මහ මැතිවරණය 2024: ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට මෙතෙක් පත් කර ඇත්තේ කවුද?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගනු ලබන්නේ, මහජන ඡන්දයෙනි.

ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් සම්පූර්ණ කෙරේ.

2024 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29න් 18ක් හිමි විය.

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5ක් හිමි විය.

ඒ ඒ පක්ෂ සඳහා ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන

  • ජාතික ජන බලවේගය - 18
  • සමගි ජන බලවේගය - 05
  • නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 02
  • සර්ව ජන බලය - 01
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 01
  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 01
  • ඉලංගෙයි තමිල් අරසු කච්චි - 01

මේ වන විට, ජාතික ජන බලවේගය සිය ජාතික ලැයිස්තු ආසන 18 සඳහා පත් කරන නම් සහ සර්ව ජනබලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාගේ නම ගැසට් නිවේදනයක් මගින් නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

  • බිමල් රත්නායක - ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආචාර්ය අනුර කරුණාතිලක - කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • මහාචාර්ය උපාලි පන්නිලගේ - රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • එරංග උදේශ් වීරරත්න - සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • අරුණ ජයසේකර - විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
  • ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
  • ජනිත රුවන් කොඩිතුවක්කු - නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
  • පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි - ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
  • රාමලිංගම් චන්ද්‍රසේකර් - පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
  • වෛද්‍ය නජිත් ඉන්දික - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
  • සුගත් තිලකරත්න - ඔලිම්පික් ක්‍රීඩක
  • නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර - ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
  • සුනිල් කුමාර ගමගේ - වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති
  • ගාමිණී රත්නායක - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
  • මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ - ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
  • සුගත් වසන්ත ද සිල්වා - සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
  • අබුබකර් ආදම්බාවා (දිගාමඩුල්ල දිස්ත්‍රික් අපේක්ෂයෙකු විය)
  • උපාලි සමරසිංහ (වන්නි දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විය)

සර්ව ජන බලය ජාතික ලැයිස්තු මන්ත්‍රී

  • දිලිත් ජයවීර

ජාතික ලැයිස්තුවක් ඇයි?

ජාතික ලැයිස්තු ක්‍ර‍මවේදය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ, ‘වෘත්තීය වශයෙන් දේශපාලනයේ නිරත නොවීම හමුවේ වන පූර්ව ස්ථාපිත ප්‍ර‍ජා සබඳතා සහ සම්බන්ධතා ජාල නොමැති, නමුත් පාර්ලිමේන්තුව සඳහා දායකත්වය ලබා දීම වැදගත් වන වෘත්තිකයින්, විද්වතුන් ඇතුළු සමාජයේ ප්‍ර‍මුඛ පුද්ගලයින්ට පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය හා එක් වීමට අවස්ථාවක් උදා කර දීම’ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ඒ හරහා, ‘ජනප්‍රිය දේශපාලන චරිත ලෙස පිළිගැනීමක් නැති, එහෙත්, අධ්‍යාපනය හා වෘත්තීය වශයෙන් පාර්ලිමේන්තුව තුළට අගයක් එක් කළ හැකි පුද්ගලයින්ට ඉඩ ලබා දීම’ සිදු කෙරේ.

කෙසේ වෙතත්, මහජන ඡන්දයෙන් පරාජය ලැබූවන්, දේශපාලන පක්ෂවල හිතවතුන් ආදී පුද්ගලයින් ද ජාතික ලැයිස්තු ක්‍රමවේදය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ලබා ගත් අවස්ථා බහුල ය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමි වන ක්‍රමවේදය කුමක් ද?

දේශපාලන පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේ, දිස්ත්‍රික් පදනමින් නොව, (‘ජාතික ලැයිස්තුව‘ යන නාමයට අනුකූලව ම) සමස්ත දිවයින තුළින් ම ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍ර‍මාණය මත පදනම් ව ය.

දේශපාලන පක්ෂයක් සිය ජාතික ලැයිස්තු සාමාජිකයින් ඡන්දයට පෙර නම් කළ යුතු අතර පත්කිරීම් ඒ ලැයිස්තුව පදනම් ව සිදු කෙරෙතැයි අපේක්ෂා කෙරේ.

සිය ඡන්දය භාවිත කිරීමේදී ඡන්දදායකයාට දිස්ත්‍රික් පදනමින් තමන් කැමති ම අපේක්ෂකයින් තිදෙනා සඳහන් කළ හැකි වුවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කළ හැකි අවස්ථාවක් නැත.

එම අපේක්ෂකයින් පක්ෂයේ කැමැත්ත මත පදනම්ව, වක්‍ර‍ව තේරී පත්වන බව පිළිගැනෙන්නේ එහෙයිනි.

මෙවර මහ මැතිවරණය සඳහා තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු නාම ලේඛන පහත දැක්වේ.

