එප්ස්ටීන් ලිපිගොනුවල සඳහන් ප්‍රසිද්ධ පුද්ගලයින් කවුද?

Elon Musk, Bill Gates, Sarah Ferguson and Ehud Barak

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වමේ සිට දකුණට: ඊලොන් මස්ක්, බිල් ගේට්ස්, සාරා ෆර්ගියුසන් සහ එහුඩ් බරැක්
    • Author, බ්‍රැන්ඩන් ඩ්‍රෙනන්
  • කියවීමේ කාලය: මිනිත්තු 13

කුප්‍රකට මූල්‍යකරුවෙකු වූ එප්ස්ටීන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණය තුළින් එක්සත් ජනපද රජය විසින් නව ලිපිගොනු මිලියන ගණනක් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව, දැනට මිය ගොස් සිටින ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා ඇති ලෝකයේ අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන් පිරිසගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී ඇත.

"එප්ස්ටීන් ලිපිගොනු" ලෙස හඳුන්වන ලද මෙම ලේඛන නිකුතුවේ නවතම නිකුත් කිරීම පසුගිය ජනවාරි 30 වන දින සිදුවූ අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් සහ රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඇතුළත් විය.

ලේඛනවල පෙනී සිටි පමණින් කිසියම් වරදක් සිදු කර ඇති බවට ඉන් ඇඟ නොවේ.

පෙර නිකුතුවල ඇතුළත්ව සිටි බොහෝ දෙනෙකු එප්ස්ටීන්ට සම්බන්ධ කිසිදු වරදක් කර නැතැයි අවධාරණය කර ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නීතියක් ලෙස අත්සන් කරන ලද එප්ස්ටීන් ලිපිගොනුවල විනිවිදභාවය පිළිබඳ පනත මගින් නියම කරන ලද අවසාන දිනයෙන් සති කිහිපයකට පසුව මෙම නිකුතුව සිදුවිය. එම පනත හරහා එප්ස්ටීන්ට සම්බන්ධ සියලු ම ලේඛන සම්පූර්ණයෙන් නිකුත් කළ යුතු විය.

ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් සහ ඇතැම් රිපබ්ලිකන් නියෝජිතයින් පවසන්නේ, ට්‍රම්ප් පරිපාලනය තවමත් එහි වගකීම ඉටු කර නොමැති අතර ලේඛන රැසක් රඳවාගෙන සිටින බව ය.

නවතම නිකුතුවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් මෙහි දැක්වේ.

ඊලොන් මස්ක්

එප්ස්ටීන් සහ තාක්ෂණික අංශය නියෝජනය කරන බිලියනපතියෙකු වන ඊලොන් මස්ක් අතර සංචාරක සැලසුම් සම්බන්ධයෙන් සිදුවූ ඊමේල් ගනුදෙනු ලේඛනවල එහි ඇතුළත් වේ. එහෙත්, මස්ක් පවසන්නේ තමන් කිසි දා එප්ස්ටීන්ගේ පෞද්ගලික දූපතට ගොස් නොමැති බව ය.

2012 වසරේ නොවැම්බර් මාසයේදී මස්ක් එක් ඊමේල් පණිවුඩයක මෙලෙස සටහන් කළේ ය: "ඔබේ දූපතේ ඇති වල් ම සාදය පැවැත්වෙන්නේ දහවල් ද? රෑ ද?"

එම වසරේ ම දෙසැම්බර් මාසයේ තවත් ඊමේල් පණිවුඩයක ඔහු මෙලෙස සටහන් කළේ ය: "ඇත්තට ම මට සාන්ත බාර්ට්ස් හෝ වෙනත් තැනක සාදයකට සහභාගි වෙලා සම්පූර්ණයෙන් විනෝදයක් ලබන්න ඕනේ,"

එයට අමතරව, "සාමකාමී දූපත් අත්දැකීමක්" යැයි තමන් පෙර කැමති බව කී දෙයට විරුද්ධ අදහසක් ඔහු සඳහන් කර ඇත.

ප්‍රතිචාරය : ජනවාරි මාසයේදී X සටහනකින් මස්ක් ප්‍රතිචාර දැක්වූ අතර, මෙම ඊමේල් පණිවුඩ ''මඩ ගැසීමේ අරමුණින් මගේ නම'' භාවිත කරන්නට ඇති බව පැවසුව ද, එප්ස්ටීන් සමග එක්ව බරපතළ අපරාධ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් තමා වඩාත් සැලකිලිමත් වන බව පැවසුවේ ය.

බිල් ගේට්ස්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2013 ජූලි 18 වන දින සිට ඊමේල් පණිවිඩ දෙකක් එප්ස්ටීන් විසින් සකස් කරන ලද ඒවා ලෙස ලියා ඇති නමුත් ඒවා සත්‍ය ඒවා ද එමෙන් ම, ඒවා මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් වෙත යොමු කර තිබී ඇති ද? යන්න පැහැදිලි නැත.

