උතුරේ වැඩිම පැමිණිලි අතුරුදහන් වීම් ගැන

උතුරේ සංචාරයේදී හමුවූ මහජන නියෝජිතයන් සහ සමාජ ක්‍රියාධාරීන් විසින් හෙළි කරනු ලැබූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කොළඹදී රජය සමග සාකච්ඡා පවත්වන බවට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය සහතික වී තිබේ.

වැඩිම පැමිණිලි ගණනක් ලැබී ඇත්තේ අතුරුදහන් වීම් පිළිබඳව බව කොමසාරිස් වරියගේ උතුරේ සංචාරය වාර්තා කිරීමට එක්වූ දිනසේන රතුගමගේ පවසයි.

කෙසේ වෙතත් නවී පිල්ලේ යාපනයේදී මුණ ගැසීමේ අවසරය යුද්ධයේදී අහිමිවූ තම <link type="page"><caption> සමීපතමයන් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු ඥාතීන්</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/08/130827_jaffna_gallery.shtml" platform="highweb"/></link> හට ලැබී නැත.