ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකාව දෙවැනි ගුවන්යානා ප්‍රවාහක නෞකාවත් යවයි
ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකාව දෙවැනි ගුවන්යානා ප්‍රවාහක නෞකාවත් යවයි
Published
ඊශ්‍රායලයට සහාය දැක්වීමක් වශයෙන්, එක්සත් ජනපදය නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සිය නාවික බලය තවත් ශක්තිමත් කරමින් සිටියි.
USS අයිසන්හවර් ප්‍රවාහක නෞකාව එහි පිටත්කර හැරියේ, "ඊශ්‍රායලයට එරෙහි එදිරිකම් හෝ යුද්ධය තවත් වර්ධනය කිරීමේ උත්සාහයන් අධෛර්යයමත් කිරීමට" බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඕස්ටින් ප්‍රකාශ කරයි.







