventures ආන්තික ප්‍රජාවන් කාර්ය මණ්ඩල සේවයේ යොදවා ඇති අතර, හරිත අංශයට වැඩිපුර කාන්තාවන් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.

2014 ප්ලාස්ටික් ෂොපින් බෑග් තහනම් කිරීමට තුඩු දුන් ‘ස්තූතියි, මම මගේ බෑග් එක අරගෙන යනවා’ ව්‍යාපාරයේ ප්‍රමුඛ භූමිකාවක් ආචාර්යා ඉටු කළා ය.

දේශගුණය සහ අපද්‍රව්‍ය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන ඇය, 2019 සිට ටොන් 119 ක් එකතු කරමින් කඳු නගින්නන් විසින් ඉතිරි කරන ලද කසළ ඉවත් කිරීම සඳහා හිමාලයේ විශාල වාර්ෂික පිරිසිදු කිරීමක් පිටුපස සිටින්නීය.

ඇයගේ වැඩ කටයුතු හරහා එකතුවන මෙම අපද්‍රව්‍යවලින් සමහරක් ස්වදේශීක කාන්තා ශිල්පිනියන් විසින් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා කූඩ, පැදුරු සහ ස්වර්ණාභරණ නිර්මාණය කිරීමට නැවත භාවිතා කරයි.

නූර් ඉමාම්

නූර් ඉමාම්، ඊජිප්තුව

කාන්තාවන්ට අවශ්‍ය තාක්ෂණයන් පිළිබඳ ව්‍යවසායිකා

බොහෝ විට මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ කාන්තාවන් සඳහා තහනම් විෂයයන් ලෙස සැලකෙන ඔසප් සනීපාරක්ෂාව, ප්‍රජනක සෞඛ්‍යය සහ ලිංගික දැනුවත්භාවය වැනි මාතෘකා කෙරෙහි ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනඥ නූර් ඉමාම් අවධානය යොමු කරයි.

ඉමාම් යනු කයිරෝ හි සායනයක් සහ ඩිජිටල් වේදිකාවක් හරහා තාක්ෂණය හරහා සෞඛ්‍ය සේවා සඳහා කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අභිලාෂය සමඟින්, දෙමුහුන් සේවා සපයන Fem-Tech (කාන්තා තාක්ෂණ) සමාගමක් වන Motherbeing හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි.

ගැබ් ගැනීම් වැළැක්වීම පිළිබඳ විශ්වසනීය තොරතුරු වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සහ ලැජ්ජාවට බියෙන් තොරව සංවේදී ගැටළුවල සැරිසැරීමට ඔවුන්ට උපකාර කරන අතරතුරේ, ඔවුන්ගේ ශරීරය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ දැනුමෙන් කාන්තාවන් සවිබල ගැන්වීම ඇයගේ අරමුණයි.

රෝසා වැස්කේස් එස්පිනෝසා

රෝසා වැස්කේස් එස්පිනෝසා، පේරු

රසායනික ජීව විද්‍යාඥ

රෝග සුව කරන්නියක ලෙස ඇගේ මිත්තනියගේ නුවණින් පෙළඹවීමක් ලැබූ විද්‍යාඥ රෝසා වැස්කේස් එස්පිනෝසා, පේරු හි ඇමසන් වනාන්තරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා අතිනවීන විද්‍යාව සහ සාම්ප්‍රදායික දැනුමේ වැදගත් ම සාධක ඒකාබද්ධ කරමින් සිය වෘත්තීය ජීවිතය ගත කර තිබේ.

ඇමසන් රිසර්ච් ඉන්ටර්නැෂනල්හි නිර්මාතෘ වශයෙන්, කැළයේ භාවිතයට නොගත් ජෛව විවිධත්වය සොයා යාමට ඇය ස්වදේශික ප්‍රජාවන් සමග වැඩ කළා ය.

නිතර ම ලොකයේ දුරින් ම පිහිටි පරිසර පද්ධතිවලට ගමන් කරමින්, එස්පිනෝසාගේ කාර්යන්වලට ඇමසන්හි ජනප්‍රවාදගත උතුරන ගඟේ නව බැක්ටීරියාවක් හඳුනාගැනීම සහ පේරුහි විෂ රහිත මී මැස්සන් සහ ඖෂධීය මී පැණි පිළිබඳ පළමු රසායනික විශ්ලේෂණයට නායකත්වය දීම ද ඇතුළත් ය.

දකුණු ඇමෙරිකාවේ විශාලත ම ස්වදේශීය කන්ඩායම්වලින් එකක් වන අශාන්ඉන්කා ජනතාවගේ ජාත්‍යන්තර තානාපතිනිය වන්නේ ද ඇයයි.

ඔල්ගා ඔලෙෆිරෙන්කෝ

ඔල්ගා ඔලෙෆිරෙන්කෝ، යුක්‍ක්‍රේනය

ගෙවිලිය

2015 දී ඇගේ පියා මියයන විට දී, ඔල්ගා ඔලෙෆිරෙන්කෝ ට ගොවිපලක් පිහිටුවීමේ ඔහුගේ සිහිනය සැබෑ කිරීමට අවශ්‍ය විය. පශු සම්පත් මිලදී ගැනීමෙන් පසුව ඇය වැඩ ආරම්භ කළ ද, ඉතා ඉක්මනින්ම මූල්‍යමය වශයෙන් දුෂ්කරතා ඇති වූ නිසා සියලු සතුන් විකිණීමට සිදු විය.

