දිට්වා: 'ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කරන්න ගත් හදිසි තීරණයෙන් විශාල අනතුරක් වළක්වා ගන්න ලැබුණා'
දිට්වා: 'ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කරන්න ගත් හදිසි තීරණයෙන් විශාල අනතුරක් වළක්වා ගන්න ලැබුණා'
- Author, බීබීසී සිංහල
දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීමට පෙර සිටම වර්ෂාව වැඩි වීමත් සමග නොවැම්බර් 26 වැනිදා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රිය දෙකක් හදිසියේ නතර කිරීමට ගත් තීරණය හේතුවෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන ධනුෂ්ක දිසානායක පවසයි.
අධික වර්ෂාවත් සමග ඇතිවූ නායයෑම් නිසා උඩරට මාර්ගයේ ස්ථාන රැසකම දුම්රිය මාර්ගයට හානි සිදුව ඇත.
මේවන විට උඩරට මාර්ගයේ බදුල්ල සිට අඹේවෙල අතර දුම්රිය ධාවනය සිදුවන අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවීම නිසා නනුඔය දක්වා දුම්රිය ධාවනය කිරීමට නොහැකිවී තිබේ.
මේ සම්බන්ධයෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ දුම්රිය ප්‍රධාන ඉංජිනේරුවරයා පළ කළ අදහස් මෙම වීඩියෝවේ අන්තර්ගතවේ.









