ඊබ්‍රහිම් රයිසි: ඉරාන ජාතිකයින් ශෝකයෙන් සහ ප්‍රීතියෙන් සමරන ජනාධිපතිවරයාගේ මරණය

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, ෆැරන් ටගිසාදේ
- Role, බීබීසී පර්සියානු සේවය
ඉරාන ජනාධිපතිවරයාට සහ එරට විදේශ අමාත්‍යවරයාට මරු කැඳවූ ඉරිදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් පසු ඔවුන්ගේ අභාවය ගැන ශෝකය පළ කිරීමේ සිට එය ප්‍රීතියෙන් සැමරීම දක්වා ප්‍රතිචාර දැක්වීමට ඉරාන ජාතිකයෝ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටිති.
ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව වෙත උපහාර ගලා ආ අතර බොහෝ පරිශීලකයෝ ඔහු කළ සේවයට ස්තූතිය පළ කළහ.
"අපි හැමෝට ම ඔබ ගැන ආඩම්බරයි," යැයි එක් අයෙකු පැවසූ අතර තවත් අයෙකු "තම ජනතාවට සේවය කරමින් නික්ම ගිය ශ්‍රේෂ්ඨ මිනිසෙක්" බව පවසමින් ඔහුට ප්‍රශංසා කළේ ය.
ඇතැම් සුප්‍රසිද්ධ ඉරාන නළුවන් සහ මිලියන 2.4ක ග්‍රාහක පිරිසක් සිටින තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ රයිසිගේ ඡායාරූපයක් සමග ඉස්ලාමීය ශෝක පණිවිඩයක් පළ කළ පාපන්දු ක්‍රීඩක කමල් කම්යාබිනියා වැනි ක්‍රීඩකයින් ද ඔහුට උපහාර කරමින් සටහන් පළ කළේ ය.
නමුත් විදී පුරා මහා පරිමාණයෙන් මෙන් ම ක්ෂණිකව ඔහු වෙත ශෝකය සහ සහය පළ කරන අයුරු දක්නට නොලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය එසේ වුව ද සමාජ මාධ්‍ය පුරා උපහාසාත්මක හා ප්‍රීතිය බෙදා ගන්නා අදහස් ඕනෑ තරම් දක්නට ඇත. Xහි, ඇතැම් පිරිස් පැහැදිලිව ම සැමරුමක් බවට දිස්වන ගිනිකෙළි දල්වන ඡායාරූප සහ වීඩියෝ පළ කළහ.
අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාගේ ම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ අදහස් දැක්වීමේදී පවා එක් අයෙකු මෙම අනතුර "ශුභ ආරංචියක්" ලෙස හැඳින්වූ අතර තවත් අයෙකු පැවසුවේ, හෙලිකොප්ටරය බිම පතිත වූ අවස්ථාවේ "ගස්වලට හානි වෙලා නෑ" යනුවෙන් තමන් අපේක්ෂා කරන බව ය. රයිසිගේ පිටුවේ පළ කර තිබුණු ඇතැම් විවේචනාත්මක අදහස් පසුව ඉවත් කර ඇති බවක් පෙනී ගියේ ය.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඉරානයේ සමස්ත ජනගහනය දරන අදහස පිළිබඳව සම්පූර්ණ චිත්‍රයක් ලබා නොදේ. රජයට විරුද්ධ පිරිස්, බොහෝ විට තරුණ ජනගහනය, සමාජ මාධ්‍ය වේදිකාවල ක්‍රියාකාරී වෙති.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රජයේ ඇතැම් පාර්ශවයන්ට ගිණුම් තිබුණ ද X සහ ඉන්ස්ටග්‍රෑම් වැනි බොහෝ විශාල සමාජ මාධ්‍ය ඉරානයේ නිල වශයෙන් අවහිර කර තිබේ. එසේ වුව ද බොහෝ දෙනෙක් එම වේදිකා වෙත VPN භාවිත කරමින් පිවිසෙති. ඉන් අදහස් වන්නේ, ඉරාන ජාතිකයන් රට තුළ සිට හෝ ඉන් පිටත සිට අදහස් පළ කරන්නේ දැයි සාමාන්‍යයෙන් පැවසිය නොහැකි යි යන්න ය.
ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපති ලෙස 1980 ගණන්වල රයිසි අසුන්ගත් "මරණ කමිටුව" ලෙස හඳුන්වන ලද කමිටුවේ ඔහුගේ භූමිකාව පිළිබඳව ද දැඩි අදහස් පළ වී ඇත.
එවකට ඉරානයේ උත්තරීතර නායකයාව සිටි අයතුල්ලා කොමේනිගේ ෆට්වාවකට අනුව, සිය දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් සිරගත කරන ලද සිරකරුවන් දහස් ගණනකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මෙම සිව් පුද්ගල කමිටුවට පැවරිණි.
තුර්කි ජනාධිපතිවරයා සමග මෑතකදී පැවති රැස්වීමකදී සුප්‍රසිද්ධ ඉරාන කවියෙකු වන හාෆෙස්ගේ කවියක කොටසක් රයිසි විසින් කියවනු ලබන වීඩියෝවක් ද ඇතැම් පරිශීලකයින් නැවත පළ කර ඇත.
