යොවුන් වියේ ඔබගේ හිසකෙස් අකලට සුදු විය හැකි ද? ඔබට එය නැවත යථා සකසා ගත හැකි ද?

Picture of Ashley looking in the mirror, holding a section of her hair in the air. The section closest to her head is grey, while the rest is dark. Her hair is long. She is wearing a white shirt and stud earrings. Behind her is a window with Venetian blinds.

ඡායාරූප මූලාශ්‍රය, Ashley Sukru

ඡායාරූප ශීර්ෂ වැකිය, ඈෂ්ලි සුක්රු පවසන්නේ වයස අවුරුදු 14 දී හිසකෙස් පැසීම ඇයට ස්වයං දැනුවත්භාවයක් ලබා දුන් බවයි, නමුත් දැන් ඇය එය සාමාන්‍යකරණය කිරීම සඳහා ඇගේ කතාව අන්තර්ජාලය හරහා බෙදා ගනී
    • Author, එස්තර් කහුම්බි
    • Role, ගෝලීය සෞඛ්‍යය කණ්ඩායම

උසස් පාසලේ සිටි මිතුරියක් විසින් පළමුවරට ඇගේ සුදු හිසකෙස් දකින විට ඈෂ්ලි සුක්රු 14 හැවිරිදි වියේ පසුවිය. ඒ මොහොත ඇගේ පෙනුම පිළිබඳ ඇයට වසර ගණනාවක් පුරා හැඟුණු ආකාරය වෙනසකට ලක් කළේය.

"ක්ෂණිකවම මං කිව්වා ''නෑ, මට සුදු හිසකෙස් තියෙන්න විදිහක් නෑ, මට තාම අවුරුදු 14 යි" ඇය සිහිපත් කරයි.

''මට මතකයි දවල්ට කෑම කන්න ගෙදර ගිහිං මගේ කොණ්ඩේ දිහා බලන කොට ගොඩක් සුදු කෙස් තිබුණා. මට හරියට දුක හිතුණා"

කැනඩාවේ වෙසෙන 28 හැවිරිදි ඈශ්ලි ඇගේ කොණ්ඩය වර්ණ ගැන්වීමට ඉඩ දෙන ලෙස ඇගේ මව්පියන්ගෙන් අයැද සිටියාය.

"ඔයා හැම අයෙක් එක්කම සමීප වෙන්න උත්සහ කරන කොට, සුදු හිසකෙස් තියෙන එකෙන් පේන්නේ නොගැලපෙන දෙයක් විදිහටයි. මං ඒක හංගන්න උත්සහ කරමින් සිටියා" ඇය පැහැදිලි කරයි.

පුද්ගලයින්ගේ හිසකෙස් අකලට සුදුවෙනවාද?

විශේෂඥයින් පවසන්නේ හිසකෙස් සුදු වීම තීරණය කරන ප්‍රබලම සාධකය ජාන වන අතර පරීක්ෂණවලින් පෙන්නුම් කර ඇත්තේ ඈෂ්ලිගේ තත්ත්වය ද මෙය වූ බවයි. ඇගේ මවහේ හිස් කෙස් ද වයස අවුරුදු 14 දී සුදු පැහැයට හැරුණු අතර ඇගේ මිත්තණියගේ කෙස් සුදු පැහැ වී තිබුණේ වයස අවුරුදු 17 දී පමණය.

වෛද්‍යවරුන් පවසන්නේ හිස්කෙස් අකලට සුදු වීම ගැන සැලකිලිමත් වන තරුණ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ‍යාමක් ඔවුන්ට පෙනී යන බවයි, ඉන් වැඩිදෙනෙකු වයස අවුරුදු 20 සහ 30 සීමාවේ මුල් භාගයේ පසුවේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන පුද්ගලයින් පිළිබඳ සලකා බැලීමේදී සුදු ජාතිකයින්ගේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 දී පමණ හිසකෙස් පැසීමට පටන් ගනී. ඊට සාපේක්ෂව ආසියානු සහ අප්‍රිකානු ජාතිකයින්ගේ අවුරුදු 10 කට පමණ පසුව හිසකෙස් පැසීම ආරම්භ වේ.