සමගි ජන බලවේගයේ යෝජිත ජාතික ලැයිස්තුව

  • රංජිත් මද්දුමබණ්ඩාර - සමගි ජන බලවේගයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය
  • ඉමිටියාස් බාකීර් මාකාර් - හිටපු අමාත්‍ය
  • ඩලස් අලහප්පෙරුම - හිටපු අමාත්‍ය
  • සාගරන් විජයන්දිරන්
  • නිසාම් කාරියප්පර්
  • සුජීව සේනසිංහ - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • මහාචාර්ය ජී.එල්. පීරිස් - හිටපු අමාත්‍ය
  • වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - හිටපු අමාත්‍ය
  • නීතිඥ උපුල් ජයසූරිය
  • ආචාර්ය මහීම් මෙන්ඩිස් - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • උපුල් බණ්ඩාර දිසානායක
  • මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
  • ලිහිණි ප්‍රනාන්දු
  • රවීන්ද්‍ර සමරවීර - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආචාර්ය අතුලසිරි සමරකෝන් - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • කෙනඩි ගුණවර්ධන
  • ලලිත් ප්‍රසන්න පෙරේරා
  • මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • මහේෂ් සේනානායක - මාධ්‍යවේදී
  • නීතිඥ රවී ජයවර්ධන
  • තිසත් විජේගුණවර්ධන
  • එල්. මිත්‍රපාල
  • පලනිවේලු රමේෂ්වරන්
  • බාලක්‍රිෂ්ණන් සිවනාසන්
  • ගණපති නකුලේස්වරන්
  • මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන
  • එම්.එච්.එම්. රූමි
  • මුහම්මදු ඉස්මයිල්
  • ඉන්දික බණ්ඩාරනායක - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ යෝජිත ජාතික ලැයිස්තුව

  • දිනේෂ් ගුණවර්ධන - හිටපු අග්‍රාමාත්‍ය
  • ශ්‍යාමිලා පෙරේරා
  • ෆයිසර් මුස්තෆා - හිටපු අමාත්‍ය
  • ටිරාන් අලස් - හිටපු අමාත්‍ය, ව්‍යාපාරික
  • මහින්ද යාපා අබේවර්ධන - හිටපු කතානායක, හිටපු අමාත්‍ය
  • ජයන්ත වීරසිංහ
  • සෙන්දිල් තොණ්ඩමාන්
  • ආචාර්ය සුරේන් රාඝවන් - උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර
  • රෝලන්ඩ් පෙරේරා
  • රවී කරුණානායක - හිටපු අමාත්‍ය
  • තලතා අතුකෝරළ - හිටපු අමාත්‍ය
  • කනිෂ්ක සුරනිමල රාජපක්ෂ
  • මුහම්මද් මුස්තෆා අන්වර්
  • නිස්සංක නානායක්කාර
  • සාගල අබේවික්‍රම
  • සිරිපාල අමරසිංහ
  • වීරකුමාර දිසානායක - හිටපු අමාත්‍ය
  • රෂ්ඩාන් රහුමාන්
  • ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
  • දමයන්ති ජයසේකර
  • නිව්ටන් පීරිස්
  • ලෙස්ලි දේවේන්ද්‍ර - වෘත්තීය සමිති නායක
  • මහින්ද සෙනරත් බණ්ඩාර
  • ඒ. උතුමා ලෙබ්බේ
  • මොහොමඩ් මුසම්මිල්
  • වෙල්ලාලගේ බන්දුල
  • සිරිමසිරි හපුආරච්චි
  • පියුමි සෙනරත් සමරතුංග
  • කීර්ති ශ්‍රී වීරසිංහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජිත ජාතික ලැයිස්තුව

  • නාමල් රාජපක්ෂ - හිටපු අමාත්‍ය
  • ගාමිණී ලොකුගේ - හිටපු අමාත්‍ය
  • සී.බී. රත්නායක - හිටපු අමාත්‍ය
  • මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි
  • මහාචාර්ය තිස්ස විතාරණ - හිටපු අමාත්‍ය
  • ජයන්ත කැටගොඩ
  • නීතිඥ සාගර කාරියවසම් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්
  • තිස්ස කුට්ටිආරච්චි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි
  • මොහොමඩ් ෆලීල් මර්ජාන් අස්මි
  • රේණුක පෙරේරා - හිටපු පළාත් සභා මන්ත්‍රී
  • ආචාර්ය විමල් ගීගනගේ
  • නීතිඥ ඩබ්. දයාරත්න
  • අනූෂා දමයන්ති - රංගන ශිල්පිනී
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත
  • වසන්තා හඳපාන්ගොඩ
  • විරාජ් පෙරේරා - සමාගම් අධ්‍යක්ෂ
  • නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා
  • නීතිඥ මංජුල වෙල්ලාලගේ
  • ඉංජිනේරු රවිහාර කුලතුංග
  • ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා
  • රංජිත් බණ්ඩාර
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විදුර පෙරේරා
  • පසන් කස්තුරි ප්‍රනාන්දු - පර්යේෂණ නිලධාරී