නමුත්, නාවික හමුදාවේ විශේෂ ඉලක්ක බලකායේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරියේ සිටිය දී ඩොන්බාස් හි ඉදිරිපෙළේ දී මරා දමන ලද ඇගේ පියාගේ සංකල්පය අතහැර දැමීමට ඇයට අවශ්‍ය වූයේ නැත.

යුක්ක්‍රේන විශ්‍රාමිකයන්ගේ අරමුදලෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහ සාර්ථක ලංසු තැබීමකට ව්‍යාපාර සැලැස්මක් ඇය පසුගිය වසරේ දී සකස් කළා ය.

නවීකරණය, නව කෘෂිකාර්මික තාක්ෂණයන් භාවිතය සහ ප්‍රාදේශීය ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් ඔලෙෆිරෙන්කෝ නැවත සිය ගොවිපොළ පවත්වාගෙන යාම ආරම්භ කළ අතර, එහිදී ඇය ඇගේ මුල පිරීම හා නායකත්වය සඳහා පොළඹවනසුළු තැනැත්තියක් ලෙස සලකයි.

කැතලින් කරිකෝ

කැතලින් කරිකෝ، හංගේරියාව

ජෛව රසායනවේදී සහ නොබෙල් ත්‍යාගලාභී

හංගේරියානු ජෛව රසායනවේදී කැතලින් කරිකෝ නවීකරණය කළ messenger RNA (mRNA) පර්යේෂණය BioNTech/Pfizer සහ Moderna Covid-19 එන්නත් නිර්මාණය කිරීමට භාවිත කරන ලදී.

එය ඇයට "නූතනයේ මිනිස් සෞඛ්‍යයට ඇති ලොකු ම තර්ජනයක් අතරතුරදී පෙර නොවූ විරූ එන්නත් නිපදවීමේ අනුපාතිකය" සඳහා ඇයගේ දායකත්වය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි කර දුන්නේ ය. (ඇගේ සගයා වන ඩ්‍රිව් වෙයිස්මන් සමග බෙදා ගන්නා ලදී.)

අපගේ DNA ප්‍රෝටීන බවට පරිවර්තනය කිරීමට වගකිව යුතු ද්‍රව්‍යය වන mRNA, අතිශයින් බිඳෙනසුලු සහ වැඩ කිරීමට අපහසු නමුත් එයට වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බව කරිකෝට ඒත්තු ගියේය.

වසංගතයට පෙර මෙම තාක්ෂණය පරීක්ෂණ මට්ටමේ පැවතිය නමුත් දැන් ලොව පුරා ජනතාව මිලියන ගණනකට භයානක කොවිඩ් 19න් ආරක්ෂා වීමට සලසා ඇත.

ඔයාගේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ හැම තිස්සෙ ම ඔයා කරන දේට අවධානය දීම මිසක් අනෙක් අය කළ යුත්තේ මොකක් ද කියන එක නෙවෙයි. ඔයා අසමත් වුණොත් එයින් ඉගෙන ගන්න. සමාන උද්‍යෝගයකින් නැගිටලා ඉදිරියට යන්න.

කැතලින් කරිකෝ

ගබ්‍රියෙල්ලා සලාස් කාබරේරා

ගබ්‍රියෙල්ලා සලාස් කාබරේරා، මෙක්සිකෝව

ක්‍රමලේඛක සහ දත්ත විද්‍යාඥ

ගබ්‍රියෙල්ලා සලාස් කාබරේරා ම්බන්ධ වන තුරු ඇයගේ මව් භාෂාව වන නවක්ලා, ගූගල් හි බහුලව භාවිතා වන පරිවර්තන වේදිකාවේ තිබුණේ නැත.

මේ භාෂාව සහ සහ මෙක්සිකෝවේ අනෙකුත් දේශීය භාෂා ගූගල් ට්‍රාන්ස්ලේට් වෙත එකතු කිරීම සඳහා ඉංජිනේරුවරිය වාග් විද්‍යා ව්‍යාපෘති සඳහා තාක්ෂණික දැවැන්තයා සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. නවක්ලා පරිවර්තකය මේ වසර මුල දී මහජනතාවට ජිකුත් කෙරුණි.

සලාස්ගේ කාර්යයන් අඩු වශයෙන් නියෝජනය වන භාෂා විස්තාරණය කිරීම සඳහා මෙන් ම මෙන්ම තාක්ෂණික කර්මාන්තයේ ස්වදේශික කාන්තාවන්ගේ පැමිණීම ඉහළ නැංවීමට කෘතිම බුද්ධියේ (AI) බලය උපයෝගී කරගැනීම සිදු කරයි.

