'අධිකරණයේ යුක්තිය ඉෂ්ට වූ දවසක මම මේ ඇඳුම වෙනස් කරාවි. මගේ කොණ්ඩය වැවේවි'
'අධිකරණයේ යුක්තිය ඉෂ්ට වූ දවසක මම මේ ඇඳුම වෙනස් කරාවි. මගේ කොණ්ඩය වැවේවි'
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට (ඔක්තෝම්බර් 13) දින 5009ක් ගත වී තිබේ. ප්‍රගීත්ට යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් අඛණ්ඩ අරගලයක නිරත වන්නීය.
''මං මේ හැම එකක්ම කරන්නේ ප්‍රගීත්ට යුක්තිය ඉෂ්ට වෙන දා දක්වා ඔහුව ජීවත් කරවන්න. 2022 ජනවාරි 25 ඉඳලා මේ දක්වාම මම හිස භූ ගානවා. කළු අඳිනවා. කවදා හෝ ප්‍රගීත්ට මේ අපරාධය කළ අපරාධකරයින්ට දඬුවම් දීපු දවසක, අධිකරණයේ යුක්තිය ඉෂ්ට වූ දවසක මම මේ ඇඳුම වෙනස් කරාවි. මගේ කොණ්ඩය වැවේවි '' යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ බීබීසී සිංහල සේවයට පැවසුවාය.
ප්‍රගීත් නොමැතිව ගෙවුණු පළමු දින 5000 කාලය තුළ දරු දෙදෙනා සමග ගෙවා දැමූ දුෂ්කර කාලය සහ ප්‍රගීත් ගැන මතකය සන්ධ්‍යා එක්නැලිගොඩ මෙලෙස විස්තර කළාය.









