රෝහල්වල අනාරක්ෂිතභාවය ගැන සෞඛ්‍ය සේවයේ කාන්තාවන් සමාජ මාධ්‍යයේ බෙදා ගත් අදහස්

A protest held at Lipton Circle today evening

පසුගිය මාර්තු 10 වන දින රාත්‍රියේ අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළදී ම වෛද්‍යවරියක අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමේ සිදුවීම වාර්තා වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ පවතින ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න සහ පහසුකම් පිළිබඳ එහි වෘත්තිකයන් විසින් සමාජ මාධ්‍ය තුළ සිය අත්දැකීම් බෙදාගෙන තිබිණි.

ඒ අතර සෞඛ්‍ය සේවයේ යෙදී සිටින බොහෝ කාන්තාවන් ද විය.

මෙම අවාසනාවන්ත සිදුවීම වන තෙක් සමාජයේ වැඩි අවධානයක් යොමු නොවූ සෞඛ්‍ය සේවයේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි අවදානයක් ද සමාජ මාධ්‍ය තුළ හිමිව තිබෙන බව ද නිරීක්ෂණය වෙයි.

'කිලිනොච්චියේ අපි හිටියේ රෝහලේ පැත්තක තාවකාලික ව අටවන ලද තුනී ලෑලි කාමරවල'

අනුරාධපුරයේ සිදුවීමට විරෝධය පළ කරමින් වෛද්‍ය බෝධිනී සමරතුංග සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනක දැක්වුණේ ඇය කිළිනොච්චිය රෝහලේ සේවය කළ සමයේ ඔවුන් රැඳී සිටියේ ලී වලින් සෑදු තාවකාලික කාමරවල බව ය.

"බොහෝ අනාරක්ෂිත පරිසරවල සේවය කළ නිසා ම මම දන්නවා රෝහල් තුළ මේ තත්ත්වය කොයි තරම් දැනෙනවාද කියලා. කිළිනොච්චියේ අප හිටියේ රෝහලේ පැත්තක තාවකාලික ව අටවන ලද තුනී ලෑලි කාමරවල ය. එහෙත් අප තුළ අපට ඒ සමාජයේ ඒ ප්‍රදේශයේ සහ රෝහල තුළ පිරිසගෙන් ආරක්ෂාවක් ඇතැයි සිතමින් සිටියෙමු. මහා රෑ පවා හදිසි අවස්ථාවකදී රෝහල වෙත යන්නෙමු. අපට තිබුණු ඔන්කොල් රූම් එක අඩි 10 පමණ උසට ඇලුමිනියම් ෆ්රෙම් සහ වීදුරුවලින් සෑදී බාග ආවරණයකින් වාට්ටුවේ පැත්තක වෙන් කරන ලද කාමරයක් පමණි," යැයි ඇය එහි සඳහන් කර තිබිණි.

ඇගේ සටහනේ දැක්වුණේ වව්නියාව රෝහලේ තිබු තත්ත්වය ද මෙය ම බව ය.

"වව්නියාවේ කායික වෛද්‍ය වාට්ටුව ට වෛද්‍යවරුන් වෙත ඔන් කෝල් රූම් එකක් තිබුණේ නැත. ඉතින් නිතර මහා රෑ පුරා විටින් විට වාට්ටුවට ඇවිදින්න වුණා වෛද්‍ය නේවාසිකාගාරයේ ඉඳන්."

මෑතක දී සිදුවූ ඉන්දියාවේ වෛද්‍යවරියක් රෝහල තුළ බරපතල ලිංගික හිංසන සිදුකර මරා දැමීමේ සිදුවීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ද අනාරක්ෂිත රෝහල් හඳුනාගෙන "ඒවාට එරෙහිව ක්‍රියාත්මක වෙන ලෙස අනන්තවත් ලියා දන්වා," ඇති බව ද වෛද්‍ය බෝධිනී සමරතුංග සිය සටහනේ දක්වා තිබේ.