ඇය වස්තු-නැඹුරු වැඩසටහන්කරණය සහ ඇඓ පිළිබඳ විශේෂඥවරියක් වන අතර ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පොලිටෙක්නිකා විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යාව හදාරයි.

වේදනාව අරමුණක් බවට පත් කිරීම සහ අනුගමනය කරන අයට මාර්ගය ආලෝකමත් කිරීමට කාන්තාවන්ගේ දරාගැනීම කවදාවත් නොනිවෙන දැල්ලක්.

ගබ්‍රියෙල්ලා සලාස් කාබරේරා

නයෝමි චන්දා

නයෝමි චන්දා، සැම්බියාව

ගොවි සහ පුහුණුකරු

ඉගැන්වීමේ ගොවිපොළක කෘෂිකර්ම මාර්ගෝපදේශිකාවක ලෙස, භූමියට ගරු කරන සහ ආරක්ෂා කරන ක්‍රම භාවිත කරමින් තම ප්‍රජාව වැඩ කිරීමට යොමු කිරීමේ මෙහෙවරක නයෝමි චන්දා යෙදී සිටියි.

දේශගුණික විපර්යාස සඳහා විසඳුම්වල හදවතෙහි කාන්තාවන් තබමින්, ජලය අඩුවෙන් භාවිත කරන බිංදු වාරිමාර්ග හෝ කෙටි චක්‍ර භෝග වැනි 'සුහුරු දේශගුණික' කුසලතා කෙරෙහි ඇය අවධානය යොමු කරයි.

දිගුකාලීන නියඟ සහ ඍතුමය වෙනස්කම් වැනි දේශගුණික අර්බුදය හමුවේ කුඩා වතු හිමියන් විනාශකාරී බලපෑමකට ලක් වූ සැම්බියාවේ ඊසානදිගට වන්නට සිටින ගැහැනු දරුවන් 150කට පමණ ගොවිතැන් ක්‍රමවලට අනුගත වන ආකාරය ඉගැන්වීමට සහ ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ශක්තිමත් කිරීමට අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වන Camfed සමග චන්දා උපකාර කරයි.

ඇඩ්නයික් ටිටිලොප් ඔලාඩොසු

ඇඩ්නයික් ටිටිලොප් ඔලාඩොසු، නයිජීරියාව

දේශගුණික යුක්තිය පිළිබඳ උපදේශක

නයිජීරියානු පරිසර ස්ත්‍රීවාදිනී ඇඩ්නයික් ටිටිලොප් ඔලාඩොසු යනු දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කාන්තාවන් සහ තරුණයින්ගේ බිම් මට්ටමේ මුලපිරීමක් වන I Lead Climate Action හි නිර්මාතෘවරියයි.

ජල සම්පත් අඩුවීම රටවල් අතර ගැටුම් උග්‍ර කර ඇති නයිජීරියාව, නයිජර්, චැඩ් සහ කැමරූන් මංසන්ධියේ පිහිටා ඇති චැඩ් විලට බලපාන පාරිසරික අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම ඇගේ කාර්යයේ අරමුණයි.

කාන්තාරකරණය ආහාර සුරක්‍ෂිතතාවයට සෘජුවම බලපාන ප්‍රදේශවල තිරසාර ගොවිතැන් කිරීමේ කුසලතාවන්ගෙන් ඇය විසින් විශේෂයෙන් ම සන්නද්ධ කරන අප්‍රිකානු කාන්තාවන්ට බලපාන බැවින් ඔලාඩොසුගේ වැඩ කටයුතු පාරිසරික හා සමාජීය ගැටළු යන දෙකම ආමන්ත්‍රණය කරයි.

2019 සිට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළු කිහිපයකට සහභාගී වෙමින් ඇය අප්‍රිකාවේ දේශගුණික විපර්යාසවලට ප්‍රමුඛත්වය දෙන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා තිබේ.

දේශගුණික අර්බුදය කියන්නේ අපට ජය ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොකරන දරාගැනීම පිළිබඳ ගැටළුවක්. මෙම අර්බුදයෙන් බේරෙන්න අපට තාක්ෂණය සහ නවෝත්පාදනය සඳහා තීරණාත්මක ආයෝජනයක් අවශ්‍ය වෙනවා.

ඇඩ්නයික් ටිටිලොප් ඔලාඩොසු

සූබින් පාක්

සූබින් පාක්، දකුණු කොරියාව

Stair Crusher Club නිර්මාතෘ

රෝද පුටුවක් භාවිත කරන පාක් ඇයට සෝල්හි යාමට අවශ්‍ය බොහෝ තැන්වලට ප්‍රවේශ වීමට බැරි බව දැන ගත් විට, ඇය හිටපු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකාරිණියක ලෙස ඇගේ දක්ෂතා යොදා ගනිමින් ප්‍රශ්නය ඉස්මතු කළා ය.

දකුණු කොරියාවේ රෝද පුටුවලින් යා නොහැකි මාර්ග සහ පියවර තැබීමෙන් තොරව ප්‍රවේශ වීමට නොමැති ස්ථාන පිළිබඳ තොරතුරු රැස් කරන ලාභ නොලබන ව්‍යාපෘතියක් වන Stair Crusher Club හි පාක් සම නිර්මාතෘවරිය වේ.

