ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විජෙයි තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දෙයි
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් විජෙයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
වැඩබලන ආණ්ඩුකාර ආර්ලෙකාර් ඉදිරියේ ඔහු නිල ප්‍රතිඥාව ලබා දුන්නේ ය.
"මම සී. ජෝසප් විජෙයි" යැයි පවසමින් විජෙයි සිය කතාව ආරම්භ කරන විට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත රැස්ව සිටි පිරිස් ඔල්වරසන් දුන්හ.
සම්ප්‍රදාය වෙනස් කරයි
ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙකේ වසර 69ක පාලනය අවසන් කිරීමෙන් පසු නව රජයක් පිහිටුවා ඇති විජෙයිගේ දිවුරුම් දීමේ උත්සවයේදී මතභේදාත්මක සිද්ධියක් සිදු විය.
දෙමළ සුබ පැතුම් මුලින් ම ගායනා කරන තමිල්නාඩු රජයේ උත්සව සම්ප්‍රදායට පටහැනිව, 'වන්දේ මාතරම්' ගීතය ගායනා කළේ ය. මෙයින් පසු ඉන්දියාවේ ජාතික ගීය වන "ජන ගන මන" ගායනා කරන ලද අතර දෙමළ සුබ පැතුම් ගායනා කරන ලද්දේ ඉන් අනතුරුව ය.
විජෙයි සමග 9 දෙනෙකුට අමාත්‍ය ධූර
විජෙයිගෙන් අනතුරුව ආනන්ද් සහ ආදව් අර්ජුන ඇතුළු තවත් 9 දෙනෙක් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ
- ආනන්ද්
- ආදව් අර්ජුන්
- අරුන්රාජ්
- සෙන්ගකෝට්ටයාන්
- වෙන්කට්රාමන්
- සී ඩී ආර් නිර්මල් කුමාර්
- රාජ්මෝහන්
- ප්‍රභූ
- කීර්තනා
ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක්
ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් ද උත්සවයට සහභාගී වී සිටියහ.
ආණ්ඩුකාරවරයා, විජෙයි, අමාත්‍යවරුන් ලෙස වැඩ භාර ගැනීමට නියමිතව සිටි අමාත්‍යවරුන් 9 දෙනා සහ විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූහ.
ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ විජේ ගේ මව්පියන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙම දිවුරුම් දීමේ උත්සවය නැරඹීමට පැමිණ සිටියහ.