දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ඔස්ට්‍රේලියාවේ උත්සහයෙන් ඵලක් වේවි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, හැනා රිචී
- Role, බීබීසී පුවත්, සිඩ්නි
"මට අවංකව ම බයක් දැනුණා," යැයි පාසල් යාම ආරක්ෂිත දැයි තමාට සැකයක් බවට පත් කළ ස්නැප්චැට්හි සිදුවීමක් විස්තර කරමින් ජේම්ස් පවසයි.
දොළොස් වියැති මෙම ඔස්ට්‍රේලියානු පිරිමි දරුවා මිතුරෙකු සමග යම් දෙයක් පිළිබඳව විරසකයක් ඇති කර ගෙන තිබුණු අතර, අනෙක් පිරිමි දරුවා විසින් ඔහුව වයසින් වැඩි නවයොවුන් දරුවන් දෙදෙනෙකු සමග 'ගෲප් චැට්' එකකට එක් කරගෙන තිබිණි.
ඒ වෙලාවේ ම මෙන් ඔහුගේ දුරකතනය ප්‍රචණ්ඩකාරී පණිවිඩ වැලකින් "පිරී යන්නට පටන් ගත්තේ," ය.
"ඒකෙ හිටපු එක්කෙනෙක්ගේ වයස අවුරුදු 17ක් වගේ," ඔහු බීබීසීයට පවසයි. "එයා මට මන්නයක් අතේ තියන් ඉන්න වීඩියෝ එකක් එව්වා... එයා ඒක වටේට ම වනමින් හිටියේ. ඊට පස්සේ වොයිස් මැසේජ් එකක් ආවා එයාලා මාව අල්ලගෙන පිහියෙන් අනිනවා කියලා."
ජේම්ස් - ඔහුගේ සැබෑ නම නොවේ - ස්නැප්චැට් (Snapchat) වෙත පළමු වරට සම්බන්ධ වූයේ, 10 වන වියේ පසුවද්දී ඔහුගේ පන්තියේ සගයෙක්, තම මිතුරු කණ්ඩායමේ සියලු දෙනා ඊට සම්බන්ධ විය යුතු බවට යෝජනා කළ පසු ය. නමුත් අවසානයේ ඔහුගේ පාසල විසින් විසඳන ලද, මෙම 'සයිබර් හිරිහැර' අත්දැකීම ගැන ජේම්ස් තම දෙමව්පියන්ට පැවසීමෙන් පසුව ඔහු සිය ගිණුම මකා දැමුවේ ය.
ඔහුගේ අත්දැකීම ඔස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම අනිවාර්ය කිරීමට කරනු ලැබ ඇති යෝජනාවට උදාහරණයක් බව ඔහුගේ මව වන එමා [අන්වර්ථ නාමයකි] පවසයි.
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාගත කරන ලද මෙම නීති, අගමැති ඇන්තනී ඇල්බනීස් "ලොව ප්‍රශස්ත" තහනමක් ලෙස විස්තර කර තිබේ.
මෙම පියවර බොහෝ දෙමව්පියන්ගේ ප්‍රසාදයට ලක් වූ නමුත් ඇතැම් විශේෂඥයන් ප්‍රශ්න කරන්නේ, දරුවන් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම වැළැක්විය යුතු ද - එසේ කළ හැකි ද සහ එසේ කළහොත් ඇතිවිය හැකි අහිතකර බලපෑම් මොනවා ද යන්න ය.
ඔස්ට්‍රේලියාව යෝජනා කරන්නේ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
X, TikTok, Facebook සහ Facebook වැනි වේදිකා ආවරණය කෙරෙන මෙම තහනම, සමාජ මාධ්‍යයෙන් සිදුවන 'අනර්ථයන්ගෙන්' දරුවන් ආරක්ෂා කරන බව ඇල්බනීස් පවසයි.
"මේක ගෝලීය ගැටලුවක්. අපට අවශ්‍යයි මූලිකව ම අපේ දරුවන්ට ළමා කාලයක් තියෙන්න. අපි කැමතියි දෙමාපියන් හිත නිදහසේ ඉන්නවා දකින්න." ඔහු බ්‍රහස්පතින්දා පැවසුවේ ය.
