බංගලාදේශ T20 සංචිතය : 'කණ්ඩායම ගැන වැඩියේ බලාපොරොත්තු තබා ගන්න එපා' - තේරීම් කමිටු ප්‍රධානී

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වූ බංග්ලාදේශ සංචිතය ඊයේ ( මැයි මස 14 වෙනිදා) නම් කරනු ලැබිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වූ බංග්ලාදේශ සංචිතය ඊයේ ( මැයි මස 14 වෙනිදා) නම් කරනු ලැබිය.

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වූ බංග්ලාදේශ සංචිතය ඊයේ ( මැයි මස 14 වෙනිදා) නම් කරනු ලැබිය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී තරග වදිනු ලබන්නේ D කාණ්ඩය යටතේයි.

එම කාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය සහ නේපාලය යන කණ්ඩායම් සමග ය.

යළිත් හමුවන ප්‍රතිවාදීන්

මෙවර ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු තරගය ක්‍රීඩා කරනු ලබන්නේ ජුනි මස 08 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ය.

ඒ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා පිටියේ මීට පෙර ඇතිවූ සිදුවීම් කිහිපයක් නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රේක්ෂකයින්ට නැවතත් උණුසුම් තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කණ්ඩායම් දෙක අතර අවසන් වරට පැවති විස්සයි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ලෝක කුසලානයට යන බංග්ලාදේශ සංචිතය

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී තරග වදිනු ලබන්නේ D කාණ්ඩය යටතේයි. එම කාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය සහ නේපාලය යන කණ්ඩායම් සමග ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී තරග වදිනු ලබන්නේ D කාණ්ඩය යටතේයි.එම කාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය සහ නේපාලය යන කණ්ඩායම් සමග ය.

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ අතිරේකව රැගෙන යන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුලත්ව සිටියි.

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානි ගාසී අෂ්රෆ් හුසේන් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ලෝක කුසලානය සඳහා නම් කර ඇති සංචිතයට වේග පන්දු යවන්නන් සිව්දෙනෙකු මෙන්ම පළපුරුදු දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ඇතුලත් කර සිටින බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වේග පන්දු යවන්නන් ලෙස උප නායක ටස්කින් අහ්මඩ්, මුස්ටෆිසුර් රෙහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම් සහ ටැන්ජිම් හසන් සකිබ් සංචිතයට ඇතුලත් ය.

පිතිකරුවන් ලෙස සංචිතයට එක්කර ඇති ක්‍රීඩකයින් වන්නේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ , ලිටන් ඩාස්, සෞම්‍ය සර්කර්, ටන්සිඩ් හසන් ටමීම්, තව්හිඩ් හිඩ්‍රෝයි, මහ්මදුල්ලා රියාද් සහ ජේකර් අලි අනික් බව බංගලාදේශ තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේය.

තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙස ෂකිබ් අල් - හසන් ද, පළපුරුදු දඟ පන්දු යවන්නන් ලෙස දකුණත් පාදඟ පන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හුසේන්, දකුණත් පිට දඟ පන්දු ක්‍රීඩක ෂෙයික් මෙහෙදී මෙන්ම වමත් දඟ පන්දු ක්‍රීඩක තන්වීර් ඉස්ලාම් සංචිතයට නම් කර තිබේ.

නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක) , ටස්කින් අහ්මඩ්, ලිටන් ඩාස්, සෞම්‍ය සර්කර්, ටන්සිඩ් හසන් ටමීම්, ෂකීබ් අල් හසන්,තව්හිඩ් හ්‍රිඩෝයි,මහ්මදුල්ලා රියාද් , ජේකර් අලි අනික්, ටන්වීර් ස්ලාම්, ෂාක් මෙහෙදි හසන්, රිෂාඩ් හොසේන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන් සකිබ් යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

අතිරේක ක්‍රීඩකයින් ලෙස අෆීෆ් හුසේන් සහ හසන් මහමුද් සංචිතයට නම් කර ඇත.

'කණ්ඩායම ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා'

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානි ගාසී අෂ්රෆ් හුසේන් විසින් එරට ක්‍රීඩා ලෝලීන් වෙත පැවසුවේ ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම ගැන අධික ලෙස බලාපොරොත්තු තබා නොගත යුතු බවයි.බංග්ලාදේශ සංචිතය නම් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

"බංග්ලාදේශය අවසන් පූර්ව වටයට යයි කියන තැන නැහැ. එහෙම උපකල්පනය කරන්න පුළුවන්."

"කණ්ඩායම දෙවැනි වටයට එයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි එය සාක්ෂාත් කර ගන්නේ නම්, අපට අනිවාර්යයෙන්ම ඉදිරියට යාමට අවශ්‍ය වනවා."

"අපේ පිතිකරණ අංශය කනස්සල්ලට කරුණක්. එම අභියෝගය ජය ගැනීමට අප සැබැවින්ම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වනවා. පිතිකරුවන් ඔවුන්ගේ හැකියාව අනුව ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා." මාධ්‍ය හමුවේදී බංගලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා පැවසීය.

තේරීම් කමිටුවට චෝදනා රැසක්

පසුගියදා අවසන් වූ සිම්බාබ්වේ සංචාරයේදී පන්දුවක් රැකීමට යාමේදී ආබාධයකට ලක්වූ වේග පන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගියදා අවසන් වූ සිම්බාබ්වේ සංචාරයේදී පන්දුවක් රැකීමට යාමේදී ආබාධයකට ලක්වූ වේග පන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත.

