ළදරුවෙකු පළමු වරට පිටකරන මලපහ මගින් ඔවුන්ගේ අනාගත සෞඛ්‍යය ගැන දැනගත හැක්කේ මොනවා ද?

south asian baby with mother

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය සම්පන්න බඩවැල්වල ඇති ක්ෂුද්‍ර ජීවීන් ආහාර දිරවීමට අමතරව ප්‍රතිලාභ ලබා දෙන බවත්, කාංසාව, මානසික අවපීඩනය සහ ඇල්සයිමර් වැනි ස්නායු රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වන බවත් පර්යේෂණවලින් පෙනී යයි
    • Author, ජැස්මින් ෆොක්ස්-ස්කෙලී
    • Role, බීබීසී

උපතින් පසු පළමු දින කිහිපය තුළ ළදරුවෙකුගේ බඩවැල් තුළට ඇතුළු වන දේ ජීවිත කාලය පුරා ම පුදුමසහගත බලපෑම් ඇති කළ හැකි බව පර්යේෂණවලින් පෙනී යයි.

2017 දී, ලන්ඩනයේ ක්වීන්ස් රෝහලේ විද්‍යාගාරයේ කාර්මික ශිල්පීන් දෙදෙනෙක් එදින තැපෑල සඳහා නොඉවසිල්ලෙන් බලා සිටියහ.

එක් යහපත් දිනයක, හොඳින් ආවරණය කර තිබූ පැකේජ 50ක් පමණ රසායනාගාරය වෙත ලැබීමට තිබූ අතර, ඒ සෑම එකක ම අලුත උපන් බිළිඳුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන්ගේ නැපිවලින් ප්‍රවේශමෙන් එකතු කරන ලද ළදරු මලපහ කුඩා සාම්පලයක් අඩංගු විය.

මෙම කාර්මික ශිල්පීන් ළදරු ජෛව විද්‍යාත්මක අධ්‍යයනයේ කොටස්කරුවන් වන අතර, එය ළදරුවෙකුගේ බඩවැල්වල සිටින ක්ෂුද්‍ර ජීවීන් ඔවුන්ගේ අනාගත සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම අරමුණු කරගෙන ඇති Baby Biome නැමති පර්යේෂණයකි. එමගින් 2016 සහ 2017 අතර කාලය තුළ එම රසායනාගාරයේදී අලුත උපන් බිළිඳුන් 3,500කගේ මළපහ සාම්පල විශ්ලේෂණය කළේ ය.

එය මලපහ සාම්පල ගොඩකි. නමුත් එහි ප්‍රතිඵල බොහෝ දේ අනාවරණ කරයි.

"උපතින් දින තුනක් හෝ හතරක් පමණ ගත වන තුරු ඔබට ළදරුවෙකුගේ බඩවැල්වල පැහැදිලි ක්ෂුද්‍ර ජීවී රටාවක් ලබා ගන්න බෑ. එබැවින් ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට දින කිහිපයක් ගත වෙනවා," Baby Biome ව්‍යාපෘතියට නායකත්වය දෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග වසංගත අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය නයිජල් ෆීල්ඩ් පවසයි.

"ඔබ ඉපදෙන විට ඔබ අනිවාර්යයෙන් ම විෂබීජවලින් තොර ජනිතයෙක්. ඒ මොහොත වන තුරු, ශරීරයේ මතුපිට ප්‍රදේශය ක්ෂුද්‍ර ජීවීන් සමග සම්බන්ධ නොවන නිසා ඒක ප්‍රතිශක්තිකරණ පද්ධතියට තරමක් අසාමාන්‍ය මොහොතක්."