මෙම වයස් සීමාවට පෙර නිරීක්ෂණය වන ඕනෑම ආකාරයක හිසකෙස් සුදුපැහැ ගැන්වීමක් එනම් සුදු ජාතිකයින් සඳහා අවුරුදු 20 ට පෙරත්, ආසියානුවන් සඳහා අවුරුදු 25 ට පෙරත්, එමෙන්ම අප්‍රිකානුවන් සඳහා 30 ට පෙරත් සිදුවන කෙස් සුදු පැහැ ගැන්වීම සැලකෙන්නේ අකලට හිස කෙස් පැසීම ලෙසයි.

ජාන මගින් කෙස් කළඹට ඒවායේ වර්ණකය ලබා දෙන ආකාරය ඇතැම් ජන කණ්ඩායම් තුළදී වෙනස් වන බැවින් මෙම සීමාවන් පොදුවේ පිළිගෙන තිබෙන අතර ඇතැමුන් පසුකාලීනව මෙම ක්‍රියාවලිය වෙනස් කර ගනී.

''ඒ ආකාරයට අපි දන්නවා අනෙක් හේතු සොයා බැලිය යුත්තේ කවදාද සහ සාමාන්‍ය වයස් සීමාවේ කොටසක් ලෙස ඒවා අපේක්ෂා කරන්නේ කවදාද කියන එක'' එක්සත් රාජධානියේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු වන සර්මඩ් මෙෂර් පවසයි.

A stock picture showing a woman with curly shoulder-length grey hair smiling at the camera. She is wearing a black and white striped t-shirt, two gold necklaces and gold hooped earrings. She is pictured sitting indoors on a sofa with a book case behind her.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිසකෙස් වර්ණය තීරණය වන්නේ මෙලනොසයිට් ලෙස හඳුන්වන සෛල මගිනි, ඒවා ඔවුන්ගේ කාර්යයේදී මන්දගාමී විය හැකි අතර වර්ණක නිපදවීමට අපොහොසත් විය හැකිය

හිසකෙස් සුදු පැහැ වෙන්නේ ඇයි?

මෙලනොසයිට් ලෙස හඳුන්වන වර්ණක නිපදවන සෛල ද පිහිටා ඇති සමේ පවතින රෝම කූප වලින් නව හිසකෙස් වර්ධනය වේ.

මෙලනොසයිට් මගින් යුමෙලනින් සහ ෆියෝමෙලනින් ලෙසින් මෙලනින් වර්ණක වර්ග දෙකක් නිපදවයි. යුමෙලනින් මගින් හිසකෙස් කෙතරම් අඳුරු පැහැ ද යන්න නියම කරන අතර ෆියෝමෙලනින් මගින් එය කෙතරම් රතු හෝ කහ ද යන්න තීරණය කරයි. මෙම වර්ණක සමේ සහ ඇස්වල වර්ණය ද තීරණය කරයි.

නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් සෛල වයසට යාමේ ක්‍රියාවලිය පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් සොයා ගැණුනේ හිසකෙස් වයසට යාම, ගැලවී යාම සහ නැවත බොහෝ වාරයක් වර්ධනය වන විට මෙලනොසයිට් ප්‍රාථමික සෛල ගණන එම ක්‍රියාවලියේදී මන්දගාමී වන බවයි.

සෛල රෝම කූප වටා සැරිසැරීම නවතා ස්ථාවර වන අතර එමඟින් සම්පූර්ණ මෙලනොසයිට් බවට පරිණත වීමට අපොහොසත් වේ.

වර්ණකයක් නිපදවීම වීම නොමැතිවීමත් සමග හිසකෙස් අළු, සුදු හෝ රිදී පැහැයට හැරේ.

පෝෂණ ඌනතා හිසකෙස් අකලට සුදු පැහැ ගැන්වීම සඳහා හේතුවක් විය හැකිද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තදබල ආතතියෙන් පසු සමේ සහ හිසකෙස් වල වර්ණය පාලනය කරන ප්‍රාථමික සෛල වලට හානි සිදුවන බව ඇමෙරිකානු සහ බ්‍රසීල විද්‍යාඥයින් සොයාගෙන තිබේ.

නමුත් හිසකෙස් අකලට සුදු පැහැ වීම පෝෂණ අසමතුලිතතාවයේ සහ ඌනතාවයේ ලක්ෂණයක් විය හැකි බව සහ එයට පිළියම් යෙදිය යුතු බව ද විශේෂඥයින් පවසයි.