ඔවුන්ගේ පරිශීලකයන්ට, [ඔවුන්ට] යා හැකි තැන්වල සිතියමක් නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ අරමුණ යි.

Stair Crusher Club වැඩසටහන් හරහා ඔවුන්ගේ දත්ත ගබඩාවට 2,000කට වැඩි පුරවැසියන් ප්‍රමාණයක් දායක වී ඇති අතර, රට පුරා ස්ථාන 14,000ක ප්‍රවේශ වීමේ හැකියාව පරීක්ෂා කර බලා තිබේ.

සාරා බර්කායි

සාරා බර්කායි، එක්සත් රාජධානිය/ එරිත්‍රියාව

DIY විද්‍යා කට්ටල නිර්මාණකරු

සුඩානයේ ඉපිද ලන්ඩනයේ හැදී වැඩුණු එරිත්‍රියානු ජාතික සාරා බර්කායි ඇය ළමා සංවර්ධනය හැදෑරූ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ ඇගේ පවුලේ පළමුවැනියා ලෙසයි.

ළමුන් සඳහා DIY අධ්‍යාපනික කට්ටල සැලසුම් කරන සහ සෙල්ලම් බඩු නිර්මාණයට සහභාගී වීමට ඔවුන් දිරිමත් කරන සමාජ ව්‍යවසායක් වන Ambessa Playහි නිර්මාතෘ ඇයයි.

විවිධ රටවල පාසලෙන් බැහැර දරුවන්ට ක්‍රීඩාව තුළින් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවස්ථාවක් බර්කායිගේ වැඩකටයුතු තුලින් ලබා දෙයි. 2019 දී ඉතියෝපියාවේ සහ එරිත්‍රියාවේ අවතැන් වූ දරුවන්ට STEM වැඩමුළු සිදු කිරීමේ දී ඇය මෙම සංකල්පය ඉදිරිපත් කළා ය.

අනෙකුත් පිළිගැනීම් අතර, ඇයගේ නව අදහස් වල සමාජ බලපෑම් සඳහා ෆෝබ්ස් 30න් පහළ 30 ලැයිස්ට්ඝුවට ද ඇතුළත්ව තිබේ.

දරාගැනීම කියන්නේ වඩා හොඳ අනාගතයක් සඳහා වූ ස්ථිර කැපවීම, ප්‍රේමය තුළ මුල් බැසගෙන තියෙන ප්‍රායෝගික ධනාත්මක බවක්.

සාරා බර්කායි

බ්‍රිජිට් බාටිස්ට්

බ්‍රිජිට් බාටිස්ට්، කොළොම්බියාව

පරිසරවේදී

සංක්‍රාන්තික ලිංගික කාන්තා ජීව විද්‍යාඥවරියක් වශයෙන් බ්‍රිජිට් බාටිස්ට්, ජෛව විවිධත්වය සහ පුද්ගල සමාජභාවය අතර පොදු රටාවන් ගවේෂණය කරයි.

පරිසර පද්ධති වඩාත් හොඳින් ආරක්ෂා කරගැනීමට 'ස්වභාවධර්මය' පිළිබඳ සංකල්පය පුළුල් කිරීම සඳහා ඇය භූ දර්ශන සහ විශේෂ විශ්ලේෂණය කිරීමට අසාමාන්‍ය කාච භාවිතා කරයි. 2018 ඇයගේ TEDx කතාවේ දී ඇය කොළොම්බියාවේ ජාතික වෘක්ෂය වන Quindío wax palm ගස, [ශාක] විශේෂවල ජීවිත කාලය පුරාවටම "ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම ගැන විද්‍යාව විසින් නිතිපතා වාර්තා කර ඇති" ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස ගත්තා ය.

කීර්තිමත් ශාස්ත්‍රාලිනියකවන බාටිස්ට් ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් ආයතනයේ අධ්‍යක්ෂිකාව ලෙස වසර 10 ක් ගත කළ අතර දැන් තිරසාර ව්‍යවසායකත්වය කෙරෙහි අවධානය යොමු කළ උසස් අධ්‍යාපන ආයතනයක් වන බොගෝටා හි Universidad EAN හි සභාපති ලෙස සේවය කරයි.

ඇය LGBTQ+ පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයට ඇතුළත් කර ගැනීම සඳහා වඩා හොඳ අරමුදල් ලබාගැනීම සඳහා ද උද්ඝෝෂණය කර තිබේ.

රික්තා අක්තර් බානු

රික්තා අක්තර් බානු، බංගලාදේශය

හෙද සහ පාසල් නිර්මාතෘ

හෙදියක වන රික්තා අක්තර් බානු ජීවත් වන උතුරු බංගලාදේශයේ දුරින් පිහිටි ප්‍රදේශය තුළ ඔටිසම් හෝ ආබාධ සහිත දරුවෙකු ලැබීම ශාපයක් ලෙස සලකයි.

