දුනිත් වෙල්ලාලගේ: 'මුලින්ම මගේ අතට බැට් එකයි බෝලෙයි දුන්නේ මගේ අම්මා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාව සමග පැවති ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය ලැබුව ද, අද වන විට මෙරට ක්‍රිකට්ලෝලීන් අතර පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් අතර පවා එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ගැන වැඩි අවධානයක් යොමුව තිබේ.
ඒ, මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ, තවමත් 20 හැවිරිදි වියේ පසුවන දුනිත් වෙල්ලාලගේ ගැන ය.
ඉකුත් දා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති ශ්‍රී ලංකා තරගයේ දී දුනීත් වෙල්ලාලගේ පන්දුවෙන්, පිත්තෙන් හා පන්දු රැකීමෙන් දැක්වූ දස්කම් නිසා ඔහු මෙසේ අවධානයට පාත්‍ර වී සිටියි.
කවුද මේ දුනිත් වෙල්ලාලගේ?
2003 වසරේ ජනවාරි මස නවවැනිදා මෙලොව එළිය දකින දුනිත් නෙත්මික වෙල්ලාලගේ, මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් ඔහුගේ මූලික අධ්‍යාපනය හැදෑරීය.
ඔහු වයස අවුරුදු නවයක් වන විට විදුහලේ ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් සඳහා යොමුවිය. 2013 වසරේ දී ඔහු ශාන්ත සෙබස්තියන් විදුහලේ 13න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීය.
විදුහල වෙනුවෙන් පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දක්වන දුනිත්ට 2016 වසරේ අගභාගයේ දී මරදානේ සාන්ත ජෝසප් විදුහලට ඇතුළුවීමට අවස්ථාව උදාවිය.
එම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන දුනිත්, 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගනු ලැබීය. ඒ, එම කණ්ඩායමේ නායකයා ලෙස ය.

ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වූ දක්ෂතා
2019 වසරේ දී, අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේ ය. ඔහු තරග හයක දී කඩුලු 17ක් දවාගත්තේ ය.
එම තරගාවලියේ දී ඔහු ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහි තරගවල දී කඩුලු පහ බැගින් දවාගැනීමට සමත්විය. පිත්තෙන් ද දස්කම් දැක්වූ දුනිත් ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 264ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ද වෙමිනි.
දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔහු රැස් කළ ලකුණු 113 වාර්තා පොතට එක්වූයේ, ඔහු අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත් කරමිනි.
'මේ නම ගැන මතකයේ තබා ගන්න - ඔහු ලංකාවේ නායකයෙක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අවුරුදු 19න් පහළ අර්ධ අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ශතකය සහ එම තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ද අවධානය දිනා ගැනීමට සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ කාලෝස් බ්‍රැත්වේට්, දුනිත් සම්බන්ධයෙන් එහිදී මෙසේ අදහස් දැක්වීය: "ඔහුගේ නම මතකයේ තබා ගන්න. ඔහු තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ ඇයි කියා ඔබටම පෙනෙනු ඇති."
එමෙන්ම දුනිත් අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු බවට පත්වනු ඇති බවත්, ඔහු ක්‍රීඩා කරන විලාසය සහ ඉනිම ගොඩනගන අයුරු දුටු විට එම ශෛලිය ඔහු තුළම ලියැවී ඇති ආකාරයක් පෙනෙන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඇලන් විල්කින්ස් ප්‍රකාශ කර තිබුණේ ය.
එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ්, දුනිත් උපක්‍රමශීලි ක්‍රීඩකයෙකු බව පවසා තිබුණි.
"උපක්‍රමශීලීව ඔහු දක්ෂයි. ඔහු තම පිටිය වටේ පන්දු රකින්නන් හසුරුවන ආකාරය, ඔහු නිතරම උත්සාහ කරන්නේ කඩුලු දවා ගෙන ආක්‍රමණශීලී අයුරින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට. මේවා ඇත්තටම ඔබව ශූරයෙකු බවට පත් කරන අතර එය කණ්ඩායමට සම්පතක්," ආර්නල්ඩ් එහිදී පවසා තිබුණි.
එම ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉකුත් වසරේ මැයි මාසයේ දී එංගලන්තයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීමේ අවස්ථාව දුනිත්ට උදාවිය.
අනතුරුව ජූනි මාසයේ දී ඕස්ට්‍රේලියානු "ඒ" කණ්ඩායම සමග වූ තරග සංචාරය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයට දුනිත් නම් කෙරුණි.
ඕස්ට්‍රේලියානුවන් විමතියට පත් කළ වෙල්ලාලගේ
ඔහුගේ මංගල එක්දින තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වීමට දුනිත් සමත්විය. ඔහු කඩුලු දඩයම අරඹනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරුවෙකු වූ ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවාගනිමින් වීම විශේෂත්වයකි.
දුනිත් ඔහුගේ මංගල එක්දින තරගයේ දී පන්දු යැවීමෙන් කඩුලු දෙකක් සහ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් විය. ඔහු තරග පහක දී කඩුලු නවයක් දවා ගනු ලැබුවේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ද වෙමිනි.
දුනිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ද හිමිකර ගනු ලැබුවේ ය. ඒ පාකිස්ථානයට එරෙහිව ය.
'මට මුලින්ම බැට් එකයි බෝලෙයි අතට දුන්න අම්මා - තාත්තා මට ලොකු හයියක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වරක් දුනිත් වෙල්ලාලගේ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්, ඔහු පැමිණියේ ඉක්මන් ගමනක් නොව පියවරෙන් පියවර පැමිණි ගමනක් බව පැවසීය.
එම ගමනේ දී ඔහුට පුහුණුව දුන් සෑම පුහුණුකරුවෙකු මෙන්ම, ඔහු වෙත පන්දුවක් හෝ යැවූ සෑම කෙනෙකුටම ස්තුතියිවන්ත වන බව ද ඔහු පැවසුවේ ය.
දුනිත්ගේ පියාවන සුරංග නිරෝෂන් වෙල්ලාලගේ ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ. ඔහු 1993 වසරේ දී මොරටුව වේල්ස් කුමාර විදුහල් ක්‍රිකට් කණ්ඩායම නායකයා ලෙස කටයුතු කර ඇත.
ඔහුගේ ක්‍රිකට් ගමනට පියාගෙන් ලැබෙන ගුරුහරුකම් හා මඟපෙන්වීම ඉතා වැදගත් බව පැවසූ දුනිත්, ක්‍රිකට් පිත්ත සහ පන්දුව ඔහු අතට ලබා දුන්නේ මව බව ද එම සාකච්ජාවේ දී පවසා සිටියේ ය.
දුනිත් වෙල්ලාලගේ පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට බාල සොහොයුරන් දෙදෙනෙකු ද සිටියි.
ඉන්දියාවට එරෙහිව අඟහරුවාදා තරගයේ දී දුනිත් තැබූ වාර්තාව
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරගයක දී කඩුලු පහක් දවාගනු ලැබූ ලාබාලතම පන්දු යවන්නා බවට දුනිත් වෙල්ලාලගේ පෙරේදා (සැප් 12) වාර්තා පොතට එක්විය.
දුනිත් ඉන්දියාවට එරෙහිව ලකුණු 40කට කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර එය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වේ. එමෙන්ම ඔහු පන්දු 46ක දී නොදැවී ලකුණු 42ක් රැස් කිරිමට සමත්විය.
IPL කණ්ඩායම් රැසක් දුනිත් ගැන අවධානය යොමු කරයි
ඉන්දියාවට එරෙහි තරගයේ දී දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා නිසා ඉන්දීය මාධ්‍ය මෙන්ම IPL තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම් කිහිපයකම ද අවධානය ඔහු වෙත යොමුවී තිබේ.
මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්, රාජස්ථාන් රෝයල්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක් දුනිත්ගේ දක්ෂතා ගැන අදහස් දක්වා තිබුණේ මෙසේ ය:
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

End of X post, 2

End of X post, 3
දවාගත් වටිනාම කඩුල්ල ගැන දුනිත් කියූ දේ
ඉන්දියාව සමග පැවති තරගයේ දී දුනිත් ශුබ්මන් ගිල්, රෝහිත් ෂර්මා, විරාත් කෝලි, හර්දික් පාන්ඩ්යා සහ කේ.එල්. රාහුල්ගේ කඩුලු දවා ගැනීමට සමත්විය.
තරගයේ දී දවා ගනු ලැබූ වටිනාම කඩුල්ල කුමක්දැ යි ක්‍රීඩා විස්තර විචාරකයෙකු විමසූ විට, විරාත් කෝලීගේ කඩුල්ල දවා ගැනීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් බව ඔහු පැවසුවේ ය.
ඉදිරි දශකයේ වටිනාම ක්‍රීඩකයා ඔහු යි
මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින්, දුනිත් ඉදිරි දශකයේ දී මෙරට වෙනුවෙන් එක්දින තරගවලදී වැදගත්ම ක්‍රීඩකයා වනු ඇති බව ප්‍රකාශ කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
මේ අතර ඉන්දීය පිලේ දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින් ද දුනිත් පිලිබඳ සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙසේ පැවසීය:
"මට දුනිත් වෙල්ලාලගේ ගැන පවසන්න දෙයක් නැහැ. මම ඔහුගේ රසිකයෙක් බවට පත්ව හමාරයි."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5