"වෛද්‍යවරියන්ගෙන් සැදුම්ලත් සමූහයෙන් ආරක්ෂාව පිළිබඳව බොහෝ වැඩ කටයුතු සිදු කෙරුණ බව දන්නවා. අනාරක්ෂිත වැඩ බිම් ගැන තොරතුරු සොයා බලමින් වෛද්‍ය සමූහය ක්‍රියාත්මක වුණා. එනමුත් ආයතනයක ස්වභාවය ආරක්ෂාව සහ පැවැත්ම එම ආයතන ප්‍රධානියා , පළාත් පාලන ප්‍රධානියා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු," බව ඇය සිය සටහනින් පෙන්වා දී ඇත.

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

'ඒ රාත්‍රියේ ම මගේ වයසෙ ම වෛද්‍යවරියක් දූෂණයට ලක්වෙලා!'

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක වන හංසි සමරතුංග විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක, අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අපරාධය සිදුවූ රාත්‍රියේ දී ඇය ද රාත්‍රියේ රාජකාරීවල නිරත වී සිටි ස්වභාවය විස්තර කර තිබුණේ මේ ආකාරයෙන් ය.

"මට පෞද්ගලික වාහනයක් නැති නිසා oncall දවසට යන්නේ එන්නේ , එක්කො පයින් එහෙමත් නැත්නම් three wheel එකක් දාගෙන තනියම. උදාහරණයක් විදිහට ඊයේ රෑ මම රෝහලෙන් පිටත් වෙනකොට රෑ 11.15 යි. රෑට කාලා ඇඟ හෝදගෙන ආපහු රෝහලට යනකොට රෑ 12 යි . ආපහු ආවේ පාන්දර 3ට," ඇය සඳහන් කර තිබිණි.

"මෙච්චර කල් මේ ගමන් බිමන් බය නැතුව තනියම එහෙට මෙහෙට ගියේ ලංකාවේ වෛද්‍යවරියකට ආරක්ෂාව ඇති කියන විශ්වාසයෙන්. නමුත් ඒ රාත්‍රියේ ම අනුරාධපුරයේදී මගේ වයසෙම සහෝදර වෛද්‍යවරියක් night duty වෙලාවේ දුෂණයට ලක්වෙලා!"

මෙවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් සෞඛ්‍ය සේවයේ කාන්තාවන් දිවා රාත්‍රී සේවයේ යෙදෙන්නේ කෙසේ දැයි ඇය ප්‍රශ්න කරයි.

'ඔය සිද්ධිය උනේ මම හිටිය floor එකේ ඒ කාමරේම ද දන්නෙත් නැහැ'

ප්‍රශ්නගත සිදුවීම සිදුවූ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියන්ගේ නිල නිවසේ මීට වසර දහයකට පමණ පෙර සිටි වෛද්‍යවරියක් වන ගයානි සමරතුංග සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක දැක්වුණේ අදාළ නිල නිවාස ඉතා අනාරක්ෂිත එකක් වශයෙන් එකල ද පැවති බව ය.

"විදුලි පහන් කැඩිච්ච කැලේ වැවිච්ච නිල නිවාසයක්. වාහන එන්න තිබුණ පාර නම් හදල තිබුණ. හැබැයි ඒකෙ එන්න නම් වාහනයක් තියෙන්නම ඕන. නැත්නම් ඒ තරම දුරක් පාළු පාරක පයින් එන්න බැහැ. වෙන කෙටි පාරක් තිබ්බා පයින් එන්න. හරියට ආලෝකයක් නැහැ. ඒ පාරේත් කැලේ වැවිලා. මේ කියන හැටියට තාමත් එහෙම වෙන්න ඇති. කවදාවත් security guard කෙනෙක් දාලා හිටියේ නැහැ. දැනුත් නැතුව ඇති. ඉඳලා හිටලා ඉන්නවද දන්නෙත් නැහැ. ඔය දරුණු සිද්ධිය උනේ මම හිටිය floor එකේ ඒ කාමරේම ද දන්නෙත් නැහැ," යැයි වෛද්‍යවරිය එහි ලියා තිබිණි.

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

'විශේෂඥ වෛද්‍යවරු, PGIM එකත් මේවට වග කියන්න ඕනා'

ඇතැම් අවස්ථාවල සෞඛ්‍ය සේවයේ කාන්තාවන් අනාරක්ෂිත වීමට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය ද බලපා ඇති බව ද ඇතැම් සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම් නිරීක්ෂණයේදී පැහැදිලිවන කරුණකි.

