ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ව්‍රායි කැලී බල්තසාර්: 'ගොඩක් අය මාව දන්නේ දේශපාලනයෙන් හා අරගලයෙන් පස්සේ'
පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගරසභාව සඳහා ජාතික ජන බලවේගයෙන් පුරපති ධූරය සඳහා තරග කරන ව්‍රායි කැලී බල්තසාර් බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.
කොළඹ නගරය සංවර්ධනය සඳහා තම සැලසුම් හා හඳුනාගෙන ඇති ප්‍රශ්න පිළිබඳව මෙන්ම කාන්තාවන් දේශපාලනයට යොමුවීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳ ඇය එහිදී අදහස් පළ කළාය.
දේශපාලනය කරන කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා ම ඉලක්ක කර පහර ගැසීමේ ප්‍රවණතාවක් ඇති බව ඇය කියා සිටියා ය.
"ගොඩක් අය මාව දන්නේ දේශපාලනයෙන් හා අරගලයෙන් පස්සේ" ඇය පැවසුවාය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එල්ල වන විවේචන පිළිබඳව ද ඇය මෙම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් පළ කළාය.