50 වසරක් සපිරුණු වියට්නාම් යුද්ධයේ ආරම්භය, ඇමෙරිකාවට එල්ල වූ චෝදනා සහ සුවිශේෂී සිද්ධි
දිගු කලක් පැවති වියට්නාම් යුද්ධය අවසන් කරමින් වියට්නාම් ජනරජය උතුරු වියට්නාම හමුදාවට යටත් වීමේ 50 වන සංවත්සරය 2025 අප්‍රේල් මාසයට යෙදී තිබිණි.
එක්සත් ජනපදය තුළ, මෙම ගැටුම වියට්නාම් යුද්ධය ලෙස හැඳින්වුණු අතර, වියට්නාමය එය හැඳින්වූයේ, රට බේරා ගැනීම සඳහා ඇමෙරිකාවට එරෙහි යුද්ධය ලෙසිනි.
මෙම වීඩියෝව 1975 අප්‍රේල් 30 වන දින සයිගොන් පරාජය දක්වා යුද්ධය අතරතුර සිදුවූ ටෙට් ප්‍රහාරය, මයි ලායි සංහාරය, පෙන්ටගන් පත්‍රිකා, එක්සත් ජනපදයේ විරෝධතා සහ තවත් බොහෝ සිද්ධි එකිනෙක පැහැදිලි කරයි.