එක් ඊමේල් පණිවුඩයක ඔහු 'බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන්' ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා ඇති අතර ඉන් පැමිණිලි කරන්නේ, "රුසියානු ගැහැනු ළමුන් සමග ලිංගිකව හැසිරීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දීම සඳහා" ගේට්ස්හට ඖෂධ මිල දී ගැනීමට සිදුවූ බව‍ ය.

"ආදරණීය බිල්" ලෙස ආරම්භ වන තවත් ඊමේල් පණිවුඩයක, සම්බන්ධය අවසන් කිරීම පිළිබඳව පැමිණිලි කර ඇති අතර, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වසන් කිරීමට ගේට්ස් උත්සහ කළ බවටත්, එය ඔහුගේ එවක බිරිඳ වූ මෙලින්ඩාගෙන් ද වසන් කිරීමට උත්සහ කළ බවටත් එහි සඳහන් වේ.

NPR සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහුගේ හිටපු බිරිඳ මෙලින්ඩා ගේට්ස් පැවසුවේ, මෙම ලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඔවුන්ගේ විවාහ ජීවිතයේ ඇති වූ අර්බුද පිළිබඳ මතකයන් නැවත අවදි වූ බව ය.

"මට මගේ දුක දරාගෙන ඒ තරුණ ගැහැනු ළමයි දිහා බලලා, මගේ දෙවිය නේ, ඒ ගැහැනු ළමයින්ට ඒක කොහොම ද වුණේ කියලා අහන්න පුළුවන්?" ඇය පැවසුවා ය.

''අඩු ම වශයෙන් මට නම් ජීවිතයේ ඉස්සරහට යන්න පුළුවන් වෙලා තිබෙනවා. දැන් කාන්තාවන් වෙලා ඉන්න ඒ අයට යම් සාධාරණයක් ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා."

ප්‍රතිචාරය : ගේට්ස්ගේ ප්‍රකාශකයෙක් බීබීසී පුවත් සේවයට මෙලෙස පැවසීය: "බොරුකාරයෙකු යැයි සනාථ වී ඇති අයෙකු කර ඇති මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම විකාර යි, ඒ වගේ ම අසත්‍ය යි''

ඩොනල්ඩ් ට්‍රම්ප්

අලුතින් නිකුත් කරන ලද ලිපිගොනු වල ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිබඳව වාර සිය ගණනකදී සඳහන් වී ඇති අතර, ජාතික තර්ජන මෙහෙයුම් මධ්‍යස්ථානයේ දුරකතන උපදෙස් සේවාවට ලැබුණු ඇමතුම් හරහා ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය වසරේදී ෆෙඩ්රල් විමර්ශන අංශය විසින් සකස් කරන ලද ලැයිස්තුවක් ද ඊට ඇතුළත් වේ.

මේවායින් බොහොමයක් ඒජන්සියට ලැබුණු සත්‍යාපනය නොකළ ඉඟි මත පදනම්ව ඇති ඒවා බව පෙනේනනට ඇති අතර ඒවාට සහය වන සාක්ෂි නොමැතිව ඉදිරිපත් කර තිබේ.

එම ලැයිස්තුවට, ට්‍රම්ප්, ජෙෆ්රි එප්ස්ටීන් සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව ඉදිරිපත් වූ ලිංගික අපයෝජන චෝදනා ගණනාවක් ද ඇතුළත් වේ.

ප්‍රතිචාරය:ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, එප්ස්ටීන් සම්බන්ධයෙන් තමන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදු නොකළ බව ය. ඔහු පවසන්නේ, දශක ගණනකට පෙර එප්ස්ටීන් සමග තිබූ සම්බන්ධතාව අවසන් කළ බවත්, එප්ස්ටීන්ගේ වින්දිතයන් විසින් තමන්ට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ය.

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්

ප්‍රසිද්ධියට පත් කළ නවතම එප්ස්ටීන් ලිපිගොනු නිකුතුවට, ඇන්ඩෲ මවුන්ට්බැටන්–වින්ඩ්සර් බිම වැතිර සිටින කාන්තාවකගේ සිරුර මත දණ ගසාගෙන සිටින ආකාරය පෙන්වන ඡායාරූප කිහිපයක් ද ඇතුළත් වේ.

ඡායාරූප දෙකක ඇන්ඩෲ, අනන්‍යතාව හඳුනා ගත නොහැකි සම්පූර්ණයෙන් ම ඇඳුම් ඇඳ සිටින කාන්තාවකගේ උදරය ප්‍රදේශය ස්පර්ශ කරන ආකාරය දක්නට ලැබේ. තවත් ඡායාරූපයක ඔහු ඍජුව කැමරාව දෙස බලා සිටින ආකාරය දැක්වේ.

මෙම ඡායාරූප සම්බන්ධයෙන් කිසිදු පසුබිම් තොරතුරක් ලබා දී නොමැති අතර, ඒවා ලබා ගත්තේ කවදා ද හෝ කොහේදී ද යන්න පැහැදිලි නොමැත.

ප්‍රතිචාරය :මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසී පුවත් සේවය මවුන්ට්බැටන්–වින්ඩ්සර් අමතා ඇත. කිසිදු වැරදි ක්‍රියාවක් නොකළ බව ඔහු දිගින් දිගට ම පවසයි.

