ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ රෝහින්ග්‍යා සරණාගතයෝ : 'UNHCR කාර්යාලය නැති කරනවා කියන්නේ අපේ අනාගතය නැති කරනවා කියන එක.'
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ (UNHCR) කොළඹ කාර්යාලය වසා දැමීමට ගෙන ඇති තීරණය නිසා තමන් තවත් අසරණ වෙන බව පවසමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයෝ අද (ජනවාරි 02) කොළඹ දී නිහඬ විරෝධතාවයක නිරත වූහ.
මෙම කාර්යාලය වසා දැමීමට ගෙන ඇති තීරණය නිසා තමන්ට ලැබෙන සරණාගත දීමනාව අහිමි වන අතර තමන්ගේ ගැටලූ වලට මැදිහත්වෙන විධමත් යාන්ත්‍රණයක් නොමැති වන බවත් වෙනත් රටකට යෑමේ අවස්ථාව ද අහිමි වන බවත් ඔවුහු පැවසූහ.
ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරව අවතැන් වූවන් බහුතරයක් තම මුල් ස්ථාන කරා නැවත පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවති පුළුල් පරිමාණයේ අවතැන් තත්ත්වය අවසන් ව ඇති නිසා, ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදෙමින් ශ්‍රී ලංකාව තුළ එහි සමස්ත ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩාල කරමින් පවතින බව UNHCR හි කොළඹ කාර්යාලය BBC සිංහල සේවය කළ විමසීමකදී දැනුම් දෙන ලදී.