ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කන්ජිපානිට සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැනයෑමට උපකාර කළ නීතිඥයින් ගැන පොලීසිය භාර ඇමති කියයි
පොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (ජූලි 18) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
''ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරගෙන ගිහින් පැන්නුවේ. දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තහම කතාව හොඳට කියනවා. බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද භාර දුන්නා. ඒගොල්ලන් ගෙනිහිල්ලා බෝට්ටුවට දැම්මා.'' යනුවෙන් ඔහු පැවසුවේය.
2023 දෙසැම්බර් 17 දින යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දා පටන් රුපියල් බිලියන 19ක් වටිනා මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන ඇති බවත්, ගිනිඅවි 955ක් සොයාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේය.
යුක්තියේ මෙහෙයුම නිසා අපරාධ අඩුවී ඇති අයුරු ඔහු විස්තර කරන ලදී.