ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මං කුසලානයක් ගත්තා ම, මං ඒක ඔසවන්නේ ඒ පිටිපස්සේ තියෙන හැම දේ ම වෙනුවෙන්' - යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ්
ශ්‍රී ලංකාවේ නැගී එන යොවුන් මෝටර් රථ ධාවන ශුරයෙකු වන 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ දී රූකී ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත් වූ අතර, ඒ අනුව සමස්ත රියදුරන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය ඔහුට හිමිවිය.
මීට පෙර ඔහු Formula 4 සහ Eurocup 3 යන දෙඅංශයෙන් ම ලකුණු ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ අතර FIA Formula 3 ශූරතාවලියට තරග කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වී තිබේ.
දැන් ඔහු FIA Formula 3 ශූරතාවලියට තරග කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වී තිබේ.
මෑතකදී සිය මෝටර් රථ ධාවන තරගාවලි අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී යෙවාන් බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය ක්‍රීඩා දිවිය පිළිබඳ තොරතුරු මෙලෙස බෙදා ගත්තේ ය.