අප සෑම කෙනෙකු ම, ජීවිතයේ මුල් දින කිහිපය ගත කළ පසු බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වේ. බැක්ටීරියා, දිලීර සහ වෛරස් අපගේ සෞඛ්‍යයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විද්‍යාඥයෝ දැන් විශ්වාස කරති. වැඩිහිටියන් තුළ, මෙම ක්ෂුද්‍ර ජීවීන් ජීර්ණය කිරීමට අපහසු තන්තු බිඳ දැමීමට, ඇතැම් විටමින් සෑදීමට අවශ්‍ය එන්සයිම නිපදවීමට, හානිකර රෝග කාරකවලින් ආරක්ෂා වීමට සහ ඇතැම් ආක්‍රමණික විෂබීජ විනාශ කිරීමට ස්වභාවික ප්‍රතිජීවක පවා නිකුත් කිරීමට උපකාරී වේ.

සෞඛ්‍ය සම්පන්න බඩවැල්වල සිටින ක්ෂුද්‍ර ජීවීන් ආහාර දිරවීමට අමතරව තවත් ප්‍රතිලාභ ලබා දෙන බවත්, කාංසාව, මානසික අවපීඩනය සහ ඇල්සයිමර් වැනි ස්නායු රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වන බවත් පර්යේෂණවලින් පෙනී යයි.

කෙසේ වෙතත්, මෙම කාසියේ අනෙක් පැත්ත නම්, වැඩිහිටියෙකු ලෙස "සෞඛ්‍යවත් නොවන" ක්ෂුද්‍ර ජීවීන් නිසා හෘදය ආශ්‍රිත රෝග, මහා අන්ත්‍ර පිළිකා, නිදන්ගත වකුගඩු රෝග, දියවැඩියාව, ආන්ත්‍රික ප්‍රදාහය සහ තරබාරුකම ඇතුළු දිගු රෝග ලැයිස්තුවකට සම්බන්ධ වීම ය.

එහෙත්, ආන්ත්‍රික බැක්ටීරියා වැඩිහිටි සෞඛ්‍යයට ඇති කරන කාර්යභාරය පිළිබඳව විද්‍යාඥයින් බොහෝ අධ්‍යයනයන් සිදු කර ඇතත්, මෑතක් වන තුරු ම ළදරු අවධියේදී ඒවායේ බලපෑම ගැන ඔවුන් දැන සිටියේ අල්ප වශයෙනි. කෙසේ වෙතත්, එය වෙනස් වීමට පටන්ගෙන තිබේ.

Close-up of a mother dressing her newborn baby on white bed.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ළදරුවෙකුගේ බඩවැල්වල ජීවත්වන පළමු ක්ෂුද්‍ර ජීවීන් කණ්ඩායම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිර්මාපකයින් හා සමාන යි," මුල් අවධියේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට ක්ෂුද්‍ර ජීවීන් බලපාන ආකාරය අධ්‍යයනය කරන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්චිටා මිශ්‍රා පවසයි. "ඔවුන් ශරීරයට මිතුරා, සතුරාගෙන් වෙන්කර හඳුනා ගැනීමට පුහුණු කිරීමට උපකාරී වෙනවා, ප්‍රතිශක්තිකරණ සෛලවලට ආහාර ප්‍රතිදේහජනක [සහ] හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඉවසා සිටින ආකාරය උගන්වනවා, ඒ වගේ ම රෝග කාරකවලට එරෙහිව ආරක්ෂාව වැඩි කරනවා."

මිශ්‍රාට අනුව, පළමු මාස ​​6 සිට 12 දක්වා කාලය තුළ ස්ථාපනය වන බැක්ටීරියා ප්‍රජාවන් අසාත්මිකතා අවදානම, දරුවා එන්නත්වලට කොතරම් හොඳින් ප්‍රතිචාර දක්වනවා ද සහ ශරීරයේ අනෙකුත් කොටස්වලින් බඩවැල් අන්තර්ගතය වෙන් කරන ස්ථරය වන ආන්ත්‍රික බාධකය කෙතරම් හොඳින් ක්‍රියා කරයි ද යන්න සඳහා වගකිව යුතු ය.