මෙම නව නීතිය, තහනම සඳහා අවශ්‍ය "රාමුවක්" සකස් කරයි. නමුත් එළඹෙන සතියේ සෙනෙට් සභාවට යොමු කිරීමට නියමිත පිටු 17කින් යුත් එම ලේඛනයේ අන්තර්ගතය පිළිබඳව වැඩි විස්තරයක් සඳහන් නොවේ.
ඒ වෙනුවට, සම්මත වීමෙන් පසු අවම වශයෙන් මාස 12කටවත් බලාත්මක නොවන මෙම නීති රෙගුලාසි නීති ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද සහ එය බලාත්මක කරන්නේ කෙසේ ද යන්න රටේ අන්තර්ජාල නියාමකයා වන 'eSafety Commissioner' විසින් සොයා බලනු ලැබිය යුතු වේ.
පනත් කෙටුම්පතට අනුව, තහනම වයස අවුරුදු 16න් පහළ සියලු දෙනාට අදාළ වනු ඇති අතර, දැනට සිටින පරිශීලකයන් හෝ දෙමව්පිය අවසරය මත සමාජ භාවිත කරන්නන්ට ද කිසිදු ව්‍යතිරේඛයක් නොලැබේ.
මෙම නීති රීතිවලට අනුගත නොවුණහොත් සමාජ මාධ්‍ය සමාගම්වලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක් (ඇ.ඩො. මිලියන 32.5; ස්ටර්ලින් පවුම් 25.7) දක්වා දඩවලට මුහුණ දීමට සිදුවන නමුත් දරුවන් සඳහ සුදුසු "අවම අවදානමක් ඇති සේවා" නිර්මාණය කරන වේදිකාවන්වලට සහනයක් ලැබෙනු ඇත. මෙම ප්‍රවේශය සඳහා නිර්ණායක තවම සකසා නැත.
කෙසේවුවත්, පණිවිඩ සේවා (messaging services) සහ ක්‍රීඩා වෙබ් අඩවි මෙන් ම ගිණුමක් නොමැතිව ප්‍රවේශ විය හැකි YouTube වැනි වෙබ් අඩවි තහනමට ලක් නොවනු ඇත. නමුත් වේගයෙන් වෙනස් වන ඩිජිටල් ලෝකයක සමාජ මාධ්‍ය වේදිකාවක් වන්නේ කුමක් ද, නොවන්නේ කුමක් ද යන්න නියාමකයින් විසින් තීරණය කරනු ලබන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ මෙටා, ස්නැප් චැට්, X වැනි තාක්ෂණ සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් විසින් "20 වන සියවසෙන් 21 වන සියවසේ අභියෝගවලට ප්‍රතිචාරයක්," ලෙස හඳුන්වමින් මෙම තහනම ප්‍රතික්ෂේප කර තිබේ.
මෙවැනි නීති මගින් ළමයින් "අන්තරායකර, නියාමනය නොකළ අන්තර්ජාලයේ කොටස්" වෙත තල්ලු කළ හැකි බවට Digital Industry Group Inc පවසයි. ඒ පිළිබඳව ඇතැම් විශේෂඥයින් ද බිය පළ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
"තාක්ෂණයේ වෙනස් වීම් සෑමවිට ම ප්‍රතිපත්ති ඉක්මවා යන බව," පවසමින් තහනම ක්‍රියාත්මක කරවීමේදී තම කාර්යාලයට මුහුණ දීමට සිදුවන අභියෝගය eSafety Commissionerහි ජූලි ඉන්මාම් ග්‍රාන්ට් පිළිගෙන තිබේ.
"ඒක හැමතිස්සෙ ම ගලාගෙන යන දෙයක් වේවි, ඒ නිසයි eSafetyවගේ නියාමකයන්ට කඩිසර වෙන්න සිද්ධ වෙන්නේ" ඇය BBC Radio 5 Live පැවසුවා ය.
රජයේ මෙම ප්‍රතිපත්තිය පසු පස ඇති මූලික අදහස වන සමාජ මාධ්‍ය සහ මානසික සෞඛ්‍ය පිරිහීම අතර හේතුමය වශයෙන් සබඳතාවයක් පවතින්නේ ද යන්න ගැන ද ඉන්මාම් ග්‍රාන්ට් ප්‍රශ්න කළා ය.
