ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය: බලපෑම් වලට යටත් නොවී රාජකාරිය කරන ආකාරය ගැන 'අවංකම රාජ්‍ය නිලධාරිනිය' කතා කරයි
දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යටත් නොවී රාජකාරි කටයුතු සිදු කිරීමට රාජ්‍ය නිලධාරීන් නොබියව ක්‍රියා කළ යුතු බව ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී ප්‍රකාශ කළාය.
සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් ජනතාවට අවංක සේවය සලසන රාජ්‍ය නිලධාරීන්ට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පිරිනමන "සුපිළිපන් ප්‍රණාම 2020" සම්මානය ජනවාරි 24 වැනිදා ඇයට හිමිවීම නිමිත්තෙන් එම සංවාදය පැවැත්වුණි.
පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරිනියක් වන ඇය රාජකාරි ඉටු කිරීමේදී තමන්ට එල්ලවූ දේශපාලන බලපෑම් ගැන ද මෙහිදී පැවසුවාය.
නිෂ්පාදනය: ෂර්ලි උපුල් කුමාර