'අපි ඇතුළත් වුණේ මේකට නෙවෙයි': හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 'සිරවී සිටින' විදෙස් සිසුහු බිය පළ කරති

Shreya Mishra Reddy stands behind a sign with the words Harvard Business School and a crest of the institution at its campus in Boston in the United States.

ඡායාරූප මූලාශ්‍රය, Shreya Mishra Reddy

ඡායාරූප ශීර්ෂ වැකිය, 'හාවර්ඩ් කියන්නෙ ඕන ම කෙනෙක් එන්න කැමති ඉහළින් ම තියෙන විශ්වවිද්‍යාලයක්'
    • Author, කෙලී නැග් සහ ඇනබල් ලියෑං
    • Role, බීබීසී
    • වාර්තාකරණය, සිංගප්පූරුව

2023 වසරේදී ශ්‍රේයා මිශ්‍රා රෙඩ්ඩි හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ විට, ඇගේ දෙමාපියෝ "සතුටින් පිරී" සිටියහ.

එය "ඉන්දියාවේ ඕනෑ ම කෙනෙකු ඇතුළත් වීමට කැමති ඉහළ ම විශ්වවිද්‍යාලය," ඇය බීබීසී පුවත් සේවයට පැවසුවා ය.

දැන්, උපාධිය ලැබීමට ආසන්නව තිබියදී, ඇයට ඇගේ පවුලේ සාමාජිකයින්ට නරක ආරංචියක් දැනුම් දීමට සිදුවී තිබේ: ට්‍රම්ප් පැනවූ "නීතියට අනුගත වීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස" හාවර්ඩ් විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම නතර කිරීමට පියවර ගැනීමෙන් පසු, ජූලි මාසයේදී විධායක නායකත්ව වැඩසටහනෙන් ඇයට උපාධිය හිමි නොවනු ඇත.

"ඒ වගේ දෙයක් දරා ගන්න එක මගේ පවුලේ අයට ගොඩක් අමාරු දෙයක්. ඒගොල්ලො තාමත් උත්සහ කරනවා ඒක තේරුම් ගන්න," ඇය පැවසීය.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සිසුන් 6,800ක් පමණ ඉගෙනුම ලබන අතර, ඔවුන් මෙම වසරේ එහි ඇතුළත් කිරීම්වලින් 27%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. ඔවුන් අයිවි ලීග් පාසල සඳහා තීරණාත්මක ආදායම් මාර්ගයකි. එහි විදේශීය සිසුන්ගෙන් තුනෙන් එකක් පමණ චීනයෙන් වන අතර, 700කට වැඩි පිරිසක් ශ්‍රේයා මිශ්‍රා රෙඩ්ඩි වැනි ඉන්දියානුවෝ වෙති.

ඔවුන්ගෙන් කිසිවෙක් ඊළඟට සිදුවන්නේ කුමක් දැයි නොදනිති. හාවඩ් විශ්වවිද්‍යාලය මෙම පියවර "නීති විරෝධී" ලෙස නම් කර ඇති අතර එය නීතිමය අභියෝගයකට තුඩු දිය හැකි ය.

එහෙත්, එය මෙම ගිම්හානයේදී ඇතුළත් වීමට බලා සිටින සිසුන්ගේ හෝ අධ්‍යාපනය අඩක් අවසන් කළ අයගේ හෝ උපාධිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ එනම්, රැකියා අවස්ථාවලට බලපාන ශිෂ්‍ය වීසා අපේක්ෂා කරන්නන්ගේ අනාගතය අවිනිශ්චිත කරයි.

දැනටමත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශිකයින්ට එක්සත් ජනපදයේ රැඳී සිටීමට සහ ඔවුන්ගේ වීසා බලපත්‍ර රඳවා ගැනීමට වෙනත් ඇමරිකානු විශ්වවිද්‍යාල වෙත මාරු වීමට සිදුවනු ඇත.

"හාවර්ඩ් අපි වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා, එහෙම වුණොත් යම් විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි," රෙඩ්ඩි මහත්මිය පවසයි.

"රටවල් 140කට වැඩි ගණනකින් පැවත එන සහ විශ්වවිද්‍යාලය සහ මෙම ජාතිය අතිමහත් ලෙස පොහොසත් කරන අපගේ ජාත්‍යන්තර සිසුන්ට සහ විද්වතුන්ට සත්කාරකත්වය සැපයීමේ [තම] හැකියාව පවත්වා ගැනීමට සම්පූර්ණයෙන් ම කැපවී සිටින," බව විශ්වවිද්‍යාලය පවසා තිබේ.

Tour groups walk past the statue of John Harvard in Harvard Yard on May 2, 2025. The photo shows a group of students with backpacks also walking past the statue.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ පැරණිතම අධ්‍යාපන ආයතනයක් වන හාවර්ඩ් විශ්වවිද්‍යාලය, සෑම වසරක ම ජාත්‍යන්තර සිසුන් දහස් ගණනකට අධ්‍යාපන අවස්ථා සලසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හාවර්ඩ් විශ්වවිද්‍යාලයට එරෙහි මෙම පියවර එක්සත් ජනපදයේ මිලියන ගණනක් හෝ ඊට වැඩි ජාත්‍යන්තර සිසුන්ට විශාල බලපෑම් ඇති කරයි. තව ද, එය ට්‍රම්ප් පරිපාලනය විසින් උසස් අධ්‍යාපන ආයතන, විශේෂයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රවල පලස්තීනයට සහය පළ කරන විරෝධතා පැවති ආයතන මර්දනය කිරීමේ අනුගමනය කරයි.

