'ජේවීපී එකේ අයට මේක හොඳට පුරුදුයි' - නාමල් රාජපක්ෂ

වීඩියෝ ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශපාලනඥයින් සහ ජනතාව
'ජේවීපී එකේ අයට මේක හොඳට පුරුදුයි' - නාමල් රාජපක්ෂ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි දේශපාලනඥයින් මෙන් ම ජනතාව ද මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ, "මේ ආණ්ඩුවට තමන් මැතිවරණ කාලයේ පොරොන්දු වෙච්ච දේවල් කරන්න බැරි වෙනකොට ජනාධිපතිවරයෙක් ජනාධිපති ධූර කාල සීමාව තුළ කරපු කාරණා පිළිබඳව පරීක්ෂණ කරලා පොදු දේපළ පනතට දානවා. මේ ජේවීපී එකේ අයට මේක හොඳට පුරුදුයි," යනුවෙනි.