සමාජ මාධ්‍ය හරහා සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ 'ඩොක්ටර් ප්‍රියා' ලෙස ජනප්‍රිය වෛද්‍ය ප්‍රියා සම්මානි සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනක ද ඒ බව සඳහන් ව තිබිණි.

"සමහර රෝහල්වල, ආරක්ෂාව නැති එකට, සීසීටීවී කැමරාවක් නැති එකට, රෑට සිකුරිටි ගාඩ් කෙනෙක් නැති එකට, පරිපාලනය විතරක් නෙමේ, වැඩ කරන වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, පශ්චාත් උපාධි ආයතනය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ කොලේජස් සෘජුවම වගකියන්න ඕනා," යැයි එහි සඳහන් ය.

ජාතික රෝහලේ එක් වාට්ටුවක එලෙස පොරොත්තු රාජකාරී සඳහා වෛද්‍යවරුන්ට නැවතී සිටීමට කාමරයක් ලබා ගැනීමට එම වාට්ටුවේ ම විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ධ වූ බව ඇය සිය සටහනේ ලියා තිබේ.

වසර ගණනකට පසුව එවැනි කාමරයක් ලබා ගැනීමට ලැබුණේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු හරහා රෝහල් අධ්‍යක්ෂගෙන් සිදුකළ විමසීමක දී බව එහි ඇතුළත් ය.

Skip Facebook post, 3
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 3

Skip Facebook post, 4
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 4

වෛද්‍යවරයෙකු වන ෆාරුක් රෆ්සන්ජනී සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක දැක්වෙන්නේ මහනුවර රෝහලේ වෛද්‍යවරියන්ගේ ඇඳුම් මාරු කරන කාමරයේ වරක් පුද්ගලයෙකු විසින් කැමරාවක් සවිකර තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ය.

එම ෆේස්බුක් සටහනට තවත් වෛද්‍යවරියක විසින් දැමූ කමෙන්ටුවක ඇය පිරිමි වාට්ටුවල සේවය කිරීමේදී මුහුණදුන් දුෂ්කරතා පිළිබඳව විස්තර කර තිබිණි.

ඇය ඉංග්‍රීසි භාෂාවෙන් යොදා තිබූ කමෙන්ටුවේ සඳහන් ව තිබුණේ ඇය පිරිමි වාට්ටුවක ශල්‍ය සීමාවාසික වෛද්‍යවරියක ලෙස සේවය කළ සමයේ පොරොත්තු කාමරයේ රැඳී සිටින විට රාත්‍රියේ අවශ්‍යතා සඳහා ඇයව කැඳවීමට දුරකථන ඇමතුමක් ලබා දීම වෙනුවට පිරිමි උපස්ථායකයන් එවූ බව ය.

ඇය මේ සම්බන්ධයෙන් පිරිමින් වූ ඇගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට පැමිණිලි කළ ද එහි කිසිඳු වෙනසක් සිදුනොවූ බව ද එහි ඇතුළත් වේ.

FACEBOOK COMMENT

ඡායාරූප මූලාශ්‍රය, SCREENSHOT

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍යවරියක විසින් දැමූ කමෙන්ටුවක ඇය පිරිමි වාට්ටුවල සේවය කිරීමේදී මුහුණදුන් දුෂ්කරතා පිළිබඳව විස්තර කර තිබිණි
Skip Facebook post, 5
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 5

'කණිෂ්ඨ කාන්තා කාර්ය මණ්ඩලය ඉන්නේ වෛද්‍යවරියන්ටත් වඩා අවදානමක'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොළඹ ප්‍රධාන රජයේ රෝහලක කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවය කරන කාන්තාවක් ද බීබීසී සිංහල සමග ඇගේ අත්දැකීම් බෙදා ගත්තා ය.

ඇය පැවසුවේ කාන්තා උපස්ථායකවරියන්, අතුරු වෛද්‍ය සේවාවල සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව වෛද්‍යවරියන්ටත් වඩා අවදානම් තත්ත්වයක තිබෙන බව ය.