මේ අතර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වූ බංග්ලාදේශ සංචිතය නම් කිරීමෙන් පසු එරට තේරීම් කමිටුව විසින් ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබේ.

පසුගියදා අවසන් වූ සිම්බාබ්වේ සංචාරයේදී පන්දුවක් රැකීමට යාමේදී ආබාධයකට ලක්වූ වේග පන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත.

ඊට පිළිතුරු දෙමින් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා පැවසුවේ ටස්කින් අහමඩ් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට සුවය ලබනු ඇතැයි යන බලාපොරොත්තුව මත සංචිතයට නම් කළ බවයි.

"ලෝක කුසලාන තරගාවලිය වන විට ටස්කින් සම්පුර්ණයෙන් සුවය ලබනු ඇති කියලා වෛද්‍ය කණ්ඩායම අපට දැනුම් දුන්නා."

"ඔහු සංචිතයට නම් කළ හේතුව එයයි. ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට අවශ්‍යවේ නම් ICC තරග කොන්දේසි අනුව අප එය සිදු කරනවා."

"කෙසේ වුවත් ටස්කින්ට මේ මාසයේදී අමෙරිකාව සමග ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා මම හිතන්නේ නෑ." ඔහු පැවසුවේය.

මේ අතර සිම්බාබ්වේ සංචාරයේදී දක්ෂතා අතර පසුවූ මද වේග පන්දු යවන්නෙක් වන මොහොමඩ් සයිෆුඩීන් බංගලාදේශ සංචිතයට නම් නොකිරීම පිළිබඳව ද තේරීම් කමිටුවට ප්‍රශ්න යොමු කෙරුණි.

ඊට පිළිතුරු දෙමින් බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා පැවසුවේ කණ්ඩායමේ අවශ්‍යතාවය සලකා සයිෆුඩීන් වෙනුවට ටැන්සිම් හසන් ෂකිබ් සංචිතයට නම් කළ බවය.

"ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් බලන විට ඒක දුෂ්කර තීරණයක්. අපි දැක්කා ලංකාවට එරෙහිව ටැන්සිම් දැක්වූ දක්ෂතාවය."

"ඔහුගේ කැපවීම සහ තරගය ගැන තිබෙන ඔහුගේ පිපාසය ඔහුව ඉදිරියෙන් තැබුවා. ඒ වගේම ඔහු ඉතා දක්ෂ පන්දු රකින්නෙක්. අපි කලින් ICC වෙත ඉදිරිපත් කළ සංචිතයෙන් වෙනස් වූ එකම ක්‍රීඩකයා සයිෆුදීන්." තේරීම් කමිටු ප්‍රධානියා කියා සිටියේය.

මේ අතර පසුගිය තරගාවලි කිහිපයේදී ලකුණු අතර නොසිටි ලිටන් දාස් සංචිතයට නම් කිරීමට හේතුව වුයේ ඔහු ආරම්භක පිතිකරුවෙකු පමණක් නොව කඩුලූ රකින්නෙකු නිසා බව ද ඔහු පැවසීය.

"ඔහුගේ දක්ෂතාවයේ යම් අඩුපාඩුවක් දකින්න තිබුණාට අපිට ලිටන් ගැන විශ්වාසයක් තියෙනවා."

"ඒ වගේම එයාගේ වැඩකටයුතු කරගෙන යනවා. එයාගේ විශ්වාසය නැවත ඇති කරන්නේ කොහොමද කියලා කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලය කටයුතු කරනවා." ඔහු පැවසුවේය.

පසුගිය තරගාවලි කිහිපයේදී ලකුණු අතර නොසිටි ලිටන් දාස් සංචිතයට නම් කිරීමට හේතුව වුයේ ඔහු ආරම්භක පිතිකරුවෙකු පමණක් නොව කඩුලූ රකින්නෙකු නිසා බව ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා පැවසීය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය තරගාවලි කිහිපයේදී ලකුණු අතර නොසිටි ලිටන් දාස් සංචිතයට නම් කිරීමට හේතුව වුයේ ඔහු ආරම්භක පිතිකරුවෙකු පමණක් නොව කඩුලූ රකින්නෙකු නිසා බව ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා පැවසීය

බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ගෙන් ලංකාවට සුබවාදී ප්‍රතිචාරයක්

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් එරට ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ඔස්සේ සෘජුව දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් එරට ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ඔස්සේ සෘජුව දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot|Facebook

ඒ ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් අතරින් ඇතමුන් සංචිතයට සුදුසු නොවන බව පවසමිනි.

මෙහෙදි හසන් මිරාස් බංග්ලිදේශ සංචිතයට ඇතුළත් නොකිරීම පිළිබඳ එහිදී ක්‍රීඩා ලෝලීන් සිය විමතිය පළකර තිබේ.

මෙහෙදි හසන් මිරාස් බංග්ලිදේශ සංචිතයට ඇතුළත් නොකිරීම පිළිබඳ එහිදී ක්‍රීඩා ලෝලීන් සිය විමතිය පළකර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot|Facebook

ඇතැම් ක්‍රීඩා ලෝලීන් අනුමාන කරන්නේ බංග්ලාදේශ කණ්ඩායම මෙවර විස්සයි 20 තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වනු ඇති බවය.

ඇතැම් ක්‍රීඩා ලෝලීන් අනුමාන කරන්නේ බංග්ලාදේශ කණ්ඩායම මෙවර විස්සයි 20 තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වනු ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot|Facebook

මේ අතර බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන් විසින් එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකර තිබු සටහන් වෙත සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති අයුරු දක්නට ලැබුණි.