'මට යාළුවෝ හදාගන්න ගොඩක් අමාරු වුණා' - ළාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසෆ්සායි

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘ඇත්තට ම මම පසුතැවීම් ගැන හිතන්නේ නැහැ’ - මලාලා යූසෆ්සායි
'මට යාළුවෝ හදාගන්න ගොඩක් අමාරු වුණා' - ළාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසෆ්සායි

මලාලා යූසෆ්සායි, පකිස්ථානයේ 11 හැවිරිදි පාසල් සිසුවියක ලෙස සිය ක්‍රියාකාරී කටයුතු ආරම්භ කළ අතර, තලිබාන් සාමාජිකයින් හිසට වෙඩි තැබීමෙන් පසු ඇය ලෝකයේ ම කතාබහට ලක් විය.

ළාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභියා බවට ද පසුව ඇය පත්විය.

දශකයකට ආසන්න කාලයකට පසු ඇගේ පදනම දැන් ගැහැනු ළමුන්ගේ අයිතිවාසිකම් සඳහා ගෝලීය බලවේගයක් බවට පත්වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පාසල් යා නොහැකි වැඩි ම දරුවන් සංඛ්‍යාවක් සිටින රට වන නයිජීරියාවේ මෑතකදී කළ සංචාරයක් අතරතුර ඇය බීබීසී සමග එක්ව ඇගේ වැඩ කටයුතු, ගාසා සඳහා සහයෝගය දැක්වීමේදී ඇය මුහුණ දුන් ගැටලු සහ ගෝලීය කීර්තිය සමග හැදී වැඩෙන විට, මිතුරන් ඇති කර ගැනීමේදී මුහුණ දුන් දුෂ්කරතා ගැන කතා කළා ය.