"ජීවිතයේ පළමු දින දහස, බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් දශක ගණනාවක් පවතින මුද්‍රාවක් තබන කවුළුවක් ලෙස පෙනෙනවා," මිශ්‍රා පවසයි.

මළපහවලින් පිරුණු ළදරුවාගේ මුහුණ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වැදෑමහ යනු ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර කලාපයක් බව පුළුල් ලෙස විශ්වාස කෙරේ. එනම් ළදරුවන් ගර්භාෂය තුළ සිටින විට ඔවුන්ගේ බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් නොමැත. ඒ වෙනුවට, ළදරුවන්ට ඔවුන්ගේ බැක්ටීරියා බොහොමයක් උරුම වන්නේ ඔවුන්ගේ මවගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් මිස, අප කලින් විශ්වාස කළ පරිදි ඔවුන්ගේ යෝනි මාර්ගයෙන් නොවේ.

"අලුත උපන් බිළිඳෙකුගේ බඩවැල්වල ක්ෂුද්‍ර ජීවය ස්ථාපනය කිරීම සඳහා ස්වභාවධර්මය සතුව ඉතා දියුණු ක්‍රමයක් තිබෙනවා," සිඩ්නිහි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්ටීවන් ලීච් පවසයි. "ඔබ උපත් ක්‍රියාවලිය ගැන සිතන්නේ නම්, ළදරුවා මවගේ කොඳු ඇට පෙළට මුහුණලා හිස පහළට පිහිටන ලෙස උපත ලබනවා. එබැවින් ව්‍යුහ විද්‍යාව දෙස බලන විට, ළදරු හිස [මවගේ] බඩවැලේ අන්තර්ගතය පිටතට තල්ලු කරනවා. එබැවින් මූලික වශයෙන්, දරුවා ඉපදුණු විට, ඔවුන්ගේ මුහුණ මළපහවලින් පිරිලා."

ඔබ ඉපදුණු මොහොතේ සිට ම පාහේ ආන්ත්‍රික බැක්ටීරියා ඔබේ සෞඛ්‍යයට බලපෑම් කිරීමට පටන් ගන්නා බව පෙනේ. නිදසුනක් වශයෙන්, ළදරු මළපහ පිළිබඳ ෆීල්ඩ්ගේ පර්යේෂණයෙන් පෙන්වා දී ඇත්තේ, ජීවිතයේ මුල් දිනවල නිවැරදි ආන්ත්‍රික බැක්ටීරියා තිබීම ළමා කාලයේ පසුකාලීනව වෛරස් ආසාදනවලින් ළදරුවන් ආරක්ෂා කිරීමට උපකාරී වන බව ය. මෙම කණ්ඩායම ජීවිතයේ සිව් වන, හත් වන සහ 21 වන දින ළදරුවන් 600 දෙනෙකුගෙන් මළපහ විශ්ලේෂණය කළේ ය. මෙම ළදරුවන්ගෙන් ඇතැමෙක් මාස හයක් සහ අවුරුද්දක් තුළ නැවත නිරීක්ෂණය කරන ලදී.

"ලොකු ම වෙනස ඇත්තට ම උපන් ආකාරය යි," ෆීල්ඩ් පවසයි. "ඒ නිසා සිසේරියන් ළදරුවන් යෝනි මාර්ගයෙන් උපදින ළදරුවන්ට වඩා බෙහෙවින් වෙනස් ලෙස පෙනෙනවා."

මෙයින් තේරුම් ගත හැකි කරුණක් වන්නේ, සිසේරියන් සැත්කමකින් උපදින ළදරුවන්ට, යෝනි මාර්ගයෙන් උපදින ළදරුවන්ට උපතේදී ලැබෙන ක්ෂුද්‍ර ජීවීන්ට මුල් අවධියේදී නිරාවරණය නොවන බව ය. සිසේරියන් සැත්කම් ජීවිතාරක්ෂාව සහ බොහෝවිට වෛද්‍යමය හේතු මත අවශ්‍ය වුව ද, ළදරුවන්ට ශ්වසන ආසාදනවලින් ආරක්ෂා විය හැකි ප්‍රයෝජනවත් බැක්ටීරියාවලට මුල් නිරාවරණය වීම මග හැරිය හැක.