විටමින් D සහ B12, තඹ, යකඩ, සින්ක් ඌනතාවයන් සහ අඩු ෆෝලේට් මට්ටම් අකලට හිස්කෙස් පැසීමට සම්බන්ධ වී පවතී. මේවා අතර, විටමින් B12 මට්ටම අඩුවීම වඩාත්ම පොදු ලෙස බලපාන සාධක වලින් එකක් ලෙස සැලකේ.

කොබලමින් ලෙස ද හැඳින්වෙන B12 නිරෝගී රතු රුධිර සෛල සෑදීම සඳහා වැදගත් වේ. මෙම සෛල ශරීරයේ රෝම කූප ඇතුළු සියලුම කොටස් වෙත ඔක්සිජන් රැගෙන යයි. කෙස් කළඹට හොඳින් ඔක්සිජන් ගලායාම හිසකෙස් වර්ණය පවත්වා ගැනීමට උපකාරී වේ.

"B12 ප්‍රධාන වශයෙන් ලැබෙනේ සත්ව නිෂ්පාදන වලින් තමයි, ඒකනිසා කිසියම් පුද්ගලයෙකු සම්පූර්ණයෙන්ම නිර්මාංශිකයෙකු වන්නේ නම් සහ කිසිදු අතිරේකයක් නොගන්නේ නම්, එය මගේ ලැයිස්තුවේ ප්‍රමුඛතම දෙය වනු ඇති" වෛද්‍ය මෙෂර් පවසයි.

මේ අතර මෙලනින් නිපදවීමට උපකාරී වන එන්සයිමයක් වන ටයිරොසිනේස් සක්‍රීය කරන බැවින් තඹ වැදගත් වේ. බෙල්ලන්, තල ඇට, තද කොළ පැහැති කොළ වර්ග සහ හරක් මස් සහ බැටළු අක්මාව වැනි ආහාර ඒ සඳහා සුදුසු ප්‍රභවයන් වේ.

කෙසේවෙතත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ සින්ක් සහ විටමින් C වැනි ඇතැම් ඛනිජ ලවණ අතිරික්තයක් පැවතීම තඹ අවශෝෂණයට බාධා කළ හැකි බව සහ ඌනතාවයට හේතුවිය හැකි බවයි.

Maria Marlowe is a nutritionist based in the US

ඡායාරූප මූලාශ්‍රය, Maria Marlowe

ඡායාරූප ශීර්ෂ වැකිය, පෝෂණවේදී මාරියා මාර්ලෝ, පළමුව පරීක්ෂාවකින් තොරව පෝෂණ අතිරේක චර්යාවන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව අනතුරු අඟවයි

ආසන්න වසර කිහිපයේදි විශේෂයෙන් කොවිඩ් වසංගතය අතරතුර ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා මිනිසුන් සින්ක් අතිරේක ලබාගෙන ඇති බව වයස අවුරුදු විසිගණන්වලදී හිස කෙස් පැසීම ආරම්භ වූ පෝෂණවේදිනියක සහ කතුවරියක වන මාරියා මාර්ලෝ පවසයි.

''ඒවා හොඳින් සකස් කර නොමැති නම්, ඔබ තුළ පවතින තඹ ක්ෂය කරගැනීමක් විය හැකියි, එබැවින් ඔබට සින්ක් අතිරේකයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ සැමවිටම සින්ක් සමග තඹ ලබා ගැනීම අවශ්‍යයි, එවිට ඒවා සංයුක්ත වනවා." ඇය පවසයි.

එමෙන්ම ඇය පවසන්නේ අධික ලෙස යකඩ සහ අධික ලෙස විටමින් C පරිභෝජනය ඔබේ තඹ මට්ටම් අඩු කළ හැකි බවයි.

ඛනිජ ඌනතාවයන් හේතුවෙන් සිදුවුවහොත් අකලට හිසකෙස් පැසීම පැමිණිය හැක්කේ වෙනත් රෝග ලක්ෂණ ද සමග බව වෛද්‍යවරු පවසති.

"තඹ වැනි දෑ සමඟ, අධික ලෙස බර වැඩිවීම, හිසකෙස් සිහින් වීම සහ කුෂ්ඨ වගේ දේවල් ඔවුන්ට දකින්න පුළුවන්. ඔබට අධික වෙහෙසක් සහ තෙහෙට්ටුවක් ද දැනිය හැකි අතර, සීතලට ඔරොත්තු නොදෙන්නත් පුළුවන්" වෛද්‍ය මෙෂර් පවසයි

පරීක්ෂණයෙන් පසු, මාර්ලෝ තඹ, යකඩ සහ අයඩින් ඌනතා සොයා ගත්තාය.