රජය ඔවුන්ගේ බඳවා ගැනීම් ක්‍රියාවලිය නැවත සකස් කිරීමට සහ ඒවා පවත්වාගෙන යන ආකාරය නැවත සකස් කිරීමට උත්සහ කරන බැවින්, එවැනි ආයතන රැසක් විමර්ශනවලට මුහුණ දී සිටිති.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය එහි බඳවා ගැනීම්, ඇතුළත් කිරීම් සහ ඉගැන්වීමේ පිළිවෙත් වෙනස් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ධවල මන්දිරය ප්‍රථම වරට අප්‍රේල් මාසයේදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කිරීම තහනම් කරන බවට තර්ජනය කළේ ය. තව ද, එය ෆෙඩ්රල් ප්‍රදානවලින් ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇති අතර, එය හාවර්ඩ් විශ්වවිද්‍යාලය අධිකරණයේදී අභියෝගයට ලක් කර තිබේ.

කෙසේ වෙතත්, අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි, ඔවුන් සිසුන් භීතියට පත් කරමින් "ප්‍රචණ්ඩත්වය" සහ "යුදෙව් විරෝධීත්වය" පෝෂණය කරන බවට චෝදනා එල්ල වූ නිසා එය සිදු විය.

STEM පාඨමාලාවක දෙවන වසරේ ඉගෙනුම ලබන චීන ශිෂ්‍යාවක වන කැට් ෂී පවසන්නේ, ඇය 'කම්පනයට පත්ව සිටින' බව ය.

"[තහනම් කරන බවට මීට පෙර කළ තර්ජනය] මට අමතක වෙලා තිබුණේ. බ්‍රහස්පතින්දා ඒ නිවේදනය හදිසියේ ම ආවා."

නමුත් ඇය තවදුරටත් පවසන්නේ, ඇය එක් අතකින් "නරක ම දෙයක්" අපේක්ෂා කළ බවත්, එබැවින් ඇය පසුගිය සති කිහිපය තුළ එක්සත් ජනපදයේ රැඳී සිටින්නේ කෙසේ ද? යන්න පිළිබඳව වෘත්තීය උපදෙස් ලබා ගැනීමට ගත කළ බවත් ය.

එහෙත්, විකල්ප "සියල්ල ගැටලුසහගත සහ මිල අධික," බව ඇය පවසයි.

A Harvard student addresses the crowd during a demonstration against former Israeli Prime Minister Naftali Bennett's campus visit. Students can be seen marching carrying pro-Palestinian flags and banners.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් පරිපාලනය පලස්තීන හිතවාදී විශ්වවිද්‍යාල විරෝධතා මර්දනය කරමින් සිටී.

පසුගිය වසර 5 තුළ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සංක්‍රමණික නොවන සිසුන් සඳහා සියලු විනය වාර්තා රජයට සැපයීම ඇතුළුව, මෙම සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව නැවත ලබා ගැනීමට "අවස්ථාවක්" ලබා ගැනීම සඳහා ඉල්ලීම් ලැයිස්තුවකට අනුකූල වීම සඳහා හාවර්ඩ් විශ්වවිද්‍යාලයට පැය 72ක කාලයක් ලබා දී තිබේ.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සංක්‍රමණික නොවන සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුකරනු ලබන "නීති විරෝධී" සහ "භයානක හෝ ප්‍රචණ්ඩකාරී" ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා, වීඩියෝ දර්ශන හෝ හඬ පට භාර දෙන ලෙස ද අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරිය ඉල්ලීමක් කළේ ය.

එහෙත්, ඇගේ ප්‍රකාශයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය "චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධයක් ඇති" බවට චෝදනා කළ විට ට්‍රම්ප් පරිපාලනය චීනයට චෝදනා කරන බවක් පෙනෙන්නට තිබිණි.

පසුගිය සිකුරාදා, ඊට ප්‍රතිචාර දක්වමින් චීනය චෝදනා කළේ, අධ්‍යාපනය "දේශපාලනිකකරණය කරන" බවට ය.

මෙම පියවර "ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිරූපයට සහ ජාත්‍යන්තර කීර්ති නාමයට හානි පමුණුවන" බව පැවසූ චීනය, "හැකි ඉක්මනින්" තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

"මේ කිසි ම දෙයකට අපි අත්සන් කරලා නැහැ," පකිස්ථානයෙන් පැමිණි, ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයෙකු වන 20 හැවිරිදි අබ්දුල්ලා ෂාහිඩ් සියාල් පවසයි.

