යුක්රේන ජනපතිගේ ඇඳුම ගැන යළි කතා බහක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති සෙලෙන්ස්කිගේ ඇඳුම ගැන, මීට පෙර විවේචනය කළ වාර්තාකරු ම ඔහුගේ ඇඳුම ගැන අගය කළ අවස්ථාව
යුක්රේන ජනපතිගේ ඇඳුම ගැන යළි කතා බහක්

යුක්රේන ජනාධිපතිවරයා අවසන් වරට ධවල මන්දිරයට පැමිණ සිටි අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම ගැන විවේචනය කළ වාර්තාකරු ම මෙවර ඔහුගේ ඇඳුම පිළිබඳ අගය කිරීමක් කළේ ය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙන්ම යුරෝපා නායකයින් පිරිසක් මේ වන විට වොෂින්ටනයට පැමිණ සිටිති.

සිය ඇඳුම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ Real America's Voiceහි බ්‍රයන් ග්ලෙන් හට පිළිතුරු දෙමින් සෙලෙන්ස්කි පැවසුවේ "නමුත් ඔයා එක ම ඇඳුම තමයි තාම ඇඳගෙන ඉන්නේ, යනුවෙන් ය.