ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජ්‍ය සේවයට 8547ක් අලුතින් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය: පුරප්පාඩු ඇති රාජ්‍ය ආයතන 22 මෙන්න
- Author, බීබීසී සිංහල
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 8547 ක් සඳහා අලුතින් බඳවා ගැනීම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත එම අදාළ බඳවා ගැනීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ආනාවරණය කළේ අද (ඔක්තෝබර් 28 වැනි දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඔහු කියා සිටියේ පැවති ආර්ථික තත්ත්වය සහ පැවති ආණ්ඩුවල ප්‍රතිපත්ති තීරණ මත කලක සිට රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිසි ආකාරව සිදුව නොමැති බවයි.
යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන්
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඵ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, ඔක්තෝබර් 02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කරනු ලැබ ඇති නිර්දේශ පරිදි අදාළ බඳවාගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදී ඇත.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය ආයතන අනුව ඇති පුරප්පාඩු
- අධ්‍යාපන අමාත්‍යංශය - 79
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය - 120
- වරාය අමාත්‍යංශය - 44
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය - 17
- කෘෂි කර්ම අමාත්‍යංශය - 123
- වෙළෙඳ අමාත්‍යංශය - 01
- මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය - 310
- ධීවර අමාත්‍යංශය - 01
- ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය - 01
- ප්‍රවාහන අමාත්‍යංශය - 48
- විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යංශය - 54ක්
- ග්‍රාමීය සවර්ධන හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය - 06
- තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය - 355
- මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය - 5198
- වැවිලි අමාත්‍යංශය - 213
- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය - 1261
- ජාතික පොලිස් කොමිසම - 02
- උතුරු පළාත් සභාව - 115
- සබරගමුව පළාත් සභාව - 11
- වයඹ පළාත් සභාවට - 85
- උතුරු මැද පළාත් සභාව - 89
- බස්නාහිර පළාත් සභාව - 414
ඒ අනුව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්න පිරිස 8547කි.