'අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරැද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා'
'අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරැද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා'
''රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.'' යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (දෙසැම්බර් 13) රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී පැවසුවේය.
දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.