ඔටිසම් සහ මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන ඇගේ දියණිය ඔවුන්ගේ ප්‍රදේශයේ ප්‍රාථමික පාසලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළ පසුව, ඒ වෙනුවට ඇය ඇගේ ඉඩමක් විකුණා ඇගේ ම පාසලක් ගොඩනගා ගත්තා ය.

රික්තා අක්තර් බානු ආබාධිත ඉගෙනුම් පාසලට දැන් සිසුන් 300ක් බඳවා ගන්නා අතර, ආබාධ සහිත වීම පිළිබඳ ප්‍රජාවේ දැක්මට ධනාත්මක බලපෑමක් සිදු කර තිබේ.

පාසල මුලින් ඉදිකරනු ලැබුවේ ඔටිසම් හෝ ඉගෙනීමේ ආබාධ සහිත දරුවන් සඳහා වන අතර, දැන් එය විවිධ බුද්ධිමය හා ශාරීරික ආබාධ සහිත සිසු දරුවන් සඳහා පහසුකම් සපයයි.

කව්නා මල්ග්වි

කව්නා මල්ග්වි، නයිජීරියාව

කන්ටෙන්ට් මොඩරේටර්වරුන්ගේ වෘත්තිය සමිති නායිකා

කව්නා මල්ග්වි තාක්ෂණික සහ කෘතීම බුද්ධි (AI) කර්මාන්ත සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිනියක් වේ. මෙම සායනික මනෝවිද්‍යාඥවරිය නයිජීරියාවේ කන්ටෙන්ට් මොඩරේටර් සංගමයට නායකත්වය දෙන අතර AI පද්ධති පුහුණු කිරීම සඳහා වැය වන සියළුම අදෘෂ්‍යමාන ශ්‍රමය පිළිබඳ දැනුවත් කිරීම් ඉහළ නැංවීමට කටයුතු කරයි.

ෆේස්බුක් හී බාහිර අන්තර්ගත මොඩරේටර් කෙනෙකු ලෙස ඇගේ මීට පෙර සිදු කල භූමිකාව තුළ දී, ස්ත්‍රී දූෂණ, සියදිවි නසා ගැනීම් සහ ළමා අපයෝජනයන්ගේ වීඩියෝ දර්ශන වලට නිරාවරණය වීම නිසා ඇය අනිද්‍රාව හා පීඩනෝන්මාදයට මුහුණ දුන් බව ඇය පවසයි.

තොරතුරු හෙළි කරන්නෙකු විසින් නරක සේවා කොන්දේසි පිළිබඳ හෙළි කිරීමෙන් පසුව, නීති විරෝධී ලෙස අවසන් කිරීම නිසා ෆේස්බුක් හි මව් සමාගම වන මෙටාට මෙන්ම කෙන්යාවේ සමාගමේ උප කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව නඩු පවරා ඇති හිටපු මොඩරේටර්වරුන් 184 දෙනාගෙන් ඇය එක් අයෙකි.

කන්ටෙන්ට් මොඩරේටර්වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇය යුරෝපීය පාර්ලිමේන්තුවේ සාක්ෂි ලබා දී ඇත.

තාක්ෂණික ප්‍රගතිය සහ මානසික යහපැවැත්ම යන දෙකේ ම වටිනාකමින් පරිපූර්ණ ඉදිරිදර්ශනයක් ගෙන ඒමෙන් කාන්තාවන්ට අපගේ බිඳුණු ලෝකයේ යථාර්ථයන්ට අභියෝග කරන්න සහ වෙනස් කරන්න පුළුවන්.

කව්නා මල්ග්වි

ඔල්ගා රුඩ්නිවා

ඔල්ගා රුඩ්නිවා، යුක්ක්‍රේනය

Superhumans මධ්‍යස්ථානයේ නිර්මාතෘ

රුසියාව විසින් යුක්ක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, ගැටුමේදී තුවාල ලැබූ අයර්ට උපකාර කිරීමට යමක් කළ යුතු බව ඔල්ගා රුඩ්නිවා හට හැඟිණි.

යුද්ධ බිමේදී අත් පා අහිමි වූවන් බොහෝ දෙනෙකු වින්දිතයන් ලෙස සැලකුණු නමුත්, රුඩ්නිවාට ඔවුහු ඇයට ලබා දිය හැකි සහයන් සියල්ල ලබා ගැනීමට හිමිකම් ඇති වූ 'Superhuman' වූහ.

විශේෂඥයින් කණ්ඩායමක් සමග ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඇය කටයුතු කරන Superhumans කම්පන මධ්‍යස්ථානය ලීව්හි පිහිටවූවා ය. මෙම මධ්‍යස්ථානය මගින් රෝගීන්ට කෘත්‍රිම අත් පා ලබා දෙන අතර මෑතකදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ආරම්භ කර තිබේ.

මෙහෙයුමේ පළමු වසර දෙක තුළ 1,000කට අධික පිරිසක් ඔවුන්ගේ සේවාවන්ගෙන් ප්‍රතිලාභ හිමිකරගෙන තිබේ.