A grey-haired man dressed in a white polo shirt and blue jeans looks directly at the camera. He is on all fours directly over an unidentified female who is laying on the floor.

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice

ඡායාරූප ශීර්ෂ වැකිය, කිසිදු වැරදි ක්‍රියාවක් නොකළ බව ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් දිගින් දිගට ම පවසයි.

රිචඩ් බ්‍රැන්සන්

රිචඩ් බ්‍රැන්සන්ගේ නම ලිපිගොනුවල අවස්ථා සිය ගණනක් දක්නට ලැබේ.

2013 වසරේදී හුවමාරු වූ එක් ඊමේල් පණිවුඩයක, එප්ස්ටීන් බ්‍රැන්සන්ගේ මෑත කාලීන ආගන්තුක සත්කාර සහ මහජන සම්බන්ධතා උපදෙස් සඳහා ස්තූතිය පළ කර ඇති අතර, එයට පිළිතුරු ලෙස බ්‍රැන්සන් පවසා ඇත්තේ, ඔහු දැකීම "ඇත්ත වශයෙන්ම සතුටක්" බව ය. "ඔබ ඔබේ අන්තඃපුරය රැගෙන එන තාක් කල් ඔබ මෙම ප්‍රදේශයට පැමිණෙන ඕනෑ ම වේලාවක ඔබව දැකීමට කැමැත්තෙන් ඉන්නවා."

"හෙයාරෙම්" යන්නෙන් එප්ස්ටීන්ගේ කණ්ඩායමේ වැඩිහිටි සාමාජිකයින් තිදෙනෙකු ගැන සඳහන් වන බව වර්ජින් ගෲප් සමාගම පැහැදිලි කර ඇත.

ප්‍රතිචාරය: බීබීසී පුවත් සේවය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් වර්ජින් ගෲප් පැවසුවේ, බ්‍රැන්සන් එප්ස්ටීන් සමග සබඳතා පැවැත්වූයේ, "වසර දොළහකට පෙර අවස්ථා කිහිපයකදී පමණක් බවත්, එය පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් පැවති ටෙනිස් ඉසව්වක් වැනි කණ්ඩායම් හෝ ව්‍යාපාරික කටයුතුවලට පමණක් සීමා වූ බව ය.

එම ප්‍රකාශයෙහි තවදුරටත් සඳහන් වන්නේ, "එප්ස්ටයින් පරිත්‍යාගයක් පිරිනැමීමට ඉදිරිපත් වූ විට, පරිත්‍යාගය පිළිගැනීමට පෙර නිසි විමර්ශනයක් කරන්නැයි බ්‍රැන්සන් යුවළ තම කණ්ඩායමෙන් ඉල්ලා සිටි බවය. ඉන් බරපතළ චෝදනා හෙළි කළේ ය.

"එම පරීක්ෂණයෙන් හෙළිවූ කරුණු හේතුවෙන් Virgin Unite ආයතනය එම දාන පරිත්‍යාගය පිළිනොගත් අතර, රිචඩ් සහ ජෝන්, එප්ස්ටීන්ව නැවත හමුනොවීමට හෝ කතා නොකිරීමට තීරණය කළහ. ඔවුන් සම්පූර්ණ තොරතුරු සහ පසුබිම පූර්ව වශයෙන් දැන තිබුණා නම්, කිසිදු සම්බන්ධතාවක් කිසි විටෙකත් නොසිදුවේවි. රිචඩ් විශ්වාස කරන්නේ එප්ස්ටීන්ගේ ක්‍රියා පිළිකුල්සහගත බව සහ ඔහුගේ බොහෝ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ අයිතියට තමන් සහාය දක්වන බවය."

සාරා ෆර්ගියුසන්

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ගේ හිටපු බිරිඳ වන සාරා ෆර්ගියුසන්, 'ෆර්ගී' ලෙස ද නිරන්තරයෙන් හඳුන්වනු ලබන අතර, එප්ස්ටීන් නිවාස අඩස්සියේ සිටි අවදිය ද ඇතුළුව ඊමේල් රැසක ඇගේ නම සඳහන් කර ඇති බව පෙනෙන්නට තිබේ.

එප්ස්ටීන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ගිණුමකින් ලැබුණු ඊමේල් පණිවුඩයක මෙලෙස සඳහන් වේ: "මං හිතන්නේ ෆර්ගීට දැන් කියන්න පුළුවන්, මං යොවුන් වියේ පසුවන දරුවන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් අත්විඳින මානසික රෝගියෙක් නෙමෙයි කියලා."

2009 අප්‍රේල් මාසයේ සිදුවූ තවත් ඊමේල් හුවමාරුවකදී, "තේ පැන් සංග්‍රහයක්" සඳහා එප්ස්ටීන්ව හමුවීමට සිදු කරන ලද ඉල්ලීමක් ඇතුළත් වන අතර, එහි මෙලෙස සඳහන් කර තිබේ: "මගේ ආදරණීය විශිෂ්ට සහ විශේෂ මිතුරා ජෙෆ්රි. ඔබ විශිෂ්ටයෙක්, මං ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා.''

