අමාත්‍යංශවලට ආයතන බෙදූ හැටි: ජනපති යටතට ආයතන 94ක්

ඡායාරූප මූලාශ්‍රය, PMD
නව අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යංශවලට අයත් විෂයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 25 වන දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සඳහන් කර ඇත.
වැඩිම ආයතන ජනපති යටතට, අඩු ම පොලිස් ඇමතිට
ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහු සතු අමාත්‍යංශ 3ක් යටතේ ආයතන 94ක් තබාගෙන ඇති අතර, එය නව රජයේ එක් ඇමැතිවරයෙකු යටතේ ඇති වැඩි ම ආයතන සංඛ්‍යාව යි.
ඉන්පසුව වැඩි ම ආයතන ගණන් හිමිව ඇත්තේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට වන අතර, ඔහු යටතේ ඇති ආයතන ගණන 41කි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යටතට ලබා දී ඇති ආයතන සංඛ්‍යාව 34කි.
ඇමති සමන්ත විද්‍යාරත්න සහ කේ.ඩී. ලාල්කාන්ත යන ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ යටතට ආයතන 29 බැගින් ලබා දී තිබේ.
අගමැති හරිනි අමරසූරිය සතු අමාත්‍යංශ සඳහා මෙන් ම ඇමති හිනිඳුම සුනිල්සෙනෙවි සහ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට පවරා ඇති ආයතන සංඛ්‍යාව 26කි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු පත් කරන ලද කුඩා ම කැබිනට් මණ්ඩලය ද නියෝජනය කළ, මෙවර මහ මැතිවරණයෙන් වාර්තාගත වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් විජිත හේරත් ඇමතිවරයා සතු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයට ආයතන 9ක් අයත් වේ.
අමාත්‍ය ආනන්ද විජේපාලට හිමි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අඩු ම ආයතන සංඛ්‍යාවක් අයත් වන අතර එම සංඛ්‍යාව 5කි.
ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කරන ලද එක් එක් අමාත්‍යංශ සතුව ඇති ආයතන, දෙපාර්තුමේන්තු හා රාජ්‍ය සංස්ථා පහත දැක්වේ.
ආරක්ෂක අමාත්‍යංශය
ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන, දෙපාර්තුමේන්තු හා රාජ්‍ය සංස්ථා ගණන 25කි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, සිවිල් ආරක්ෂක දෙපාර්තෙම්න්තුව, ජාතික ශිෂ්‍ය භට බළකාය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් ලෙස, ආරක්ෂක සේවා විද්‍යාලය, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යසථානය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, ජාතික ආරක්ෂක විද්‍යායතනය, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තම්න්තුව, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය, ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරක්ෂක අමාත්‍යංශයට යටතට පත් කර ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ද ජනාධිපතිවරයා සතු වන අතර එම අමාත්‍යංශය යටතේ ආයතන 62ක් පවතී.
මහා භාණ්ඩාගාරය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීති කටයුතු දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, කොම්ප්ට්‍රෝල්ර් ජනරාල් කාර්යාලය, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ම රාජ්‍ය බැංකු, රාජ්‍ය මූල්‍ය ආයතන, රජයේ රක්ෂණ සමාගම් හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රීත ආයතන, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව ඊට අයත් ය.
එමෙන් ම, එම අමාත්‍යංශයට බදු අභියාචනා කොමිෂන් සභාව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව, රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය, වර්ජන කෝලාහල සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, ලෝහෝර් ආර්යා අරමුදල, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, ටෙක්නො පාර්ක් ඩිවෙලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාතික ණය සුරැකුම් ආයතනය, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ පරිපාලිත සමාගම්, ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය, කැන්විල් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ප්‍රොවිඩන්ට් ප්‍රොපර්ටි ලංකා ලිමිටඩ් යන ආයතන ද ඇතුළත් කර තිබේ.
ඊට අමතරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සමාලෝචනය කරනු ලබන ආයතන ලෙස ඒෂියන් ගේම් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොමන්වෙල්ත් ගේම් හම්බන්තොට (ප්‍රයිවට්) ලිමිටඩ්, මාගම්පුර වරාය කළමනාකරණ (පුද්ගලික) සමාගම, සීමාසහිත මිහින් ලංකා (පුද්ගලික) සමාගම, පෑලියගොඩ ගබඩා සංකීර්ණය, උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිතායතනය (SEMA) සහ ලංකා ෆැබ්රික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතන එම ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට ආයතන 7ක්
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය, තොරතුරු තාක්ෂණ උද්‍යාන, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන යන ආයතන ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වෙත පවරා තිබේ.