ඇය බැර ලෝහ පරීක්ෂණයක් ද සිදු කර ගත් අතර ඛනිජ අවශෝෂණයට බාධා එල්ලවීමෙන් අකලට හිසකෙස් පැසීම ඇතිවිය හැකි බව ඇය පවසයි. ඇයගේ ඊයම් සහ කැඩ්මියම් මට්ටම් ඉහළ ගොස් තිබූ බව ඇය සොයා ගත්තාය.

කාර්මිකරණය හේතුවෙන්, හුස්ම ගන්නා වාතයේ පමණක් නොව අප ලබා ගන්නා ආහාරවල ද අඩංගු වී තිබිය හැකිය බැර ලෝහවලට නිරාවරණය වීමට අප සියලුදෙනා හැඩ ගැසී ඇත.

"උදාහරණයක් විදිහට, ඇතැම් මාළු වර්ගවල අන්තර්ගත රසදිය ප්‍රමාණය අනෙක් ඒවාට වඩා වැඩියි, එතකොට ගැටලුව ඇතිවෙන්නේ අපේ ශරීරයට එකවර හැසිරවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන විටදීයි.'' මාර්ලෝ පවසයි.

Picture of Maria's hairline. She is holding a hair upwards, which shows it dark towards the roots and more silvery towards the ends.

ඡායාරූප මූලාශ්‍රය, Maria Marlowe

ඡායාරූප ශීර්ෂ වැකිය, ඛනිජ ලවණ ඌනතාවය සඳහා අතිරේක ලබා ගැනීමෙන් පසු ඇගේ නව හිසකෙස් වර්ධනය අඳුරු වූ බව මාරියා මාර්ලෝ පවසයි

ආහාර පාලනය මගින් හිසකෙස් අකලට පැසීම වළක්වා ගත හැකිද?

කොලොම්බියා විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් සොයා ගැණුනේ ආතතිය අඩු වූ පසු නව හිසකෙස් ඒවායේ සොභාවික වර්ණය සමග නැවත වර්ධනය විය හැකි බවයි.

පෝෂණ ඌනතාවයන් හේතුවෙන් අකලට හිසකෙස් පැසීම ඇති වූ විට ඒ හා සමාන ප්‍රත්‍යාවර්තනය සිදුවිය හැකි බව වෛද්‍යවරු යෝජනා කරති. ''අතිමහත් බහුතරයකට එය සිදුවන්නේ ජාන හේතුවෙන් නම් එලෙස සිදු නොවෙන්න පුළුවන්" වෛද්‍ය මෙෂර් පවසයි.

පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර හරහා ඛනිජ ලවණ නැවත ලබා ගැනීම වඩාත් සුදුසු බව උපදෙස් දෙයි, නමුත් ඇතැම් ආහාර වර්ග ඒ සඳහා විකල්පයක් නොවන අවස්ථාවලදී අතිරේක ද උපකාරී විය හැකිය.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ අතිරේක ලබා ගැනීමට හෝ ආහාර වේල වෙනස් කිරීමට පෙර සිදු කළ යුතු පළමු පියවර වන්නේ සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න තේරුම් ගැනීම සඳහා සෑම විටම පරීක්ෂා කිරීම බවයි.

" B12 අඩු බව අපි සොයා ගතහොත් සහ අපි එය අතිරේක මගින් ලබා ගත හොත් අනතුරුව අනිවාර්යයෙන්ම වර්ණකය නැවත පැමිණෙන්නේ තඹ, විටමින් D හෝ තයිරොයිඩ් හෝමෝන ගැටළු සමඟ සමානවයි" වෛද්‍ය මෙෂර් පැහැදිලි කරයි.

"උදාහරණයක් ලෙස හිසකෙස් පෙර තිබූ තත්ත්වයට ආපසු නොපැමිණිය ද අප ඔක්සිකාරක ආතතිය වැනි දේවල් කළමනාකරණය කළහොත්, අවම වශයෙන් සුදු පැහැය අඩු කිරීමට හෝ එය වැඩිදියුණු වීම නැවැත්විය හැකිය."