ප්‍රතිචාරය : කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇති බව මෙම ඊමේල් පණිවුඩවලින් නොපෙනේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට බීබීසී පුවත් සේවය ෆර්ගසන් සම්බන්ධ කර ගත්තේ ය.

මැන්ඩෙල්සන් සාමිවරයා

නිකුත් කළ බැංකු ප්‍රකාශන අනුව, ජෙෆ්රි එප්ස්ටීන් විසින් මැන්ඩල්සන් සාමිවරයාට සහ ඔහුගේ සහකරු වන රෙනාල්ඩෝ අවීලා ද සිල්වාට සම්බන්ධ ගිණුම්වලට අමෙරිකානු ඩොලර් 75,000ක් (පවුම් 55,000ක්) පමණ ගෙවීම් කර ඇති බව ලේඛනවල සඳහන් වේ.

වෙළෙඳපොළ සංවේදී තොරතුරු එප්ස්ටීන්ට ලබා දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව මෙට්‍රොපොලිටන් පොලිසිය මැන්ඩෙල්සන් සාමිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

2009 වසරේදී, බාල වයස්කරුවෙකු ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් එප්ස්ටීන් වරද පිළිගෙන වසරකට පසුව, ද සිල්වා "ඔබට මට උදව් කළ හැකි කුමන හෝ දෙයක් තිබේ ද?" යනුවෙන් ඉල්ලීමක් කරමින් ඊමේල් පණිවිඩයක් යොමු කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් එප්ස්ටීන්, "ඔබගේ ණය මුදල මං වහා ම යොමු කරන්නම්" යනුවෙන් සඳහන් කර ඇත.

හුවමාරු කර ගත් වෙනත් ඊමේල් පණිවිඩයක එප්ස්ටීන් නිව් යෝර්ක්හි පිහිටි ඔහුට අයත් මහල් නිවාසයක මැන්ඩෙල්සන්ට නැවතී සිටීමට ස්ථානයක් සකස් කරන බව පෙන්වා දෙයි, එප්ස්ටීන් එහි සඳහන් කර ඇත්තේ "සත්කාරකත්වය ලබා දීමට ලැබීම ගැන සතුටු යි, මම එහි නැති එක ගැන කනගාටු යි'' යනුවෙනි.

ප්‍රතිචාරය: මැන්ඩෙල්සන් සාමිවරයා පවසා ඇත්තේ ඔහු සාමි මන්ත්‍රී මණ්ඩලයෙන් ඉවත් වන බවයි. ඉරිදා, මැන්ඩෙල්සන් "එප්ස්ටීන්ව දැන හඳුනා ගැනීම" සහ එප්ස්ටීන් වරදකරු වීමෙන් පසුව ඔහු සමග පැවති ඇසුර අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුගේ කනගාටුව නැවත ප්‍රකාශ කළේ ය. ඔහු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ, "(එප්ස්ටීන්ගේ) අපරාධවලට ඔහු කිසි විටෙකත් වැරදිකරුවෙකු හෝ හවුල්කරුවෙකු නොවූ බව ය. ''අනිත් හැමෝම වගේ මමත් ඔහුගේ මරණයෙන් පස්සේ තමයි ඔහු පිළිබඳ ඇත්ත දැන ගත්තේ." ලේඛන ‍රහස්‍ය ලෙස පිට කිරීමේ චෝදනාවලට ඔහු ප්‍රතිචාර දක්වා නොමැත, නමුත් බීබීසී පුවත් සේවය අවබෝධ කර ගෙන ඇත්තේ අපරාධකාරී ලෙස සහ පෞද්ගලික වාසි තකා ක්‍රියා නොකළ බව ඔහු පවසන බවයි. 2008 වසරේදී උද්ගත වූ ගෝලීය මූල්‍ය අර්බුදය අතරතුර ජාතික අවශ්‍යතාව මත එප්ස්ටීන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීමට උත්සහ කළ බවට ඔහු තර්ක කරයි.

ස්ටීව් බැනන්

මේ වන විට මියගොස් සිටින ලිංගික අපරාධකරුවෙකු වූ එප්ස්ටීන් සහ ට්‍රම්ප්ගේ හිටපු ඉහළම උපදේශකයෙකු වන ස්ටීව් බැනන් අතර හුවමාරු වූ පණිවිඩ දහස් ගණනක් ද ලිපිගොනු වල අඩංගු වේ.

බොහෝ පණිවිඩ 2018 සහ 2019 කාලයේදී යොමු කර ඇත්තේ බැනන් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී ධවල මන්දිරයේ දැරූ සිය භූමිකාවෙන් ඉවත් වූ පසුව වන අතර, ඒ එප්ස්ටීන්ගේ මරණයට පෙර ඔහු පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටියදී ය.