2019 වසරේ අධ්‍යයනයකින් හෙළි වූයේ දරු උපතින් පසු පළමු සතිය තුළ ප්‍රධාන බැක්ටීරියා වර්ග තුනෙන් එකක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ බඩවැල්වල ජීවත් වීමට පටන් ගන්නා බව ය. එම බැක්ටීරියා වන්නේ, Bifidobacterium longum (B. longum), Bifidobacterium breve (B. breve) සහ Enterococcus faecalis (E .faecalis) යන ඒවා ය.

"පළමුව පැමිණෙන්නේ කවුරුන් ද යන්න මත පදනම්ව, එය දරුවා මත ජීවත් වන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් වර්ගවල ජීවන මාර්ගය වෙනස් කරනවා," ෆීල්ඩ් පවසයි.

Cheerful and and adorable baby boy,close up

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිසේරියන් සැත්කම් ජීවිතාරක්ෂාව සහ බොහෝවිට වෛද්‍යමය හේතු මත අවශ්‍ය වුව ද, ළදරුවන්ට ශ්වසන ආසාදනවලින් ආරක්ෂා විය හැකි ප්‍රයෝජනවත් බැක්ටීරියාවලට මුල් නිරාවරණය වීම මග හැරිය හැක.

දින හත වන විට, යෝනි මාර්ගයෙන් උපදින ළදරුවන්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව B.longum හෝ B.brevae ඇති අතර, සිසේරියන් සැත්කම් මගින් උපදින ළදරුවන්ට බොහෝවිට E. faecalis ඇත. යෝනි මාර්ගයෙන් උපත ලැබූ ළදරුවන්ගේ බඩවැල්වල ක්ෂුද්‍ර ජීවකය ඔවුන්ගේ මව්වරුන්ගේ ඒවාට ගැළපෙන අතර, බැක්ටීරියා බොහෝදුරට මවගේ යෝනි මාර්ගයෙන් නොව බඩවැලෙන් සම්ප්‍රේෂණය වන බව තහවුරු කරයි. මේ අතර සිසේරියන් සැත්කම් හරහා උපත ලැබූ ළදරුවන්ට රෝහල් පරිසරයන් සමග සම්බන්ධ වූ බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් තිබිණි.

"E. faecalis කියන්නේ අවස්ථානුකූල ආසාදන සමග සම්බන්ධ වන බැක්ටීරියාවක්. එනිසා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා හොඳින් ක්‍රියා නොකරන්නේ නම්, එය රෝගවලට හේතු විය හැකියි," ෆීල්ඩ් පවසයි.

යෝනි මාර්ගයෙන් සහ සිසේරියන් සැත්කම් මගින් උපදින ළදරුවන් අතර බඩවැල්වල සිටින බැක්ටීරියාවල වෙනස්කම් බොහෝදුරට වයස අවුරුද්දේදී අතුරුදන් වන බව පර්යේෂකයයෝ සොයා ගත්හ. කෙසේ වෙතත්, පළමු දිනයේ සිට ම සෞඛ්‍යයට හිතකර බැක්ටීරියා තිබීමෙන් ළදරුවන්ට සෞඛ්‍යමය වාසියක් අත් වන බවට සලකුණු තිබිණි. කිසියම් අයෙකු රෝහලට ඇතුළත් කර ඇත්දැයි බැලීමට කණ්ඩායම ළදරුවන් 1,000කට වඩා නිරීක්ෂණය කළේ ය.