"මම කියන්නේ ඒකට එකඟ වෙන්න සාක්ෂි ප්‍රමාණවත් නැහැ," යැයි ඇය පැවසුවේ, LGBTQ+ හෝ ආදීවාසී නවයොවුන් දරුවන් වැනි අවදානම්සහගත කණ්ඩායම්වලට "ඔවුන්ට සැබෑ ලෝකයට වඩා ඔවුන්ව මාර්ගගතව දැනෙන බව පවසන," ඇගේ කාර්යාලයෙන් ම සිදු කළ පර්යේෂණයක් පිළිබඳව පෙන්වා දෙමිනි.
පිරිමි ළමුන්ට නිය ආලේපන විකුණන මාර්ගගත ව්‍යාපාරයක නියැලෙන 15 හැවිරිදි ලූකස් ලේන්ගෙන් මෙම අභිප්‍රාය ප්‍රතිරාව දෙයි. "මගේ යාලුකම් සහ මිනිස්සුන්ට පෙනෙන බව දැනෙන්න තියෙන හැකියාව මේ [තහනම] විනාශ කරනවා," පර්ත්හි වෙසෙන මෙම නව යෞවනයා බීබීසීයට පවසයි.
තාක්‍ෂණ සමාගම් සිය වේදිකා පිරිසිදු කිරීම මෙන් ම, ළමා ප්‍රජාවට මාර්ගගතව ආරක්ෂිතව සිටීමට සහය වීම සඳහා අධ්‍යාපන මෙවලම් සඳහා වැඩි ආයෝජනයක් සිදු කරනු දැකීමට ඉන්මන් ග්‍රාන්ට් වැඩි කැමැත්තක් දක්වයි. දරුවන්ට ජලය තහනම් කරනවාට වඩා පිහිනීමට ඉගැන්වීමේ යෝග්‍යයි යන ප්‍රවේශය ඇය එහිදී භාවිත කරයි.
"අපි සාගරය වට කරලා බැමි බඳින්නේ නැහැනේ... නමුත් අපි සුරක්ෂිතතාවය ලබා දෙන ආරක්ෂිත ලෙස පිහිනිය හැකි වටපිටාවක් හදනවා සහ පොඩි කාලෙදි ම අත්‍යවශ්‍ය පාඩම් කියලා දෙනවා," ඇය මේ වසරේ මුලදී පාර්ලිමේන්තුවේදී පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Matthew Abbott
'Heads Up Alliance' නමැති දෙමව්පියන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් හරහා මෙම තහනම වෙනුවෙන් පෙනී සිටින එමා එය වෙනස් ලෙස දකියි.
"තාක්ෂණ සමාගම්වලට දරුවන් ඔවුන්ගේ වේදිකාවල ම කාලය ගත කිරීම අවශ්‍ය වෙලා තියෙන පසුබිමක අපි මේ සංකීර්ණ පද්ධතිවල සැරිසරන්න දරුවන්ට උදව් කරන්න එපා කාලය නාස්ති කරන්න ඕනෑ ද?" ඇය විමසයි.
"එහෙම නැතිනම්, දරුවන්ට දරුවන් වෙන්න ඉඩ දීලා, පිටතදී එකිනෙකා සමග සමාජශීලී වෙන්නේ කොහොම ද කියලා ඉගෙන ගන්න ඉඩ දීලා, අපි මේ සාකච්ඡාව පස්සේ පටන් ගන්නවා ද?"
තම දරුවන්ට ස්මාට් ජංගම දුරකතන ලබා දීම ප්‍රමාද කිරීමට උනන්දු කරවන Wait Mate එකතුවේ සාමාජිකාවක වන දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඒමී ෆ්‍රීඩ්ලැන්ඩර් ද එයට එකඟ වෙයි.
අපේ ජීවිතවලට තාක්ෂණය ගෙනැල්ලා තියෙන සියලු ධනාත්මක දේවල් අපට අමතක කරන්න බෑ. විශාල උඩයටිකුරු වීම් තිබුණට ඒ සඳහා සූදානම් නැති අයගේ මොළේට ඒකෙන් වෙන්න පුළුවන් බලපෑම ගැන අපි ඇත්තට ම සලකා බලලා නෑ."
'අතිශය බාල ප්‍රවේශයක්'
100කටත් වැඩි ඔස්ට්‍රේලියානු විද්වතුන් පිරිසක් මෙම තහනම විවේචනය කරන්නේ "අතිශය බාල ප්‍රවේශයක්," ලෙස වන අතර, ඩිජිටල් පරිසර වෙත දරුවන්ට "ආරක්ෂිතව පිවිසීම" සහතික කිරීමට ආණ්ඩුවලට පවසා ඇති එක්සත් ජාතින්ගේ උපදෙසට එය ප්‍රතිවිරුද්ධ බවට ද ඔවුහු තර්ක කරති.
