ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනුර කුමාර දිසානායක : 'ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාව ද? පොදු ජනතාවගේ අපේක්ෂාව ද? තීන්දුවක් ගන්න'
ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා ද? නැතිනම් පොදු ජනතාවගේ වුවමනාවට පෙළ ගැසෙනවා ද? යන්න ගැන රටේ ජනතාව තීන්දුවක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවය සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජාතික ජන බලවේගය නම් කර ඇති අපේක්ෂකයා ඔහු වේ.
''ප්‍රභූ තන්ත්‍රය රකිනවා ද? පොදු ජනතාවගේ උවමනාවට පෙළ ගැසෙනවා ද? කියන එක අතර ගැටුම තමයි අනාගත දේශපාලන ගැටුම. ඒ නිසා මම හිතන්නේ මේ නිමේෂයේ දී නම් අපේ රටේ කිසිදු පුරවැසියෙකුට තමන් ස්වාධීනයි, අපි පැත්තකට වෙලා ඉන්නවා කියන මතය නියෝජනය කරන්න බෑ. එක්කෝ මේ ආපු දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාවට යන්න ඕනා. එක්කෝ පොදු ජනතාවගේ වුවමනාවට එන්න ඕනා.'' යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියේය.
රට ගොඩනැගීමට ඉදිරිපත් කරන වැඩපිළිවෙල, ඒ සඳහා ජාතික ජන බලවේගය වට සිටින කණ්ඩායම, විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික උපාය මාර්ග ආදී ක්ෂේත්‍ර ගණනාවක් ගැන ඔහු මේ සංවාදයේ දී අදහස් පළ කළේය.