'මම කොහොම ද මගේ දරුවා හුස්ම ගන්න වාතය පිරිසිදු කරන්නේ?': දිල්ලියේ වායු දූෂණය මැද නව මව්වරුන් කරනා අරගලය

වීඩියෝ ශීර්ෂ වැකිය, දිල්ලියේ වායු දූෂණය මැද නව මව්වරුන් කරනා අරගලය
'මම කොහොම ද මගේ දරුවා හුස්ම ගන්න වාතය පිරිසිදු කරන්නේ?': දිල්ලියේ වායු දූෂණය මැද නව මව්වරුන් කරනා අරගලය

මාතෘත්වය කිසිදා පහසු නැත. දැන් ඉන්දියාවේ දිල්ලි නගරයේ පවතින විෂ සහිත වාතය නිසා එය එහි මව්වරුන්ට ඊටත් වඩා දුෂ්කර වී තිබේ.

වායු දූෂණය දරුණු මට්ටම් කරා ළඟා වන විට නව මව්වරුන් තම දරුවන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා ගෘහස්ථව සිටීමට තෝරා ගෙන තිබේ.

බීබීසී වාර්තාකාරිනියක වන ශිවාලිකා පූරි දිල්ලියේ වෙසෙන මව්වරුන් දෙදෙනෙකු මුණ ගැසී ඔවුන් මේ සඳහා මුහුණ දෙන ආකාරය ගැන සොයා බැලීය.

වාර්තාකරණය සහ නිෂ්පාදනය: ශිවාලිකා පූරි

කැමරාකරණය සහ සංස්කරණය: මිධාත් උල්ලා හසානි