නව යොවුන් වියේ දරුවන්ට සමාජ මාධ්‍යවලින් සිදුවන බලපෑම පරීක්ෂා කරමින් සිටින ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු කමිටුවක සහය දිනා ගැනීමට ද එය අසමත් වී තිබේ. ඒ වෙනුවට කමිටුව නිර්දේශ කළේ, තාක්ෂණික දැවැන්තයන් දැඩි රෙගුලාසිවලට මුහුණ දිය යුතු බව ය.
එවැනි ඇතැම් ගැටලු විසඳීම සඳහා, පරිශීලකයාගේ ආරක්ෂාව සඳහා තාක්ෂණ සමාගම් ප්‍රමුඛතාව ලබා දීමට නීතිමය බැඳීමක් ඇති කරන, "රැකවරණය පිළිබඳ ඩිජිටල් කාර්යභාරය" නමින් නීති හඳුන්වාදෙන බවට අවසානයේ රජය පවසයි.
ඩිජිටල් හැසිරීම් පිළිබඳ පර්යේෂිකාවක වන ජොඈන් ඕලන්ඩෝ තර්ක කරන්නේ මෙම තහනම, "උපායමාර්ගයක කොටසක් වෙන්න පුළුවන් වුණාට සම්පූර්ණ උපායමාර්ගය ම වෙන්න බෑ," යනුවෙනි.
ඇය පවසන්නේ "ප්‍රෙහේලිකාවේ ලොකු ම කොටස" දරුවන් තම ෆීඩ්ස්වල දකින අන්තර්ගතයන් ගැන විවේචනාත්මකව සිතීමට සහ ඔවුන් සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය ගැන ඉගැන්වීම සිදු වීම බව ය.
ඒවා උත්සහ කර බැලීමට සහ සිදු කිරීමට නිදහස් "ඩිජිටල් සාක්ෂරතා මෙවලම්" සංවර්ධනය කිරීම වෙනුවෙන් 2022 සිට රජය දැනටමත් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 6ක් වැය කර තිබේ. කෙසේවුවත් පර්යේෂණ වලින් යෝජනා කරන්නේ, බොහෝ තරුණ ඔස්ට්‍රේලියානුවන් දිනපතා ඒ පිළිබඳව දැනුවත් කිරීම් නොලබන බව ය.
ඕලන්ඩෝ සහ අනෙකුත් විශේෂඥයන් අනතුරු අඟවන්නේ, තහනම ඵලදායී සහ ආරක්ෂිත ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය වන, සෑම ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ ම හඳුනාගැනීමේ ලේඛන අන්තර්ජාලය හරහා ස්ථානගත කිරීම හා සම්බන්ධ “විශාල අවදානම්” සැලකිල්ලට ගෙන, වයස් සත්‍යාපනය කිරීමේ තාක්‍ෂණය සෑදීමට සැලකිය යුතු බාධා ඇති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වයස සත්‍යාපනය කිරීමේ අත්හදා බැලීම් මගින් එම අභියෝගය විසඳීමට අපේක්ෂා කරන බවට ලබන වසරේ මැද භාගය වන විට වාර්තාවක් සභාගත කිරීමට බලාපොරොත්තු වන බව රජය පවසා තිබේ. පෞද්ගලිකභාවය පිළිබඳ ගැටලු එහි ඉදිරියෙන් සහ සහ මැද පවතිනු ඇති බවට ඔවුන් පොරොන්දු වී ඇතත්, සත්‍ය වශයෙන් ම එම තාක්ෂණය කුමක් ද යන්න පිළිබඳ ඉදිරිපත් කර ඇත්තේ තොරතුරු අල්ප වශයෙනි.
පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය "සුරැකීමට" වයස සත්‍යාපනය කරන ඕනෑ ම ආකාරයක වෙබ් අඩවියක ඔවුන්ගේ යූසර් අයිඩී එක එම වෙබ් අඩවි මගින් ලබා ගැනීමට පෙර එය නිර්ණාමික කිරීමට, තෙවන පාර්ශවයක සේවාවක් භාවිත කිරීමට සිය උපදෙස් මගින් eSafety Commissioner යෝජනා කර තිබේ.