"රෑට ලෙඩෙක් අරන් ඇම්බියුලන්ස් එකේ යන්න වුණොත් එන්නේ කීයට ද කියලා දන්නේ නෑ. දුර ඉස්පිරිතාලවල ඉඳන් එහෙම ලෙඩ්ඩු අරන් එනවා සමහර අය. රෑ කීය හරි වෙලා ඉස්පිරිතාලෙට යද්දී එයාලට යන්න තැනකුත් නෑ, ඉන්න තැනකුත් නෑ," ඇය පැවසුවා ය.

එවැනි අවස්ථාවල කනිෂ්ඨ සෞඛ්‍ය සේවිකාවන්ට ගමනාගමන පහසුකම් හෝ නොලැබෙන බව ඇය පෙන්වා දෙයි.

"එක්ස්-රේ කාමරවල වගේ රාජකාරියේ යෙදිලා ඉන්න කාන්තාවෝ මහා රෑ තිස්සේ තනියම වැඩ කරන්නේ. දොරවල්වල ලොක් එකක්වත් නෑ හරියට. සමහර රෑට එන හදිසි ලෙඩ්ඩුන්ගේ එක්ස්-රේ ගන්න වෙන්නෙ බොහෝ වෙලවට තනියම," ඇය පෙන්වා දෙයි.

"ගොඩක් කොරිඩෝවල ලයිට් නෑ. ලයිට් එකක් දාගන්න සෑහෙන්න කලයක් යනවා."

අප සමග අදහස් දැක්වූ කාන්තාව පැවසූ තවත් කරුණක් වූයේ ඇතැම් රෝහල්වල ඔවුන්ට ගැහැනු පිරිමි ලෙස වෙන් කළ වැසිකිළි ද නොමැති බව ය.

"පිරිමි අය ටික දෙනයි ඉන්නේ කියලා එක ම ටොයිලට්වලට යන්නෙ. ඒවගෙත් දොරවල්වත් හරියට නෑ," ඇය පවසයි.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

End of YouTube post

'අපි ඉන්නේ කොයි තරම් අවදානම් රටක ද කියන එකට ඉඟියක්'

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාර්තු 12 පැවති උත්සවයක දී අනුරාධපුර රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා ය.

"සිවිල් සේවයේ එතරම් තැනක ඉන්න කෙනෙකුටත් ඒ වගේ අවදානමක් තියෙනවා නම් සාමාන්‍ය කාන්තාවන්ට, දරුපැටවුන්ට මොන තරම් අවදානමක් තියෙන රටක ද කියන එක ගැන ඉඟියක් තියෙනවා," ඇය පැවසුවා ය.

අපරාධයක් සිදුවූ වහා ම වින්දිතයාට හැකි ඉක්මනින් ම යුක්තිය ඉටු කරදීම, රජයක-ආණ්ඩුවක වගකීම බව ඇය පැවසුවා ය.

"අපරාධ සිදුනොවන රටක් නොවෙයි තියෙන්නේ, ඒ සිදුවන අපරාධ අවම වෙන්න ඕනේ. ඒ සිදුවන අපරාධ නැවත නැවතත් සිදු නොවෙන්න ඕනේ. ඒ වගේ ම අපරාධයට ලක් වූ වින්දිතයාට හැකි ඉක්මනින් යුක්තිය ඉටු වෙන්න ඕනේ."

'රෝහල්වල ආරක්ෂාව රෝහල් පරිපාලනයේ වගකීමක්'

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාර්තු 12 වන දින වන විට දිවයින පුරා වැඩ වර්ජනයක් කැඳවා තිබූ අතර, එම සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත යොමු කළ ලිපියක වෛද්‍යවරියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල වල ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා තිබේ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මාර්තු 12 වන දින සිදුවීම සිදුවූ අනුරාධපුර රෝහල නිරීක්ෂණයට ගොස් තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක ද රෝහල්වල ආරක්ෂාව පිළිබඳ ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී පැවසුවේ රෝහල්වල ආරක්ෂාව ඇතුළු ගැටළු විසඳීම රෝහල් පරිපාලනයෙන් ඉටුකළ යුතු වගකීමක් බව යි.

මෙම රෝහලේ පරිපාලනය අදාළ වගකීම් මගහැර තිබෙන්නේ ද යන්න සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකරන බව ඔහු එහිදී පැවසීය.