ඇමැති නලින්ද ජයතිස්ස ගේ අමාත්‍යංශයට අයත් වෙන්නේ මොනවා ද?
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන 41 පහත පරිදි වේ.
ජාතික සෞඛ්‍ය සභාව, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව, පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, සියලු ම ජාතික, ශික්ෂණ හා නිශ්චිත රජයේ රෝහල්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පාසල්, ජාතික වෘක්කවේද, කාන්දු පෙරීම හා බද්ධ කිරිමේ ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, විජය කුමාරතුංග අනුසමරණ රෝහල, අෂ්රොෆ් අනුස්මරණ රෝහල, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, 1990 සුවසැරිය පදනම, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ආයුර්වේද දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේද විද්‍යාලය සහ ආරෝග්‍ය ශාලා මණ්ඩලය, ආයුර්වේද ශික්ෂණ හා පර්යේෂණ රෝහල්, හෝමියෝපති රෝහල - වැලිසර, හෝමියෝපති වෛද්‍ය සභාව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව, රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සීමාසහිත ලංකා පුවත් ආයතනය, ශ්‍රී ලංකා පදනම, තැපැල් දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය සහ ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනය අමාත්‍ය නලින්ද ජයතිස්ස යටතට පවරා තිබේ.
සුනිල් හඳුන්නෙත්තිගේ අමාත්‍යංශයට ආයතන 34ක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට ආයතන, දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථා 34ක් පවරා දී තිබේ.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ලංකා ලේලන්ඩ් ලිමිටඩ්, සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව, සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම, කහටගහ ගැෆයිට් ලංකා ලිමිටඩ්, ලංකා පිඟන් සංසථාව (ගෙඩොල් සහ උළු අංශය), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ලංකා ඛනිජ වැලි සමාගම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අධිකාරිය, දැව ආශ්‍රීත නිර්මාණ මධ්‍යසථානය, ජාතික ශිල්ප සභාව, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, සීමාසහිත කහගොල්ල ඉංජිනියරින් සර්විසස් සමාගම (කෙස්කෝ), ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇඟලුම් ආයතනය, ලංකා ටෙක්සටයිල් මිල්ස් එම්පෝරියම් ලිමිටඩ්, ලංකා සළුසල ලිමිටඩ්, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල), ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය, සීමාසහිත ලංකා පොස්ෆේට් සමාගම, ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්, සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම, සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම, සීමාසහිත ලංකා සීනි (පුද්ගලික සමාගම), කන්තෙල් සීනි සමාගම, ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම, උක් පර්යේෂණ ආයතනය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එම ආයතන වේ.
ලාල්කාන්තගේ අමාත්‍යංශයට අයිති ආයතන මොනවා ද?
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය වෙත පහත සඳහන් ආයතන අයත් වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණය හා ජනාවාස අධිකාරිය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සේට්ට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය (ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය), ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ආශ්‍රීත සමාගම්, මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ්, සීමාසහිත මහවැලි ලයිව්ස්ටොක් එන්ටර්ප්‍රයිස් සමාගම, ඉඩම් කොමසාරිස ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරිමේ දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මැනුම් හා සිතියම්ගත කිරිමේ ආයතනය, ඉඩම් මැනුම් සභාව, ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, උමා ඔය, මොරගහකන්ද, කළුගඟ, ගිං, නිල්වලා, මල්වතු ඔය ඇතුළු අනෙකුත් ප්‍රධාන වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපෙද්ශක කාර්යාංශය හා එහි පාලිත සමාගම් හා ආශ්‍රීත සමාගම්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සීමාසහිත මහවැලි කන්සල්ටන්සි බියුරෝ (පුද්ගලික) සමාගම සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
ඇමැති සමන්ත විද්‍යාරත්නට ආයතන 29ක්
ඇමති සමන්ත විද්‍යාරත්නට හිමි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට ලබා දී ඇති ආයතන ගණන 29කි.
වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය, වැවිලි මානව සංවර්ධන භාරය, සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම, වතු අංශයේ ස්වයං රැකියා චක්‍රීය අරමුදල, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණ ආයතනය, තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලය, රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාව අයත් වේ.
