'උපරිමාධිකරණ සංකීර්ණයේ නඩු විභාගවන හැටි දැකබලා ගන්න අවස්ථාව දෙන්න' – සන්ධ්‍යා එක්නැලිගොඩ

Sandhya Eknaligoda wife of missing Sri Lankan cartoonist and journalist Prageeth Eknaligoda holds up a placard bearing his image during a protest rally in Colombo on January 24, 2012. Prageeth Eknaligoda disappeared on January 24, 2010, just hours before the presidential election. Rights groups have repeatedly accused the government of stifling media freedoms, a charge denied by the authorities

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නඩුවල පාර්ශවකරුවන්ට හා සිවිල් පුරවැසියන්ට නිදහසේ පැමිණ උපරිමාධිකරණ සංකීර්ණයේ නඩු විභාග වන ආකාරය කොවිඩ් වසංගතයට පෙර තිබු ආකාරයටම දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දෙන ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලා තිබේ.

ඒ අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

සිවිල් පුරවැසියන්ට අහිමි වී ඇති ව්‍යවස්ථාපිත හිමිකම සම්බන්ධයෙන් කරන බලවත් ඉල්ලීමක් ලෙස දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ එම ලිපිය යොමු කර තිබේ.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ යනු බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ,කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳය.

2010 වසරේ ජනවාරි මස 24 වන දින ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් , මරා දමා ඇති බවට අපරාධ චෝදනා ගොනු කොට ඇති අංක HC (TAB )725/2019 යන නඩුව මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

සන්ධ්‍යා එක්නැලිගොඩ පෙන්වා දෙන්නේ සිය සැමියාගේ අතුරුදහන් වීම වෙනුවෙන් 2010 දී රිට් පෙත්සමක් ගොනු කළ අතර, ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ තවත් නඩු ගණනාවක්ද ඇති බවය.

මෙම නඩුවල නඩු විභාගයන්ට කැඳවන දිනවල අධිකරණ ශාලාවලට ගොස් නඩු විභාගයන් කෙරෙන ආකාරය දැක බලා ගනු ලැබුවද, 2010-2020 තෙක් ලැබුණු එම අවස්ථාව 2020 සිට මේ වන තෙක් අහිමි වී ඇතැයි ඇය පෙන්වා දෙයි.

2020 වර්ෂයේ දී කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රථම වතාවට රට අගුළු දැමීමෙන් (lock down) පසු සිවිල් පුරවැසියන්ට උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති අධිකරණ ශාලාවට තම අනන්‍යතාව මත නිදහසේ ඇතුල්වීම නවතා දැමිණ.

මේ වන විට කොරෝනා ව්‍යසනය මත ඇතුළුවීම් සිමා කර තිබු ආයතන සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කර තිබුණත්, උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති අධිකරණවලට නිදහසේ තම අනන්‍යතාවය මත තමන්ගේම නඩුවට වුවත් සිවිල් පුරවැසියන්ට තවමත් ඇතුල්විය නොහැකි බව ඇය සිය ලිපියෙන් අගවිනිසුරුවරයා වෙත පෙන්වා දී තිබේ.

ඒ පිළිබද සිය ආසන්නතම අත්දැකීම් පෙන්වා දෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ පෙන්වා දෙන්නේ SC FR126/2021 නමැති නඩුකරයට සහභාගී වීම සඳහා ගිය තමන්ව 2022.03.25 දින ඇතුල්වන දොරටුව අසලදී ද, 2022.10.25 දින ගේට්ටුව අසල මුර කුටිය ළඟදි ද නවතන ලද බවය.

එහිදී “සිවිල් අයට යන්න දෙන්න බැහැ” යනුවෙන් තමන් වෙත පැවසු බව සන්ධ්‍යා එක්නැලිගොඩ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආරක්ෂක නිලධාරීන් විසින් තමා මෙන්ම තවත් නඩුවලට පැමිණි පැමිණිලිකරුවන්, පාර්ශවකරුවන් එදින මුර කුටිය අසලදී ආපසු හරවා යැවූ බව ඇය පවසයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියමකොට පිහිටුවන ලද සෑම අධිකරණයකම,සෑම විනිශ්චය අධිකාරයකම හෝ වෙනත් සෑම ආයතනයකම නඩු විභාග,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව" ඇය කියා සිටියාය.

"සියලු තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇත්තේය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106(1) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිවිල් පුරවැසියන්ට නඩු විභාග වල නිදහසේ යාමට හිමි අයිතිය ඉහත ක්‍රියාව තුළින් උල්ලංඝනය වී ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය.

'ලෝකයේ යහපත් ශක්තිමත් අධිකරණ පද්ධතියක් හිමි කිසිදු රටක මෙසේ නඩුවල පාර්ශවකරුවන්ට පවා තම නඩු විභාග වන ආකාරය දැක බලා ගැනීම අහිමි කර ඇති බවක් තමා අසා නොමැති බවද' ඇය අගවිනිසුරුවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වෙයි.

නඩුවල පාර්ශවකරුවන්ට හා සිවිල් පුරවැසියන්ට නඩු විභාග වලට පෙර තිබු ආකාරයට නිදහසේ පැමිණ නඩු විභාග වන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දෙන ලෙසත් සිවිල් පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය සුරක්ෂිත කර දෙන ලෙසත් ඒ අනුව ඇය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.

ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවන ලද ලිපියේ පිටපත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංවිධානය, මානව හිමිකම සංවිධාන ඇතුළුව සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත ද යොමුකර තිබේ.