ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඡන්දයට පෙර පළාත් සභා සහ පළාත් පාලන ආයතන, ප්‍රා. ලේ. කාර්යාල සහ ප්‍රාදේශීය සභා අතර වෙනස ගැන දැනගන්න
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තවත් ඇත්තේ දින 6ක් පමණි.
පළාත් පාලන ආයතන සහ පළාත් සභා අතර ඇති ප්‍රධාන වෙනස මෙන් ම, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වෙනස බොහෝ අවස්ථාවල පැටලිලිසහගත වන ආකාරය නිරීක්ෂණය වේ.
මේ එම එක් එක් ආයතන අතර ඇති වෙනස සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි.
පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතර ඇති වෙනස
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත් සභාව තුළ පළාත් පාලනය එක් විෂයයකි.
පළාත් පාලන ආයතන පළාත් අමාත්‍යංශය යටතේ පළාත් පාලන කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික්කවලට අනියුක්ත සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් යටතේ පවතී.
පළාත් සභා 9, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා 1987 අංක 42 දරන පනත යටතේ ආරම්භ විය.
පළාත් සභා තුළ කිසිසේත් ම තනිව ක්‍රියා කිරීම සහ ක්‍රියාකාරකම් කිරීම සිදු නොවන අතර ඒවා රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවිය යුතු ම ය.
මෙම ව්‍යුහය ජාතික සහ ප්‍රාදේශීය ව්‍යුහ අතර මධ්‍ය ව්‍යුහයකි.
පළාත් සභාව යනු ආණ්ඩුකේතයේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) ප්‍රකාරව ස්වාධීනව පිහිටුවන ලද ආයතනයක් වන අතර එය කිසිදු අමාත්‍යංශයක පාලනයට යටත්වන්නේ නැත.
අවම වශයෙන් දිස්ත්‍රික්ක දෙකක් ද උපරිම වශයෙන් දිස්ත්‍රික්ක 5ක් ද ඇතුළත් එක් එක් පළාතේ දේශපාලනික යාන්ත්‍රණය හැසිරවීමට පළාත් සභා පිහිටුවා තිබේ.
පළාත් සභාවකට අදාළ පළාත තුළ නීතිමය විධිවිධානයන් ක්‍රියාත්මක කිරීමේ බලය පවතියි.
නමුත් පළාත් පාලන ආයතන සඳහා නීති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත.
ඒ අනුව පළාත් සභාවලට නීති සකස් කිරීමේ බලය හිමිවේ.
පළාත් පාලන ආයතන සිය කාර්යන් අනුනීති පනවා ගැනීම හරහා ක්‍රියාත්මක කරනු ලබයි.
පළාත් පාලන ආයතනවලට සිය අභිමතය පරිදි අනුනීති ක්‍රියාත්මක කරගැනීමේ හැකියාවක් නොමැති අතර, අනුනීති සකස් කර පළාත් සභාවට යවා ඒවා සම්මත කරගත යුතු ය.
තවද පළාත් සභාවක මහ ඇමතිවරයෙකු මෙන් ම ඇමතිවරුන් හතර දෙනෙක් සිටිති.
නමුත් පළාත් පාලන ආයතනයක එවැනි තනතුරු නොමැත.
මහ නගර සභාවක සිටින්නේ නගරාධිපතිවරයෙකු, නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු සහ මහ නගර සභාවේ සභිකයන් වේ.
නගර සභාවක සහ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු, උපසභාපතිවරයෙකු සහ සභිකයෝ සිටිති.
නගර සභාවල කිසිවිටෙකත් නගරාධිපතිවරයෙකු නොසිටින අතර එහි සිටින්නේ සභාපතිවරයෙකි.
මහ නගර සභාවක ලේකම්වරයා බොහෝ විට ශ්‍රී ලංකා පරිපාලන සේවය සමත් කොමසාරිස්වරයෙකු වේ.
පළාත් සභාවක ලේකම්වරයා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ ඉහළ ම නිලධාරියෙකු වේ.
ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කර්යාලයේ ඇති වෙනස
ශ්‍රී ලංකාවේ පාලනය මෙහෙයවීම සඳහා ව්‍යුහයන් දෙකක් පවතියි.
එයින් එක් ව්‍යුහයක් දේශපාලන යාන්ත්‍රණය වන අතර අනෙක් ව්‍යුහය රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයයි.
පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන දේශපාලන යාන්ත්‍රණයේ ආයතන වන අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලන සේවයට අයත් පරිපාලන ආයතන වේ.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත ආරම්භයේදී ප්‍රාදේශීය සභාවට ලේකම්වරයෙකු පත් කිරීම සඳහා මුල් අවස්ථාවේදී යොදාගෙන ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරයා ය.
නමුත් පසුව එම තත්ත්වය වෙනස් කර ලිපිකරුවෙකු ඒ සඳහා යොදවා ඇත.
ප්‍රාදේශීය සභාව යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයේ කුඩාම පරිපාලන ඒකකයයි.
එය ජනතාවට ආසන්නතම දේශපාලන ආයතනයයි.
නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනු රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ ආයතනයකි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු පරිපාලන සේවයේ කුඩා ම යාන්ත්‍රණය නොවේ.
ඒ යටතේ එම ප්‍රාදේශිකයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස, සංවර්ධන නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීහු සිටිති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරයා නැතහොත් එහි ප්‍රධානියා වන්නේ රාජ්‍ය නිලධාරියෙකි.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානියා සෑම විට ම තරග විභාගයකින් තේරී පත්වූ අයෙකු වන අතර, ප්‍රාදේශීය සභාවේ ප්‍රධානියා හෙවත් සභාපතිවරයා මහජනතාවගේ ඡන්ද විමසීමකින් තෝරා පත් කරගත් අයෙකු වේ.
ප්‍රාදේශීය සභාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය 1987 අංක 15 දරන පනතෙන් සම්මත වූ ආයතනයක් වේ.
ප්‍රාදේශීය සභාවේ යම් අයෙකු වරදක් කළහොත් ඔහුට හෝ ඇයට විරුද්ධව නඩු පැවරීය හැකි ය.
නිදසුනක් වශයෙන් යම් මහජන නියෝජිතයෙකු වංචාවකට හෝ දුෂණයකට සම්බන්ධ යැයි අනාවරණය වුවහොත් එම පුද්ගලයාට එරෙහිව පුරවැසියන්ට නඩු පැවරීය හැකි ය.
නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකදී එම නඩු පැවරීම කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා වේ.
විශේෂ ස්තූතිය: උපාය මාර්ගික පර්යේෂක, පුහුණු විශේෂඥ පළාත් පාලන, දේශපාලනයේ කාන්තා අයිතිවාසිකම් සහ කාන්තා සහභාගීත්වය පිළිබඳ පුහුණු විශේෂඥ ශ්‍රියානි රුවනාරා විජේසුන්දර