දරා ගැනීම කියන්නේ එයා සයිරන් එකට උදේ ම අවදි වෙලා දිගට ම ඔබේ රට වෙනුවෙන් සටන් කිරීම. "මම ඇයි' කියන එකේ සිරවෙලා ඉන්නව වෙනුවට ඒක ඔයාගේ 'මොකක් වෙනුවෙන් ද?' කියන එක නැවත සොයා ගැනීමක්. අඩුවෙන් ලබාගෙන වැඩියෙන් දේවල් කිරීමට ඒක හැම දා ම ක්‍රම සොයා ගන්නවා.

ඔල්ගා රුඩ්නිවා

ස්නේහා රෙවනූර්

ස්නේහා රෙවනූර්، එක්සත් ජනපදය

AI විශේෂඥ

වසර 20ක් පමණක් වන ස්නේහා රේවනූර් දැනටමත් තරගයේ ඉදිරියෙන් ම සිටියි. රටවල් 30ක සාමාජිකයන් 1,300කට අධික සංඛ්‍යාවක් සිටින ආරක්ෂිත, අපක්ෂපාතී කෘතිම බුද්ධිය (AI) සඳහා ව්‍යාපාරයක් වන එන්කෝඩ් ජස්ටිස්හි නිර්මාතෘ ඇයයි.

බරපතළ සංවාදවලට තරුණ පිරිස් ඇතුළත් කරගැනීම සහ නැගී එන තාක්ෂණයෙන් ඇතින් කරන තර්ජන අවම කිරීමට රෙවනූර්ගේ කාර්යයන් උත්සහ කරයි.

ඇය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අතර AI සහ ඩිජිටල් ප්‍රතිපත්ති සඳහා වන මධ්‍යස්ථානයේ ගිම්හාන සහායිකාවකි.

මෑතකදී ඇය ටයිම්ස් සඟරාවෙන් නම් කළ AI හි වඩාත් ම බලගතු හඬවල් 100හි ආරම්භක ලැයිස්තුවේ ලාබාලතම පුද්ගලයා බවට පත් විය.

කෘත්‍රිම බුද්ධියේ විප්ලවීය ශක්තීන් ග්‍රහණය කර ගැනීමට පෙර, එහි අවදානම්වලට වඩා ඉදිරියෙන් ඉන්න අපට අවස්ථාව තියෙනවා. මට අනුව දරාගැනීමේ හැකියාව කියන්නේ අනාගතය ගැන නැවත සිතීම සඳහා අතීතයට ඉහළින් නැගී සිටීම.

ස්නේහා රෙවනූර්

සාෂා ලුසියෝනි

සාෂා ලුසියෝනි، කැනඩාව

පරිගණක විද්‍යාඥ

කෘත්‍රිම බුද්ධියේ (AI) වේගවත් සංවර්ධනයට අනුවර්තනය වන ලෝකයක, කර්මාන්තයේ කාබන් පිය සටහන බොහෝ විට මග හැරීමට ඉඩ තිබේ.

සංවර්ධකයින්ට කේතය ක්‍රියාත්මක කරන විට ඔවුන්ගේ කාබන් විමෝචනය ප්‍රමාණීකෘත කිරීමට හැකි වන මෙවලවක් නිර්මාණයට ප්‍රමුඛ පෙළේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විද්‍යාඥවරියක වන සාෂා ලුසියෝනි සහය වී ඇති අතර, එය මිලියන 1.3කට වැඩි සංඛ්‍යාවක් බාගත කරගෙන තිබේ.

Open Source AI ආකෘති සමග ක්‍රියා කරන සහ “හොඳ Machine Learning ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට” අවශ්‍ය ගෝලීය ආරම්භයක් වන Hugging Faceහි දේශගුණික ප්‍රධානියා වන්නේ ලුසියෝනි යි.

කෘත්‍රිම බුද්ධියේ තිරසර බව වැඩිදියුණු කිරීම කෙරෙහි ඇයගේ අවධානය යොමු වී ඇති අතර, කෘත්‍රිම බුද්ධිය ආරම්භකයින්ට ඔවුන්ගේ දේශගුණික බලපෑම සංසන්දනය කිරීමට භාවිත කළ හැකි 'බලශක්ති තරු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක්' සංවර්ධනය කිරීමට ඇය ඉලක්ක කරයි.

ජෝර්ජියානා ලෝන්ග්

ජෝර්ජියානා ලෝන්ග්، ඕස්ට්‍රේලියාව

පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය

ඉලක්කගත ප්‍රතිකාර සහ ප්‍රතිශක්තිකරණ පිළිකා ප්‍රතිකාර හරහා ජෝර්ජියානා ලෝන්ග්හට අවශ්‍ය පිළිකා මරණවලින් තොර ලෝකයක් දැකීමට යි.

ඔස්ට්‍රේලියාවේ මෙලනෝමා ආයතනයේ සම අධ්‍යක්ෂවරිය ලෙස ලෝන්ග් 2024 දී ප්‍රසිද්ධියට පත් වූයේ, ඇයගේ වැඩ සගයා සහ මිතුරා වන රිචඩ් ස්කොලියර්හට විශේෂයෙන් ආක්‍රමණශීලී මොළයේ පිළිකාවක් වර්ධනය වූ පසු, පිළිකාවෙන් මිදීමට උපකාර කළ ලොව ප්‍රථම ප්‍රතිකාරයක් සම නිර්මාණය කිරීමෙන් පසුව යි.