කෙසේ වෙතත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ පැසුණු හිසකෙස් ප්‍රත්‍යාවර්ථනය සඳහා ඔප්පු කරන ලද පොදු ප්‍රතිකාරයක් නොමැති බවයි.

මාර්ලෝ පවසන්නේ ඇගේ ආහාර වේල වෙනස් කිරීමෙන් සහ බැර ලෝහ අඩංගු බව දන්නා ආහාර පරිභෝජනය අඩු කිරීමෙන් පසු ඇගේ පැසුණු හිසකෙස්වල වෙනසක් නිරීක්ෂණය කළ බවයි.

පැසුණු හිසකෙස් සියල්ලම සාර්ථකව ප්‍රත්‍යාවර්ථනය කර ගැනීමට ඇය සමත් වී නොමැති වුවද, කිසියම් වෙනසක් දැකීමට අවම වශයෙන් මාස තුනක් පමණ ගත වූ බව ඇය පවසයි.

පලතුරු සහ එළවළු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරය තුළ පවතින නිදහස් රැඩිකලුන් (අපගේ ශරීරය තුළ නිර්මාණය වන අස්ථායී අණු) උදාසීන කිරීමට උපකාරී වන බවට ද නිර්දේශිත ය. මෙම අණු ඔක්සිකාරක ආතතියට හේතු වන අතර එමගින් DNA වලට හානි සිදු කළ හැකි අතර හිසකෙස් ගැලවී යාමට සහ අකලට සුදු වීම සඳහා ද මූලික වේ.

"දුම්වැටි මගින් නිකුත් වන දුම, මානසික ආතතිය, අධික ලෙස මත්පැන් පානය කිරීම හෝ අධික ලෙස දූෂණයක් පවතින ප්‍රදේශයක ජීවත් වීම වැනි දෑ ඔක්සිකාරක ආතතියට හේතු වෙන්න පුළුවන්" වෛද්‍ය මෙෂර් පවසයි.

පසුගිය වසරේ සිදු කළ දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇගේ දින චර්යාව නැවැත්වූ පසු තවත් සුදු පැහැ හිසකෙස් කිහිපයක් නැවත මතුවී ඇති බව මාර්ලෝ පවස‍යි.

Selfie of Ashley Sukru, who has shoulder-length, dark, straight hair, with it turning grey along her parting. Her head is tilted downwards and she is covering her eyes with her hand. She is wearing a black t-shirt with white stripes and a cream cardigan.

ඡායාරූප මූලාශ්‍රය, Ashley Sukur

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 දී, වයස අවුරුදු 23 දී, ඈෂ්ලි සුක්රු ඇගේ කොණ්ඩය වර්ණ ගැන්වීම නැවැත්වීමට තීරණය කළාය

ඈෂ්ලිට අනුව, ආහාර රටාව ඇගේ ජාන කේතය වෙනස් කිරීමට සමත් නොවීය, නමුත් ඇගේ පෙනුම වෙනස් කර ඇත. ඇගේ රිදී පැහැති හිසකෙස් දැන් ඇගේ අනන්‍යතාවයේ කොටසක් වන අතර, ඇය සුන්දරත්වය සහ වයස්ගත වීම පිළිබඳ පොදුවේ පිළිගත් අදහස්වලට අභියෝග කරමින් තරුණ ජනතාවගේ මාර්ගගත සමූහයක් ගොඩනඟා ගෙන තිබේ.

"මම TikTok සහ Instagram ඔස්සේ පළ කිරීම ආරම්භ කළ විට, අකලට හිසකෙස් පැසෙමින් තිබූ මගේ වයසේම කාන්තාවන් බොහෝ දෙනෙක් මට මුණ ගැසුණා" ඈෂ්ලි පවසයි.

"'සුදු පාට හිසකෙස් කැතයි, සුදු හිසකෙස් කියන්නේ වයසයි' කියලා කියනවා වෙනුවට, 'නැහැ, සුදු හිසකෙස් බලවත්, සුදු හිසකෙස් ප්‍රකාශනයක්, ඒක ඔබේ අද්විතීය ආත්මය'' කියලා කියන්න පුළුවන් ආකාරයට තවත් කාන්තාවන්ට ඔවුන්ගේ පැසුණු හිසකෙස් වැළඳ ගැනීමට පෙළඹවීම සඳහා මට හැකියාව ඇතැයි මං බලාපොරොත්තු වෙනවා."