හුවමාරු වූ එක් කෙටි පණිවිඩයකින් පෙන්නුම් කරන්නේ, එප්ස්ටීන්ගේ අතීත අපරාධ වටා ඇති කතාව වෙනස් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔහු සමග උපාය මාර්ග සකස් කරමින් සිටින බවට ය. "පළමුව අපි බොරු පසුපසට ඇද දාන්න ඕනේ" සහ "දානපතියෙකු වශයෙන් ඔබේ ප්‍රතිරූපය නැවතත් ගොඩනගා ගන්න ඕනේ" යනුවෙන් යෝජනා කරයි

ප්‍රතිචාරය: කිසිදු වරදක් සිදු කළ බවට චෝදනා නොලබන බැනන්, බීබීසී පුවත් සේවය අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොමැත.

මිරොස්ලාෆ් ලොයිචොක්

2018 ඔක්තෝබර් මාසයේදී ස්ලෝවැකියාවේ විදේශ අමාත්‍යවරයා ලෙස සේවය කළ මිරොස්ලාෆ් ලොයිචොක් සහ එප්ස්ටීන් අතර සිදුවූ පණිවිඩ හුවමාරුවකදී ගැහැනු ළමුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ පණිවුඩ හුවමාරුවක් සිදු කර ඇතැයි පෙන්නුම් කෙරේ.

එප්ස්ටීන් විසින් ලේඛනවල දැකිය නොහැකි ඡායාරූපයක් යොමු කළ පසු, ලොයිචොක් මෙසේ ප්‍රතිචාර දක්වයි:

"මේ ක්‍රීඩා සඳහා ඔබ මට ආරාධනා නොකරන්නේ ඇයි ? මම 'MI' ගැහැනු ළමයාව ගන්නවා."

"කවුද එහෙම නොකරන්නේ," එප්ස්ටීන් පිළිතුරු යොමු කරයි. "ඔයාට ඒ දෙන්නව ම ගන්න පුළුවන්, මම අයිතිකාරයා නෙවෙයි. ඒ වගේ ම එයාලගේ සහෝදරියෝ.''

ප්‍රතිචාරය:එප්ස්ටීන් සම්බන්ධ ලේඛනවල නවතම නිකුත් කිරීමෙන් පසුව, ලොයිචොක් ස්ලෝවැකියාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහු කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව නොමැත.

හොවාර්ඩ් ලුට්නික්

නවතම එප්ස්ටීන් ලිපිගොනුවලට අනුව බිලියනපති ව්‍යාපාරිකයෙකු සහ එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙකු වූ හොවාඩ් ලුට්නික් සිය පවුල සමග ජෙෆ්රි එප්ස්ටීන්ගේ Little Saint James දූපතේ සංචාරයක් සැලසුම් කර තිබේ.

2012 වසරේ දෙසැම්බර් මාසයේ යොමු කළ එක් ඊමේල් පණිවුඩයක් මගින් ලුට්නික්ගේ බිරිඳ ඇලිසන්, එප්ස්ටීන්ගේ සහායකයාට සංචාරයට පෙර දිනයේ පැවසූ දෙයක් මෙන් පෙනෙන්නට ඇති දෙයක් පිළිබඳව ලියා තිබේ. "අපි ඔබව බලන්න එන්න හදන්නේ." සහ "දිවා ආහාරය සඳහා ඔබත් සමග එක්වීමට අපි කැමති යි".

ප්‍රතිචාරය: බීබීසී පුවත් සේවය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව පැවසුවේ ''ලේකම් ලුට්නික් ඔහුගේ බිරිඳ ඉදිරියේ එප්ස්ටීන් සමග පවත්වාගෙන ගොස් ඇත්තේ සීමිත සබඳතා බවත්, ඔහු කිසිදු වරදකට චෝදනා ලබා නොමැති බවත් ය.

ලැරී සමර්ස්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ හිටපු සභාපති ලැරී සමර්ස්ගේ නම ද නව ලේඛනවල ඇතුළත්ව තිබෙන්නේ සමර්ස් සහ එප්ස්ටීන් අතර පැවති රැස්වීම් සහ රාත්‍රී භෝජන සංග්‍රහ පිළිබඳ සඳහන් කිරීම් ද ඇතුළුව ය.

2017 වසරේ යොමු කරන ලද ඊමේල් පණිවුඩ කිහිපයකදී, සමර්ස් සහ එප්ස්ටීන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධූර කාලය තුළ ඔහු පිළිබඳ සරදම් කරමින් සහ විවේචනය කරමින් පණිවුඩ හුවමාරු කරගෙන තිබේ.

"ඇත්තට ම ඔහු කොතරම් මෝඩයෙක් ද කියා ඔබේ ලෝකයට තේරෙන්නේ නැහැ," එප්ස්ටීන් සමර්ස් වෙත යොමු කළ එක් ඊමේල් පණිවුඩයක ට්‍රම්ප් පිළිබඳව සඳහන් කර තිබිණි.