"B. brevae ළදරුවන් සහ E. faecalis ළදරුවන් හා සසඳන විට බඩවැල් ආශ්‍රිතව B. longum පවතින ළදරුවන් ජීවිතයේ මුල් වසර දෙක තුළ ශ්වසන මාර්ගයේ ආසාදන සඳහා රෝහල්ගත වීමේ සම්භාවිතාව අඩක් පමණ බව අපට දැකගත හැකි වුණා," ෆීල්ඩ් පවසයි.

වෙනත් ආකාරයකින් කිවහොත්, සාමාන්‍යයෙන් B. longum තිබීම යෝනි මාර්ගයෙන් උපත ලබන ඇතැම් ළදරුවන් ශ්වසන රෝගවලින් ආරක්ෂා කරන බවක් පෙනෙන්නට තිබිණි. B.longum වැනි ප්‍රයෝජනවත් බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා නොමැතිකම සිසේරියන් සැත්කම් හරහා උපත ලබන ළදරුවන්ට ඇදුම, අසාත්මිකතා, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ තරබාරුකම වැනි ඇතැම් තත්වයන් වර්ධනය වීමේ අවදානම තරමක් වැඩි වීමට හේතුව ලෙස පැහැදිලි කළ හැකි නමුත්, මෙය තහවුරු කිරීමට තවදුරටත් පර්යේෂණ අවශ්‍ය වේ.

ළදරුවෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඔවුන්ව ආසාදනයෙන් ආරක්ෂා කරන්නේ කෙසේ දැයි නොදන්නා නමුත් ප්‍රමුඛ න්‍යායක් වන්නේ, B. longum වැනි Bifidobacterium හෝ Lactobacillus ලෙස හඳුන්වන අනෙකුත් ප්‍රයෝජනවත් බැක්ටීරියා, මව්කිරිවල ඇති ඔලිගෝසැකරයිඩ ලෙස හඳුන්වන සංකීර්ණ සීනි බිඳ දැමීමේ විශේෂඥයින් බව ය. මෙම සීනි මව්කිරිවල ප්‍රධාන සංඝටකයක් වන නමුත් ළදරුවාගේ ම එන්සයිම මගින් ජීර්ණය කළ නොහැක. B. longum මගින් සීනි කෙටි දාම මේද අම්ල (SCFA) ලෙස හඳුන්වන අණු බවට පරිවර්තනය කරන අතර ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය නියාමනය කරන බව විශ්වාස කෙරේ. එමගින් ළදරුවාට ආසාදනවලට එරෙහිව වඩා හොඳින් සටන් කිරීමට උපකාරී වේ.

SCFAs මගින් ළදරුවෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හානිකර නොවන ද්‍රව්‍ය ඉවසා සිටීමට පුහුණු කිරීමට උපකාරී වන අතර එමගින් දරුවා වඩාත් ඉවසිලිවන්ත ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් කරා යොමු කරයි.

"බටහිර සමාජය තුළදී අපි තවදුරටත් මාරාන්තික බැක්ටීරියාවලට නිරාවරණය වෙන්නේ නෑ," ලීච් පවසයි. "ඒ නිසා [බටහිර ජනගහනයේ] අප දකින සෞඛ්‍ය ගැටලු අධික්‍රියාකාරී ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් තිබීම සමග සම්බන්ධ වෙනවා."

බිෆිඩොබැක්ටීරියම් හානිකර, රෝග ඇති කරන බැක්ටීරියාවලට අඩු හිතකාමී බඩවැල් පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වන බව විශ්වාස කෙරේ. වැඩිහිටියෙකුගේ බඩවැල් මෙන් නොව, අලුත උපන් බිළිඳුන්ගේ බඩවැල්වල වායු පිරී ඇත. එනම් ඒවායේ ඔක්සිජන් අඩංගු වේ. මෙය පළමු වරට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමට පටන් ගන්නා විට බඩවැල්වලට සහය වීම සඳහා ය. උපතේදී, බඩවැල් ආම්ලික හෝ ක්ෂාර නොවේ (ඒවාට උදාසීන pH අගයක් ඇත).

