රටක් නැති රොහින්ග්‍යා
බුරුමයේ රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව බුරුමයට අයිති නැති බවයි එරට බෞද්ධයන්ගේ මතය. නමුත් අසල්වැසි බංග්ලාදේශයද මේ ප්‍රජාවට තහනම්.

වසර 2012 පටන් බුරුමයේ වරින් වර හිස ඔසවන බෞද්ධ - මුස්ලිම් ගැටුම් යළිත් උණුසුම් වී තිබේ.
මේ ගැටුම් නිසා උන් හිටි තැන් අහිමි වූ දස දහස් ගණනක් රොහින්ග්‍යා ජනතාව තවමත් ජීවත් වන්නේ අනාථ කඳවුරු තුළයි.
2012 දී ඇවිලී ගිය ගැටුම් නිසා දෙසීයකට අධික පිරිසක් මරණයට පත් වූ අතර පසුගිය දා ඇති වූ ගැටුම් වලදී රොහින්ග්‍යා වරුන් හතළිස් දෙනෙකු පමණ මරා දමා ඇති බව වාර්තා විය.
මේ පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.