ප්‍රතිචාරය: නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද එප්ස්ටීන් ලිපිගොනු සමූහයක් අතර සමර්ස් පිළිබඳව සඳහන්ව තිබීමෙන් අනතුරුව ඔහු "එප්ස්ටීන් සමග සන්නිවේදනය අඛණ්ඩව සිදු කරගෙන යාමට මා ගත් වැරදි තීරණය සඳහා සම්පූර්ණ වගකීම භාර ගන්නවා" යනුවෙන් පැවසූ අතර OpenAIහි උපදේශක මණ්ඩලයේ ඔහුගේ භූමිකාව ඇතුළු තනතුරු රැසකින් ඉල්ලා අස්විය.

ස්ටීව් ටිෂ්

New York Giants සම නිර්මාතෘ ස්ටිව් ටිෂ්, එප්ස්ටීන් සම්බන්ධ නවතම ලේඛන නිකුත් කිරීමේදී ඔහුගේ නිවසේදී හමුවූ කාන්තාවක පිළිබඳව විමසා ඇතැයි දැක්වෙයි.

හුවමාරු කළ එක් ඊමේල් පණිවිඩයක, ටිෂ් අදාළ කාන්තාව වෘත්තිකයෙකු ද නැතහොත් "සිවිල් වැසියෙකු" ද යන්න විමසුවේ ය.

හුවමාරු කරන ලද අනෙක් පණිවිඩවලදී එප්ස්ටීන් ටිෂ්ට තමාගෙන් ඔහුට "තෑග්ගක්" ඇති බව පවසන අතර, ඔහු ටිෂ් වෙත කාන්තාවක පිළිබඳව විස්තර කරන්නේ, 'ටහිටියානුවන්, බොහෝදුරට කතා කරන්නේ ප්‍රංශ භාෂාව, ඔවුන් අසාමාන්‍ය කට්ටියක්' ලෙස ය.

ප්‍රතිචාරය: CNN වෙත නිකුත් කළ ප්‍රකාශයක් ඔස්සේ ටිෂ් පැවසුවේ ඔහු සහ එප්ස්ටීන් අතර ''සුළු ඇසුරක්'' තිබූ බව සහ ඔහුගේ ආරාධනාවලින් කිසිවක් පිළිනොගත් අතර "කිසිදු අවස්ථාවකදී ඔහුගේ දූපතට ගොස් නොමැති බව ය."

බ්‍රෙට් රැට්නර්

එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් පිළිබඳ සැකසූ නවතම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ද තරුණියක වැළඳගෙන සිටින ඡායාරූපයක දක්නට ලැබේ.

Rush Hour සහ X-Men: The Last Stand අධ්‍යක්ෂණය කළ බ්‍රෙට් රැට්නර්, එප්ස්ටීන් සහ අනන්‍යතාව පැහැදිලි නොමැති කාන්තාවන් දෙදෙනෙකු ආසන්නයේ සෝෆාවක වාඩි වී සිටින අයුරු දැකි ය හැකි ය.

ප්‍රතිචාරය: ලිපිගොනුවලින් වරදක් සිදුවී ඇති බව පෙනෙන්නට නොමැත. අදහස් ලබා ගැනීම සඳහා බීබීසී පුවත් සේවය රැට්නර්ගේ නියෝජිතයා සම්බන්ධ කරගෙන ඇත.

Brett Ratner and Jeffrey Epstein embrace women as they sit on a sofa together in an undated photo

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රෙට් රැට්නර් කාන්තාවක වැළඳගෙන සිටින අයුරු දිස්වේ

පීටර් අට්යා

වයස්ගතවීම වැළැක්වීම පිළිබඳ බලපෑම්සහගත සන්නිවේදකයෙකු (anti-aging influencer) සහ CBS News මාධ්‍යවේදියෙකු වන පීටර් අට්යා, ජෙෆ්රි එප්ස්ටීන් සමග සිය ගණනක් ඊමේල් හුවමාරු කරගෙන ඇති බව සහ ඒවායේ අශෝභන අදහස් ද අන්තර්ගත බව නිකුත් වූ නවතම ලේඛනවලින් පෙනී යයි.

ඊමේල්වල, එප්ස්ටීන් සමග පැවති ඔහුගේ මිත්‍රත්වය ප්‍රසිද්ධියේ බෙදා ගත හැකි දෙයක් බව ලියා ඇති අතර එප්ස්ටීන්ගේ වින්දිතයින් කිහිප දෙනෙකු හඳුනා ගත් 2018 මයාමි හෙරල්ඩ් කතාව පිළිබඳ සාකච්ඡාවක් ද ඇතුළත් කර ඇත.

ඔහු කාන්තා ව්‍යුහ විද්‍යාව සහ ලිංගික ක්‍රියාවන් පිළිබඳව එප්ස්ටීන් සමග හාස්‍යයට ලක් කර ඇතැයි ද ඊමේල් පණිවුඩ මගින් පෙන්වා දෙයි.

ප්‍රතිචාරය: පෙබරවාරි 2 වන දා, ඇටියා X සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රකාශයක් කරමින් ඔහු "කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නැතැයි" පැවසූ අතර, "මම කිසි ම අවස්ථාවකදී ඔහුගේ ගුවන් යානයේ ගියේ නැහැ, කිසි ම වෙලාවක ඔහුගේ දූපතේ හිටියේ නැහැ, ඒවගේ ම කිසි ම ලිංගික සාදයකට සහභාගි වුණෙත් නැහැ" යනුවෙන් පැවසීය.