කෙසේවුවත් ඕලන්ඩෝ තවමත් සැකයෙන් සිටියි. "මේක ඉවත් කළ හැකි මේ මොහොතේ පවතින කිසිදු තාක්‍ෂණයක් ගැන මට හිතාගන්න බෑ," ඇය බීබීසීයට පවසයි.
ඔස්ට්‍රේලියාව සාර්ථක වෙයි ද?
තරුණ පිරිස් අන්තර්ජාලය හරහා ඇතැම් වෙබ් අඩවි හෝ [සමාජ මාධ්‍ය] වේදිකාවලට පිවිසීම සීමා කිරීමට උත්සහ කරන පළමු රට කිසිසේත් ම ඔස්ට්‍රේලියාව නොවේ.
රාත්‍රී 10.30 සිට උදෑසන 6.00 දක්වා වයස අවුරුදු 16ට අඩු දරුවන් අන්තර්ජාල ක්‍රීඩා කිරීම වළක්වමින් 2011දී දකුණු කොරියාව "ෂට්ඩවුන් නීතිය" සම්මත කළත්, "තරුණයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ" අවශ්‍යතාවයෙන් එය පසුබෑමට ලක් වී පසුව ඉවත් කරගත්තේ ය.
ඉතා ම මෑතකදී ප්‍රංශය සමාජ මාධ්‍ය වේදිකාවලට දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ප්‍රවේශය අවහිර කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලදී. පර්යේෂණවලින් පෙන්වා දුන්නේ, පරිශීලකයින්ගෙන් අඩක් ම පමණ සරල VPN භාවිතයකින් තහනම මග හැරයාමට සමත් වූ බව ය.
ඔස්ට්‍රේලියාවට සමාන වූ එක්සත් ජනපදයේ ඌටා ප්‍රාන්තයේ නීතියකට වෙනස් ප්‍රශ්නයක් ඇති විය: එය ව්‍යවස්ථා විරෝධී ලෙස සලකා ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් අවහිර කරන ලදී.
ඔස්ට්‍රේලියාවේ යෝජනාව අනුවණකමක් නොවන බව ඇල්බනීස් ඒත්තු ගන්වා ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය සමාලෝචනයකට යටත් වනු ඇත.
"තාක්ෂණය වේගයෙන් ගමන් කරන බව අපි කවුරුත් දන්නවා සහ සමහර අය මෙම නව නීති වටෙන් යන්න ක්‍රම හොයා ගනීවි. නමුත් ඒක අපට තියෙන වගකීම නොසලකා හැරීමට හේතුවක් නොවෙයි," ඔහු නීති සම්පාදකයන්ට පැවසුවේ ය.
නමුත් වෙනස්කම් සඳහා බලපෑම් කළ එමා සහ ෆ්‍රිඩ්ලෑන්ඩර් වැනි මව්වරුන්ට තහනමෙන් ලබා දෙන වඩාත් ම වැදගත් පණිවුඩය එයයි.
තමන්ගේ දරුවාට ඇබ්බැහි කරවනසුලු උපකරණයක් ලබා දීම සහ [නැවත] ලබා ගැනීම හෝ එහෙමත් නැතිනම් තමන්ගේ දරුවා හුදෙකලා වෙලා ඉන්නවා දකින්න සහ සමාජයෙන් ඈත් වී ඇති බවක් දැනෙන එකේ අතර අපහසු තේරීමක් කලක පටන් දෙමව්පියන්ට තිබුණා," ෆ්‍රිඩ්ලෑන්ඩර් පවසයි.
"කාටවත් කොටසක් වෙන්න අවශ්‍ය නැති සම්මතයකට අපි කොටු වෙලා."
ස්නැප්චැට්වලින් ඉවත් වූ දා සිට තමා මිතුරන් සමග එළිමහනේ වැඩිවශයෙන් කාලය ගත කරන බව ජේම්ස් පවසයි.
නව නීතිවලින් ඔහු වැනි දරුවන්ට මාර්ගගතව සිටීම පීඩනයක් ලෙස දැනෙනවා වෙනුවට, "එළියට ඇවිත් එයාලා කැමති දේවල් කරන්න," හැකි වනු ඇතැයි යන්න ඔහු බලාපොරොත්තු වෙයි.














