එජාප: රනිල් තවදුරටත් නායකත්වයේ, සභාපති කරු
කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර කමිටුවක් පත් කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

රනිල් වික්‍රමසිංහ නායකත්වයේ රැඳී සිටියදීම පක්ෂය ජයග්‍රහණය කරවීම පිණිස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය නව කමිටුවට පැවරීමට ඒකමතිකව තීරණය කෙරුණු බවයි, මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේ.
පක්ෂ නායකවරයා කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මේ සතිය ඇතුලත කමිටුවේ සංයුතිය පිළිබඳව අවසන් තීන්දුවකට එළඹෙනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
උත්තරීතර කමිටුවට සාමාජිකයන් හත් දෙනකු හෝ නම දෙනකු ඇතුලත් වනු ඇති බවත්, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාත් බොහෝ දුරට කමිටු සාමාජිකත්වයට පත් කෙරෙනු ඇති බවත් එජාප ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.