සර්ගෙයි බ්‍රෙන්

සිකුරාදා නිකුත් කරන ලද ලේඛනවලට අනුව ගූගල්හි සම-නිර්මාතෘ සහ ලොව ධනවත් ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන සර්ගෙයි බ්‍රෙන්, එප්ස්ටීන්ගේ පෞද්ගලික දූපතට ගොස් ඇති අතර නිව්යෝර්ක් නගරයේ පිහිටි එප්ස්ටීන්ට අයත් නිවසේදී ආහාර ගැනීමට සැලසුම් කර ඇත.

ඔහු ගිලේන් මැක්ස්වෙල් සමග ද ලිපි හුවමාරු කරගෙන ඇති අතර, 2003 අප්‍රේල් මාසයේදී මැක්ස්වෙල් විසින් බ්‍රෙන් වෙත යොමු කරන ලද ඊමේල් පණිවුඩයක, "ජෙෆ්රිගේ රාත්‍රී භෝජන සංග්‍රහය සැමවිට ම විනෝදජනක යි සහ පහසු යි", සහ "මං ඔබව දකින්න ආසාවෙන් ඉන්නවා" යනුවෙන් සඳහන් කර ඇත.

වෙනත් ඊමේල් පණිවුඩයක මැක්ස්වෙල් නිව් යෝර්ක්හිදී තිරගත වෙමින් පවතින චිත්‍රපටයක් නැරඹීම සඳහා තමන් සමග එක්වන ලෙසට ද ආරාධනා කළා ය.

ප්‍රතිචාරය: අදහස් විමසීම සඳහා බීබීසී පුවත් සේවය ගූගල් සමග සම්බන්ධ වී ඇත. ඊමේල් පණිවුඩවල කිසිදු අයුතු ක්‍රියාවක් සිදු කර ඇති බවට සාක්ෂියක් නොමැත.

එහුඩ් බහාක්

අලුතින් නිකුත් කරන ලද එප්ස්ටීන් සම්බන්ධ ලේඛනවල හිටපු ඊශ්‍රායල් අගමැති එහුඩ් බහාක් පිළිබඳව සඳහන් වන අතර, 2008 වසරේ ෆ්ලොරීඩාහිදී ලිංගික අපරාධ සඳහා එප්ස්ටීන් වරදකරු වූ පසු ද ඔවුන් කිහිප වරක් ලිපි හුවමාරු කරගෙන ඇති බව එම ලේඛන මගින් පෙන්වා දෙයි.

හුවමාරු වූ එක් ලිපියකින් පෙන්වා දෙන්නේ, 2017 වසරේදී නිව් යෝර්ක් නගරයේ එප්ස්ටීන්ගේ නිවසේ රැඳී සිටීමට බරැක් සැලසුම් කර තිබූ බව ය.

ප්‍රතිචාරය: එප්ස්ටීන් සමග තමන් නිතර සම්බන්ධතා පැවැත්වූ බව බහාක් පිළිගෙන ඇති නමුත්, කිසිදු අශෝභන හැසිරීමක් හෝ අයුතු සාද තමන් නුදුටු බව සහ සහභාගී නොවූ බව ද ප්‍රකාශ කර ඇත.

නෝම් චොම්ස්කි

ප්‍රසිද්ධ වාග් විද්‍යාඥයෙකු වන නෝම් චොම්ස්කි, එප්ස්ටීන් ලිපිගොනු නිකුතු දෙකෙහි ම පෙනී සිටි අතර, නවතම ලේඛනවලින් පෙනී යන්නේ, චොම්ස්කි එප්ස්ටීන්ට එරෙහි ලිංගික ජාවාරම් චෝදනා පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුට උපදෙස් දුන් බව ය.

2019 පෙබරවාරි මාසයේ ඊමේල් මගින්, එප්ස්ටීන් චොම්ස්කිගෙන් විමසා තිබුණේ, "තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ද?" නැතහොත් "චෝදනා නොසලකා හැරිය යුතු ද?" යනුවෙනි.

චොම්ස්කිගෙන් ලැබුණු ප්‍රතිචාරයකින් එප්ස්ටීන්ට සැලකූ "භයානක ආකාරය" සහ "කාන්තා අපයෝජනය පිළිබඳව වර්ධනය වී ඇති උන්මාදය" ගැන ඔහු දුක් වී තිබේ.

"කියන්න වේදනාකාරීයි, නමුත් ඉදිරියට යාමට හොඳ ම ක්‍රමය එය නොසලකා හැරීම කියලා මං හිතනවා," ඊමේල් පණිවිඩයේ සඳහන් විය.

ප්‍රතිචාරය: ලිපිගොනුවල චොම්ස්කිගේ නම සඳහන් වීමෙන් වරදක් සිදුවූ බවට අදහසක් නොලැබේ. අදහස් දැක්වීම සඳහා බීබීසී පුවත් සේවය චොම්ස්කිගේ බිරිඳ වන වැලරියා සහ ඔහුගේ ප්‍රකාශිකාව සම්බන්ධ කරගෙන ඇත.