එමෙන් ම, තේ ශක්ති අරමුදල, තුරු සවිය අරමුදල, ශ්‍රී ලංකා කජු සංස්ථාව, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය, තල් සංවර්ධන මණ්ඩලය, කිතුල් සංවර්ධන මණ්ඩලය, කප්රුක අරමුදල, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, සීමාසහිත කළුබෝවිටියන තේ කර්මාන්ත ශාලාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම සහ සීමාසහිත හලාවත වැවිලි සමාගම යන ආයත අදාළ අමාත්‍යංශයට ලබා දී ඇත.
අගමැතිනියට භාර දී ඇති ආයතන
හරිනි අමරසූරිය අගමැතිවරියට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපනය අමාත්‍යංශය ලබා දුන් අතර එම අමාත්‍යංශයට ආයතන 26ක් අයත් ය.
එම ආයතන මෙසේ ය.
විභාග දෙපාර්තුමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යාල, යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන, සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීම් අධිකාරිය, ලංකා - ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අෙනකුත් ආයතන, බුද්ධශ්‍රාවක භික්ෂූ විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD) එම අමාත්‍යංශයට ලබා දී තිබේ.
ඇමැති හර්ෂණ නානායක්කාරගේ අමාත්‍යංශයට අයත් ආයතන
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට ලබා දී ඇති ආයතන ගණන ද 26 කි.
නීතිපති දෙපාර්තුමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තුමේන්තුව, ණය සහනදායක මණ්ඩල දෙපාර්තුමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව, ශේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර් කාර්යාලය, ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම, සමථ මණ්ඩල කොමිෂන් සභාව, නීති අධ්‍යාපන සභාව, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය. ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ආර්බිට්‍රේෂන් සෙන්ටර් (ගරන්ටි) ලිමිටඩ්, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තුමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය.
එමෙන් ම රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය, අධිකරණමය නොවන නිලධාරීන් පුහුණු කිරිමේ ආයතනය සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය එම ආයතන යි.
හිනිඳුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා යටතට පැවරූ ආයතන
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති ධූරයට ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි හොබවන අතර එම අමාත්‍යංශයට ද ආයතන 26ක් අයත් ය.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මහා භාරකාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර් හෝල් රඟහල පදනම, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය, ගාලු උරුමය පදනම, ජාතික ප්‍රසංගික කලා මධ්‍යසථානය (නෙළුම් පොකුණ), මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය, අපේ ගම, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය, එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුසමරණ පදනම, ජාතික චිත්‍රපටි සංස්ථාව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් (පුද්ගලික) ආයතනය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, එම ආයතන වේ.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයට ආයතන 19ක් හිමි අතර එන්.ජී. අනුර කරුණාතිලක එම අමාත්‍යංශය බාර කැබිනට් ඇමතිවරයා වේ.
නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම (PQ 143), ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය (පොදු පහසුකම් මණ්ඩලය), ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව, රජෙය් කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ඕෂන් විව් ඩිවෙලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, එම ආයතන යි.
වසන්ත සමරසිංහට ආයතන 17ක්
වසන්ත සමරසිංහ අමාත්‍ය ධූරය හොබවන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට පහත සඳහන් ආයතන 17 ලබා දී ඇත.
වාණිජ දෙපාර්තුමේන්තුව, සීමාසහිත ලංකා සෙතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, මහපොළ භාරකාර අරමුදල, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය, මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශිය ආර්ථික මධ්‍යස්ථාන, ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, සමූපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව (සමූපකාර සමිති ලියාපදිංචි කිරිමේ රෙජිස්ටාර්), සමුපකාර සේවක කොමිෂන් සභාව, ජාතික සමූපකාර සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තුමේන්තුව, සීමාසහිත රාජ්‍ය වෙළඳ සමූපකාර තොඟ වෙළඳ සංස්ථාව, සමාගම් රෙජිසටාර් දෙපාර්තුමේන්තුව, සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රෙිඩින් සමාගම එම ආයතන වේ.
ආයතන 16ක් හිමි වූ අමාත්‍යංශ
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ආයතන 16 බැගින් හිමිව ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය සහ හා එහි පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්, මග නැඟුම, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සීමාසහිත ලක්දිව ඉංජිනේරු (පෞද්) සමාගම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ හා එහි පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්, සීමාසහිත ලංකා නැව් සංසථාව, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම අමාත්‍ය බිමල් රත්නායක ධූරය දරන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට හිමිව ඇති ආයතන යි.