ව්‍යවහාරික ගණිතය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හදරන නවක සිසුවෙකු වන ඔහු, 2023 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පකිස්ථාන උපාධි අපේක්ෂකයින් දෙදෙනාගෙන් කෙනෙකි.

ඔහු තම පවුලේ විදේශයක අධ්‍යාපනය ලැබූ පළමු පුද්ගලයා ද විය. එය ඔවුන්ට "දැවැන්ත" ජයග්‍රහණයක් වූ බව ඔහු පවසයි.

ඔහු දැන් පත්ව ඇති තත්ත්වය "විකාර සහ අමානුෂික පියවරක්" බව ඔහු වැඩිදුරටත් පවසයි.

Abdullah Shahid Sial in a black suit and bowtie at an event in school

ඡායාරූප මූලාශ්‍රය, Abdullah Shahid Sial

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථානයේ සිට පැමිණි අබ්දුල්ලා ෂාහිඩ් සියාල් පවසන්නේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම ඔහු ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් වූ බව ය

විදේශීය සිසුන් ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අයදුම් කරන්නේ එය අවස්ථා බහුල සාදරයෙන් පිළිගන්නා ස්ථානයක් ලෙස ඔවුන් දකින නිසා බව ශ්‍රේයා සහ අබ්දුල්ලා පැවසූහ.

"විවිධ සංස්කෘතීන්ගෙන්, විවිධ පසුබිම්වල අයගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. හැමෝම ඒක ඇත්තට ම අගය කළා," ශ්‍රේයා මෙතෙක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඇය ලැබූ අත්දැකීම පිළිබඳව විස්තර කළා ය.

එහෙත්, අබ්දුල්ලා පවසන්නේ, එම තත්ත්වය මෑතකදී වෙනස් වී ඇති බවත් විදේශීය සිසුන් තවදුරටත් පිළිගැනීමට ලක් නොවන බවත් ය. ට්‍රම්ප් පරිපාලනය සිය ගණනක් ශිෂ්‍ය වීසා අවලංගු කර ඇති අතර රට පුරා විශ්වවිද්‍යාලවල සිසුන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පලස්තීනයට සහය පළ කරන විරෝධතාවලට සම්බන්ධ වූ අය වෙති.

මේ වන විට, ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව තුළ විශාල බියක් සහ අවිනිශ්චිතතාවක් පවතින බව අබ්දුල්ලා පවසයි.

නවතම වර්ධනයත් සමග එය තවත් උග්‍ර වී ඇත. දකුණු කොරියාවේ සිට පැමිණි පශ්චාත් උපාධි ශිෂ්‍යාවක පවසන්නේ, ගිම්හානය සඳහා සිට රටෙහි නිවසට යාම ගැන නැවත සිතීමට සිදුවන බවත්, එසේ ගියහොත් නැවත එක්සත් ජනපදයට ඇතුළු වීමට නොහැකි වේ යැයි ඇය බියෙන් පසුවන බවත් ය.

ඇය තම නම හෙළි කිරීමට අකමැති වූයේ, එය එක්සත් ජනපදයේ රැඳී සිටීමට ඇති අවස්ථාවන්ට බලපානු ඇතැයි යන බිය නිසා ය. උපාධිය ලබා ගැනීමට ඇයට තවත් වසරක් ඉතිරිව ඇත.

ඇය පැවසුවේ, තමන් පසුගිය අධ්‍යයන වාරය දුෂ්කර ලෙස ගත කළ බවත්, එය අවසන් වීමෙන් පසු "මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමග නැවත එක්වීමට" බලාපොරොත්තුවෙන් සිටි බවත් ය.

Jiang Fangzhou in a red Harvard jumper poses for a photo on campus

ඡායාරූප මූලාශ්‍රය, Jiang Fangzhou

ඡායාරූප ශීර්ෂ වැකිය, ජියෑං ෆංෂූ හාවර්ඩ් කෙනඩි පාසලට ඇතුළත් වී සිටී

හාවර්ඩ් කෙනඩි පාසලේ රාජ්‍ය පරිපාලනය හදාරන ජියැං ෆැන්ග්ෂෝ පවසන්නේ, විදේශීය සිසුන් අතර ඇති කාංසාව පැහැදිලිව දැකගත හැකි බව ය.

"අපිට හදිසියේ මෙහෙන් යන්න සිද්ධ වෙන්න පුළුවන්, ඒත් මිනිස්සුන්ට මෙතන ජීවිතයක් තියෙනවා - මහල් නිවාස, ලීසිං, පන්ති සහ ප්‍රජාව ඒවා එක රැයකින් දාලා යන්න පුළුවන් දේවල් නෙවෙයි."

වත්මන් සිසුන්ට පමණක් මෙම තහනම බල නොපාන බව 30 හැවිරිදි එම නවසීලන්ත ජාතිකයා පවසයි.

"වෙනත් පාසල්වලින් ලැබුණු අවස්ථා ප්‍රතික්ෂේප කරලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජීවිත සැලසුම් කරපු අය ගැන හිතන්න. දැන් ඒ අය සම්පූර්ණයෙන් ම හිරවෙලා."

අතිරේක වාර්තාකරණය: මෙංචෙන් සෑං