කතානායක අශෝක රන්වල ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

කතානයක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කතානායක අශෝක රන්වල පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Parliament Sri Lanka

කතානයක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කතානායක අශෝක රන්වල පවසයි.

අශෝක රන්වල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් අද (දෙසැම්බර් 13 වැනිදා) ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

එම නිවේදනය මෙසේ ය.

"පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මා විසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.

මාහට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ කතානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, NPP