රෝගියා ද ඇතුළුව ලෝන්ග් සහ ඇගේ කණ්ඩායම, රෝගය ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට පෙර ඖෂධ සංයෝගයක් භාවිතා කඉරීමෙන් ප්‍රතිශක්තිකරණ චිකිත්සාව වඩා හොඳින් ක්‍රියාත්මක වන බව සොයා ගන්නා ලදී.

චර්ම පිළිකා රෝග විනිශ්චය සහිත රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමේ ගෞරවයට පාත්‍ර වූ මෙලනෝමා පිළිබඳ වසර ගණනාවක පර්යේෂණවලින් ඔවුන්ගේ තියුණු කාර්යයන් සිදුවිය.

යල් පැන ගිය පද්ධතිවලට අභියෝග කරන්න සහ ගැටලුවලට නවීන විසඳුම් සෙවීමට මිනිසුන් බලගැන්වීමට අනාගතයේ නායකයින් සහකම්පනය සහ මනුෂ්‍යත්වය බෙදා ගන්න අවශ්‍යයි.

ජෝර්ජියානා ලෝන්ග්

සුනීටා විලියම්ස්

සුනීටා විලියම්ස්، එක්සත් ජනපදය

ගගනගාමී

නාසා ගගනගාමී සුනීටා විලියම්ස් විසින් ජූනි 05 වන දින බෝයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයට ගොඩ වන විටදී, ඇය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ(ISS) දින අටක මෙහෙයුමක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටියා ය.

නමුත් යානයේ තාක්ෂණික දෝෂ මාලාවකින් පසුව, විලියම්ස් සහ ඇගේ සගයා වන බැරී විල්මෝර්හට 2025 වසරේ පෙබරවාරි වන තෙක් නැවත පෘථිවියට පැමිණීමට නොහැකි බව දැනුම් දෙන ලදී.

විශ්‍රාමික නාවික හමුදා හෙලිකොප්ටර් නියමුවරියක සහ කාන්තාවක විසින් වැඩි ම වාර ගණනක් අභ්‍යවකාශයේ ඇවිදීම සඳහා මීට පෙර වාර්තාවක් තබා තිබූ විලියම්ස්, 2007 දී අභ්‍යවකාශයේ මැරතන් ධාවනයක් සිදුකළ පළමු පුද්ගලයා බවට පත් වූවා ය.

මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් වෙන්ව පෘථිවියෙන් කිලෝමීටර 400ක් ඈතින් සිටිය ද, අභ්‍යවකාශ යානය ඇයගේ "සතුටු ස්ථානය" ලෙස විස්තර කරමින් ඇය දරා ගැනීමෙන් සහ ශුභවාදී ආකල්පයකින් යුක්තව දීර්ඝ රැඳී සිටීම වැළඳගෙන සිටින්නී ය.

සමීයා

සමීයා، සිරියාව

මනෝවිද්‍යා උපදේශක

BBC විසින් පුද්ගලික ආරක්ෂාව උදෙසා නිර්ණාමික කර ඇති අනන්‍යතාවයක් සහිත මනෝවිද්‍යා විශේෂඥ samiiyaa, වසර ගණනාවක ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන කම්පනයට මුහුණ දෙන සිරියානුවන් හට සහය දක්වමින් සිටින්නීය.

දිගු කාලීන සිවිල් යුද්ධයෙන් සිය දහස් ගණනක් මිනිසුන් මියගොස් ඇති අතර, දිවි ගලවා ගත් බොහෝ අය නිතර ඇති වන දරුණු තත්ත්වයන් යටතේ ජීවත් වන අතරම මානසික අවපීඩනය හා කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳිති.

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව විසින් පවත්වාගෙන යනු ලබන මානසික සෞඛ්‍ය සායනයක සේවය කරන සමීයා, උතුරු-නැගෙනහිර සිරියාවේ සරණාගත කඳවුරක අවතැන් වූවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා උපදේශන සැසි පවත්වයි.

සම්පත් හිඟව තිබියදීත් තම රෝගීන්ගේ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට සහ අර්බුධකාරී වටපිටාව තුළ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට ඇය කැප වී සිටියි.

සිල්වානා සැන්ටොස්

සිල්වානා සැන්ටොස්، බ්‍රසීලය

ජීව විද්‍යාඥ

පුරෝගාමී ජීව විද්‍යාඥ සිල්වානා සැන්ටොස් ජාන විද්‍යා ක්ෂේත්‍රයේ ඇයගේ පෙරළිකාර සොයාගැනීම, ඇය ජීවත් වූ වීදියේදීම නොදන්නා රෝගයකින් පෙළෙන පවුලක් ඇයට මුණගැසීමෙන් සිදු වූ සම්පූර්ණ අහම්බයක් ලෙස අර්ථ දක්වයි.