"ගැටලුව වන්නේ අලුත උපන් බිළිඳෙකුට හානි කළ හැකි බැක්ටීරියා වර්ග මෙම තත්ත්වයන්ට කැමති වීම යි," ලීච් පවසයි. "බිෆිඩොබැක්ටීරියම් ඔක්සිජන් වේගයෙන් භාවිත කිරීමෙන් සහ pH අගය අඩු කරන නිර්වායු පරිසරයක් නිර්මාණය කිරීමෙන් උපකාරී වෙනවා. මෙය හානිකර බැක්ටීරියා වර්ධනය සීමා කරනවා."

කෙසේ වෙතත්, විද්‍යාඥයින් පසුවන්නේ, මේ සියල්ල එකට ගැලපෙන ආකාරය තේරුම් ගැනීමේ මුල් අවස්ථාවේ ය. "සිසේරියන් සැත්කමට වඩා යෝනි මාර්ගයෙන් ප්‍රසූතිය වඩා හොඳ' යන්නට වඩා එය වඩාත් සියුම් වෙනසක් ඇති දෙයක් වෙන්න පුළුවන්," ෆීල්ඩ් පවසයි. "යෝනි මාර්ගයෙන් උපදින සියලු ම ළදරුවන්ගේ බඩවැල්වල අඩු අවදානමක් සහිත ක්ෂුද්‍ර ජීවීන් නොතිබුණු අතර, සිසේරියන් සැත්කම්වලින් උපන් ළදරුවන්ට ද අප කනස්සල්ලට පත්ව සිටි සෞඛ්‍ය ප්‍රතිඵල නොලැබිණි.

ක්ෂුද්‍රජීව ඉංජිනේරු විද්‍යාව

කෙසේ වෙතත්, මෙම සොයාගැනීම මෙම ප්‍රශ්නය මතු කරයි. ළදරුවන්ට (විශේෂයෙන් සිසේරියන් සැත්කම් හරහා උපත ලබන ළදරුවන්ට) ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවී උත්තේජනයක් ලබා දීමට අප මැදිහත් විය යුතු ද?" සිසේරියන් සැත්කම් ජීවිත බේරා ගන්නවා, එනිසා අපගේ කාර්යය වෙන්නේ අතුරුදන් වූ ක්ෂුද්‍ර ජීවය ආරක්ෂිතව සහ නිශ්චිතව නැවත ගොඩනැගීම යි," මිශ්‍රා තර්ක කරයි.

ගැටලුව වන්නේ එය සිදු කරන්නේ කෙසේ ද යන්න යි. ඇතැම්විට සලකා බලන එක් විකල්පයක් වන්නේ "vaginal seeding" ක්‍රමය වන අතර, එහිදී ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් ළදරුවාගේ බඩවැල් කොටසට ඇතුළු කිරීම සඳහා යෝනි තරලය අලුත උපන් බිළිඳෙකුගේ සම සහ මුඛය මත පිරිමදී.

මෙම ක්‍රමය ජනප්‍රිය වෙමින් පවතින නමුත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ, එමගින් භයානක බෝවන රෝග කාරක හුවමාරු විය හැකි බවට ය: කාන්තාවන්ගෙන් හතරෙන් එකකට වඩා ඔවුන්ගේ යෝනි මාර්ගයේ බී කාණ්ඩයේ ස්ට්‍රෙප්ටොකොකස් ඇති බව සැලකෙයි. උදාහරණයක් ලෙස, එය ළදරුවෙකුට මාරාන්තික විය හැකි ය. එපමණක් නොව, 2019 ළදරු ජෛව අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් කෙසේ හෝ මවගේ යෝනි මාර්ගයෙන් නොපැමිණෙන බව ය.