බ්රැඩ් කාර්ප්

කීර්තිමත් නීති සමාගමක් වන පෝල් වයිස්හි සභාපති බ්‍රැඩ් කාර්ප්, ඔහු සහ එප්ස්ටීන් අතර ඊමේල් ගනුදෙනු රැසක් පෙන්නුම් කිරීමෙන් පසු ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්විය. ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් එප්ස්ටීන්ගේ පෙර පැවති අභියාචන ගිවිසුම පිළිබඳව කාර්ප් සාකච්ඡා කරන බව වාර්තා වන එක් ලිපි හුවමාරුවකින් කියැවේ.

එප්ස්ටීන් අත්අඩංගුවට ගැනීමට මාස හතරකට පෙර, 2019 මාර්තු මාසයේදී යවන ලද ඊමේල් පණිවුඩයක, බ්‍රැඩ් කාර්ප් නම් යවන්නා මෙසේ පැවසීය: "කෙටුම්පත් කළ මෝසම ඉතා හොඳ තත්ත්වයේ පවතිනවා."

බ්ලූම්බර්ග් වාර්තා කළේ, මෙම සාකච්ඡාව එප්ස්ටීන් නඩු පවරන්නන් සමග 2008 දී ඇති කර ගත් අභියාචන ගිවිසුම ආරක්ෂා කිරීමට ගත් උත්සහයන්ට සම්බන්ධ බවත්, එහිදී ඔහු ෆෙඩ්රල් චෝදනා මග හැර ඇති බවත්, එමගින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට ඉඩ තිබූ බවත් ය. ඒවා ඇත්ත වශයෙන් ම අභියාචනා ගනුදෙනුවට සම්බන්ධ බව ඔප්පු කිරීම හැර අන් කිසිවක් ඊමේල්වල පණිවිඩවල නොමැති බව ය.

ප්‍රතිචාරය: සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් බදාදා සමාගමේ ප්‍රකාශයකින් කාර්ප් මෙසේ පැවසීය: "මෑතකාලීන වාර්තාකරණය අවධානය වෙනතකට යොමු කිරීමක් නිර්මාණය කර ඇති අතර සමාගමේ යහපතට හේතු නොවන ආකාරයෙන් මා කෙරෙහි අවධානය යොමු කර ඇත." ප්‍රකාශයේ එප්ස්ටීන් ලිපිගොනු ගැන සඳහන් නොවූ අතර කාර්ප් එතැන් සිට අදහස් දක්වා නොමැත. වැඩිදුර අදහස් දැක්වීම සඳහා බීබීසී පුවත් සේවය පෝල් වයිස් සමාගම සම්බන්ධ කරගෙන ඇත.

බිල් ක්ලින්ටන්

දෙසැම්බර් මාසයේදී අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පළමු එප්ස්ටීන් ලේඛනවල, හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ පින්තූර කිහිපයක් පෙන්නුම් කළ අතර, ඔහු නාන තටාකයක පිහිනන ඡායාරූපයක් සහ උණුසුම් තටාකයක් මෙන් පෙනෙන ස්ථානයක ඔහුගේ හිස පිටුපසට දෑත් තබාගෙන සිටින ආකාරය පෙන්වන ඡායාරූපයක් ඇතුළත් විය.

1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේදී ක්ලින්ටන් එප්ස්ටීන් සමග කිහිප වරක් ඡායාරූප ගෙන තිබිණි, ඒ, එප්ස්ටීන් මුලින් ම අත්අඩංගුවට ගැනීමට පෙර ය.

ප්‍රතිචාරය: ක්ලින්ටන්ගේ ප්‍රකාශකයෙකු වන ඒන්ජල් යුරේනා දෙසැම්බර් මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ අධිකරණ දෙපාර්තමේන්තුව (DoJ) විසින් නිකුත් කරන ලද ඡායාරූප දශක ගණනාවක් පැරණි බව ය. "ඔවුන්ට අවශ්‍ය නම් අවුරුදු 20කට වඩා පැරණි ඡායාරූප නිකුත් කරන්න පුළුවන්, නමුත් මේක බිල් ක්ලින්ටන් ගැන නොවේ. එහෙම කවදාවත් වෙන්නේ නැහැ," ඔහු පැවසීය.

"මේකේ පුද්ගල කණ්ඩායම් දෙකක් ඉන්නවා. පළමු කණ්ඩායම කිසිවක් නොදැන සිටි අතර ඔහුගේ අපරාධ ගැන හෙළිදරව් වීමට පෙර එප්ස්ටීන් සමග සබඳතා නතර කර තිබෙනවා. දෙවන කණ්ඩායම පසුව ඔහු සමග සබඳතා දිගට ම පවත්වාගෙන ගොස් තිබෙනවා. අපි ඉන්නේ පළමු කණ්ඩායමේ," ඔහු පැවසීය.