"පීඩකයා කවදාවත් ගෙදර නොඑන එක ගැන සතුටු වෙන්න," ඔහු පැවසීය. එය ඒ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනුවන් සමග පැවති ගැටුම ගැන සඳහනක් විය.
තවත් පිරිසක් 2020 ජනවාරි මාසයේදී ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් විසින් වෙඩි තබා බිම හෙළන ලද යුක්රේන ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් PS752 ගුවන් යානයේ සිට ජීවිත අහිමි වූ 167 දෙනා සිහිපත් කරමින් විවේචනාත්මක අදහස් පළ කළහ.
විප්ලවවාදී ආරක්ෂක බළකායේ ගුවන් ආරක්ෂක බළකාය පැවසුවේ, ගුවන් ආරක්ෂක ඒකකයක් විසින් එම යානය එක්සත් ජනපද මිසයිලයක් ලෙස වරදවා වටහා ගන්නා ලද බව ය. පසුව පුද්ගලයන් දස දෙනෙකු සිරගත කරන ලද නමුත් වින්දිතයින්ගේ පවුල් පවසන්නේ, ඔවුන් "පහළ මට්ටමේ නිලධාරීන්" බව ත් "අපරාධයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින්ට" එරෙහිව ක්‍රියාමාර්ග නොගත් බව ත් ය.
යුක්රේන ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් ගුවන් යානයේ සිට තම බිරිඳ සහ දියණිය අහිමි වූ මේ වන විට කැනඩාවේ ජීවත් වන ඉරාන ජාතික හමේඩ් එස්මේලියන් Xහි මෙසේ ලියා තිබුණි. "රයිසි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයකට මුහුණ දිය යුතු යි."
දැන් ක්‍රියාකාරිකයෙකු වන එස්මේලියන් 1980 ගණන්වල මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම, යුක්රේන ගුවන් යානය බිම හෙළූ අවස්ථාවේ රයිසි උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම සහ 2019 වසරේදී රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ල සඳහා බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය ගැන සඳහන් කරයි.
"යුක්තිය සඳහා ඇති අවස්ථාව වින්දිතයන්ගෙන් උදුරා ගත්තා, නමුත් ඔහුගේ නම ඉතිහාසයේ අන්ධකාරය හා අපරාධ සමග බද්ධ වෙලා තියේවි," එස්මේලියන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රයිසි ජනාධිපති බවට පත් වී වසරට පසු 2022 වසරේදී මහ්සා අමිනීගේ මරණයෙන් පසු ඇති වූ පෙර නොවූ විරූ විරෝධතා රැල්ල ගැන ද අදහස් පළ කරන්නෝ සඳහන් කළහ.
22 හැවිරිදි ඇය 2022 වසරේදී පොලිස් භාරයේ සිටියදී මිය ගියේ, ඉරාන කාන්තාවන්ට හිස් ආවරණ පැළඳිය යුතු බවට වන නීති කඩ කළ බවට චෝදනා එල්ල වීම නිසා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ය.
හෙලිකොප්ටර් අනතුරින් මියගිය විදේශ අමාත්‍ය අමීර්-අබ්දුල්ලාහියන්ගේ වීඩියෝ ද නැවත පළ කර ඇති අතර ඒවා අතර ඔහු වාර්තාකරුවෙකුට දැක්වූ ප්‍රතිචාරය ද අන්තර්ගත විය: "විරෝධතා අතරතුර කිසිවෙක් මිය ගියේ නැහැ."
මානව හිමිකම් සංවිධාන පවසන්නේ විරෝධතාකරුවන් මර්දනය කිරීම්වලදී 500කට අධික පිරිසක් මිය ගිය බව ය.
රයිසිගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ අදහස් දැක්වීම්වල මෑත වසරවල විරෝධතාවලින් මියගිය අය සමග අමිනීගේ චිත්‍රයක් ද විය.
ඇතමෙකුට, දේශපාලන ප්‍රකාශයන් මීම්ස් සහ උපහාසාත්මක වදන් පළ කිරීමට මග පෑදීය.
Xහි එක් ප්‍රසිද්ධ ඉන්ෆුවන්සර්වරියක වන @Banafshehviola ඉරිදා රාත්‍රියේ පැවසුවේ ඔහු මිය ගොස් ඇති නම් තමන් නිරුවත් ඡායාරූපයක් පළ කරන බව ය.
ඇය පසුව මෙසේ පැවසුවා ය: "වාව්, ඇත්ත ට ම මැරිලා ද?"
සඳුදා දිවා ආහාර වේලාව වන විට ද ඇය ඡායාරූපයක් පළ නොකළ අතර වෙනත් ඉරාන ජාතිකයින් බොහෝ දෙනෙක් තම මුහුණ නොමැති යම් ආකාරයකට අර්ධ නිරුවත් ඡායාරූප පළ කළහ.
ගුවන් අනතුරකින් පසු සැකසුණු 'Lost' රූපවාහිනී කතා මාලාවේ ප්‍රචාරක රූපයකට රයිසිගේ මුහුණ ඇතුළත් කර නිර්මාණය කළ තවත් මීම් ද විය.