මලපහ බද්ධ කිරීම් වැනි බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් වෙනස් කිරීමට වෙනත් ක්‍රම පවතී. මෙහිදී, මවගෙන් ලැබෙන මලපහ ළදරුවාගේ ආමාශ ආන්ත්‍රික මාර්ගයට මාරු කළ හැකි ය. පොරොන්දු වූ කුඩා පරිමාණ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇති නමුත් එම ක්‍රමය දැනට නිර්දේශ කර නොමැත.

"මේ මොහොතේදී මවකගේ යෝනි මාර්ගය හෝ මලපහ ක්ෂුද්‍ර ජීවීන් ළදරුවෙකුට ලබා දීමට සුදුසු එකක් දැයි අපි දන්නේ නැහැ. එය කිරීමට නුසුදුසු අවදානමක් සහිත දෙයක් බවත්, එය අපට තවමත් තේරුම් ගත නොහැකි හානියක් කළ හැකි බවත් මම සිතනවා," ෆීල්ඩ් පවසයි.

කෙසේ වෙතත්, ප්‍රෝබයෝටික් අතිරේක ආහාර මාර්ගය සඳහා බලපෑම් කිරීමට ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයක් බව පෙන්වා දී ඇත. ඇතැම් සායනික අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ ඒවා අතිශයින් නොමේරූ හෝ අඩු බරැති ළදරුවන් නෙක්‍රොටයිසින් එන්ටරොකොලයිටිස්වලින් ආරක්ෂා කළ හැකි බව ය. එය ප්‍රධාන වශයෙන් නොමේරූ ළදරුවන්ට බලපාන ජීවිතයට තර්ජනයක් වන ආහාර මාර්ගය ආශ්‍රිත රෝගයක් වේ. අනෙකුත් අධ්‍යයනවලින් පෙනී යන්නේ, ඒවා නොමේරූ ළදරු උපත් අවදානම අඩු කළ හැකි බව ය. කෙසේ වෙතත්, කුමන බැක්ටීරියා ලබා දිය යුතු දැයි දැන ගැනීමේ ප්‍රශ්නය තවමත් පවතී.

"ළදරුවෙකු තුළ ක්ෂුද්‍ර ජීවීන් ස්ථාපනය කිරීමේදී සිදුවන ඕනෑ ම වෙනසක්, මෙම ක්‍රියාවලියට මානව මැදිහත්වීම් මගින් ඇති කර ඇති බලපෑම යථා තත්ත්වයට පත් කිරීම හෝ නිවැරදි කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යි," ලීච් පවසයි. "Vaginal seeding සහ මළපහ ක්ෂුද්‍රජීවී බද්ධ කිරීම් නිශ්චිතව ම අපිරිසිදු ප්‍රෝබයෝටික් වේ. ඒවායේ ඇත්තේ මොනව ද කියලා ඔයා දන්නේ නෑ, ඒවායේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ප්‍රෝබයොටික් බොහෝවිට යා යුතු මාර්ගය වෙනවා."

මිශ්‍රා පවසන්නේ, ප්‍රෝබයෝටික් මුඛ මාර්ගයෙන් ලබා ගැනීම වඩාත් ප්‍රායෝගික සහ ආරක්ෂිත ම ප්‍රවේශය විය හැකි බව නමුත් එක් එක් ළදරුවාගේ බඩවැල් මාර්ගය ඔවුන්ට අනන්‍ය බැවින් ප්‍රතිඵල පුළුල් ලෙස වෙනස් වන බව සටහන් වේ.

අනාගතයේදී ළදරුවෙකුගේ ජාන, ආහාර සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මත පදනම්ව බඩවැල්වල ඇති බැක්ටීරියා වෙනස් කිරීමට නිශ්චිත ක්‍රම භාවිත කිරීම ඇතුළත් විය හැකි බව ඇය තවදුරටත් පවසයි. "එය 'පුද්ගලාරෝපිත ක්ෂුද්‍ර ජීවී ඖෂධයක්' ලෙස සිතන්න," ඇය පවසයි.