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ඇමැතිවරයා යටතේ ඇති විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට, ජාතික මූලික අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යසථානය, ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව, ජාතික විද්‍යා පදනම, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් පිළිබඳ අරමුදල, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි පයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ඨතා මධ්‍යස්ථානය ඇතුළත් ය.
ආයතන 12 බැගින් හිමිවූ අමාත්‍යංශ මොනවා ද?
පරිසර, බලශක්ති සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශවලට ආයතන 12 බැගින් හිමිව තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලිබල සමාගම, සීමාසහිත ලංකා ගල්අඟුරු (පුද්ගලික) සමාගම, සීමාසහිත එල්ටීඑල් හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජෙතල් සංවර්ධන අධිකාරිය, සීමාසහිත පොලිප්ටෝ ලංකා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ ත්‍රිකුණාමලය ඛනිජෙතල් පර්යන්ත සමාගම යන ආයතනවල පාලන බලය බලශක්ති අමාත්‍යංශය සතුය.
මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, සීමාසහිත GSMB තාක්ෂණික සේවා පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් (ප්‍රයිවට්) ලිමිටඩ්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංසථාව මෙන්ම ජල සම්පත් මණ්ඩලය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යන ආයතන වෛද්‍ය ධම්මික පටබැඳි ඇමැතිවරයාට හිමි පරිසර අමාත්‍යංශයට අයත් වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස මහාචාර්ය ඒත එච්. එන්. එච්. අබේරත්න පත්වු අතර එම අමාත්‍යංශයට, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ඩිස්ටන්ස් ලර්නිං සෙන්ටර් ලිමිට්ඩ්, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් අරමුදල, පළාත් පාලන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල, පළාත් පාලන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, රෙජිසටාර් ජනරාල් දෙපාර්තුමේන්තුව, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ දේශිය ණය සහ සංවර්ධන අරමුදල යන ආයතන හිමිව ඇත.
ආයතන 10 බැගින් හිමිවූ අමාත්‍යංශ දෙකක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විම් හා තරුණ කටයුතු හා ක්‍රීඩා යන අමාත්‍යංශවලට ආයතන 10 බැගින් ලබා දී ඇත.
ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, සී/ස. ජාතික තරුණ සේවා සමූපකාරය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යසථානය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව, ජාතික ක්‍රීඩා සභාව, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය යන අයාතන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය වෙත ලබා දී තිබේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ග්‍රාම සංවර්ධන, පුහුණු හා පර්යේෂණ ආයතනය, සමාජ ආරක්ෂණ මණ්ඩලය, ආබාධ තැනැත්තන් සඳහා වන ජාතික සභාව, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තුමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහෙල්කම් කාර්යාලය, වකුගඩු අරමුදල ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විම් අමාත්‍යංශ සතු ආයතන යි.
විජිත හේරත් යටතේ ඇති ආයතන මොනවා ද?
විජිත හේරත් අමාත්‍යවරයාට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වගකිම් භාර දුන් අතර එම අමාත්‍යංශයට ආයතන 9ක් අයත් ය.
විදේශගත රාජ්‍ය දූත මණ්ඩල, ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය, ලක්ෂමන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ ලංකා සම්මුති කාර්යාංශය එම ආයතන වේ.
ධීවර අමාත්‍යංශයට ආයතන 7යි
ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ලංකා ධීවර සංස්ථාව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සී/ස. සීනෝර් පදනම සහ නෝර්ත් සී ලිමිටඩ් යන ආයතනවලට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය හිමිකම් කියනු ලබයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මෙන් ම කම්කරු අමාත්‍යංශයට ද ලැබී ඇත්තේ ආයතන 6 බැගිනි.
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තෙම්න්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මෙන් ම දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇති ආයතන 6 වේ.
කම්කරු අමාත්‍යංශයට කම්කරු දෙපාර්තුම්න්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය, ශ්‍රම වාසනා අරමුදල සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව අයත් ය.
අඩු ම ආයතන හිමි අමාත්‍යංශය
ශ්‍රී ලංකා පොලීසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, ආගමන හා විගමන දෙපාර්තුම්න්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය යන ආයතන 5 මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා ඇත.








