රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන් විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පවසන්නේ ඔවුන් යුක්රේනයේ සිට රුසියාවට නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීමේ යුද අපරාධය සම්බන්ධයෙන් සැක පළ කරන බවයි.
එවැනි පිටුවහල් කිරීම් සඳහා ජනාධිපති පුටින් තනි පුද්ගල සාපරාධී වගකීමක් දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව ද ප්‍රකාශයේ දැක්වෙයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු විසින් යුක්රේනය වෙත පූර්ණ ආක්‍රමණය දියත් කළ දා සිට මෙම අපරාධය සිදු වූ බවට චෝදනා නඟා තිබේ.
එමඟින් ඔහුගේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් මරියා ලොවෝවා බලෝවා ට ද එම චෝදනාවම නඟා ඇත.යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිට, ළමුන් 16,000 කට අධික සංඛ්‍යාවක් රුසියාවට හෝ රුසියාවේ පාලන ප්‍රදේශවලට මාරු කර යවා ඇතැයි සැලකෙන බව යුක්රේන ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබේ.
යුක්රේන දරුවන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් මීට පෙර පවසා තිබුණි.
යුක්රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පැවසුවේ යුක්රේන දරුවන් සිය ගණනක් නීති විරෝධී ලෙස රුසියාවට මාරු කළ බවට සාක්ෂි ඇති බව ය.