ඊසානදිග බ්‍රසීලයේ දී ඇය ක්‍රමයෙන් වැඩි වන අංශභාගය ඇති කරන දුර්ලභ ජානමය ස්නායු විකෘතිතා ආබාධයක් වන SPOAN සින්ඩ්‍රෝමය (දෙපා පණ නැති කරවන, පෙනීම නැති කරන සහ ස්නායු රෝග ) හඳුනා ගත්තාය.

සෙරින්හා දොස් පින්ටෝස් නගරයේ පර්යේෂණ ආරම්භ කර වසර 20ක් තුළදී, මෙම තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන්ට තීරණාත්මක රෝග විනිශ්චයක් ලබා ගැනීමට සැන්ටොස් උපකාර වී ඇත.

ඇය දුර්ලභ ජානමය රෝග ඇතිවීම සහ බ්‍රසීලයේ ග්‍රාමීය දිළිඳු ප්‍රදේශවල සමීප සබඳතා ඇති පුද්ගලයින් අතර විවාහයන් අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කරයි.

දරාගැනීමේ ශක්තිය අපි පෙන්වන්නේ කොහොම ද? ජීවිතය කියන්නේ චක්‍රයක් කියලා හඳුනා ගැනීම. දරුණු නියඟයන්ගෙන් අපි බේරෙනවා. වර්ෂා කාලයේදී අපි සරුසාර වෙලා ඵල හටගන්නවා.

සිල්වානා සැන්ටොස්

2024 බීබීසී ලෝක සේවයේ බීබීසී සියයක් කාන්තාවෝ සඳහා සහභාගී වූ කාන්තාවන් 100 දෙනාගෙන් සමහරෙකුගේ ඡායාරූප

සියයක් කාන්තාවෝ යනු කුමක් ද?

බීබීසී සියයක් කාන්තාවෝ සෑම වසරක ම ලොව පුරා සිටින වඩාත් ම බලපෑම්සහගත සහ පෙළඹවීම්සහගත කාන්තාවන් 100ක් නම් කරයි. කාන්තාවන් කේන්ද්‍ර කරගනිමින් සියලු ම බීබීසී වේදිකාවල පළ කර විකාශනය කෙරෙන වාර්තා චිත්‍රපට, විශේෂාංග, ප්‍රවෘත්ති ලිපි සහ සම්මුඛ සාකච්ඡා අපි නිර්මාණය කරන්නෙමු.

ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක්හි 100 women Follow කරන්න. #BBC100Women හරහා සංවාදයට එකතු වෙන්න.

සියයක් කාන්තාවෝ තෝරාගන්නේ කෙසේ ද?

බීබීසී සියයක් කාන්තාවෝ කණ්ඩායම විසින් පර්යේෂණ මගින් රැස් කරන ලද නම් සහ බීබීසී ලෝක සේවයේ භාෂා කණ්ඩායම් 41ක ජාලය මෙන් ම බීබීසී මීඩියා ඇක්ෂන් මගින් යෝජනා කරන ලද නම් මත පදනම්ව කෙටි ලැයිස්තුවක් සකස් කරන ලදී.

අපි පසුගිය මාස 12 තුළ, පුවත් මැවූ හෝ වැදගත් කතා සඳහා බලපෑම් සිදු කළ අය මෙන් ම, බලපෑම්සහගත කතා පැවසීමට ඇති අය හෝ සැලකිය යුතු දෙයක් අත් කරගෙන ඇති සහ අවශ්‍යයෙන් ම ප්‍රවෘත්ති බවට පත් නොවුණත් ඔවුන්ගේ සමාජවලට බලපෑම් කළ අපේක්ෂිකාවන් සොයමින් සිටියෙමු.

මෙම වසරේ තේමාව වන දරාගැනීම යටතේ නම් සංචිතයක් ඇගයීමට ලක් කරන ලදී. ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව තුළින් ප්‍රජාවේ හෝ ගෝලීය මට්ටමින් වෙනස්කම් සහ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා තල්ලුවක් ලබා දුන් අය තෝරාගැනීමේදී ලොව පුරා කාන්තාවන්ට මේ වසරේ සිදු වූ දේවල් අපට සහතික කිරීමට අවශ්‍ය විය. දේශගුණික විපර්යාස ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන්ගේ නම් ද අප තක්සේරු කළ අතර, එයින් දේශගුණික පුරෝගාමීන් සහ අනෙකුත් පාරිසරික නායිකාවන් පිරිසක් තෝරා ගැනිණි.

දේශපාලන වර්ණාවලියේ හඬවල් සහ සමාජයේ සෑම පැත්තක් ම අප නියෝජනය කර ඇති අතර, අදහස් බෙදා හරින මාතෘකා වටා ඇති නම් ගවේෂණය කළෙමු.

අවසන් නම් තෝරාගැනීමට පෙර කලාපීය නියෝජනය සහ අපක්ෂපාතීත්වය වෙනුවෙන් ද මිනුමක් සිදු කරන ලදී. සියලු කාන්තාවන් ලැයිස්තුවට ඇතුළත් වීමට කැමැත්ත ලබා දී තිබේ.